Photobucket

Tuesday, December 11, 2012

අත්‍යවශ්‍ය බඩු සඟවන වෙළෙඳුන්ට වැට බඳී

ආහාර ද්‍රව්‍ය සඟවා තබා උත්සව සමයේදී මිල වැඩි කර විකිණීමට ඇතැම් වෙළඳුන් කටයුතු කරන බවට ලැබී ඇති තොරතුරු මත සඟවන ලද අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සොයා පාරිභෝගික අධිකාරියේ වැටලීම් කණ්ඩායම් මෙහෙයුම් දියත් කර තිබේ.
 
සහල්, පිටි, සීනි, සැමන්,කුකුල් මස් , අල , පරිප්පු, කරවල, බිත්තර ඇතුළු විවිධ ආහාර ද්‍රව්‍ය වෙළඳුන් සඟවා තැබීමට කටයුතු කරන බවට පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී තිබේ.

රට පුරා පාරිභෝගික අධිකාරියේ වැටලීම් කණ්ඩායම් දෙසීයක් පමණ මෙහෙයුම් සිදු කරති. උත්සව සමයේදී අත්‍යාවශ්‍ය සෑම පාරිභෝගික භාණ්ඩයක්ම මිලදී ගැනීම සඳහා ස.තො.ස.තුළ සියලු පහසුකම් සලසා තිබේ. දැනට වෙළඳපොළේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක් වෙනුවෙන් යොදවා ඇති පාලන මිලට වැඩියෙන් කිසිදු ආහාර ද්‍රව්‍යයක් අලෙවි කිරීමට ඉඩ නොතබන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

විජයානි එදිරිසිංහ
දිනමිණ ඇසුරින් පාකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all