Photobucket

Tuesday, December 11, 2012

බ්‍රිතාන්‍ය හෙදියගේ මරණය ගැන ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීන්ගේ කම්පාව

බ්‍රිතාන්‍ය විලියම් කුමරුගේ ගර්භනී බිරිඳ රෝහල් ගත කරනු ලැබ සිටියදී රැජින සහ චාර්ල්ස් කුමරු හැටියට එම රෝහලට ව්‍යාජ දුරකථන ඇමතුම් දුන් ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි මාධ්‍යවේදියා සහ මාධ්‍යවේදිනිය, එම දුරකතන ඇමතුම් මුල්කර ගනිමින් හෙදියක මරණයට පත්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ කම්පාව පළ කළහ.

එම ව්‍යාජ දුරකථන ඇමතුම් රැජිනගේ සහ චාර්ල්ස් කුමරුන්ගෙන් යයි රැවටී ඊට පිළිතුරු දුන් හෙදිය ඉන් දින තුනකට පසුව හදිසියේම මරණයට පත් වූ අතර, එය ලොවපුරාම බලවත් කම්පාවකට හේතු විය.

එම සිද්ධියෙන් අනතුරුව පළමු වතාවට සාකච්ඡාවකට සහභාගි වූ ව්‍යාජ දුරකථන ඇමතුම් දුන් ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීන් දෙදෙනා කඳුලින් යුතුව කියා සිටියේ ජසින්තා සදන්හා (Jacintha Saldanha) හෙදියගේ මරණය ඇසීමෙන් තමන් බලවත් කම්පාවට පත් වූ බවයි.

ඇය බ්‍රිතාන්‍යයේ සේවය කළ ඉන්දීය සම්භවයකින් යුත් හෙදියක්.

තම ක්‍රියාව මෙවැනි ඛේදවාචකයකට හේතු වෙතැයි කිසිදාක නොසිතූ බව කියා සිටි මාධ්‍යවේදීන් දෙදෙනා, තමන්ගේ ව්‍යාජ දුරකථන ඇමතුම කේම්බ්‍රිජ් ආදිපාදවරිය වෙත යොමු කරනු ලැබීමට පෙර රෝහල් කාර්ය මණ්ඩලය විසින් එය විසන්ධි කරනු ඇතැයි තමන් සිතූ බව ද පැවසූහ.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all