Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි


Photobucket
Showing posts with label තාරක විද්‍යාව. Show all posts
Showing posts with label තාරක විද්‍යාව. Show all posts

රුසියාවට වැටුණු උල්කාෂ්මයෙන් 1200කට තුවාල

Tuesday, February 19, 2013

රුසියාවේ යූරල් කඳවැටිය ආශ්‍රිත ප්‍රදේශයට පතිතවු උල්කාෂ්මයකින් 1200 ට අධික පිරිසක් තුවාල ලැබිය. මේ උල්කාෂ්ම කැබලි ගිනි බෝලයක් ලෙසින් කඩා පාත්වු බව වාර්තා වේ. අනතුරින් නිවාස දහස් ගණනකට ද බරපතළ හානි සිදුව තිබේ. වැවකට පතිත වු උල්කාශ්ම කොටස් සෙවිමේ කටයුතුවල කිමිදුම්කරුවන් යොදවා ඇත.

සිකුරාදා පතිතවු උල්කාෂ්ම කොටස්වල බර ටොන් 10ක් පමණ බව නාසා විද්‍යාඥයෝ පවසති. මේ උල්කාෂ්ම වර්ෂාව ‍පෘථිවියට ඇදහැළුනේ විශාල ප්‍රමාණයේ ග්‍රහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ දිනමයි. මේ සිද්ධින් දෙක අතර සම්බන්ධයක් නැති බව විද්‍යාඥයන් ගේ මතයයි .

මේ ප්‍රබල උල්කාෂ්ම වැස්‍සෙන් චකිතයට පත්වි ඇති රුසියන් විද්‍යාඥයන් අභ්‍යාවකාශ වස්තූන්ගෙන් පෘථිවියට එල්ල විය හැකි අනතුරු වළකා ගැනිමට ගෝලීය පද්ධතියක් ස්ථාපනය කළ යුතු බවට යෝජනා කර ඇත .

හානියට පත් ගොඩනැඟිලිවල පිලිසකර කටයුතු සඳහා 20000ක පමණ පිරිසක් යොදවා ඇත. මේ අවස්ථාව ප්‍රයෝජනය ගත් ඇතැම් පිරිස් කොල්ලකෑම්වලටද පෙළඹී ඇතැයි පොලීසිය පවසයි.
Read Post | comments

අරලගංවිල උල්කාශ්මිවල ‘ඩයටම’ ජීවී කොටස්

Tuesday, January 15, 2013

පසුගිය දෙසැම්බර් 29 දින පොළොන්නරුවේ අරලගංවිල පෙදෙසට කඩාවැටුණු උල්කාපාත කොටස් වැඩිදුර පරීක්ෂාවට ලක් කළ එංගලන්තයේ බකිංහැම් විශ්වවිද්‍යාලයෙහි තාරකාජීව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා එහි 'ඩයටම' කාණ්ඩයට අයත් වන ඇල්ගී වි‍ශේෂයේ ජීවී කොටස් පොසිලගතව පවතින බව තහවුරු කර ඇති බව පවසයි. 

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා විසින් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වැටුණු රතු සහ කහ වැස්ස පිළිබඳව ආරම්භ කරන ලද පර්යේෂණ අතර තුරදී එම කාලය තුළම අදාළ ප්‍රදේශවලට ඇද වැටුණු උල්කාපාත කොටස් යැයි සැලකුණු වස්තූන් පිළිබඳවද අධ්‍යනය කරන ලදී. ඒ අනුව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී මුලින්ම සිදු කරන ලද නිරීක්ෂණයන් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා විසින් කාඩිෆ් විශ්වවිද්‍යාලයේ රසායනාගාර තුළදී ද තහවුරු කර ඇත. 

අභ්‍යකාශයෙන් ආ උල්කාශ්ම කොටසක මෙසේ ඩයටම පොසිලගතව පැවතීම පැහැදිලි ලෙස වාර්තා වන්නේ ලොව ප්‍රථම වරට නිසා මෙය ඉතා වැදගත් ජාත්‍යන්තර සිදුවීමක් බව මහාචාර්ය වික්‍රමසිංහ පවසයි.
මේ පිළිබඳ විද්‍යාත්මක ලිපිය ජාත්‍යන්තර අභ්‍යවකාශ සඟරාව Journal of Cosmology මඟින් ප්‍රකාශනය කර ඇත.
Read Post | comments

පෘථිවිය අසලින් ගිය දැවැන්ත ග‍්‍රහකය ඇපොෆිස් පෘථිවියට එන්නේ නැතිලු...

Saturday, January 12, 2013

පෘථිවිය හා ගැටුනොත් ටී.එන්.ටී. මෙගා ටොන් 510ක ශක්තියක් ...

හයිඩ‍්‍රජන් බෝම්බ මෙන් දස ගුණයක්...

වසර 2036 දී පෘථිවියේ ගැටිය හැකි බවට සැක සහිතව තිබූ ඇපොෆිස් (Apophis) ඇස්ටරොයිඩය පෘථිවියේ නොගැටෙන බව නසා ආයතනය සදහන් කර තිබෙනවා.

මීටර් 300ක් පලල ඇපොෆිස් ඇස්ටරොයිඩය පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 200,000 :1 බව මීට පෙර නසාහි විද්‍යාඥයන් සඳහන් කර තිබුනා.

මෙය පෘථිවිය ආසන්නයෙන් ගමන්ගත් ආසන්නම අවස්ථාවේදී (පසුගිය බදාදා) එය ගමන්කර ඇත්තේ පෘථිවියට හැතැප්ම මිලියන 09.3 ක් (කිලෝ මිටර් මිලියන 15ක්) ඈතින් බවද පැවසෙනවා.

වසර 2004 දී සොයාගත් මෙම ඇස්ටරොයිඩය මුලින් 2004 MN4m ‍ලෙස හැඳින්වුවද, පසුව එය පැරණි ඊජිප්තු හිරු දෙවියා වන රා දෙවිඳු ගේ සතුරෙකු වන ඇපෙප් ඇසුරෙන් ‍ඇපොෆිස් ලෙස නම් වුනා.

එකල විදෙස් වාර්තා වල සඳහන් වූයේ නේ ඇපොෆිස් 2029 දී පාථිවිය හා ගැටිය හැකි බවකි. නාසා විද්‍යාඥයන්ට අනුව 2029 දී ගුරුත්ව සිදුරකින් ගමන් කිරීමෙන් මාර්ගය වෙනස් වී 2036 දක්වා කාලය දික්වී ඇති බව පැවසෙනවා.

නාසා විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් වලට අනුව ඇස්ටරොයිඩය පෘථිවිය හා ගැටුනොත් ටී.එන්.ටී.මෙගා ටොන් 510 ක් පිපිරුණු විට ඇතිවන ශක්තියක් නිකුත් වනු ඇති බවට විශ්වාස කරනවා. එය මෙතෙක් පිපිරුණු විශාලම හයිඩ‍්‍රජන් බෝම්බය මෙන් දස ගුණයකි. එසේම ආනතිය අනුව ගැටුමේ බලපෑම වෙනස් විය හැකි බවද පවසා තිබුනා.
Read Post | comments

අනතුරුදායක ඇස්ටරොයිඩයක් පෘථිවියට ලඟා වෙනවලු...

Thursday, January 10, 2013

පෘථිවිය හා ගැටුනොත් TNT මෙගා ටොන් 510ක ශක්තියක්...

විශාල සහ සැක සහිත ඇස්ටරොයිඩයක් පාථිවිය දෙසට ලඟා වෙමින් පවතිනවා. විනාශය ඉක්මනින්ම සිදු නොවුනත් විද්‍යාඥයන් කියන්නේ මීටර් 300ක් පලල ඇපොෆිස් නම් මේ ඇස්ටරොයිඩය පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාවයක් ඇති බවයි.

බදාදා මේ අභ්‍යවකාශ සංචාරකයා පෘථිවියට කිලෝ මීටර් මිලියන 14ක් දුරින් ගිය බව ග‍්‍රිනිච් වේලාවෙන් රාත‍්‍රී 12 ට ස්ලූත් අභ්‍යවකාශ කැමරාව මගින් නිරීක්ෂණය
වුණා. මෙය නැවත පැමිනෙන අතර 2036 පැමිණීම තර්ජනයක් විය හැකි ලකුණු පවතිනවා.

පැරණි ඊජිප්තු යක්ෂයෙකුගේ නමින් නම් කර ඇති මෙය 2004 දී සොයාගත් අතර එකල දැක්වුනේ 2029 දී පාථිවිය හා ගැටිය හැකි බවකි.


නාසා විද්‍යාඥයන්ට අනුව 2029 දී ගුරුත්ව සිදුරකින් ගමන් කිරීමෙන් මාර්ගය වෙනස් වී 2036 දක්වා කාලය දික්වී තිබෙනවා. රුසියානු විද්‍යාඥයන් මෙහි රේඩියෝ සංඥායකයක් පිහිටවා එමගින් කක්ෂය නිර්ණය කිරීමට සැලසුම් කර
නවා. නමුත් එය සිදුවනු ඇත්තේ 2020 න් පසුවය.

නාසා ගණනයන්ට අනුව ඇස්ටරොයිඩය පෘථිවිය හා ගැටුනොත් TNT මෙගා ටොන් 510 ක් පිපිරුණු විට වැනි ශක්තියක් නිකුත් වනු ඇති අතර එය මෙතෙක් පිපිරුණු විශාලම හයිඩ‍්‍රජන් බෝම්බය මෙන් දස ගුණයකි. ආනතිය අනුව ගැටුමේ බලපෑම වෙනස් විය හැකිය.

වර්ග කිලෝ මීටර් දහස් ගණනක් විනාශ වුවද කල් ගතවන බලපෑම් කිසිවක් ඇති නොවේ. 2012 මැයි මස මීටර් 100ට වැඩි විශ්කම්භයෙන් යුත් ඇස්ටරොයිඩ 4700ක් පමණ පිලිබඳ වාර්තාවක් නාසා ආයතනය ඉදිරිපත් කල අතර ඉන් තුනෙන් එකක් පමණක් රේඩාර් ආවරණයට ලක්කරගෙන ඇත.
Read Post | comments

උල්කාපාත වැසි තොරතුරු ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයට දන්වන්න

Tuesday, January 8, 2013

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන උල්කාපාත කැබැලි පොළොවට කඩා වැටීම් දුටු පුද්ගලයින්ට එම තොරතුරු, ස්ථාන පිළිබඳ මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට දැනුම් දිය හැකි බව එම ආයතනය පවසයි.

සෑහීමකට පත්විය හැකි තොරතුරු පිළිබඳ අදාළ ප්‍රදේශයන්ට ගොස් පර්යේෂණ පැවැත්විය හැකි යයි ද ආතර් සි. ක්ලාක් ආයතනයේ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

උල්කාපාත වැටුණා යයි සැලකෙන ප්‍රදේශයන් පිළිබඳ තොරතුරු අදාළ පුද්ගලයින්ට ග්‍රාමනිලධාරී මහත්වරුන්, ප්‍රදේශයේ පොලිස් ස්ථානය මාර්ගයෙන් ආතර් සී. ක්ලාක් ආයතනයට දැනුම් දිය හැකියැයි කියයි.
Read Post | comments

සූර්යයා වටා රැස්වළල්ල සාමාන්‍ය තත්ත්වයක්

Monday, December 24, 2012

සූර්යයා වටා දර්ශනය වන බව කියන වර්ණවත් රැස් වළල්ල සාමාන්‍ය තත්ත්වයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේය. ඉහළ අහසේ ඇති වන අයිස් ස්ඵටිකවලට සුර්යාලෝකය වැටී මෙලෙස වර්ණවත් රැස් වළල්ලක් වැනි දෙයක් දර්ශනය වන බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. 

උතුරුකරයේ සිට සීතල සුළං හමාවිත් ජලවාෂ්ප ඝනීභවනය වූ විටත් ජලවාෂ්ප ඉහළට ගමන් කරන ඇතැම් අවස්ථාවලදීත් මෙලෙස අයිස් ස්ඵටික සහිත වළාකුළු නිර්මාණය වන බව හෙතෙම පැවැසීය. මෙම ස්ඵටික සහිත වළාකුළු අපේ පියවි ඇසට නොපෙනෙන බවද ඔහු කීය. විශේෂයෙන් වර්ෂාව අඩු කාලයක් ආසන්න වීමේදී මෙවැනි තත්ත්වයක් දැකිය හැකි බවත් ග්‍රාමීය ජනතාව නම් මෙය හොඳින්ම දන්නා බවත් ජයරත්න මහතා කීය. ඇතැම් අවස්ථාවලදී මෙය සූර්යයා දෙපැත්තේ සිටින තවත් සුර්යයන් දෙදෙනකු ලෙසටද දර්ශනය වන බව ඔහු පැවැසීය

ඇතැම් දිනවල රාත්‍රියේ චන්ද්‍රයා වටා පෙනෙන රැස් වළල්ලක් වැනි තත්ත්වයම මෙලෙස සූර්යයා වටා දිවා කාලයේදී දර්ශනය වන බවත්  ‘ග්ලොරි’, ‘හේලෝ’ වැනි නම්වලින් මෙම තත්ත්වය හඳුන්වන බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
Read Post | comments

හිරු වටා දුටු ආවාටය අඳුරු කාල මිථ්‍යාව හා සම්බන්ධ නැහැ

පෙරදිග අහසේ ඊයේ (23) පෙරවරුවේ දී හිරු වටා දක්නට ලැබුණු ආවාටය ඉදිරියේ ඇතිවනවා යැයි පැවසෙන දින 3ක අඳුරු කාලය හා කිසිදු සබඳතාවක් නැතැයි තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. 

වලාකුළු ඇතිවීමට තරම් ජල වාෂ්ප වායු ගෝලයේ නැතිවිට මෙවැනි අයිස් ස්පථික ඇතිවන බවත් ඒවා පොළොවේ සිට කි. මීටර් 10 – 15 ඉහළ අහසේ ඝනීභවනය වන බවත් පැවසූ චන්දන ජයරත්න මහතා මෙවැනි ස්වභාවික තත්ත්වයන් ඇතිවීම වියළි කාලගුණයක පෙර නිමිත්තක් බවද පැවසී ය.
Read Post | comments

අඳුරු ධූම කේතුවක්‌ පෘථිවිය වෙත ඇදී ඒමේ ඉඩක්‌

Friday, December 21, 2012

පෘථිවිය වෙත අඳුරු ධූම කේතුවක්‌ ඇදී ඒමට ඉඩ ඇති බව මහාචාර්ය බෙල් චර්නල් මහත්මිය කියා සිටී.

මේ අඳුරු ධූම කේතුව හඳුනා ගැනීම දුෂ්කර බවත් එහි විශාල වශයෙන් දූවිලි පිරී ඇති බවත් ඇය සඳහන් කරයි.

මෙම අඳුරු ධූම කේතුව පෘථිවිය සමග ගැටුණොත් දූවිලි වළාවක්‌ වායුගෝලයට එක්‌වී බිලියන ගණනාවක්‌ ජනතාව දුෂ්කරතාවන්ට පත්වන බව ඇය අනතුරු අඟවා සිටී.

මේ අතර ආචාර්ය ඩෙට්‌ රොකරි පවසන්නේ සුපිරි ගිනිකන්දක්‌ පිපිරී එහි දූවිලි වළාවන් වායුගෝලයට එක්‌වී පෘථිවියට අහිතකර තත්ත්වයක්‌ ඇතිකරන බවයි.

මෙයට සමාන ප්‍රකාශයක්‌ කරන ඇමරිකානු භූ විද්‍යා සමාජයේ හිටපු සභාපති බ්‍රයන් ලිට්‌ල් පවසන්නේ මුහුද යට නායයැම් සිදුවී මීතෙන් වායු නිධි පෘථිවියේ වායුගෝලයට එක්‌වී විනාශකාරී තත්ත්වයන් ඇති වන බවත්ය.
Read Post | comments

පොළොන්නරුවට උල්කාපාතයක් කඩා වැටිලා

Wednesday, December 19, 2012

පොළොන්නරුවේ ඕනෑගම ගොවි ජනපදයේ නිවෙසක් අසළට  (18) පෙරවරු 10 ට පමණ උල්කාෂ්මයක් කඩාවැටී ඇත.

කහපාට ගිනි බෝලයක් සේ පැමිණි මෙම උල්කාෂ්මය පිපිරීමෙන් විශාල බුරුත ගසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ. පිපිරීම සිදුවීමත් සමඟ බුරුත ගසේ කොටස් මීටර් 100 ක් පමණ දුරකට කුඩු වී විසිවී ඇති අයුරු දැකගැනීමට හැකි විය. 

මෙම සිද්ධිය දුටු ඕනෑගම 15 ඇළ පදිංචි ආර්. ඇම්. තිලකරත්න මහතා මෙසේ ද කීය. පෙරවරු 10 ට පමණ මම නිවස ඉදිරිපිට සිටින විට එක්වරම කහ පාට ගිනි බෝලයක් පොළව දෙසට එනවා දුටුවා. 

ඒ සමඟම එය පුපුරා ගියා. මුළු ප්‍රදේශයම දුමෙන් වැසී ගියා. පසුව බලන විට ගේ අසල තිබූ බුරුත ගස කෑලිවලට කැඩී බිමට වැටුණා. එහි කැබලි මීටර් 100 ක් දුරට විසිවී තිබුණා.
Read Post | comments

21 දා ලෝක විනාශය බොරුවක්‌ පෘථිවිය උඩ යට මාරුවෙන්නේ නැහැ වෙබ් අඩවි බොරු ප්‍රචාර දියත් කරනවා

Tuesday, December 18, 2012

නිබ්රු සහ ඊට අදාළ වෙනත් පුවත් අන්තර්ජාලය තුළ මවා පෑ බොරු පුවත්. ඊට අදාළ සාධක නැහැ. 2012 දී පෘථිවිය වෙත නිබ්රු හෝ එක්‌ස්‌ නමින් ග්‍රහයන් එන්නේ නම් අභ්‍යවකාශ පර්යේෂකයන් විසින් එA ගැන විමර්ශනය කරනවා. එහෙත් එවැනි ග්‍රහයෙක්‌ නැහැ. එහෙත් ඊරිස්‌ නමින් ග්‍රහයෙක්‌ සිටිනවා. එය ප්ලූටෝ ග්‍රහයාට සමානයි. ඊරිස්‌ ග්‍රහයා සෞරග්‍රහ මණ්‌ඩලයෙන් පිටතයි සිටින්නේ. එය පෘථිවියට සැතපුම් බිලියන 4 ක්‌ ඈතින් සිටින බව කිවයුතුයි.


පෘථිවිය ආපස්‌සට කැරකැවෙන්නේ නැහැ. මහාද්වීප සෙමින් ගමන් කිරීමක්‌ සිදු වෙනවා. වසර මිලියන ගණනකට පෙර ඇන්ටාර්ටිකාව තිබුණේ නිරක්‍ෂක රේඛාව සමීපවයි. එසේම විපත් පිළිබඳව තොරතුරු දක්‌වන අන්තර්ජාල වෙබ් අඩවි ජනතාව මුලා කිරීමට උත්සාහ කරනවා. පෘථිවියේ චුම්බකත්ව බලය සහ පෘථිවිය ආපස්‌සට කැරකැවීම අතර සබඳතාවක්‌ ඇතැයි එම වෙබ් අඩවි කියනවා. එසේ වුවත් පෘථිවියේ චුම්බකත්ව ආපස්‌සට යැම තවත් සහශ්‍ර කීපයක්‌ තුළ සිදුවිය හැකි යෑයි කියන්න බැහැ.
'නිබ්රු කියා ග්‍රහයෙක්‌ නැහැ' නාසා කියා සිටී


ලෝක විනාශය සම්බන්ධයෙන් විවිධ සාවද්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්‌සේ ව්‍යාප්ත වේ. ඇමරිකානු නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ඩොන් යිසෝමන්ස්‌ පවසන්නේ නාසා ආයතනයේ නමින් ව්‍යාජ නිවේදන පවා ප්‍රකාශයට පත්වන බවයි. මේ නිසා නාසා ආයතනය මුල් වරට ලෝක විනාශය පිළිබඳ පුවතේ සත්‍ය හෙළි කර ඇත. ඇමරිකානු නාසා ආයතනය විසින් ලෝක විනාශය නමැති පුවත ගැන කරුණු දක්‌වා ඇති අයුරුයි මේ.

ප්‍රශ්නය - ලෝක විනාශයක්‌ සිදුවන්නේද?

පිළිතුර - 2012 අවසානයේ ලෝක විනාශයක්‌ සිදුවන්නේ නැහැ. තවත් වර්ෂ බිලියන 4 ක්‌ දක්‌වා පෘථිවිය පවතිනවා. 2012 දී පෘථිවියට තර්ජනයක්‌ එල්ල වන බවට විද්වත් විද්‍යාඥයින් පවා හෙළි කර නැහැ.

ප්‍රශ්නය - 2012 ලෝක විනාශයක්‌ සිදුවන බවට අනාවැකි පළවූයේ කෙසේද?

පිළිතුර - සුමේරියානුවන් විසින් නිබ්රු නමින් ග්‍රහයෙක්‌ සොයාගත් බව පැවසුවා. 2003 මැයි මස ලෝක විනාශය සිදුවන බවට අනාවැකියක්‌ පළ වුණා. එය සිදුවූයේ නැහැ. ඉන් පසු එම දිනය 2012 දෙසැම්බර් මසට යොමු වුණා. එය මායා දින දර්ශනයට ඈ¹ ගනු ලැබුවා. එම මායා දින දර්ශනය අනුව ලෝක විනාශය දෙසැම්බර් 21 වැනිදා සිදුවන බවට අනාවැකියක්‌ පළ වුණා.

ප්‍රශ්නය - 2012 දෙසැම්බර් මස මායා දින දර්ශනය අවසන් වේද?

පිළිතුර - ඔබගේ මුළුතැන්ගෙයි ඇති දින දර්ශනය මෙන් දෙසැම්බර් 31 දා සිට දින දර්ශනය ඉදිරියට යන්නේ නැහැ. 2012 දෙසැම්බර් 21 වැනිදා මායා දින දර්ශනය නතර වෙන්නේත් නැහැ. ජනවාරි 1 දා යළිත් වර්ෂයක්‌ ඇරඹෙනවා.

ප්‍රශ්නය - දෙසැම්බර් 23 සිට 25 තෙක්‌ මුළු ලොවම අන්ධකාරයේ පවතින බව නාසා ආයතනය කියන්නේද?

පිළිතුර - එහෙම දෙයක්‌ නැහැ. නාසා හෝ වෙනත් කිසිම විද්‍යාත්මක සංවිධානයක්‌ එA බව පවසා නැහැ. විශ්වය තුළ ඇති යම් ක්‍රියාදාමයක්‌ නිසා අන්ධකාරය ඇති වන බවට සාවද්‍ය වාර්තා ප්‍රකාශයට පත් වුණා. මේ බොරු ප්‍රචාරය නිසා හදිසි අවස්‌ථාවක්‌ මතුවී ඇති බවට ද තොරතුරු විකාශනය වුණා. කිසිම අවස්‌ථාවක පෘථිවිය අන්ධකාරයේ පවතින්නේ නැහැ.

ප්‍රශ්නය - සෞරග්‍රහ මණ්‌ඩලයේ ග්‍රහයන්ගෙන් පෘථිවියට බලපෑම් එල්ල වන්නේද?

පිළිතුර - ඉදිරි දශකවල ග්‍රහයන්ගෙන් බලපෑමක්‌ එල්ල වන්නේ නැහැ. එවන් බලපෑමක්‌ එල්ල වුණත් එය සිදු වන්නේ සුළු වශයෙන් යෑයි කිව හැකියි. 1962 දී එවැන්නක්‌ සිදු වුණා. ඉන් පසු 1982 සහ 2000 දීත් සිදු වුණා. සෑම වසරකම දෙසැම්බර් මස පෘථිවිය හා සූර්යයා අතර බලපෑම් ඇති වෙනවා. එය වාර්ෂිකව සිදු වන්නක්‌. එහෙත් ඉන් බලපෑමක්‌ ඇතිවී නැහැ.

ප්‍රශ්නය - නිබ්රු හෝ එක්‌ස්‌ හෝ ඊරිස්‌ නමැති ග්‍රහයෙක්‌ පෘථිවිය වෙත ඇදී එන බවත් ඉන් පෘථිවියට තර්ජනයක්‌ ඇතිවී මහා විනාශයක්‌ සිදු වන්නේද?

පිළිතුර - නිබ්රු සහ ඊට අදාළ වෙනත් පුවත් අන්තර්ජාලය තුළ මවා පෑ බොරු පුවත්. ඊට අදාළ සාධක නැහැ. 2012 දී පෘථිවිය වෙත නිබ්රු හෝ එක්‌ස්‌ නමින් ග්‍රහයන් එන්නේ නම් අභ්‍යවකාශ පර්යේෂකයන් විසින් එA ගැන විමර්ශනය කරනවා. එහෙත් එවැනි ග්‍රහයෙක්‌ නැහැ. එහෙත් ඊරිස්‌ නමින් ග්‍රහයෙක්‌ සිටිනවා. එය ප්ලූටෝ ග්‍රහයාට සමානයි. ඊරිස්‌ ග්‍රහයා සෞරග්‍රහ මණ්‌ඩලයෙන් පිටතයි සිටින්නේ. එය පෘථිවියට සැතපුම් බිලියන 4 ක්‌ ඈතින් සිටින බව කිවයුතුයි.

ප්‍රශ්නය - ඉදිරි දින කීපයේ ද පෘථිවිය ආපසු කැරකැවෙන බවට පැවසෙනවා - චුම්බක ක්‍ෂේත්‍රය උඩ යට මාරුවන බව කියනවා?

පිළිතුර - පෘථිවිය ආපස්‌සට කැරකැවෙන්නේ නැහැ. මහාද්වීප සෙමින් ගමන් කිරීමක්‌ සිදු වෙනවා. වසර මිලියන ගණනකට පෙර ඇන්ටාර්ටිකාව තිබුණේ නිරක්‍ෂක රේඛාව සමීපවයි. එසේම විපත් පිළිබඳව තොරතුරු දක්‌වන අන්තර්ජාල වෙබ් අඩවි ජනතාව මුලා කිරීමට උත්සාහ කරනවා. පෘථිවියේ චුම්බකත්ව බලය සහ පෘථිවිය ආපස්‌සට කැරකැවීම අතර සබඳතාවක්‌ ඇතැයි එම වෙබ් අඩවි කියනවා. එසේ වුවත් පෘථිවියේ චුම්බකත්වය ආපස්‌සට යැම තවත් සහශ්‍ර කීපයක්‌ තුළ සිදුවිය හැකි යෑයි කියන්න බැහැ.

ප්‍රශ්නය - 2012 දී පෘථිවිය සමග උල්කාපාතයක්‌ ගැටේද?

පිළිතුර - ධුමකේතු හා උල්කාපාතවලට පෘථිවිය හැමවිටම ගොදුරු වෙනවා. එහෙත් විශාල උල්කාපාත පෘථිවිය වෙත ඇදවැටීම සිදුවන්නේ නැහැ. වසර මිලියන 65 කට පෙර විශාල උල්කාපාතයක්‌ පෘථිවියට වැටී ඩයිනෝසිරස්‌ සතුන් වඳ වූවා. නාසා අභ්‍යවකාශගාමීන් දැන් ස්‌පෙස්‌ ගාඩ් සර්වේ හෙවත් අභ්‍යවකාශය නිරීක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළක්‌ දියත් කර තිබෙනවා.

ඉන් පෘථිවිය අසලට උල්කාපාත පැමිණෙන්නේදැයි විමර්ශනය කරනවා. ඩයිනෝසිරස්‌ සතුන්ව විනාශ කළ උල්කාපාත වැනි විශාල උල්කාපාත පෘථිවිය සමීපයට පැමිණෙන්නේ නැති බවට අපට සනාථ වුණා.

ප්‍රශ්නය - 2012 දී ලෝක විනාශය සිදුවන බවට ප්‍රචාරය වී ඇත. තොරතුරු ගැන නාසා විද්‍යාඥයන් දරන මතය කුමක්‌ද?

පිළිතුර - 2012 දී විවිධ විපර්යාස සිදුවනවා යෑයි කියනවා. එහෙත් සාක්‍ෂි කොහේද? මේවා සියල්ල මිථ්‍යා ප්‍රචාරයි. මේ ප්‍රචාර ග්‍රන්ථ, චිත්‍රපටවලින් අන්තර්ජාලය ඔස්‌සේ විකාශනය වුවත් අපට එAවා වෙනස්‌ කරන්න බැහැ.

2012 දෙසැම්බර් මස අසාමාන්‍ය දේ සිදුවන බවට කිසිම සනාථවන සාක්‍ෂියක්‌ නැහැ.

ප්‍රශ්නය - 2012 දී විශාල සෞර මාරුතයක්‌ තුළින් අනතුරුදායක තත්ත්වයක්‌ ඇතිවිය හැකිද?

පිළිතුර - සෞරග්‍රහ මණ්‌ඩලයේ ක්‍රියාදාමයන් සෑම වසර 11 කටම සිදුවනවා. ඉන් චන්ද්‍රිකාවලට බාධා ඇති වනවා. එහෙත් සෞරග්‍රහ මණ්‌ඩලයේ මාරුතවලින් චන්ද්‍රිකා රැකගැනීම සඳහා ඉංජිනේරුවන් දැන් අධ්‍යයනය කරනවා. මීළඟ සෞරග්‍රහ මණ්‌ඩල ක්‍රියාවලිය 2012 ත් 2014 කාලය තුළ සිදුවනවා. එය පෙර පැවැති ක්‍රියාවලියට සමානයි.

ප්‍රශ්නය - නාසා ආයතන මේ සාවද්‍ය ප්‍රචාර ගැන දක්‌වන මතය කුමක්‌ද?

පිළිතුර - නිබ්රු ග්‍රහයා ගැන ග්‍රන්ථයක්‌ ලිව්වේ අසර්බයිජානයේ සිමාරියා සිට්‌චින් නමැති ලේඛකයායි. ඔහු මිථ්‍ය කතා ගොතන්නෙක්‌. වසර කීපයකට පෙර ඔහු මියගියා.

ප්‍රශ්නය - නිබ්රු නමැති ග්‍රහයෙක්‌ සිටින බව නාසා ආයතනය පැවසූ බව වෙබ් අඩවි පැවසුවා.

පිළිතුර - අපි එවැන්නක්‌ ප්‍රකාශ කර නැහැ. නාසා වෙබ් අඩවිය මෙහෙය වන්නේ හොලි සේල්, නාසා වෙබ් අඩවියේ බලධාරියා බ්‍රයන් ඩුන්බාර්. යමෙක්‌ නාසා ප්‍රකාශයක්‌ කියා පැවසුවාට පිළිගන්න එපා. අපේ සුටෝමි චන්ද්‍රිකාව පෘථිවිය ගැන නිරීක්‍ෂණයේ සිටිනවා.
Read Post | comments

කහටැල්ලගොඩ ගමට උල්කාශ්මියක්

Monday, December 17, 2012

වලස්මුල්ල දකුණ කණුමුල්දෙණිය කහටැල්ලගොඩ ගම්මානයට උල්කාශ්මියක් සිකුරාදා (14) රාත්‍රී කඩා වැටීමෙන් පැරැණි විශාල කොස් ගසක් ගිනිගෙන විනාශ වී තිබේ.

මේ දිනවල රාත්‍රී අහසේ උල්කාශ්මී වැසි සහිතවීම සම්බන්ධව දැනුවත් ව සිටින ගම්වාසීහු ගිනි පුපුරු විහිදුවමින් ආලෝකධාරාව ගිනිගෙන දැවෙන කොස්ගස සමීපයටම ආ බව කියති. ප්‍රදේශයට වැසි හෝ අකුණු සැර වැදීමක්ද සිදු වී නොමැත. කොස් ගහ පිහිටා තිබෙන්නේ පාලු ඉඩමකය. 

අඩි 15ක් තරම් උස් කොස් ගසේ දෙබලය අසලින් ගිනිගෙන විශාල අත්තක් බිමට ගැලවී ඇත. කොස් ගහේ ඉහළ අත්තක කොටසක් ගිනි වතුරකට හසුවූවා සේ කොළ වියළි ගොස් තිබිණි. කොස් ගසේ කඳ කොටසේ විශාල බෙනයක් තිබුණ අතර ඉහළ සිටම කොස් ගස ගිනි ඇවිලී තිබේ.

සුදු පාට අළු දූවිලි අවට විසිිරී තිබූ අතර කුඩා ප්‍රමාණයේ අගුරු කැබලිද තිබිණි. ඒවා කොස් ගසේ අඟුරු හෝ වෙනත් අඟුරු විය හැකියි. මේ දිනවල ජනතාව උල්කාපාත වර්ෂාව සම්බන්ධව දැඩි විමසිලිමත්ව සිටිති. එදින රාත්‍රියේදී මෙම ප්‍රදේශයේ ජනතාවද අහස නිරීක්ෂණය කරමින් සිටි බව පැවසේ.

සිද්ධිය ඇසින් දුටු කහටැල්ලගොඩ පී.ඒ. වසන්ති මහත්මිය

අපේ ගෙදර තියෙන්නේ කොස් ගහට උඩ පැත්තේ කොස් ගහ තියෙන්නේ පාළු ඉඩමක. මම එළියට එනවිට කොස් ගහේ මුදුණෙන් මහා ගිනි ජාලාවක් දැක්කා. පුපුරු ගහමින් ගින්දර විසිවුණා. හරියට මල්වෙඩි වගේ. මොකක්ද කියලා දන්නේ නැහැ. ගමේ අයත් එතනට දුවගෙන ගියා. අහසෙන් වැටෙනවා දැක්කේ නැහැ. ගහ උඩ ගිනිගන්නවා දැක්කා. අමුගහක් මෙහෙම ගිනිගන්නේ කොහොමද? විශාල ගින්දරක් තිබුණේ.

කභටැල්ලගොඩ බී.කේ.බියුටි‍්‍රයස් මහත්මිය 
 
මම රාත්‍රී 8.00ට ප්‍රවෘත්ති බැලුවා. ප්‍රවෘත්තිවලට කිව්වා රාත්‍රී කාලයේ උල්කාපාත වැටෙනවා කියලා. ඉතින් මම රෑට කාල බීලා එළියට ආවා. මෙන්න දෙවියනේ අපේ ගෙදරට පහළ තිබෙන මහ කොස් ගහ ප්‍රදේශයේ මහා එළියක් මම හොඳටම බියවුණා. ගෙදර අයටත් කථා කළා. එවිට පට පට ගාලා ගිනි පුපුරු විසිකරමින් ගිනි ගන්නවා එක්වරම කොස් අත්තක් කඩාගෙන බිමට වැටුණා. ගමේ බොහෝ අය එම ස්ථානයට ආවා. හෙණයක් ගැහුවෙත් නැහැ. වැස්ස තිබුණෙත් නැහැ. අමු කොස් ගහ කොහොමද ගිනිගත්තේ. අපිට මහා ගැටලුවක් උඩින් ගින්දර එනවා නම් දැක්කේ නැත. ගිනිගෙන උඩට විසිවෙනවා දැක්කා. සිද්ධිය වූ ස්ථානයට වලස්මුල්ල පොලිසියේ නිළධාරීහුද පැමිණ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළහ.

කොස් ගස දැවී ගිය කොටස් අවට දක්නට ලැබුණු අතර උල්කාපාතයක කොටස් හෝ එහි බර ලෝහකැබලි කිසිවක් අවටින් සොයා ගැනීමට නොහැකි විය.

කොස් ගස අඩි 15 ක් පමණ උස ප්‍රදේශයකින් මෙම ගින්න ඇතිවී තිබේ. ගසේ කොටස් කිහිපයක්ද කැඩී විසිවී තිබුණා. මෙම සිද්ධිය සැලවීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව මෙය දැකගැනීමට එම ස්ථානයට පැමිණ සිටියා.
Read Post | comments

ලෝක විනාශයට කලින් කියන වග නම්...!

Sunday, December 16, 2012

පෘථිවියට කි.මී. 226,000 ක්‌ ඈතින් ටව්ටාටිස්‌ ග්‍රහයා ගමන් කරනවා – නාසා...
ශ්‍රී ලංකාව සහ ලෝකය මේ දිනවල අපූරු කතන්දරවලින් පිරී පවතී. එකක්‌ දෙසැම්බරයේ ලෝක විනාශයයි. අනික මේ දිනවල දිවයිනේ තැනින් තැන අහසේ දිස්‌වන විවිධ ආලෝක ධාරාවන්ය. ලෝකය වරින් වර මෙවැනි කටකතාවලින් නොසංසුන් වෙයි. අලුත්ම කටකතාව ලෝක විනාශයයි. මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර්වලින් අවසන් වන බැවින් ලෝක විනාශය සිදුවන බවට ලෝක ජනතාව තුළ විශ්වාසයක්‌ හටගෙන ඇත.

මේ පෘථිවිය හැර වෙනත් ග්‍රහ ලෝක කීයක්‌ තිබේද? විශ්වයේ දිග පලල කොතරම්ද ආදී වශයෙන් ඉහ මොළ සූරන ප්‍රශ්න ගණනාවක්‌ වරක්‌ බමුණෙකු (බ්‍රාහ්මණයකු) විසින් බුදුන් වහන්සේගෙන් විමසීය.

බුදුන් වහන්සේ පිළිතුරු දෙමින් වදාළේ ඒවා පලක්‌ නැති බවය. ලෝකයේ උපත අවසානය ගැන කල්පනා කොට වෙහෙස වෙනවාට වඩා යහපත් ධාර්මික ජීවිතයක්‌ ගතකොට සසර කෙටි කර ගැනීම වඩා වැදගත් වන බව බුදුහු ප්‍රකාශ කළහ. 

එසේ වුවද මතු යම් දිනක විය හැකි ලෝක විනාශය ගැන විවිධ අදහස්‌ ද කතාන්දර ද අප්‍රමාණව තිබේ.


ආයුධ වැස්‌සක්‌ වහින බවත් ඒ ආයුධ වැස්‌සට හසුවී මිනිසුන් මියයන බවත් එක්‌ කතා පුවතකි. ඒ ආයුධ වැස්‌සට හසුවුවද ඔහු ධාර්මිකව ජීවත් වූ අයකු නම් ඒ ආයුධ වැස්‌සෙන් ඔහුට තුවාල සිදුවන්නේ නැති බව ඒ මතය හා සමඟ එයි.

මෙයින් කියෑවෙන්නේද ධාර්මික ජීවිතය වැදගත් වන බවයි.

බුදුන් වහන්සේ ලෝක විනාශය ගැන මතයක්‌ පළකොට ඇත. බුදුන් වහන්සේ දේශනාකොට සිටින්නේ යම්දාක ලෝක අවසානය වන විට පෘථිවිය වැස්‌සක්‌ නොලබා දුහුවිල්ලෙන් පිරෙන බවය. පෘථිවිය ගහ කොළ නැති කාන්තාරයක්‌ වන අතර ඒ හේතුව නිසා ලෝක සත්වයා මියයන බවය. එහෙත් ධාර්මික මිනිසාට ජීවත්වීමේ වාසනාව හිමිවන බැව් බුදුහු දේශනාකොට තිබේ.

ලෝක විනාශය ගැන කැලඹිල්ලට හේතුවී ඇත්තේ මායාවරුන්ගේ දින දර්ශනයයි. මායාවරු ජීවත්වූයේ මධ්‍යම ඇමරිකාවේ ගෝතමාලාවේය. දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කී මායාවරු අහසේ තාරකා සහ ග්‍රහ වස්‌තූන් නිරීක්‍ෂණය කොට ක්‍රි. පූ. 3200 දී පමණ වසර 5200 ක්‌ ඉදිරියට කැලැන්ඩරයක්‌ සැදූහ. ඒ කැලැන්ඩරය 2012 දෙසැ. 21 දායින් අවසන් වෙයි.

එදායින් පසු, කැලැන්ඩරය අවසන් වූවායින් පසුව ලෝකය විනාශ වෙතැයි මායාවරු කීවේ නැත. ඔවුන්ගේ දැනුමේ හැටියට එදවස වසර 5200 ක්‌ ඉදිරියට කැලැන්ඩරයක්‌ නිර්මාණය කිරීම ගැන අපේ විශ්මිත ස්‌තුතිය පළකළ යුතුය. එසේ නැතුව ඔවුන්ගේ කැලැන්ඩරයේ කාලය අවසන් වූ පමණින් ලෝකය විනාශය වෙතැයි යන මිථ්‍යාවේ ගිලීම මෝඩකමකි.

මායාවරුන්ගේ පරම්පරාවේ අය තවමත් මධ්‍යම ඇමරිකාවේ එල් සැල්වදෝරය, දකුණු මෙක්‌සිකෝව ආදී රටවල ජීවත් වෙති. නූතන දියුණු ලෝකයට පා තබා සිටින ඒ මායාවරු දැන් පාවිච්චි කරන්නේ අවුරුද්දක කැලැන්ඩරයක්‌ පමණි. අවුරුද්දක්‌ අවසානයේ ඊළඟ අවුරුද්දේ කැලැන්ඩරය බිත්තියේ එල්ලා ගනු මිසක තල් අත්තක්‌ වැටුණ සැනින් ලෝකය පෙරලී ගෙන එතැයි බිය වී දිවූ හාවා මෙන් දිවීම, හැංගෙන්නට තැන් සෙවීම නුවණක්‌කාර නොවේ.

නිබුරු නම් ග්‍රහලෝකයක්‌ කඩා වැටී පොළොවේ හැපීම නිසා පෘථිවිය විනාශ වෙතැයි තවත් මතයක්‌ පවතී, නමුත් නූතන තාරකා විද්‍යාඥයන් කියන්නේ "නිබුරු" නමින් ග්‍රහ ලෝකයක්‌ මේ චක්‍රාවාටයේ කොතැනකවත් නැති බවයි. ඒ නිසා ග්‍රහ ලෝකයක්‌ කඩා වැටේ යෑයි යන්න අනියත බියක්‌ බව විද්‍යාඥයෝ කියති.

ලෝක විනාශය වීමට තවත් හේතුවක්‌ ලෙස තර්ක කරන්නෝ දක්‌වන මතයක්‌ වන්නේ සූර්යයාගේ ගිනිදලු නිකුත් වීමෙන් ලෝකය ගිනිගෙන දැවී යනු ඇතැයි යන්නයි. සූර්යාගෙන් වරින් වර ගිනි දලු නිකුත්වීම සාමාන්‍ය දෙයක්‌ බව විද්‍යාඥයන්ගේ අදහසයි. නමුත් සූර්ය ගිනිදලුවලින් ලෝකයේ කොතැනකටවත් සුළු හෝ හානියක්‌ සිදු වී නැත. ඒ නිසා සූර්ය ගිනිදලු බිය හුඹස්‌ බියක්‌ පමණි.

ලෝක විනාශය සම්බන්ධ තවත් තර්කයක්‌ තිබේ. එය නම් මේ චක්‍රාවාටයේ තිබෙන සූර්යයා චන්ද්‍රයා, බුධ, සිකුරු, අඟහරු ආදි ග්‍රහයින් එක පෙළට සමානව පිහිටන අවස්‌ථාවක්‌ වෙතොත් එකල්හි ලෝක විනාශය සිදුවන බවයි. නමුත් එම කතාව නිෂ්ප්‍රභ වන්නේ 1982 වසරේදී ද 2000 වසරේදී ද සියලු ග්‍රහයන් එක පෙළට සමානව පිහිටි අවස්‌ථා දෙකක්‌ වූ බැවිනි. නමුත් ඒ අවස්‌ථාවලදී ලෝක විනාශයක්‌ සිදුවූයේ නැත.

මේ ලෝක විනාශයක්‌ වෙතැයි බලාසිටින අයට දිය හැකි පිළිතුරුය. නමුත් බුදු දහම අනුව නම් කවදාක හෝ මේ ලෝකය විනාශය විය යුතුය. ක්‍රිස්‌තියානි සහ මුස්‌ලිම් ආගමද ලෝක විනාශයක්‌ සිදුවන බවට විශ්වාසය පළ කරයි. එහෙත් ඒ විනාශය සිදුවන්නේ කවදාදැයි එකදු ආගමක්‌වත් මතාන්තර පළ කරන්නේ නැත. නමුත් ලෝකය කවදාක හෝ විනාශ වේ. නමුත් ඒ දිනය එනතුරු බලා සිටිය යුතු නැත.

"මහණෙනි,· අප්‍රමාදව කුසල් රැස්‌ කරන්න."

බුදු හාමුදුරුවන් පිරිනිවන් මංචකයේදී කීවේත් අප්‍රමාද වන්නැයි කියාය.

මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ට එක එක කාලයට එක එක වුවමනා වේ. ක්‍රි. ව. 2000 එළැඹෙන විට ලෝකයේ මිනිස්‌සු මිලේනියම් පිස්‌සුවකින් පිස්‌සු වැටී සිටියා අපට මතකය. වසර 2000 එළැඹෙන රාත්‍රියේදී මිනිස්‌සු මොන තරම් කලබල කළෙහිද? සැම නගරයක්‌ම සැනකෙළිවලින් පිරී ගියේය. අලුතින් ආරම්භ කළ කඩ සාප්පුවලට නම් තැබුවේ "මිලේනියම් " කියාය.

ලෝක විනාශයද තවත් එවැනි මෝස්‌තරයකි. නිකං කකා බිබී ඉන්නන්ට කතා කිරීමට දෙයක්‌ තිබිය යුතුය. දෝෂාභියෝගය, අය වැය, මැති ඇමැති දූෂණ වංචා ආදිය ගැන කතා කරනවාට වඩා ලෝක විනාශය ගැන කතා කිරීම පහසුය. එහි ජොලියක්‌ද ඇත.

ලෝක විනාශය සිදුවන්නට නියමිත 21 දාට පසුව අපේ මිනිස්‌සු අලුත් කතාවක්‌ සොයා ගනු ඇත. පත්තර, රේඩියෝ, රූපවාහිනී මාධ්‍ය පොහොර දමා ඒ කතාන්දර ඉදිරියට ගෙන යනු ඇත. මේ ලිපිය ආරම්භයේදී ලෝක විනාශය හැරුණු විට ඊළඟට කතා කෙරෙන දෙය වශයෙන් සඳහන් කළේ මේ දිනවල දිවයිනේ තැනින් තැන අහසේ දිස්‌වන ආලෝක ධාරාවන්ය.

මෙයින් පනස්‌ වසරකට පමණ පෙර අප කුඩා කල දේවතා එළි දැක ඇත්තෙමු. අහස දෙස බලා සිටින විට අහම්බෙන් මෙන් ආලෝක ධාරාවක්‌ සහිත තරුවක්‌ වැනි දෙයක්‌ ක්‍ෂණයකින් කඩා හැලී නිවී යනවා දැකීම අත්දැකීම් වශයෙන් ගත් බොහෝ දෙනෙක්‌ සිටිනු නිසැකය. කුඩා කල අප ඒවා හැඳින්වූයේ දේවතා එළි වශයෙනි. එමෙන්ම තිස්‌තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන් වහන්සේලා ගැනද අපේ බෞද්ධ සාහිත්‍යයේ දක්‌නට ලැබේ.

අපේ රට ගතහොත් ජනතාව දෙකෝටියක්‌ පමණ වේ. ඒ අනුව තිස්‌තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන් සිටී නම් අපේ රටේ එක්‌ මිනිසකු වෙනුවෙන් දෙවියන් දෙදෙනකුවත් සිටී. එසේ අප දෙවියන් රකිත් නම් ශ්‍රී ලංකා ජනතාව වන අප දෙවියන්ගේ පිහිටෙන් සුත මුදිත ජනතාවක්‌ විය යුතුය. එදා අප දේවතා එළි ලෙස බියපත් කළ, අප කුහුලින් තැබූ එළි ගැන අද විද්‍යාඥයින් අදහස්‌ පළකොට තිබේ.

මෙසේ ගිනි බෝල ලෙස හෝ තාරකා කඩා හැලෙන්නා සේ දිස්‌වන්නේ අභ්‍යාවකාශයේ ඇති කුඩා පාෂාණ කැබැල්ලක්‌ ආයු කාලය නිමාවී පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවී වේගයෙන් පෘථිවිය දෙසට ඇදී එයි. ගුරුත්වාකර්ෂණයට හසුවීමත් සමඟම ඒ පාෂාණ කැබැල්ල ගිනි ගනී. අපට නොපෙනෙන ඉතාම ඉහළ අහසේ සිට ගිනි ගැනී පහත එද්දී නිවී යන්නේ අභ්‍යවකාශයේ තැනින් තැන තිබෙන පාෂාණ කැබැලිය. 

සිය ආයු කාලය අවසන් වීම නිසා අභ්‍යාවකාශයේ තිබෙන බොහෝ අබලි කැබලි පොළොවට පහත් වේ. එහෙත් පෙළොවට පතිත වන්නට පෙර ඒවා විනාශ වී යයි. අපට දේවතා එළි ලෙස පෙනෙන්නේ ඒවාය.

මේ දෙසැම්බරයේ අහස නිරීක්‍ෂණය කරන්නෙකුට ග්‍රහ වස්‌තු රාශියක්‌ දැක ගැනීමට හැකිය. රාත්‍රි 9 න් පසු නැගෙනහිර අහස නිරීක්‍ෂණය කළහොත් නිල්, සුදු තරුවක්‌ ලෙස බ්‍රහස්‌පති තාරාකාව ඔබට දැකිය හැක. උදෑසන 5.00ට පමණ ගිනිකොණ දෙසින් අහසේ දීප්තිමත් සුදු, නිල් තරුවක්‌ දැකිය හැකි වෙයි. ඒ සිකුරු තරුවයි. 

මේ අයුරින් බුධ තරුවද දැකිය හැකි බැව් තාරකා විද්‍යාඥයන්ගේ මතයයි. නමුත් ප්‍රශ්නය වන්නේ මේ ග්‍රහ තාරකාවන් දකින්නට අහස දෙස බලන්නට කිසිවකුටත් වෙලාවක්‌ නොතිබීමය. දැන් මිනිස්‌සු රෑ අහස දෙස බලනවා වෙනුවට රාත්‍රි කාලයේ බලන්නේ රූපවාහිනී ටෙලි නාට්‍ය සහ සංගීත වැඩසටහන්ය. 

කෙසේ නමුත් සාකච්ඡාවට පාදක විය යුතු ප්‍රශ්නය නම් මේ දිනවල අහසේ තැනින් තැන දිස්‌වන ආලෝකයන්ය. දිවයිනේ තැනින් තැන ඇතැම් ප්‍රදේශවලින් උදෑසන සහ රාත්‍රි කාලයන්හිදී අහසේ ආලෝකයක්‌ දකින්නට ලැබිණි යෑයි ප්‍රදේශවාසීහු කියති.

මේ පෙනෙන ආලෝක වස්‌තූන් මොනවාදැයි හරිහැටි කියන්නට මෙරට තාරකා විද්‍යාඥයෝ අසමත් බව ඔවුන් කියන කතාවලින් පෙනේ. මේ පෙනෙන එළි මොනවාදැයි කියන්නට ආතර් සී. ක්‌ලාක්‌ මධ්‍යස්‌ථානයද අසමත් වන බව පෙනේ. මෙවැනි එළි දක්‌නට ලැබී ඇත්තේ අපේ රටේ පමණක්‌ නොවේ.

නෝර්වේ රට යනු දියුණු රටකි. ඒ රටේ හෙස්‌බැලන් නම් නිම්නයේ මෙවැනි අද්භූත එළි දක්‌නට ලැබී ඇත. 1983 සිට ඒ රටේ විද්‍යාඥයින් මේ අද්භූත එලි ගැන පර්යේෂණ සිදුකර ඇත. මෙවැනි අද්භූත එළි දිස්‌වීමට හේතු ගණනාවක්‌ එම විද්‍යාඥයින් ඉදිරිපත්කොට ඇත.

අහසේ යන ගුවන් යානාවක්‌ මත පතිත වන හිරුඑළිය පරාවර්තනය වීමෙන් මෙවැනි එළියක්‌ සෑදිය හැක. කාලගුණ පරීක්‍ෂණ බැලුනයක එළියෙන් මෙවැනි එළියක්‌ නිකුත් විය හැක. පෘථිවි වායුගෝලයට ඇතුළුවන උල්කාපාතයක්‌ ඇද හැලීමෙන් මෙවැනි ආලෝකයක්‌ දිස්‌විය හැක. කන්දක්‌ නගින මෝටර් රථයකින් දිස්‌වන පහන් ආලෝකය පරාවර්තනය විමෙන් ආලෝකයක්‌ නැගිය හැක. කෙසේ වෙතත් අහසේ දිස්‌වන ආලෝක ගැන නෝර්වේ විද්‍යාඥයන්ට වුවද නිසි පිළිතුරක්‌ දිය නොහැකිව තිබේ.

අපේ රටේ තාරකා විද්‍යාඥයන්ටද මේ ආලෝක ධාරාවන් ගැන පිළිතුරු දි ගත නොහැකිව සිටී. මේ ආලෝක ධාරා විද්‍යාත්මක සාධක මත බහා තාර්කිකව ඉදිරිපත් කළ නොහෙන විද්‍යාඥයෝ ඒවා ගුප්ත අද්භූත දේ ලෙසද පිළිගැනීමට අකමැතිය.

මෙතුවක්‌ කාලයක්‌ සඳ මත ඇත්තේ සස ලපයකැයි අපි විශ්වාස කළෙමු. එහෙත් නීල් ආම්ස්‌ට්‍රොන් සඳ මත පා තැබූ කල්හි ඒ සස ලපය නොව සඳෙහි ආවාට බව අපි දැනගත්තෙමු. නමුත් ඉර, සඳ දේවතාවන් ලෙස තවමත් අපි පිළිගනිමු. හිරු සඳු දෙදෙනා කලට අව්වැසි ලබා දෙන අපට භව භෝග ශස්‍ය සම්පත ලබා දෙන දෙවියන් බවට අපේ විශ්වාසය තවමත් පවතී. 

ප්‍රත්‍යක්‍ෂයෙන් ස්‌පර්ශ කළ නොහැකි තාර්කික ඥානයෙන් අත ගා බැලිය නොහැකි ලෝකයක්‌ද තිබෙන බැව් මින් පෙනේ. අද්භූත ආලෝකයන් මෙන්ම අද්භූත යානාවන්ද වරින් වර පෙනී සිටි. මේවා මොනවාදැයි තවමත් හඳුනාගෙන නැත.

මේ අපට නොපෙනෙන ලොවක්‌ ඇති බවට සාධකය. ඒවා මිථ්‍යාවේ කඩතුරාවෙන් වසාලිය නොහැක. විද්‍යාවෙන් හැම දෙයක්‌ම ප්‍රත්‍යක්‍ෂ කළ නොහැකි අතර ලෝකය හාස්‌කම්වලින් පිරී පවතී. අප්‍රිකානු ගෝත්‍රික ජනයා අතර පවතින ලෙඩ සුව කරලීමේ හාස්‌කම් කිසිදු විද්‍යාඥයෙකු හෙළිදරව් කර ගැනීමට අසමත්ව තිබේ.

පෘථිවියට කි.මී. 226,000 ක්‌ ඈතින් ටව්ටාටිස්‌ ග්‍රහයා ගමන් කරනවා – නාසා...

කිසිම ග්‍රහයෙක්‌ හෝ උල්කාපාතයක්‌ පෘථිවියේ ගැටෙන්නේ නැතැයි ඇමරිකානු නාසා අභ්‍යවකාශ ආයනය ප්‍රකාශ කරයි.

ටව්ටාටිස්‌ නමැති ග්‍රහයා පෘතුවියට කිලෝමීටර් 226000 ක්‌ දුරින් ගමන් කරන බවද නාසා ආයතනයේ බලධාරීහු තවදුරටත් දන්වා ඇත.

එහෙත් මේ ග්‍රහයා නිසා සූර්යග්‍රහණයක්‌ ඇති වන බවද ඔවුහු කියා සිටී. මෙම ග්‍රහයා පෘතුවිය සමග ගැටෙන බවට මුලින් ප්‍රචාරය විය.
Read Post | comments

ආකාශ වස්තුවලට බය වෙන්න එපා

- මහාචාර්ය චන්දන ජයරත්න

මේ දිනවල රාත්‍රී අහසේ දක්නට ලැබෙන ආකාශ වස්තූන් සම්බන්ධව කිසිඳු බියක් ඇති කරගත නොගත යුතු බවත් රාත්‍රි අහසේ දිස්වන උල්කා වර්ෂා මේ මාසයේ සාමාන්‍යයෙන් දැකගත හැකිවන දර්ශනයක් බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සිළුමිණට කීය.

බ්‍රහස්පති ග්‍රහයා පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීම නිසා වරින්වර රාත්‍රි අහසේ දීප්තිමත් ආලෝකය සහිත වස්තු දැකගත හැකිවන බවත් මහාචාර්යවරයා කීය. 

සුළු උල්කාපාත වර්ෂාවක් පොළොවට පතිත නොවන නිසා එයින් කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ලබන වසරේ පෙබරවාරි මාසයේදි පෘථිවියට කිලෝමීටර 16000 ක් පමණ ආසන්නයට ග්‍රාහකයක් ළංවන බවත් එම ග්‍රාහකයේ විෂ්කම්භය මීටර් 45 ක් පමණ බවත් කීය.
Read Post | comments

හඳුනා නොගත් පාෂාණ-ලෝහ කැබලි දුටුවොත් වහාම දැනුම් දෙන්න

Saturday, December 15, 2012

වෛද්‍ය පර්යේෂණ ආයතනය දැනුම් දෙයි

හඳුනා නොගත් කිසියම් වස්තුවක් අහසේ දිස්වූයේ නම් එම අවස්ථාවේ ම හෝ ඉන් පසුව හෝ එම ස්ථානයට පහළින් පොළොව මතුපිට හොඳින් නිරීක්ෂණය කරන ලෙසත්, එසේ නිරීක්ෂණය කිරීමේදී පාෂාණ කැබලි හා ලෝහ කැබලි වැනි ආන්තුක ද්‍රව්‍ය දක්නට ලැබෙන්නේ නම් ඒ පිළිබඳ තම ආයතනය වෙත දැනුම් දෙන ලෙසත් වෛද්‍ය පර්යේෂණායතනය ඉල්ලා සිටී.

පොළොව මත මෙවැනි ආගන්තුක ද්‍රව්‍ය දක්නට ලැබුණොත් ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් ‍එම ආයතනය දැනුම් දෙයි. ඒවා ස්පර්ෂ කිරීම හානිකර වියහැකි වීම මෙයට හේතුවයි.

විවිධ ප්‍රදේශවලදී හඳුනා නොගත් වස්තු, ආලෝක හා වර්ණාවලි දුටු බවට ජනමාධ්‍යවල වාර්තා පළවී තිබේ. ඒවා සම්බන්ධයෙන් විවිධ මත පළවී ඇතත් ඒවා කිසියම් ග්‍රහ වස්තූ හෝ වෙනත් යානා විශේෂයක් ද යන්න පිළිබඳ මෙතෙක් මෙරට පර්යේෂණයක් සිදු කර නොමැත. 

එසේම පසුගිය දින කිහිපයේ රටපුරා විවිධ ස්ථානවලින් වාර්තා වූ මෙවැනි හඳුනා නොගත් ආකාශ වස්තු පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා හා වීඩියෝ පට කිහිපයක් මේ දිනවල මෙරටට පැමිණ සිටින ලෝක ප්‍රකට තාරකා විද්‍යාඥවරයකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මයතා වෙත භාර දීමට වෛද්‍ය පර්යේෂණායතනය පියවර ගෙන තිබේ. 

තාරකා විද්‍යාවට ඇලුම් කරන තරුණයන් පිරිසක් මේ තොරතුරු එක්රැස් කර වෛද්‍ය පර්යේෂණායතනයට භාරදී තිබේ. මහාචාර්යවරයා මේ තොරතුරු ද විශ්ලේෂණය කිරීමට තීරණය කැර ඇත.
Read Post | comments

ඉපැරණි මන්දාකිණි රැසක් හබල් දුරේක්ෂයට නිරීක්ෂණය වෙයි

Friday, December 14, 2012

සෞර ග්‍රහ මණ්ඩලයේ පැරණිතම මන්දාකිනි පිළිබඳ දසුන් හබල් දුරේක්ෂය ආධාරයේ නිරීක්ෂණයට විද්‍යායන්ට හැකි වී ඇතැයි නාසා ආයතනය පවසයි .වසර බිලියන් 13 .3 ක් පමණ ඇත අතිතයට එමඟින් විද්‍යාඥයන් කැඳවාගෙන යනු ලබන බව නාසා ආයතනය පවසයි .

මේ තුලින් මහා පිපිරිමට පෙර විශ්වය පැවති ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි බව වාර්තා වේ .

මින් පෙර කිසි දිනක නුදුටු පෞරාණික ග්‍රහ මන්දාකිනි හතක් හබල් දුරේක්ෂය තුළින් දැක බලා ගැනිමට හැකිවි තිබේ .කැලිෆෝනියාවේ තාරකා විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානී රිචඩ් එලිස් පවසන්නේ මේවා මහ පිපුරුමෙන් අනතුරු වසර මිලියන 380 ක් තරම් පැරණි බවයි .

මේ තුළින් විශ්වයේ සම්භවය සෙවීමේ ප්‍රයත්නයට‍ විද්‍යාඥයන් සමීප වී ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි .
වසර 1990 දී කක්ෂගත කළ හබල් දුරේක්ෂයේ ආයු කාලය අවසන් වන්නේ වසර 2015 දීයි .
Read Post | comments

ආකාශ වස්තු පිටසක්වල තර්ජන නොවේ

Monday, December 10, 2012

මේ දිනවල රටේ විවිධ ප්‍රදේශවල ඉහළ අහසේ දක්නට ලැබුණු බවට වාර්තා වෙන ආලෝකවත් ආකාශ වස්තු පිටසක්වළ තර්ජනයක් වීමට ඉඩක් නැති බවත් මේ සිදුවීම් අහසට යවා ඇති ආගන්තුක දේවල් හා උල්කාපාත කඩාවැටීම් නිසා දක්නට ලැබෙන සිදුවීම් බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. 

 මේ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකරගත යුතු බවත් ඔහු කීය.

මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා යෙදවුම් පිළිබඳ උපදේශක වන මහාචාර්ය ජයරත්න තවදුරටත් පවසන පරිදි මේ සිදුවීම් මීට පෙරත් වාර්තා වී තිබේ. 

ලෝකයේ විවිධ ප්‍රදේශවලදීත් මෙවැනි දේ දක්නට ලැබී ඇත. එසේ වුවත් පිටසක්වල යානයක් මෙලෙස ආලෝක වස්තුවක් ලෙස දර්ශනය වීමට ඉඩක් නැති බවත් ඒ පිළිබඳව තවදුරටත් පර්යේෂණ කරන බවත් ඒ සඳහා කණ්ඩායමේ දෙකක් යොදවා ඇති බවත් මහාචාර්යවරයා පවසයි.

Read Post | comments

ආකාශ වස්තුව දැකලා සිසුවියන් 6ක් ක්ලාන්ත වෙලා

Saturday, December 8, 2012

වැලිමඩ නැදුන්ගමුව මහා විද්‍යාලයේ සිසුවියන් හයදෙනකු පෙරේදා (6දා) උදෑසන අහසේ ආකාශ වස්තුවක් යැයි සැක කරන දීප්තිමත් එළියක් දැක ක්ලාන්ත වී රෝහල් ගත කර තිබේ.

පහ වසර ඉගෙනුම ලබන මේ සිසුවියන් සය දෙනා උදෑසන 10.30ට පමණ විද්‍යාල ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරමින් සිටියදී මේ අපූරු එළිය දැක තිබේ. එම දීප්තිමත් ආලෝකය දැක බිය වූ එම සිසුවියන් හය දෙනාම ක්ලාන්ත වී එම ස්ථානයේ ඇද වැටී තිබේ.

නැදුන්ගමුව විද්‍යාලයේ විදුහල්පති කරුණාදාස ගීගනගේ මහතා සඳහන් කෙළේ එම අවස්ථාවේදීම සිසුවියන් හයදෙනා නැදුන්ගමුව මූලික රෝහලට ඇතුළත් කළ බවත්, ඔවුන්ගේ තත්ත්වය මේ වනවිට සාමාන්‍ය අතට පත්ව තිබෙන බවත්ය.

ආලෝකය දැක බිය වූ එම සිසුවියන් හය දෙනාම ක්ලාන්ත වී එම ස්ථානයේ ඇද වැටී තිබේ.

නැදුන්ගමුව විද්‍යාලයේ විදුහල්පති කරුණාදාස ගීගනගේ මහතා සඳහන් කෙළේ එම අවස්ථාවේදීම සිසුවියන් හයදෙනා නැදුන්ගමුව මූලික රෝහලට ඇතුළත් කළ බවත්, ඔවුන්ගේ තත්ත්වය මේ වනවිට සාමාන්‍ය අතට පත්ව තිබෙන බවත්ය.
Read Post | comments

වායු ගෝලීය සාමාන්‍ය සංසරණ ක්‍රියාවලිය

Friday, December 7, 2012

ස්වභාවික පරිසරයෙහි සංකීර්ණ නිර්මාණයක් වූත් හැඩයක්, වර්‍ණයක් හෝ භෞතික වශයෙන් ආකෘතිමය ලෙස දක්නට නොලැබුණු අපගේ සංවේදනයට පමණක් ගෝචර වන  “සුළඟ”  පිළිබඳ ඔබ යම් දිනෙක හෝ සිතා ඇත් ද? එහි ක්‍රියාකාරීත්වය, මෙවැනි ස්වභාවික ප්‍රපංචක වැදගත්කම හෝ මෙවැනි ස්වභාවික සංසිද්ධියක් බල පැවැත්වෙන්නේ ඇයි යන්න මොහොතකට හෝ සිතා ඇත් ද? මේ සුළං ක්‍රියාවලිය පිළිබඳ භූගෝල විද්‍යාත්මක විවරණයකි.
වායු ගෝලය මාධ්‍යයක් කරගනිමින් චලන ස්වරූපයෙන් සුළ‍ගෙහි හැසිරීම සිදු වේ. ඉතා සරළව වායු ගෝලීය සංසරණ ක්‍රියාවලිය ලෙස භූගෝල විද්‍යාවේ දී හඳුනා ගනු ලබන්නේ සුළං සංසරණ ක්‍රියාවලියයි. 
වායු ගෝලයෙහි  සුළං චලනය වීම එසේත් නැත්නම්  සංසරණය වීම සිදු වන්නේ වායු ගෝලීය පිඩනය නිසාවෙනි. එනම් ගුරුත්වාකර්ෂන බලය නිසා නිරන්තරයෙන් වායු ගෝලය විසින් ‍ පොළව මතට යම්කිසි තෙරපීමක්  සිදු කරනු ලබයි. මෙය වායු පීඩනය නම් වේ.වායු ගෝලයෙහි ස්ථර කිහිපයක්ම පවතින හෙයින් ඉහළ වායු ස්ථරයන්ගේ නිරන්තර තෙරපීම පහළ වායු ගෝලය වෙත බල පවත්වන නිසා මිනිස් අප වෙසෙන පහල වායු ගෝලය වන පරිවර්තී ගෝලයෙහි වායු පීඩනය වැඩිය. නමුත් අදික වායු තෙරපීම ‍ජෛව ප්‍රජාවට අහිතකර නොවන්නේ ඔවුන්ගේ ශරීර අභ්‍යන්තර පීඩනය බාහිර වායු ගෝලීය පරිසරයෙහි වායු පීඩනයට සමාන වන බැවිනි.කෙසේ වෙතත් පරිවර්තී ගෝලයෙහි ද වායු පීඩනය එක් තැනෙකින් තවත් තැනකට වෙනස් වේ. මෙලෙස වායු ගෝලීය පරිසරයෙහි යම් තැනක අඩු පීඩනයක් පවතී නම් වැඩි පීඩනයක සිට වාත ස්කන්ධ ඒ අඩු තැනෙට ඇදී ඒ.මේ ආකාරයට වැඩි පීඩනයක සිට අඩු පීඩනයක් දක්වා වාත ස්කන්ධ චලනය වීම “සුළං” නැතිනම් වායු ගෝලීය සංසරණ ක්‍රියාවලිය වශයෙන් හඳුන්වනු ලබනවා.
 සුළං ක්‍රියාවලිය ඇති වීම සඳහා බලපාන භෞතික සංසිද්ධීන් කිහිපයක්ම පවතිනවා. ඒ අතර
·        කොරියෝලිස් බලය (පීඩන අපක්‍රමන බලවේගය)
·        පීඩන අනුක්‍රමණ බලවේගය
·        කේන්ද්‍ර අභිසාරී හා අපසාරී බලවේගය
·        ඝර්ෂණ බලය
                                                       හදුනා ගත හැකිය.
කොරියෝලිස් බලය (පීඩන අපක්‍රමන බලවේගය)
කොරියෝලිස් නමැත්තා විසින් මෙම බලවේගය හඳුනා ගෙන ප්‍රකාශ කිරීම නිසා මෙයට කොරියෝලිස් බලය යැයි කියනු ලබයි. 
පෘථිවි අර්ධ ගෝල දෙකෙහි සුළං ක්‍රියාකාරීත්වය දිශා දෙකකට අනුව සිදු වේ.ඒ අනුව උතුරු අර්ධගෝලයෙහි දක්ෂිණාවර්ථව හා දකුණු අර්ධගෝලයෙහි වාමාවර්ථව සුළං දිශාව වෙනස්ව ක්‍රියාත්මක වේ. මෙලෙස දිශා දෙකකට සුළං ක්‍රියාවලිය බල පැවැත්වෙන්නේ කොරියෝලිස් බලය හේතුවෙනි. පෘථිවි භ්‍රමණය කොරියෝලිස් බලයේ නිර්මාණයට හේතු වන බව කොරියෝලිස් නමැත්තාගේ හඳුනා ගැනීම වේ.මේ නිසා උතුරු අර්ධ ගෝලයෙහි අඩු පීඩන කලාපයක් තුළට සුළං හමනුයේ වාමාර්ථිතවය.වැඩි පීඩන කලාපයකින් පිටට සුළං හමනුයේ දක්ෂිණාවර්ථිතවය. නමුත් දකූණු අර්ධ ගෝලයෙහි මෙය සිදුවනුයේ මීට ප්‍රතිවිරුද්ධ ලෙසින
අපක්‍රමණ නියමයට අනුව නිරක්ෂයේ සිට උතුරට හා දකුණට යත්ම අපක්‍රමණය ක්‍රමයෙන් වැඩි වන බව දක්වා ඇත.ඒ අනුව කොරියෝලිස් බලය ධ්‍රැවයේ දී අදික වන අතර නිරක්ෂයේ දී ශුන්‍ය වේ. භෞතික න්‍යායන්ට අනුව මීට හේතුව පෘථීවි පෘෂ්ටය ක්‍රමයෙන් භ්‍රමණ අක්ෂයට සමාන වීම
කොරියෝලිස් බලය සුළං, සාගර ප්‍රවාහ මෙන්ම මිසයිල රොකට් යනාදියේ පියාසර මාර්‍ග නිශ්චය කිරීම සඳහා ද ඉතා වැදගත් වේ.
පීඩන අනුක්‍රමණ බලවේගය
සුළං ක්‍රියාවලියෙහි හැඳින්වීමෙහි දි මේ පිළිබඳ කථා කර ඇති නිසා ඔබට තේරුම් ගැනීම පහසු වේ.පීඩන රේඛාවන් අනුව පීඩනය වෙනස් වන දිශාව හා වේගය පීඩන අනුක්‍රමණය ය.
පෙර සඳහන් කළ පරිදි පීඩනයේ අසම ව්‍යාප්තිය හේතු කොට ගෙන වාත ස්කන්ධ වැඩි තැනෙක සිට අඩු තැනෙකට ඇදී යයි. වායු ගොලයේ ඝනත්වය වැඩි නම් ආංශික පීඩනය වැඩි වේ.ඝනත්වය අඩු නම් ආංශික පීඩනය අඩුය. මෙවැනි වෙනස්කම් නිසා  ආංශින චලනයේ විසංතුලනයක් ඇති වන අතර ඒ හේතුවෙන් වාත ස්කන්ධ වැඩි තැනෙක සිට අඩු තැනෙකට තල්ලු කරයි.එය පීඩන අනුක්‍රමණය ය. මෙම චලන බොහෝ විට තිරස් ආකාර වූවත් පීඩන අනුක්‍රමණය සිරස් අතට ද සිදු වේ.
පීඩන වෙනස වැඩි නම් අනුක්‍රමණ බලය ද වැඩි අතර පීඩන වෙනස අඩු නම් අනුක්‍රමණ බලය ද අඩු වේ.ඊට අනුව සුළගේ වේගය ද අඩු වැඩි වේ.  සම පීඩන රේඛාවන් ඈත්ව පිහිටයි නම් මද පීඩන අනුක්‍රමණයක් වන අතර සුළං හැමිම සෙමින් සිදු වේ. දළ පීඩන අනුක්‍රමණයක දී සුළං හැමීමේ වේගය වැඩිය.
කේන්ද්‍ර අභිසාරී හා අපසාරී බලවේගය
සුළං ක්‍රියාකාරීත්වයට බලපාන තවත් ස්වභාවික සංසිද්ධියක් වේ.වායු ගෝලය අවට පීඩනය වැඩි වේ නම් හා පීඩන මණ්ඩලයේ මධ්‍යයේ  පීඩනය අඩු වේ නම් අසංතුලිතතාවය සමතුලිත කිරීමට අවට වායු ධාරා පීඩන මණ්ඩලයේ මධ්‍යයට පැමිනෙනුයේ කේන්ද්‍ර අභිසාරී බලවේගය හේතුවෙනි. එමෙන්ම වැඩි පීඩන මණ්ඩලයක වායු ස්කන්ධ, අවට අඩු පීඩන ප්‍රදේශ වෙත ගමන් කරනුයේ කේන්ද්‍ර අපසාරී බලය හේතුවෙනි. මේ බලවේගයන්ගේ බලපෑම සුළං සංසරණ ක්‍රියාවලියෙහි කවාකාර  ස්වරූපයට හෙතු වී ඇත.
ඝර්ෂණ බලය
පෘථීවියේ ස්වභිවිකව පවතින කඳු බාධක, වෘක්ෂලතා, හරිත පටි මෙන්ම උස් ගොඩනැඟිලි ආදිය සුළ‍ඟේ තිරස් ගමනට බාධා ඇති කරයි.මෙම බාධක සුළඟට ඝර්ෂණයක් ඇති කරනු ලබයි. මේ නිසා සුළං වේගය හා දිශාව වෙනස් වේ. ඝර්ෂණ බලවේගය පහළ වායු ගෝලය තුළ ක්‍රියාත්මක වේ. 
ඝර්ෂණ බලයට හසු වන පහළ වායු ගෝලීය සුළං භූ තල සුළං වේ.එමෙන්ම ඝර්ෂණ බලයට හසු නොවී ඉහළ වායු ගෝලය තුළ නැගෙනහිර සිට බටහිරට  හෝ බටහිර සිට නැගෙනහිරට හමා යයි. මේවා භූවර්ථන සූළං වේ. ඝර්ෂණ බලවේගය නිසා කඳු කර වැසි ඇති වන අතර සුළං මුවාව වියළි ප්‍රදේශයක් බවට පත් කරයි. එමෙන්ම ගොඩබිම දී වාසුළි, කුණාටු වැනි අහිතකර කාලගුණ තත්වන්ගේ බලය  අඩු කිරීමට ද ඉවහල් වේ.
 
වායු ගෝලීය සාමාන්‍ය සංසරණ ක්‍රියාවලිය සඳහා ඉහත භෞතික ප්‍රපංචයන්ගේ ක්‍රියාකාරීත්වය ඉවහල් වී ඇත
Read Post | comments

ලෝක විනාශය සිදුවෙනවාද

Friday, November 16, 2012

ලෝක විනාශය පිළිබඳව ආන්දෝලනයකට තුඩු දී ඇති කතා ප්‍රවෘත්තීන් පුවත්පත් මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය හරහා සමාජයට ගලා ඒමේ ප්‍රවණතාවක් මෙම කාලය තුළ උග්‍ර අන්දමින්  සිදුවෙමින් පවතී.

මායා ශිෂ්ටාචාරය නමින් හඳුන්වන පෙර පැවැති ජන වාර්ගිකයන්ගෙ දින දර්ශනය ක්‍රි. ව. 2012.12.21 දිනෙන්  ඉදිරියට සඳහන් නොවි තිබිම හේතුවක් ලෙස ප්‍රධාන තේමාව වශයෙන් සැලකිල්ලට භාජනය වී ඇත. මෙම භීතිය දේවාත්මවාදීන්  තුළින් කරනු ලබන ප්‍රචාරයක් වන අතර බටහිර  ලෝකය ඉක්මවා නැගෙනහිර ලෝකය ආක්‍රමණය කිරීමට තරම් බලවත් බවත් එහි තුළ ඇත. මෙම හෙයියම්මාරුව බලපාවිද නැද්ද යන අවිනිශ්චිත තැන මානව වාර්ගයා රඳවා තබා ඇති සැටියෙන් සිත් තුළ භීතිය ජනිත කර වීමට තරම් හේතු මතු කරයි.
dead

මායාවරුන් දියුණු මානසිකත්වය  උරුම වී තිබූ ජන කොට්ඨාසයක් වශයෙන් සැලකිය හැකි බවත් එම ශිෂ්ටාචාරය සම්බන්ධ විවිධ ඓතිහාසික මූලාශයන් කෙරෙහි නැඹුරුවන මෙකල ඇත්තෝ පිළිගැනීමට යොමුවීම මෙම මතවාදය වර්ධනය වීම සිදුවී ඇත. පසුගිය කාල වකවානුව තුළ මනඃකල්පිත ලෝක විනාශයක් කෙරෙහි නිර්මාණය කරන ලද බටහිර චිත්‍රපටවල ඇතුළත් කර තිබූ දර්ශනයන් උපුටා දක්වමින් මෙම මාධ්‍ය විග්‍රහය මිනිසා තුළ භීතිය උපරිම වශයෙන් ජනිත කරවන ආකාරයකින් ප්‍රදර්ශනය කර ඇති බව පැහැදිලි කරුණකි.

එවැන්නක් සිදුවුවහොත් ඉන් ගැලවිය හැකි විවිධ මානසික තත්ත්වයන් උදෙසා ගැළපෙන නිවාස ස්ථාන උපකරණ භාවිත ආදිය සම්බන්ධයෙන් වෙළෙඳ ව්‍යාපාරික ලෝකය ප්‍රචාරය කරමින් මිනිසාට නොදැනෙන ලෙස සූරාකෑමකට කොටු කර ගැනීමේ කාර්යභාරයකට ප්‍රවිෂ්ඨවී ඇත. ලෝක විනාශය දඩමීමාකර ගනිමින්  හොඳ ආර්ථික  ප්‍රවේශයක   උපරිම ලාභ ප්‍රයෝජනයන්ට මාර්ග තනා ගැනීමේ අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට බටහිර වාණිජ  ලෝකය පිවිස ඇති අතර අපේ ඇත්තෝ ඊට මාර්ග සකස්කර ගනිමින් ඒ සූරාකෑමට අනුබලය ලබාදෙයි.
dead
‍ජ්‍යොතිෂ් ශාස්ත්‍රීය කරුණු තුළින් මේ ගැන සැලකීමේදී පඨවි, ආ‍පෝ, තේජෝ, වායෝ, ආකාශ යන  පංචවිධ භූත ශක්තීන්ගේ විෂමවීම තුළින් එවැන්නක් සිදුවිය යුතුය. නැතහොත්  ග්‍රහ වස්තුවක් මාර්ගය වෙනස් කරමින් පැමිණ පෘථිවිය හා ගැටීමකට බඳුන් විය යුතුය. නැතහොත් භූ පැවැත්මේ අවසානයක් සනිටුහන් වීමද ඊට අයත් විය හැකිය. මීට වර්ෂ 1972949113 කට ඉහත සිදුවී ඇති ලෝක විනාශයෙන් පසු නැවත නිර්මාණය වීමෙන් සිදුවී ඇති බවට ‍ජ්‍යොතිෂ් ශාස්ත්‍රය සාක්ෂි දරයි. එම පැවැත්ම සන්ධිස්ථාන 15 මනු 14ක් වශයෙන් කාල පරාසය 4320000000 ක් වශයෙන් දක්වා ඇත. එයින් දැනට අපි ඉහත දක්වා ඇති කාල පරාසයක් ගෙවා දමා ඇත.

පෘථිවිය මත හට ගන්නා භූ චලන ආදී විවිධ කම්කටොලුවලට මුහුණ පෑමේ ශක්තිය ඔරොත්තු දෙමින් මතෛක් පවත්වාගෙන යන අතර මතුවටද ඒ අයුරින් ලොව පැවැත්ම රඳා පවතින බව විශ්වාස කළ හැකිය.
බෞද්ධයන් වශයෙන් සැලකීමේදී මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ ශාසනය අවසන් වීමෙන් මෙම ලෝක පැවැත්ම අවසන්වන බව ධර්මයෙහි සඳහන්වේ. ඒ ගැන විමසිලිමත් වීමේදී මේ පවතින භධ්‍ර කල්පය මෑත යුග අතර සිදුවීමකට නුපුළුවන් බවද තවත් කරුණකි. ඒ ගැන විස්තරාර්ථයෙන්  දැන ගැනීමට අපේ ත්‍රිපිටක ධර්ම ‍පොත පත කෙරෙහි  විමසිලිමත්වීමේදී පැහැදිලි වන කරුණකි.

එසේම ලෝක විනාශයක් සිදුවීම හදිසි වශයෙන් නොවන අතර ඊට  පූර්ව නිමිති මෙම ලොව තුළින් දකින්ට ලැබෙන්න සලස්වන බැවින්ද මේ මායාවරුන්ගේ දින දර්ශනය දක්වන දින ලෝක විනාශයට හේතුවක් කර ගනිමින් භීතියකට පත් නොවිය යුතු බව පෙනේ. බටහිර වාණිජ ලෝකයේ ක්‍රියා මාර්ග තුළ අපි දැනුම්වත් වී සිටීම යහපත්වේ.
 
‍ජ්‍යෙතිර්වේදී ම.ලි. සුගතපාල
ලක්බිම පුවත් පත ඇසුරින් පල කරන ලදී.

Read Post | comments

අගහරුගේ ෆෝබෝස් සහ ඩෙයිමෝස්

Sunday, October 28, 2012

අඟහරු හට ෆෝබෝස් සහ ඩෙයිමෝස් නමැති, කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකු ඇති අතර, ඒවා අත්පත් කර ගත් ග්‍රහකයන් බවට විශ්වාස කෙරෙයි . 1877 දී අසාෆ් හෝල් විසින් සොයාගන්නා ලද චන්ද්‍රිකා දෙක, නම් කරන ලද්දේ, ග්‍රීක මිථ්‍යාකතා වලට අනුව, යුද්ධයට අධිපති සහ ඔවුන්ගේ පියා වන ඒරීස් සමග එක්ව, යුද්ධය සඳහා නික්මගිය, ෆෝබෝස් (සන්ත්‍රාසය/භීතිය) සහ ඩෙයිමෝස් (භීෂණය/ත්‍රාසය) අනුව යමිනි. රෝමන්වරුන් විසින් අඟහරු හැඳින්වුනු ලැබුයේ ඒරීස් යනුවෙනි.
Fobos
1877 අගෝස්තු 12 වන දින ‍ඩෙයි‍මෝස් සහ අගෝස්තු 18 වන දින ෆෝබෝස් වොෂිංටන් නුවර පිහිටි ඇමරිකානු නාවික නිරීක්ෂණ මධ්‍යස්ථානයේ දී හෝල් විසින් සොයාගන්නා ලදි මේ කාලය වන විට ‍හෝල් අඟහරුගේ චන්ද්‍රයින් සෙවීම සදහා දැඩි වෑයමක නිරත වී සිටියේය. අගෝස්තු 10 වන දින අඟහරු චන්ද්‍රයෙකු වැනි යමක් ඔහුට දක්නට ලැබුනත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එදින ඔහුට එය නිශ්චිතවම හදුනාගත නොහැකි විය. ෆෝබෝස් චන්ද්‍රයා සොයා ගැනිම පිළිබදව ඔහු විසින් තම සටහන් පොතේ සදහන් කර තිබුනේ මේ පරිද්දෙනි.

"අ‍ගෝස්තු 11 වන දින මම නැවතත් මාගේ නිරීක්ෂණය දියත් කලෙමි. එවරද මට කිසිවක් දක්නට නොලැබුනු නමුත් පැය කිහිපයකට පසු නැවතත් නිරීක්ෂණය කරන විට අඟහරුට මදක් උතුරු දෙසට වන්නට යම් වස්තුවක් ඇති බව යන්තම් දැක ගන්නට ලැබුණි. කෙසේ නමුත් එහි නියමිත ස්ථානය සටහන් කර ගැනීමටත් පෙර මීදුම නිසා බාධා සිදු විය. මෙම ආයහපත් කාලගුණය දින කිහිපයක්ම පැවතියේය."

"අගෝස්තු 15 වන දින කාලගුණය යහපත් අතට හැරුණු බැවින් මම නිරීක්ෂණයාගාරය තුලම නිදාගත්තෙමි. නමුත් වායුගෝලයේ තත්ත්වය එතරම් යහපත් නොවූ අතර අඟහරු ග්‍රහයා බැබලෙමින පැවතුනි මේ නිසා වස්තුව කිසිලෙසකටවත් දැකගත නොහැකි විය."

"අගෝස්තු 16 වන දා අඟහරැගේ පසෙකින් එම වස්තුව නැවතත් දකින්නට ලැබුණි. එය අඟහරු ග්‍රහයා සමග ගමන් කරන බවත්, එය චන්ද්‍රිකාවක් නම් අඟහරුගේ නෙරීම් ආසන්නයේ දක්නට ලැබෙන බවත් පෙනී ගියේ ය. මේ වෙනතෙක් අඟහරුගේ චන්ද්‍රයින් නිරීක්ෂණයට ගත් උත්සාහය පිළිබදව මම කිසිවෙකුටත් නොකීවෙමි. නමුත් අගෝස්තු 16 වන දා පාන්දර මම මගේ සහායකයා වන ජේර්ජ් ඇන්ඩසන් හට මෙම රහස කීවෙමි. චන්ද්‍රයෙකු ලෙස මා දුටු වස්තුව ජෝර්ජ්ටද පෙන්වූ අතර මේ පිළිබදව සැක හැර තහවුරු කර ගන්නා තෙක් එය රහසක් ලෙස තබාගන්නා මෙන් මම ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු තම පොරොන්දුව ඒ අයුරින්ම රැකගත් නමුත් එය තවදුරටත් රහසක්ව තබා ගැනිමට මට නොහැකි වුනි. අගෝස්තු 17 වන දින මහාචාර්ය නිවිකෝම්බ් ‍තම දිවා ආහාරය ගැනීමට මගේ කාමරයට පැමිණිවිට මම ඔහු‍ට මාගේ සොයා ගැනිම පෙන්වුයෙමි."

අගෝස්තු 17 වන දින අඟහරුගේ පිටත චන්ද්‍රයා නැවතත් දැකගැනීමට බලා සිටින විට සොයා ගන්නට හැකි වුයේ එහි අභ්‍යන්තර චන්ද්‍රයායි. අගෝස්තු 17 සහ 18 දින වල මෙම වස්තුවල ලක්ෂණ පිළිබද නිශ්චිතවස දැනගත හැකි වූ අතර අද්මිරාල් ජොර්ජ් විසින් සොයා ගැනීම මහජනයාට හෙළි කලේය.
 
Fobos
 
අඟහරුගේ චන්ද්‍රයින් දෙදෙනා මත ෆෝබෝස් හා ඩීමෝස්ගේ සොයාගැනීම ඇමරිකානු තාරකා විද්‍යාඥයෙක් වන අසාෆ් හෝල්ගේ දීර්ඝ ගවේෂණයකින් පසු 1877 දී සිදුවූ නමුත් ඊට පෙර සිටම චන්ද්‍රයින්ගේ පැවැත්ම අනුමාණ කොට තිබිණි. තාරකා විද්‍යාඥ ජොහැන්නස් කෙප්ලර් (1751 – 1630) එම චන්ද්‍රයින් සංඛ්‍යාව පිළිබඳ පවා නිවැරදි අනාවැකි පළකොට තිබුණ ද ඒ නිවැරදි තර්කයකින් නොවේ. ඔහුගේ ලේඛනවල වූයේ පෘථිවියට එක් සඳක් ද බ්‍රහස්පතිට ඒවන විට දැනගෙන තිබූ පරිදි චන්ද්‍රයින් 4ක් ද තිබූ නිසා අඟහරුට චන්ද්‍රයින් 2ක් තිබිය යුතු බවය.

ජොනතන් ස්විෆ්ට්ගේ ගලිවර්ගේ චාරිකා කෘතියේ (1726) තුන්වන කොටසේ 3 පරිච්ඡේදයේ (ලපුටාට යාත්‍රා කිරීම) අඟහරුගේ චන්ද්‍රයින් ‍දෙදෙනා ගැන සඳහන්වන අතර ඒ සමහර විට කෙප්ලර්ගේ සොයාගැනීම් වලින් ලද පෙළඹවීම අනුව විය හැක. එහිදී ලපුටා හි තාරකා විද්‍යාඥ‍‍යෝ අඟහරුගේ චන්ද්‍රයින් දෙදෙනා අනාවරණය කොටගෙන සිටි බවත් ඔවු‍න්ගේ කක්ෂවලට දුර අගහරුගේ විෂ්කම්භය මෙන් 3 හා 5වාරයක් ක් බවත් කක්ෂ සම්පූර්ණ කිරීමට කාලය පැය 10 හා 21.5 බවත් සඳහන් වේ. මෙය ෆෝ‍බෝස් හා ඩීමෝස්ගේ සත්‍ය කක්ෂ දුරවලට හා සත්‍ය පරිභ්‍රමණ කාලයන්ට පුදුම සහගත ලෙස සමානය. ඒ අඟහරු විෂ්කම්භය මෙන් 1.4 හා 3.5 ගුණයක් හා පැය 7.6 , 30.3 වශයෙනි. එම කාලය වන විට කිසිදු දුරේක්ෂයක් එම චන්ද්‍රයන් දැකීමට තරම් ප්‍රබල නොවූ නිසා ස්විෆ්ට්ගේ අනාවැකිය පුදුම සහගත එකක් ලෙස සැලකේ.

වොල්ටෙයාර් විසින් 1750දී රචිත මයික්‍රොමීගාස් නවකතාවේ පෘථිවියට පැමිණෙන පිටසක්වල ආගන්තුකයෙකු ගැන සඳහන් වන අතර එහි ද අඟහරුගේ චන්ද්‍රයින් දෙදෙනා ගැන සඳහන් කර ඇත. වෝල්ටෙයාර් ස්විෆ්ට්ගේ ආභාසය ලබන්නට ඇතැයි මෙහිදී අනුමාණ කළ හැක.
Gurugedara logo
උපුටා ගැනීම- Wikipedia

Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all