Photobucket

Tuesday, December 11, 2012

ගාල්ල කොටුව කඩේ අසලිනුත් ඇටකටු මතුවේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගාල්ල කොටුව කඩේ අසල කළ කැනීමකදී සොහොනක් හා ඇටකටු කිහිපයක් හමුවී ඇත. ඕලන්ද පාලනය පැවති සමයේ උසස් නිලධාරියෙකුගේ ඇටකටු යැයි සැකයක් පවතින බව වාර්ථා වේ. මීට පෙර මාතලෙන් සමූහ මිනී වලක් මතු වූ අතර එහි කැනීම් කටයුතුද අද නැවත පටන්ගෙන තිබේ.කෙසේ වෙතත් ගාල්ල කොටුවේ කඩෙන් මතුවූ ඇට සැකිලි පිළිබඳව තවමත් නිෂ්චිත නිගමනයකට ආ නොහැකි බව වාර්තා වේ. 

මේ කැනීම සිදුකළ ස්ථානය මේ වන විට පුද්ගලික හිමිකරුවෙකුගේ ඉඩමකි.එහෙත් එය ඉපැරණි ගාල්ල කොටුව කඩේට අයත් වූවකි.ඉඩම් හිමිකරු ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා අසවර ඉල්ලා තිබූ නිසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉඩම කැනීම් කිරීමට තීරණය කොට තිබේ.මේ ඇටසැකිලි හමුවීම පිළිබදව වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට ඇතුල් වීම අවහිර කිරීමට නිලධාරිනියක් ඇතුලු පිරිසක් උත්සාහ කළද ගාල්ල නගරාධිපති මෙත්සිරි සිල්වා හා පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඊට ඉඩ ලැබිණි.
 
කමල් විජේහේවා, දිලාන් වැලිගමගේ
ලක්බිම ඇසුරින් පලකරන ලදී 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all