Photobucket

Tuesday, December 11, 2012

ලංගම විශ්‍රාමිකයන්ගේ උද්ඝෝෂණය හෙට

ශ්‍රී ලංගම විශ්‍රාමික සේවකයන්ගේ පාරිතෝෂික මුදල් නොදීමට විරුද්ධව හෙට (12) කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ශ්‍රී ලංගම විශ්‍රාමික සේවක එකමුතුව පවසයි. පාරිතෝෂික මුදල් නොලබා ශ්‍රී ලංගම විශ්‍රාමිකයන් 2165 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවට වාර්තා වී තිබෙන බවද එම සේවක එකමුතුවේ. 

කැඳවුම්කරු කේ. එස්. මුණසිංහ මහතා කීය. ශ්‍රී ලංගම සේවකයකු විශ්‍රාම ගිය පසු, මාසයක් ඇතුළත ඔවුන්ට හිමි පාරිතෝෂික මුදල් ලබා දිය යුතු වුවත්, වසර 10ක් පමණ ඉක්ම යන මේ මොහොතේ විශ්‍රාම  ගොස් ඇති සේවකයන්ට එම මුදල සම්පූර්ණයෙන් ලබා දී නොමැති බවද ඒ මහතා චෝදනා කරමින් කියා සිටි. 

පාරිතෝෂික මුදල් ලබා දීම සඳහා රුපියල් මිලියන 4000 ක් පමණ අවශ්‍යව ඇති අතර, එම මුදල 2013 අයවැයෙන් ලබා දෙන ලෙසට සිය වෘත්තීය එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ද ඒ මහතා කීය. නමුත් ලැබි ඇති තොරතුරුවලට අනුව ඒ වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර නැති බවද ඒ මහතා සඳහන් කළේය. එම තත්ත්වය තුළ විශ්‍රාමික සේවකයන්ගේ පාරිතෝෂික මුදල් ලබාදෙන බවට, අමාත්‍යංශ ‍ලේකම්වරයාගේ ලිඛිත ‍පොරොන්දුවත් ගැනීම සඳහා අනිද්දා (12) දහවල් 12.00ට කොටුව  දුම්රියපළ ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පවත්වන බව ද ඒ මහතා කීය.
 
පද්මිණි මාතරගේ
ලක්බිම ඇසුරින් පලකරන ලදී 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all