Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි


Photobucket
Showing posts with label නව සොයාගැනීම්. Show all posts
Showing posts with label නව සොයාගැනීම්. Show all posts

රුසියාවට වැටුණු උල්කාෂ්මයෙන් 1200කට තුවාල

Tuesday, February 19, 2013

රුසියාවේ යූරල් කඳවැටිය ආශ්‍රිත ප්‍රදේශයට පතිතවු උල්කාෂ්මයකින් 1200 ට අධික පිරිසක් තුවාල ලැබිය. මේ උල්කාෂ්ම කැබලි ගිනි බෝලයක් ලෙසින් කඩා පාත්වු බව වාර්තා වේ. අනතුරින් නිවාස දහස් ගණනකට ද බරපතළ හානි සිදුව තිබේ. වැවකට පතිත වු උල්කාශ්ම කොටස් සෙවිමේ කටයුතුවල කිමිදුම්කරුවන් යොදවා ඇත.

සිකුරාදා පතිතවු උල්කාෂ්ම කොටස්වල බර ටොන් 10ක් පමණ බව නාසා විද්‍යාඥයෝ පවසති. මේ උල්කාෂ්ම වර්ෂාව ‍පෘථිවියට ඇදහැළුනේ විශාල ප්‍රමාණයේ ග්‍රහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ දිනමයි. මේ සිද්ධින් දෙක අතර සම්බන්ධයක් නැති බව විද්‍යාඥයන් ගේ මතයයි .

මේ ප්‍රබල උල්කාෂ්ම වැස්‍සෙන් චකිතයට පත්වි ඇති රුසියන් විද්‍යාඥයන් අභ්‍යාවකාශ වස්තූන්ගෙන් පෘථිවියට එල්ල විය හැකි අනතුරු වළකා ගැනිමට ගෝලීය පද්ධතියක් ස්ථාපනය කළ යුතු බවට යෝජනා කර ඇත .

හානියට පත් ගොඩනැඟිලිවල පිලිසකර කටයුතු සඳහා 20000ක පමණ පිරිසක් යොදවා ඇත. මේ අවස්ථාව ප්‍රයෝජනය ගත් ඇතැම් පිරිස් කොල්ලකෑම්වලටද පෙළඹී ඇතැයි පොලීසිය පවසයි.
Read Post | comments

පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් අනුරාධපුර වගා ළිඳකින් මතුවේ

Monday, February 18, 2013

පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැක කළ හැකි ස්ථානයක් අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලම ප්‍රදේශයේ මල්වතුඔය අසබඩට වන්නට තිබෙන වගා ළිඳක් තුළින් මතුවී ඇත. බණ්ඩාර පුලියන්කුලම අංක 50 ලිපිනයේ පදිංචි සිරිසේනගේ බණ්ඩාර (46) මහතා මීට දින කිහිපයකට ඉහතදී මෙම විශාල බැම්ම දැක ඇත. සිරිසේන බණ්ඩාර මහතාට මෙම වගා ළිඳ ආසන්නයේම ඔහුට අයත් ඉඩමක් තිබෙන අතර, ඒ මහතා මීට දින කිහිපයකට ඉහතදී වගා ළිඳ පිහිටි ප්‍රදේශයට ගිය අවස්ථාවේ වගා ළිද් කොටසක් කඩා වැටී තිබෙන අයුරු දැක එම ස්ථානය පරීක්ෂා කරද්දී සුවිශේෂී වූ ගඩොලින් තැනූ බැම්මක් මතුවී තිබෙන අයුරු දැක ඇත.
එම ස්ථානය වසර සිය ගණනක් පැරණි බවට සැක කළ හැකි සොහොනක් හෝ මාළිගාවක කොටසක් මෙසේ මතුවී ඇති බවට ඔහු සැක පහළ කරයි. එහි ඇති එක් ගඩොලක උස අඟල් 02ක් ද දිග අඟල් 18ක් ද පළල අඟල් 07ක් පමණද වේ. මෙම මතුවූ බැම්ම විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබෙන අයුරු දැකගත හැකිවිය.

මැටි වැනි බදාමයකින් එම බැම්ම ඉදිකර ඇති බවට සාක්ෂි දැකගත හැකි වේ. ‍පොළොව මට්ටමේ සිට අඩි 02ක් පමණ වන්නට වගා ළිඳ තුළින් මෙම බැම්ම මතු වී ඇත. වසන්ත මහතා ඔහුට අයත් ඉඩමේ වසර 15ක් පමණ වගා කටයුතුවල නිරත වන අතර, පසුගියදා ඇති වූ ගංවතුරත් සමගින් වගා ළිඳේ බැම්ම කඩා වැටී මෙම පෞරාණික බවට සැකපහළ කෙරෙන බැම්ම මතුව තිබූ බවද ඔහු පැවැසුවේය.

 මෙම ප්‍රදේශයේ විවිධ ස්ථානවල පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන පිහිටා තිබෙන බවත් කිසිදු පුද්ගලයකු මෙම ප්‍රදේශයේ තමන් පදිංචි කාලය තුළ ඉදිකිරීම් නොකළ බවද ඔහු පැවැසීය. වසන්ත මහතා පෙන්වූ බැම්මේ ඇති ගඩොල් දැනට අභයගිරි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදා ගන්නා ගඩොලට සමාන ගඩොලක් වන අතර, එහෙත් එය දර්ශනය වූ අයුරට වඩා විශාලත්වයෙන් වැඩිය.
Read Post | comments

කකුළු විශේෂයක්‌ රට පැටවීමට තැත් කරද්දී අල්ලයි

Wednesday, January 16, 2013

අතිශයින්ම වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති (මෙරට රතු දත්ත පොතේ ඇතුළත්) මෙරටට ආවේනික ඉතා දුර්ලභ ගණයේ මිරිදිය කකුළු විශේෂයක්‌ හොර රහසේ අපනයනය කිරීමට සූදානම් කර තිබියදී රේගු ජෛව විවිධත්ව, සංස්‌කෘතික හා ජාතික උරුමයන් ආරක්‍ෂා කිරීමේ ඒකකය විසින් (14 දා) අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම දුර්ලභ ගණයේ මිරිදිය කකුළුවන් එකසිය විසිපස්‌දෙනෙක්‌, ජලය සහිත පොලිතින් මලුවල බහා රෙජිෙµdaම් පෙට්‌ටිවල අහුරා මෙරට ව්‍යාපාරිකයකු විසින් නෝර්වේ රටට යෑවීමට කටුනායක ගුවන් බඩු ගම්මානය වෙත ගෙන ගොස්‌ තිබියදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා පැවැසීය.

පසුගිය වසරේ (2012) නිකුත් කළ අලුත්ම රතු දත්ත පොතේ වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති අතිශය දුර්ලභ ගණයට වැටෙන කකුළු විශේෂයක්‌ ලෙස මෙම මිරිදිය කකුළුවන් සටහන් කර ඇති බවද රේගු ජෛව විවිධත්ව, සංස්‌කෘතික හා ජාතික උරුමයන් ආරක්‍ෂා කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා පැවැසීය.

විසිතුරු මසුන් අපනයනය කරන මුවාවෙන් විසිතුරු මසුන් බහාලූ රෙජිෙµdaම් පෙට්‌ටි අතර මෙම මිරිදිය කකුළුවන් ඇසුරූ පෙට්‌ටි තිබූ බව පැවසූ සමන්ත ගුණසේකර මහතා දුර්ලභ සත්වයින් එකතු කරන්නෙකුට මෙම මිරිදිය කකුළුවන් යෑවීමට සූදානම් කරන්නට ඇතැයි සැක කරන බවද කීවේය.

සහකාර රේගු අධිකාරී අසංක ප්‍රියදර්ශන මහතා විසින් මෙම කකුළුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, මේ පිළිබඳව රේගු අධ්‍යක්‍ෂ ඩී. විජය සිරිවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පැවැත්වූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා කකුළුවන් සත්වෝද්‍යානයට භාරදීමට පියවරගෙන සිද්ධියට සම්බන්ධ ව්‍යාපාරිකයාට දැඩි ලෙස අවවාද කර නිදහස්‌ කර ඇත.
Read Post | comments

රිසානාගේ ගෙල සිඳ දැමූ ශරියා නීතිය

Sunday, January 13, 2013

ශරියා යනු "යායුතු මාර්ගය" හෝ "ජලය වෙත යන අරුත්" ගෙන දෙන වදනකි. ජලය වෙත යැම යනුවෙන් පැවසෙන්නේ අප ජීවත් වන්නේ ජීවිත කාන්තාරයකය යන අරුත දැනවීමය. තවත් අතකින් මෙය "ධර්මානුකූල නීතිය" යනුවෙන්ද හඳුන්වා දී තිබේ. අරාබි විද්වතුන් පවසන පරිදි මෙය නීතියක්‌ හෝ රීතියක්‌ නොවේ. එය මුස්‌ලිම්වරුන්ගේ වගකීම් පිළිබඳව කථනයක්‌ ලෙස ද හැඳින්වේ.

පුළුල් ලෙස බැලූ විට ශරියා දෙකොටසකට බෙදේ. එය කුරානය සහ සුනා (Sමබබ්ය) වේ. කුරානය යනු වෙනස්‌ කළ නොහැකි දෙවියන්ගේ වචනයයි. සුනා යනු මහම්මත් තුමාගේ ජීවිතය සහ එහි උදාහරණයි. කොටින්ම මෙය දෙවියන්ගේ නීතිය ලෙස හැඳින්වේ. සාමාන්‍ය නීතියේ සඳහන් වන අපරාධ, දේශපාලන, ආර්ථිකමය ක්‍රියාදාමයන් මෙන්ම ලිංගික කටයුතු, සනීපාරක්‍ෂාව ආහාර ගැනීම, ආහාර නොගෙන සිටීම සහ වන්දනා මාන කිරීම පිළිබඳව ශරියා නීතියට ඇතුළත් වේ.

විසි එක්‌වන ශත වර්ෂයේ තුර්කිය, කසකස්‌ථාන්, මාලි ආදී රාජ්‍යයන් තම රටේ නීතිය ලෙස ශරියා නීතිය පිළිගන්නේ නැත. නයිජීරියාවේ මුස්‌ලිම් ප්‍රජාව පාලනය වන්නේ එහි බලපැවැත්වෙන ඉංග්‍රීසි නීතියට අනුවය. මැලේසියාවද එයට සමානය. පාකිස්‌ථානය, ඉන්දුනීසියාව, ඇµaගනිස්‌ථානය, ඊජිප්තුව, සුඩානය වැනි රටවල ශරියා නීතිය පිළිබඳව දැඩි උනන්දුවක්‌ ඇතත් එය එහි පවතින ව්‍යවස්‌ථාව හෝ නීති සංග්‍රහයන් අභිබවා යන්නේ නැත. එහෙත් ප්‍රාදේශීය ආගමික නායකයන් සමහරක්‌ ශරියා නීතිය කෙරෙහි විශ්වාසය තබන බව පෙනේ. නමුත් සෞදි අරාබියාව සහ අනෙකුත් අරාබි ජාතිකයන් හට ව්‍යවස්‌ථාවක්‌ හෝ දණ්‌ඩ නීති සංග්‍රහයක්‌ නැත. එම රටවල නායකයන්ට නීති පැනවීමේ හෝ වෙනස්‌ කිරීමේ හැකියාවද නැත. ඔවුහු මුළුමණින්ම පාහේ ශරියා නීතියට ගැතිවන්නෝ වෙති.

ඉරානයේ පාර්ලිමේන්තුවෙන් පැනවූ නීතිය එහෙම පිටින්ම ශරියා නීතියේ කැඩපතක්‌ වෙයි. ශරියා නීතිය ක්‍රියාත්මක වන උසාවියෙහි පැමිණිලිකරු සහ විත්තිකරු ඔවුන්ගේ නඩුව ඉදිරිපත් කරති. එහි ජූරියක්‌ නැත. හරස්‌ ප්‍රශ්න නැත. පූර්වාදර්ශ පාවිච්චියක්‌ද නැත.

ශරියා නීතියේ අපරාධ නීතිය පිළිබඳව අංශ හතරක්‌ ඇත. මිනීමැරුම එක්‌ අංශයකි. එහිදී අගතියට පත් පාර්ශවයේ තීරණ අනුව විත්තිකරුට මරණය හෝ වසර විස්‌සක සිර දඬුවමකට යටත් කළ හැකිය. අතපය කැපීමකදී නම් වන්දි ලබා ගැනීම කළ හැකිය. තවද අනියම් මිනී මැරීම වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට මුදල් ලබා ගෙන විත්තිකරු කෙටි සිර දඬුවමකට යටත් කළ හැකිය. සිතාමතා කළ මිනිමැරුමක්‌ නම් "ඇහැට ඇහැක්‌" යන න්‍යාය මත කටයුතු කෙරේ.

කෙසේ වෙතත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් විත්තිකරුට සමාව දෙන මෙන් ඉල්ලීමට විනිශ්චයකාරතුමාට හැකිය. තවද දඬුවම ක්‍රියාත්මක කිරීම පවුලේ අයකුටද කළ හැක. එසේම ශරියා නිතීය පිරිමි සහ ගැහැනුන්ට එකසේ යෙදෙන්නේ නැත. ගැහැනියට පිරිමියාට තරම් අයිතිවාසිකම් නැත. විශේෂයෙන්ම පවුල් සහ දේපළ උරුම නඩුවලදී ගැහැනිය පහළ තැනක සිටින්නීය. එසේ වුවද වයස 18 න් අඩු පුද්ගලයකුට ශරියා නීතිය බලපාන්නේ නැති බවද කියති.
Read Post | comments

‍පොළොවට ආ පළමු පියාඹන පීරිසිය

කෙනත් ආනෝල්ඩ් නම් ඇමෙරිකානු ජාතිකයා නම් දැරූ දක්ෂ ගුවන්  නියමුවෙකි. ඔහු වොෂින්ටනයේ පිහිටි “කැස්කේට්” නම් උස් කඳු ප්‍රදේශය හරහා නිතර නිතර තම පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් කළේය. ක්‍රිස්තු වර්ෂ 1947 ජුනි මස 24 වන දින සවස දෙකට පමණ ඔහු කැස්කේට් කඳු ප්‍රදේශය බලා තම ගුවන් යානය පැදවූයේ අතුරුදන් වූ ගුවන් යානයක් සෙවීමේ බලා‍පොරොත්තුවෙනි.

වොෂින්ටනයේ “චෙලනීස්” ගුවන් තොටු‍පොළින්  ගමන් අරඹා පුරා පැයක් ඉක්ම යන්නට මත්තෙන් කැස්කේට් කඳු ප්‍රදේශයට  පැමිණීමට  ඔහුට  හැකි විය. යකීමා නගරයට තරමක්  ආසන්නයේම පිහිටා ඇති  මෙම කඳු ප්‍රදේශය  අතිශය සුන්දර දසුනකි. වලාකුළුවලින් තොර පැහැදිලි  කාලගුණයක් එදින තිබූ හෙයින් එකී සුන්දරත්වයේ උපරිමය විඳ ගැනීමට ආනෝල්ඩ්ට හැකි විය. ගුවන් යානයෙහි වූ කවුළු තුළින් හිමෙන් වැසී ගිය කැස්කේට් කඳු වැටියේ සුන්දරත්වය නරඹමින් ඉදිරියට ගිය ඔහු කඳු වැටියට ආසන්නවත්ම දුටු දෙයින් විශ්මයට පත්විය.

මීට පෙර කිසි දිනෙක දුටු අමුතුම ආකාරයේ යානා රාශියක් තමා දෙසට ඇදී එනු ඔහු දුටුවේය. දෑස් නිලංකාර වී යන තරමට දීප්තිමත් වූ ආලෝක දහරා නිකුත් කළ මෙම යානාවලින් කිසිදු දුමාරයක් හෝ ශබ්දයක් පිට නොවීය. පැයට සැතපුම්  දසදහසකට වඩා වැඩි වේගයෙන් ගමන් කළ මේවා දකුණ දෙස සිට ඊශාන දෙසට විහිදුනු  කඳු වැටිය අයිනෙන් පාවී ගියේය.  තම ගුවන් යානයේ සිට අඩි 2500ත් 10,000ත් අතර සාපේක්ෂ  දුරකින් පිහිටා තිබූ මෙවැනි යානාවක් මීට පෙර කිසිදු දිනෙක ආනෝල්ඩ් විසින් දැක නොතිබූ අතර එතරම් වේගයෙන්  ගමන් කිරීමට  හැකි යානාවක් තැනීමට  තරම් එකල තිබූ තාක්ෂණය ප්‍රබල නොවීය.

දුටු අත්භූත දර්ශනයෙන් පුදුමයටත් භීතියටත් පත් ආනෝල්ඩ් තමා පැමිණි  කාර්යයද අමතක කර දමා නැවතත් ගුවන් තොටු‍පොළට පැමිණ ඒ පිළිබඳව විස්තරය එක්සත් ජනපද ගුවන් හමුදාව වෙත සැල කළේය. “මම මීට කලින් කිසිම දවසක ඒ වගේ ගුවන් යානා දැකලා නෑ. ඇත්තටම ඒවා ගමන් කළේ ජලය මත ලිස්සා  යන පීරිසියක් වගේ. ත්‍රිකෝණාකාරව ඉතා වේගයෙන් ගමන් කළා. දුමක් වත්, ශබ්දයක් වත් පිට වුණේ නෑ. වරින් වර පිහිටීම වෙනස් කරමින් ගමන්  කළ යානා නවයක් විතර එතන  තිබුණා. ඒවා හිරු එළිය වැටීම නිසා කැඩපතක් මෙන් දිලිසුණා. යානයේ පහළ කොටසින් නිකුත් කළ දීප්තිමත් ආලෝකයෙන් මගේ දෑස් නිලංකාර වී ගියා.” ආනෝල්ඩ් විසින් ගුවන් හමුදාව වෙත කළ පැමිණිල්‍ලේ එසේ සඳහන් විය. ඔහුගේ  මෙම ප්‍රකාශ පසු දින පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය ලෙස පළ විය. පාඨකයා පුදුමයටත්, භීතියටත් පත්වන අයුරින් සකස් කර තිබූ මෙම පුවත්පත් වාර්තා මගින් ආනෝල්ඩ්   දුටු පියාසරන වස්තු  “පියාඹන පීරිසි” ලෙසින් කරලියට රැගෙන ආවේය. එහෙත් ඔහු තමා  දුටු ආශ්චර්යමත් සිද්ධිය පිළිබඳව  තොරතුරු  පැවැසූ විට සමහර ජනමාධ්‍යයන් එය විශ්වාස කළ නොහැක්කක් සේ සලකා අතහැර දැමුවද, එකල ඇමෙරිකාවේ පැවති “ඔනිටඩ් පේ‍රස් ඉන්ටර්නැෂනල් සහ ෆේට්” නැමති ජනප්‍රිය සඟරා මගින් මෙකී සිද්ධිය අපූරුවට විග්‍රහ කර තිබුණි. එයින් සිදු වූයේ එකී සඟරාවල අලෙවිය කෝටි ගණනින් ඉහළ යාමය. ඉන් පසුව විටින් විට අහසේ දර්ශනය වන අත්භූත වස්තූන් සඳහා “පියාඹන පීරිසි” යන නිර්වචනය භාවිත විය. ඒවා  පිළිබඳව තොරතුරු පළ වී ඇති වාර්තා කියවීමට මිනිසුන් තුළ කුතුහලයක් ඇති වූයේ ඉන් අනතුරුවය. මේ නිසා කලක් ගත වත්ම කෙනත් ආනෝල්ඩ්ට විවිධ ගුවන් විදුලි නාලිකාවලින් සම්මුඛ සාකච්ඡා සඳහා ආරාධනා ලැබුනු අතර පසුව ඔහු තමා දුටු සිද්ධිය පිළිබඳව තොරතුරු  ඇතුළත් කර  “The Coming of the saucers” නමින්  ග්‍රන්ථයක් එළි දැක්වීය.

කෙනත් ආනෝල්ඩ් විසින් සුන්දර සන්ධ්‍යාවේදී දුටු ඒ ආශ්චර්යමත් සිද්ධියත් සමගම එවැනි තවත් දර්ශන කිහිපයක්ම දුටු බවට තොරතුරු විවිධ ප්‍රදේශවලින් වාර්තා වන්නට විය. ඒ සමගින්  ඇමෙරිකානු ගුවන් හමුදාවේ මෙන්ම සාමාන්‍ය  ජනයාගේද අවධානය  ඒ දෙසට යොමු විය. ඒ අනුව ඔවුන් මෙම යානා පිළිබඳව  සොයා බැලීමට යුහුසුලු  විය. එකල ඇමෙරිකානු  ඔහායෝ විශ්ව විද්‍යාලයේ තාරකා  භෞතික  විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයකු වූ ජේ. ඇලන්  හයිනෙක් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ “පීරිසි” ව්‍යාපෘතිය මගින් ආනෝල්ඩ් දුටු අබිරහස් යානා  පිළිබඳව විද්‍යාත්මක  ගවේශනයන් සිදු කරන ලදී. එහෙත් ඒවා මොනවාදැයි යන්න හරියාකාරව දැන ගැනීමට ඒ කිසිවෙකුටත් නොහැකි විය.

පියාඹන පීරිසියක් දුටු ප්‍රථම අවස්ථාව ලෙස ආනෝල්ඩ්ගේ සිදුවීම සැලකුවද, ඊට පෙරද කිහිප වතාවක්ම එවැනි සිද්ධීන් වාර්තා වී තිබේ. එහෙත් ඒවා ආනෝල්ඩ්ගේ සිදුවීම තරම් ප්‍රසිද්ධ නොවූ හෙයින් කිසිවෙකුත් ඒ පිළිබඳව  අවධානය යොමු නොකළේය. මේ අතරින් පළමු සිද්ධිය වාර්තා වන්නේ ආනෝල්ඩ්  පියාඹන  පීරිසි දැකීමෙන් දින දහයකට පෙරය. නමින් රිචඩ් රැන්කින් වන ඔහු වෘත්තියෙන් ගුවන් නියමුවෙකි. 1947 ජුනි මස 14 වන දින පෙරවරුවේ   තම පෞද්ගලික  අවශ්‍යතාවයක් සඳහා චිකාගෝ නගරයේ සිට ලොස් ඇන්ජලීස් දක්වා ගුවනින් ගමන් කිරීමට ඔහුට සිදුවිය. ගමනේ හරි අඩක් පමණ ගෙවා දමන අවස්ථාවේ අමුතුම ආකාරයේ අත්දැකීමකට ඔහු මුහුණ දී තිබේ. තමා කිසි දිනෙක නොදුටු විරූ ගුවන් යානා රාශියක්   වාතයේ පාවෙනු දුටුවේය.  එකිනෙක අතර සමාන දුර පරතරයක් පවත්වා ගනිමින් ත්‍රිකෝණාකාරව ගමන් කළ මේවා පැයට සැතපුම්  560 ක පමණ වේගයෙන් ගමන් කර ඇත. රැන්කින්ගේ ගණනය  කිරීම්වලට අනුව එහි එක් යානයක විශ්කම්භය අඟල් 35ක් පමණ විය.

මෙය පෘථිවි වැසියෙකු විසින් දුටු ප්‍රථම පියාඹන පීරිසිය  ලෙස සැලකුණද, රැන්කින්ගේ නිහඬතාවය එකී සිද්ධියෙහි ජනප්‍රියතාවය  අඩු වීමට හේතු විය. එහෙත් එය කුමන අයුරකින්  හෝ ජනතාව අතරට පැමිණියේ නම් එදා ආනෝල්ඩ් විසින් පියාඹන පීරිසි වෙත භාවිත කළ නාමය කෙලෙසකවත් භාවිතයට නොඑන්නට ඉඩ තිබුණි.

කෙනත් ආනෝල්ඩ් පියාඹන පීරිසි දැකීමට දින තුනකට පෙර බෝට්ටු නියමුවකු වන හැරල්ඩ් ඩැල් මහතා සහ ඔහුගේ  පිරිස විසින් මෙවැනිම තවත් දර්ශනයක් දැක තිබේ. ඔවුන්ගේ  සාක්ෂිවලට අනුව සිද්ධිය මෙසේය. 1947 ජුනි 21 වන දින කුඩා බෝට්ටුවක ගමන් කරමින් සිටියදී මීට පෙර දැක නොතිබූ අමුතුම ආකාරයේ යානා රාශියක් ඉහළ අහසේ සැරිසරනු දැක තිබේ.  හරියටම උළුඳු වඩයක හැඩය ගත් මේවා බෝට්ටුවේ සිට අඩි 2000 ක් පමණ ඉහළින්  ගමන් කළ අතර පැහැදිලිව හඳුනා ගත හැකි යානා හයක් එහි විය. එහෙත් ඔවුන් මේ පිළිබඳව  වැඩි සැලකිල්ලක් නොදැක්වීය. ඒ ඒවා කාලගුණ බැලූන් විශේෂයක් බව තීරණය කළ හෙයිනි. නමුත් නිමේෂයකින් සිදු වූයේ ඔවුන් විශ්මයට පත් කරන්නකි. බෝට්ටුවේ සිට  අඩි තුන්සියයක් පමණ ඈතින්  පිහිටා තිබූ යානා අතරින් එක් යානයක් කිසියම්  දෝෂයකට ලක්විය. ඒ ක්ෂණයෙන්ම  අන් සියලුම යානා ඒ වටා පිහිටියේ  හරියටම වළල්ලක් ආකාරයෙනි.  සුළු වේලාවක් ඒ අයුරින්ම ස්ථානගත වී තිබූ එක වරම විශාල හඬක් නගමින් සාගරය මතට පතිත වී තිබේ.

දෑස් අදහාගත නොහැකි මෙම දර්ශනයෙන් පුදුමයටත් භීතියටත් පත් හැරල්ඩ් ඇතුළු පිරිස හැකි උපරිම වේගයෙන් බෝට්ටුව වෙරළ දෙසට පැදවීය. එහෙත් ඔවුනට ගමන් කළ හැකි වූයේ යාරයකටත් වඩා අඩු ප්‍රමාණයකි. දෝසයට ලක් වූයේ  යැයි සැක කළ  යානය එක් වරම ඇළුමිනියම් වැනි වාෂ්පයක් නිකුත් කළේය.  ඒවා ඇඟ වැටීම නිසා හැරල්ඩ්  මහතාගේ පුත්‍රයාගේ  අත පිළිස්සී ගියේය. එමෙන්ම ඔවුන්ගේ  සුරතල්  බලු පැටවාද මිය ගියේය.  මින් තව තවත්  භීතියට පත් ඔවුන් බෝට්ටුවේ තිබූ රේඩියෝව මගින් පණිවුඩයක් ලබා දීමට  උත්සාහ දැරුවද, රේඩියෝ  පද්ධතිය ක්‍රියා විරහිත  වී තිබූ බැවින් එය අසාර්ථක විය. මේ නිසා හැකි උපරිම  වේගයෙන් බෝට්ටුව වෙරළ දෙසට පැදවීමට ඔවුහු කටයුතු කළහ.
Read Post | comments

මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන්ට මෝහනයේ පිහිට

Monday, January 7, 2013

ඔහු තරමක් විශේෂිත වූ අයෙකි. ඊට හේතුව නම් ඔහු වසර 6 ක් හෙරොයින් නැමැති මත්ද්‍රව්‍යයට හුරු වී තම සේසතම නැති කරගත් අයෙකු වූ නිසා ය. එවැනි පුද්ගලයන්ගේ සිතුවිලි ධාරාව ඉතාම අවුල් සහගත බැවින් එවැනි අයකුට මෝහන ප්‍රතිකාර ලබාදිය යුතු ආකාරය සිතා බැලිය යුතුය.

බොහෝ විට සිසොපේනියා තත්ත්වයේ සිටින මානසික රෝගියෙකු ගේ මෙන් දීර්ඝ කාලයක් හෙරොයින් වැනි මත්ද්‍රව්‍යයක් භාවිතා කළ අයගේ ද, මොළයේ ඉදිරිපස ඇති සංනිවේදන සෛලවලට බොහෝ විට හානි වී තිබේ. එසේ වූ විට ඔහුගේ සිත එක අරමුණකම තබා ගැනීම ඉතා දුෂ්කර ය. එසේ වූ විට ප්‍රතිකාර ක්‍රමයට ළඟාවීම ද දුෂ්කරය.

ඔහු වේලාවටත් පෙර මා වෙත පැමිණියේ ය. ඔහුගේ ඒ උනන්දුව ප්‍රතිකාර කිරීමට රුකුලක් වෙයි.

“මගේ වයස දැන් අවුරුදු 33 යි. බැඳලා අවුරුදු 3 යි. බබාලා නැහැ. මගෙ ජීවිතේ දී ලක්ෂ 30 ක් මම කුඩු ගහලා වියදම් කරලා තියෙනවා.” ඔහු එසේ කී විට අපට එය ප්‍රහේලිකාවක් වුණේ ඔහුට ලක්ෂ 30 ක මුදලක් ලැබුණේ කෙසේද යන්නයි. පසුව ඔහුගේ කතාව අසා සිටි විට ඔහුගේ මෙම ගණන් මිණුම් නිවැරදි බව අපට පැහැදිලි විය.

“මම අවුරුදු 18 දී කොරියාවට ගියා රැකියාවකට. මාසයකට ලක්ෂයකට වඩා වැඩි මුදලක් ඉපැයුවා. අවුරුදු 6 ක් කොරියාවේ හිටියත් අන්තිමට මට ඉතිරිවෙලා තිබුණේ අම්මා තාත්තා හිටිය ගෙය විතරයි. කොරියාවේ දෙවැනි අවුරුද්දෙදි තමයි මම මේවට ඇබ්බැහි වුණේ. එතන ඉඳලා දිගටම හෙරොයින් බිව්වා. දිනකට දහස් ගණන් කුඩුවලට වියදම් කළා. ලංකාවට ඇවිල්ලත් නොබී ඉන්න බැරි වුණා.”

“මට හොඳට කොරියන් භාෂාව ලියන්න කියවන්න පුළුවන්. ඒ නිසා මට ලංකාවේ කොරියන් සමාගමක රැකියාවක් ලැබුණා. මම ඒ සල්ලිවලිනුත් කුඩු බිව්වා. පස්සෙ මම කුඩු උරන බව දැනගත් සමාගමේ බලධාරීන් මාව අයින් කළා.

තවත් පොඩි පොඩි රැකියා කළත් මාව කුඩුකාරයෙක් කියලා හංවඩු ගැහුණට පස්සෙ කවුරුවත් මට රැකියා දෙන්නෙ නැහැ. මට ඕන වේලාවක කොරියාවට යන්න පුළුවන්. ඒත් මෙහෙම ගිහිල්ලා වැඩක් නැහැ. මගේ බිරිය තමයි දැන් මට කෑම බීම දෙන්නෙ.”

ඔහු තරමක් සංවේදී වෙයි.“ඒත් තාමත් කුඩු බොන්න සල්ලි නැතිවුණහම බිරියටත් ගහනවා. ගෙදර අයත් මට කියන්නෙ කුඩුකාරයා කියලා. 

මට ඒක දරාගන්න බැහැ. යාළුවොත් කියනවා මම බිරියට ගැහුවම ඔය කුඩ්ඩව අතහැරලා ගෙදර යන්න කියලා. මට ඒක දරාගන්න බැහැ. ඒත් මම කොයිතරම් හිතුවත් මේක පාලනය කරගන්නත් බැහැ. මට උදව් කරන්න සර්.” ඔහු කීමට ඇති බොහෝ දේ පැවැසීය. අවසානයේ ඔහු යම් සහනයක් අස්වැසිල්ලක් ලද බව පෙනිණි.

ඔහුගේ තත්ත්වය මත ඔහුව උපදේශන ක්‍රම මඟින් පමණක් මෙම තත්ත්වයෙන් ගැලවීමට නොහැකි බව තීරණය කළ මම ඔහුව මෝහන ප්‍රතිකාර සඳහා යොමු කරවීමි. පුදුමයකට මෙන් ඔහුගේ ධෛර්යත්, උනන්දුවත්, උත්සාහයත් නිසා ඔහු පළමු දිනයේ ම ඉතා ගැඹුරු මෝහන නිද්‍රාවකට පත්කිරීමට අපට හැකි විය. 

බොහෝ වේලාවක් නිද්‍රාවේ තබා ගනිමින් ඔහුට එම ඇබ්බැහිවීමෙන් ගැලවීමට අවශ්‍ය මෝහන අදහස් ඔහුගේ යටි සිතේ තැන්පත් කරන ලදී.

ඔහුට ලබාදුන් ප්‍රතිකාරයට අමතරව ඔහුගේ පවුලේ අයටත් බිරියටත් මනෝවිද්‍යාත්මක උපදේශන ලබාදෙන ලදී.

තුන්වන වර ඔහු අප වෙත පැමිණියේ ඉතා සතුටින්, සැහැල්ලුවෙන් යුතුව හෙරොයින් නොගන්නා අයෙකු ලෙසිනි. එවැනි දේට ඇබ්බැහි වී සිටින අයෙකු ඉන් මුදවා ගැනීමට අපගේ ප්‍රතිකාර, උපදේශන මෙන් ම අවට සිටින නෑ හිතවතුන්ගේ සහාය ද ඉතාම වැදගත් වේ.

මාස 3 කට පසු ඔහුගේ බිරිය අපහට දැනුම් දුන්නේ ඔහු ඉතා නිරෝගී අයෙකු ලෙස නැවතත් කොරියාවට රැකියාව සඳහා පිටත්ව ගිය බවයි. මේ උදාහරණය මෙවැනි අබ්බැහිවීම්වලට ලක්ව සිටින සියලු අයට ආදර්ශයකි. හිත ඇත්නම් පත කුඩා ද යන කියමන සනාථ කරමින් අවශ්‍යතාව තිබේ නම් ඔබට වැරදි පුරුදුවලින් මිදිය හැකිය. අවශ්‍ය වනුයේ, හරි මාර්ගය තෝරාගෙන සුදුසු උපදේශනයයි.
Read Post | comments

සදහට වගකියන පිටරට උළු හදන ලංකාවේ මොළය

Sunday, January 6, 2013

පොල් අතු සෙවිලි කළ නිවසක සිට රට උළු සෙවිළි කළ නිවසකට යන්නට සිහින දකින මිනිසුන්ට ඒ සිහිනය සැබෑ කර ගන්නට බොහෝ වෙහෙසවීමට සිදුවේ. එම වෙහෙස සැබෑවටම දන්නා සහ එය අත්විඳ ඇති මිනිසකු වන ඔහු රට උළුවහළ ගෙයකට යන්න වෙරදරන අයට තමුනට හැකි අයුරින් උපකාර කරයි.

එපමණක්‌ නොව ඔහු තමුත් දන්නා තාක්‌ෂණික දැනුමද ප්‍රයෝජනයට ගනිමින් රට උළු නිපදවීමේ කර්මාන්තයට නව තාක්‌ෂණයක්‌ද හඳුන්වාදීමට පියවර ගෙන ඇත. එම දැනුමින් නිපදවන උළු කැටවලට ඔහු ජීවිත කාලයටම සහතිකයක්‌ද ලබාදේ.

කේ. ඒ. ඩී. ඇලෙක්‌සන් නිලන්ත අප්පුහාමි නමැති ඔහු සිය බිරිඳත් සමග එක්‌ව ස්‌වයං රැකියාවක්‌ ලෙස උළු මෝලක්‌ පවත්වාගෙන යමින් වෙළෙඳ පොළේ ඉතා අඩුමිලට උළු අලෙවි කිරීමේ නිරත වේ.

ඇතැම් විට ඔබ එකවරම මෙසේ සිතිය හැකියි. ඔහුත් අනෙකුත් උළු මෝල් හිමියන් මෙන් ලාභ උපයන වෙළෙඳ උපක්‍රම අනුගමනය කරන තවත් එක්‌ ව්‍යාපාරිකයෙක්‌ යෑයි කියාය.

නමුත් ඔහු ඊට වඩා වෙනස්‌ය. ඔහු වසර විස්‌සකට පමණ පෙර ඉතා කුඩාවට උළු මෝලක්‌ ආරම්භ කරන්නේ පොල් අතු සෙවිළි කළ නිවසක සිටය.

අපේ පවුලේ මාත් සමග සහෝදර සහෝදරියො තුන් දෙනෙක්‌ ඉන්නවා. තාත්තා ගුරුවරයෙක්‌. මම ජර්මන් තාක්‌ෂණ විද්‍යාලයේ තාක්‌ෂණ ශිල්පය ඉගෙන ගත්තා. අපි හිටියෙ පොල් අතු සෙවිලි කළ නිවසක. ඉතිං මටත් හිතුනා උළු සෙවිලිකළ නිවසක පදිංචියට යන්න. ඒ සඳහා මම පුංචියට උළු මෝලක්‌ පටන් ගත්තා. මගේ අරමුණ ඉටුවුණා. මටත් අපේ ගෙදර වහලයට උළු සෙවිලි කරන්න හැකියාව ලැබුණා. ඊට පස්‌සෙ මට හිතුනා උළු සෙවිළිකළ වහලයක්‌ සහිත නිවසක්‌ හදා ගන්න වෙර දරණ මිනිසුන්ට අත්වැලක්‌ වෙන්න. එනිසා මම අඩු මිලට උළු අලෙවි කිරීමට තීරණය කළා. ඒ සඳහා කළ යුත්තේ උළු කැටයක නිෂ්පාදන මිල අඩුකර ගැනීමයි. මම ජර්මන් තාක්‌ෂණ විද්‍යාලයෙන් ඉගෙන ගත්ත දැනුම ප්‍රයෝජනයට අරගෙන මැටි අනන යන්ත්‍රයක්‌ නිපදවූවා. ඒ සඳහා මා යොදා ගත්තේ ඉවතලන යන්ත්‍ර සූත්‍රවල කොටස්‌. එහෙම තාක්‌ෂණ ක්‍රම නිර්මාණය කළ මම දැන් සම්පූර්ණයෙන්ම ස්‌වයංක්‍රීයව උළුකැට නිෂ්පාදනය කළ හැකි තාක්‌ෂණික පහසුකම් ඇති කරගෙන තිබෙනවා. මේ සියලු යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කළේ මගේ දැනුම උපයෝගී කරගෙනයි. නිලන්ත මහතා තමාගේ ගමන් ගම සිහිකරමින්a අප හා කතාවට ප්‍රවේශ විය.

ඔහු තාක්‌ෂණය පමණක්‌ උපයෝගී කරගෙන සෑහීමකට පත්වී නැත. සාම්ප්‍රදායික හතරැස්‌ රට උළු කැටය වෙනුවට නවීන තාක්‌ෂණයෙන් නිපදවන උළු කැටයක්‌ද ඔහු ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.

යුරෝපයේ නිවෙස්‌වල වහළ සෙවිලි කිරීමට බහුලවම යොදා ගන්නා මෙම උළුකැටයට පවසන්නේ රෝමන් උළු එහෙමත් නැතිනම් පෘතුගීසි උළුකැට කියාය.

මම ගොඩාක්‌ වෙලාවට විදෙස්‌ සංචාරවල නිරත වෙනවා. ඒ රටවල තිබෙන නිර්මාණ අපටත් භාවිත කළ හැකි ආකාරය ගැන මම සිතනවා. ඒ අනුව යුරෝපයේ කළ සංචාරයකදී එම රටවල නිවාසවලට සෙවිලි කර තිබූ උළු කැටයක්‌ රැගෙනවිත් ඒ සඳහා අච්චුවක්‌ ලංකාවේ නිපදවූවා.

මේ උළු කැටය සඳහා අද වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ තියෙනවා. මම මෙම උළුකැටය අලෙවි කරන්නේ ජීවිත කාලයටම වගකීම් සහතියක්‌ද සමගයි.

අප බොහෝ දෙනා නිවසක්‌ හදන්නේ ජීවිත කාලයටම එකයි. ඉතිං ඒ හදන ගෙදරට වහලයත් ජිවිත කාලයටම එකක්‌ විය හැකියි. සෙවිළි කරන උළුකැටත් එහෙම විය යුතුයි. පොල් අතු වහළෙන් උළු වහළයකට පැමිණි අයෙක්‌ ලෙස මම කැමැති නැහැ. මිනිස්‌සු වහළයට උළු සෙවිලිකරලා වහළය තෙමෙනවා කියලා චෝදනා කරනවට. එහෙම තෙමෙන්නේ බාල වර්ගයේ උළුකැට වහළයට සෙවිළි කළ විටයි.

අද බොහෝ වෙළෙඳුන් අපගේ නොම්මර එකේ උළු මිලදී ගෙන ඒවා නොම්බර දෙක සහ තුන වර්ගයේ උළු සමග මිශ්‍ර කර අලෙවි කරනවා. මම කිසි විටෙකත් නොම්මර දෙක සහ තුන ප්‍රමිතියෙන් යුතු උළු විකුණන්නේ නැහැ. එහෙම ප්‍රමිතියෙන් අඩු උළු විකිණූ විට තමයි මිනිස්‌සු චෝදනා කරන්නේ උළු සෙවිළි කරපු වහළ තෙමෙනවා කියලා. නමුත් මගෙන් මිලදී ගත් උළු සෙවිලි කළ අයෙක්‌ වහළය තෙමෙනවා කිව්වොත්, උළු කැට කැඩුණා කිව්වොත් මම ඔවුනට නොමිලේ නැවත උළුකැට දෙනවා. මම ඒ වගකීම ගන්නේ මම නිපදවන උළුකැට වල තියෙන විශ්වාසය නිසයි.

මමත් මගේ බිරිඳත් ස්‌වයං රැකියාවක්‌ විදියට කරන උළු කැට නිපදවීම කරන්න පටන් අරගෙන දැන් අවුරුදු විස්‌සකටත් වැඩියි. ඉතිං අපි මැටි අනන තැන සිට පෝරණුවට දාල උළු ටික පුච්චනකම් හැම දෙයක්‌ම දන්නවා. ඒ ගැන සොයා බලනවා. නිලන්ත මහතා පැවසූ දේ අපිද දැසින් දැක බලාගත්තෙමු. ඔහු උළු පෝරණුවට අවශ්‍ය දර පලා ගැනීම සඳහා යන්ත්‍රයක්‌ ද නිපදවා ඇත. මැටි හොඳින් මිශ්‍රවී පදම්වී ඒම සඳහා යන්ත්‍රයක්‌ නිපදවා තිබේ. මේ සියලු උපකරණ නිපදවූ ඔහුට උළු කැටයක්‌ නිපදවීම ගැන අමුතුවෙන් කියා දිය යුතු නැත.

ලුණුවිල පොල් පර්යේෂණ පාරේ සුප්‍රිමෝ උළු නමින් සිය උළු මෝල පවත්වාගෙන යන නිලන්ත මහතා වැඩිය ප්‍රසිද්ධියට අකමැතිය. එසේ වූ විට හොඳ තත්ත්වයේ උළු කැට නිපදවීමට තමාට කාලය හරස්‌වන බව පැවසීය.

මට ඕනෙ මගේ වෘත්තියෙන් මිනිස්‌සුන්ට හොඳ සේවයක්‌ සලස්‌සන්නයි. අපි කෙනෙක්‌ රැවටුවොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි නිලන්ත මහතා අප සමග සංවාදය නිමා කරමින් පැවසීය.

ඔහු සරලය. එම සරල බව තම දියණියන් තිදෙනාටද ආදර්ශයක්‌ කර ඇත. බිරිඳටද ආභරණයක්‌ කරදී තිබේ. එනිසා ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු අප කොයිකාටත් ආඩම්බරයකි.
Read Post | comments

සයිබර් ප්‍රහාරයක්‌ එල්ල වීමේ ඉඩකඩ වැඩිවෙමින් පවතිනවා

Saturday, January 5, 2013

අන්තර්ජාල සේවා පුළුල් වන තරමටම සයිබර් ප්‍රහාරයක්‌ එල්ල වීමේ ඉඩකඩද වැඩිවෙමින් පවතින බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

2012 පස්‌වැනි වාර්ෂික සයිබර් ආරක්‍ෂණ සතිය ආරම්භ කිරීම නිමිත්තෙන් කොළඹ ටා- සමුද්‍රd හෝටලයේ පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් රාජපක්‍ෂ මහතා මෙම අදහස්‌ පළ කළේය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා සර්ට්‌ ආයතනය විසින් මෙය සංවිධානය කර තිබිණි.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සයිබර් අවකාශය ඔස්‌සේ ජනතාවට ලබාදෙන සේවාවන් ඉතා වේගයෙන් පුළුල් වෙමින් පවතින බවත් ඒ තරමටම සයිබර් ප්‍රහාරයන් එල්ල වීමේ ඉඩකඩද වැඩිවෙමින් පවතින බවත් රාජපක්‍ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේද මේ වන විට බැංකු සේවාවන් මෙන්ම රාජ්‍ය ආයතන මගින් සැපයෙන මහජන සේවාවන් ඇතුළු කටයුතු රැසක්‌ අන්තර්ජාලය ඔස්‌සේ ලබා දීමට පියවර ගෙන සිටින අවධියක සයිබර් ප්‍රහාරයන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බවද රාජපක්‍ෂ මහතා මෙහිදී අවධාරණය කළේය. සයිබර් ආරක්‍ෂාව තහවුරු කිරීම යුගයේ අභියෝගයක්‌ බවද ඒ සඳහා උපායමාර්ග සකස්‌ කර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාමූහික උත්සාහයන් දැරිය යුතු බවද සඳහන් කළ රාජපක්‍ෂ මහතා මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් ඒ නිසා ඉතා වැදගත් බවද තවදුරටත් කීවේය.
Read Post | comments

මෙක්සිකෝවෙන් හමුවූ (පිටසක්වල ජීවී) මානව කපාලය

Thursday, January 3, 2013

බැලූ බැල්මට රිඩ්ලි ස්කොට්ගේ ‘Alien’  

ගණයේ චිත්‍රපටයකට වස්තු බිජය සපයන කතා තේමාවකට උචිත යැයි හැඟී යන මේ අපූරු හිස්කබල, පිටසක්වල ජීවියෙකුට අයත් වූවක් නම් නොවේ. මෙක්සිකෝවේ, ඔහාවාස් ගම්මානයේ පිහිටි පැරණි සුසාන භූමියකින් සොයා ගන්නා ලද වසර දහසක් පැරණි මෙම මානව හිස්කබල කපාල විකෘතිතාවකින් පෙළුණු ආදි මානවයෙකුගේ වන අතර කපාලයේ හැඩය වෙනස් කිරීම සඳහා හිස්කබල බන්ධනය කිරීමේ පුරාණ සම්ප්‍රදාය පෙන්නුම් කරමින් මෙක්සිකෝවෙන් හමුවූ එබඳු ගණයේ පළමු හිස්කබලද වන බවක් කියැවේ.පූජාකර්ම සඳහා මෙන්ම එක් ජනකොට්ඨාසයකින් තවෙකක් වෙන්කර හඳුනාගැනීම සඳහාද පුරාණ මෙකො ඇමෙරිකානු සංස්කෘතීන් තුළ කපාල විකෘතිතාවන් යොදාගැනීම සුලබ පිළිවෙතක් විය. සුසාන භූමියෙන් සොයාගන්නා ලද ඇටසැකිලි විසිපහෙන් දහතුනකම මෙසේ ඕනෑකමින් ඇති කරන ලද කපාල විකෘතිතාවන් දැකගත හැකි අතර ඊට අමතරව, දන්ත විකෘතිතාවන් සහිත ඇටසැකිලිද එහිදී සොයාගැනීමට හැකිවීම විශේෂයකි. උතුරුදිග මෙක්සිකෝවේ විසූ විවිධ ජන කණ්ඩායම් අතරවූ සංස්කෘතීන්ගේ කදිම සංකලනයක් මෙම සුවිශේෂී කැණීම මගින් හෙළිදරවු කරගැනීමට හැකිවූ බව පුරාවිද්‍යාඥ ‘ක්‍රිස්ටිනා ගාෂියා මොරේනෝගේ’ අදහසයි.

මෘත ශරීරවලින් බොහොමයක් කැලිෆෝනියානු බොක්ක ආශ්‍රිතව දැකගැනීමට හැකි සිප්පි හා බෙලිකටු ඇසුරෙන් තැනූ වළලු, නාස්මුදු වැනි ආභරණ පැළඳ සිටියදීම මිහිදන් කෙරී ඇති අතර එහිවූ එක් ඇටසැකිල්ලක උදරය මත තැන්පත්කොට තිබූ දැවැන්ත කැස්බෑකටුව විශේෂ අවධානයට බඳුන්ව තිබිණි.

ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය වෙනුවෙන් කැණීම් ව්‍යාපෘතිය මෙහෙයවන ලද පුරාවිද්‍යාඥ මොරේනෝ ප්‍රකාශ කරන අන්දමට මෘත ක‍ලේබරයන්හි දැකිය හැකිවූ දන්ත විකෘතිතාවන් වැඩිවියට පත්වීමේදී සිදුකළ චාරිත්‍රයක ප්‍රතිඵලයක් වන අතර විශේෂයෙන් ‘නයාරිට්’ වැනි සංස්කෘතීන් තුළ මෙය ප්‍රකටව පැවැති සම්ප්‍රදායකි. කපාල විකෘතිතාවන් ඇති කිරීමේ අරමුණින් සිදුකරන ලද කපාල බන්ධනයන්හිදී (බැඳීම) ළදරුවකුගේ උපතින් මාසයක් වැනි කෙටි කාලයක් ඇතුළතදී එනම් අස්ථි තවමත් මෘදු තත්ත්වයේ පවතිද්දීම කපාලය පැතලි කිරීම සඳහා පීඩනයකින් යුතුව හිසට දැව පටි තබා බැඳීම සිදුකර ඇත. සමාජ තත්ත්වය හැඟවීමේ සලකුණක් ලෙස අනුගමනය කරන ලද මෙම අතිශය අන්තරාකාරී පිළිවෙත හේතුවෙන් බොහෝ දරුවන් අඩු වයසින්ම මරුමුවට පත්ව ඇති බව සොයා ගැනීමට ලැබි ඇති මෘතශරීර සාක්ෂි දරයි. 
Read Post | comments

අන්තර් ජාල ආරක්ෂාව යුගයේ අභියෝගයක්

අන්තර්ජාල සේවා පුළුල්වන තරමටම සයිබර් ප්‍රහාරයන් එල්ලවීමේ ඉඩකඩ ද වැඩිවෙමින් පවතින බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ලේකම්වරයා මේ බව සඳහන් කළේ 5 වැනි වාර්ෂික සයිබර් ආරක්ෂණ සතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිණි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ද දැනටමත් බැංකු සේවාවන් මෙන්ම රාජ්‍ය ආයතන මගින් සැපයෙන ‍මහජන සේවාවන් ඇතුලු කටයුතු රැසක් අන්තර්ජාලය ඔස්සේ ලබා දීමට පියවර ගෙන ඇති බව පෙන්වාදෙන ඒ මහතා, එවන් අවදියක සයිබර් සයිබර් ප්‍රහාරයන් පිළිබඳ දැඩි අවදානයෙන් සිටිය යුතු බවද සඳහන් කරයි.

සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම යුගයේ අභියෝගයක් බැවින් ඒ සඳහා උපාය මාර්ග සකස් කර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාමූහික උත්සාහයන් දැරිය යුතු බව සඳහන් කරන රාජපක්ෂ මහතා, දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහිදී වඩා වැදගත් වන බවද පවසයි.

එමෙන්ම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සයිබර් අවකාශ ඔස්සේ ජනතාවට ලබාදෙන සේවාවන් ඉතා වේගයෙන් පුලුල් වෙමින් පවතින මොහොතක සයිබර් ප්‍රහාර එල්ලවීම පිළිබඳව අවදියෙන් සිටිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ය‍ටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා සර්ට් ආයතනය විසින් මෙය සංවිධාන කර තිබිණි.
Read Post | comments

අකුණුවලට පණ බයේ ටී.වී වහපු කාලේ ඉවරයි

Tuesday, January 1, 2013

වැලිකොන්ද ගමේ පුංචි කොල්ලෙක්ගෙන් විස්මිත වැඩක්

මොරසූරන මහ වැස්සේ දී අකුණු ගහන ගොරවන මහ වැස්සේ දීත් නිවෙසේ රුපවාහිනිය නැරඹිය හැකි අකුණු සංනායකයක් හා නවතම රුපවාහිනි බූස්ටරයක් බෝගහගොඩ අගුළුගහ වැලිකොන්ද ගමෙහි වයස අවුරුදු 15ක් වු එච්.එම්.ප‍්‍රසාද් සංකල්ල නමැති බෝගහගොඩ දෙරපේ මහා විද්‍යාලයේ 2013 වසරේ 10වන පංතියට සමත් වු සිසුවකු තම නිවාඩු කාලයේ දී සකස් කර තිබේ.

මම නිවාඩු කලයේ දී මෙම උපකරණය සකස් කළා. අම්මා රුපවාහිනි බලනකොට බනිනවා. වහිනිකොට විදුලි කොටනකොට ගොරවනකොට ටී.වී එක වහන්න. අකුණු ගහනවා කිය කියා කෑ ගහනවා. ඒ නිසා මම හිතුවා අකුණු ගහනකොට වහිනකොට ගොරවන විට රුපවාහිනි නරඹන්න හැකි ක‍්‍රමයක් ගැන. මම නිවාඩුවට ගෙදර ඉදගෙන කල්පනා කළා. ඒ අනුව මම මෙම උපකරණය සකස් කළා යැයි, ප‍්‍රසාද් සංකල්ප පවසයි.
මෙහි විශේෂත්වය වන්නේ වැස්සේ දී හෝ අකුණු ගැසිමේ දී රුපවාහිනිය බුස්ටරය හා ඇන්ටනාව සම්බන්ධ කෙරෙන වයරය ගලවන්න උවමනා නොවීමයි. අකුණු ගහනකොට ඉබේම රුපවාහිනියට සම්බන්ධ කර ඇති බූස්ටරයේ වයරට විසන්ධි වන ආකාරයට සකස් කර ඇති අතර අකුණ ගසා අවසන් වු විගස සැණින් යළිත් රුපවාහිනියට මෙම වයරය සම්බන්ධ වීමයි. ඇන්ටනාවේ වැයරය ගලවා මිදුලට විසි කිරීමේ පැරණි ක‍්‍රමය දැන් අවශ්‍ය නොවේ.
ඒ සියල්ලම ස්වයංක‍්‍රීයව සිදු කෙරෙනවා. ඕනෑම ආකාරයේ බූස්ටරයකට රුපවාහිනි යන්ත‍්‍රයකට මෙම අකුණු සංනායක ටී.වී.ස්වයංක‍්‍රීය බූස්ටරය යොදා ගත හැකි බව, ප‍්‍රසාද් සංකල්ප කියයි. ඒක අපි අත්හදා බැලූවා. රුපවාහිනියට හානියක් සිදු වන්නේ නෑ. හෙතෙම කියයි. මෙම නවතම නව නිපැයුම සකස් කිරීමට සංකල්පට පහළ වු අදහසට පන්නරය දී ඇත්තේ දොරපේ විද්‍යාලයේ විදුහල්පති එස්.කමලබන්දු මහතා හා තම පන්තිභාර මල්කාන්ති කුමාර ගුරුතුමිය බව හෙතෙම කියයි. මෙම උපකරණය සකස් කිරීමට උපදෙස් හා සහයෝගය ලබාදී ඇත්තේ ප‍්‍රදේශයේ විදුලි කාර්මිකයකු වූ චමින්ද ජයසිංහ මහතාය.

 

Read Post | comments (1)

කහ - රතු වැහි ආවේ පිටරටකින් ආ දූවිලි වලාවකින්

Sunday, December 30, 2012

මේ දිනවල රටේ විවිධ ප්‍රදේශවලට වසින කහ වැහි හා රතු වැහිවලට හේතුව විදේශ රටකින් මෙරටට පාවී ආ දූවිලි වලාවක් විය හැකි යයි නාසා අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා පවසයි.
 ලෝකයේ විවිධ රටවල්වල කහ හා රතු වැහි ඇතිවී ඇති බව ද ඒවා ඇතිවී ඇත්තේ ඒ රටවල අහසේ දූලි වලා ඇතිවීම නිසා බව ඔහු සඳහන් කරයි.

මේ දිනවල ඉහළ වායු ගෝලයේ අධික සුළං ධාරා පවතින බවත් ඒ අනුව අපේ රටටත් කාබන්ඩයොක්සයිඩ්වලින් දූෂිත දූවිලි ධාරාවක් පිටරටකින් පැමිණීමේ හේතුවෙන් මෙවැනි කහ – රතු වැසි ඇතිවීමට ඉඩ ඇති බවත් ආචාර්ය සරත් ගුණපාල පවසයි.

මේ වැසිවල ඇල්ගී හා ක්ෂුද්‍ර ජීවීන් තිබීමට ඉඩ ඇති බවත් ඊට හේතුව දියගොබවලාව වැනි සිදුවීම් බවත් ආචාර්ය සරත් ගුණපාල පෙන්වා දෙයි.

මේ අතර නාසා ආයතනයේ ඔර්ජින් වැඩ සටහන යටතේ කෙප්ලර් අධිතාක්ෂණික උපකරණය මඟින් කළ අධ්‍යයනයක් අනුව අපේ විශ්වයේ අපේ පෘථිවියට වඩා විශාල ග්‍රහලෝක 3000ක් තිබෙන බව පැහැදිලිවී ඇතැයි ආචාර්ය සරත් ගුණපාල මහතා පවසයි.

පසුගිය මාසයේ අඟහරු ලොවට යැවූ ‘කියුරියෝසිටි යානය මඟින් අඟහරු ලොවේ ජලය තිබූ බවට සාක්ෂි සොයාගෙන ඇතැයි ද ජලය ගලා ගිය ගඟක රවුම් ගල් රැසක් හමුවී ඇති බව ද ආචාර්ය සරත් ගුණපාල සඳහන් කළේය.

ඇමෙරිකාවේ සිට කෙටි පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණි මොහොතේ සිළුමිණ සමඟ එක්වෙමින් ආචාර්ය සරත් ගුණපාල මහතා මේ අදහස් පළ කළේය.
Read Post | comments

මේ... මුරුංගා අත්තේ තැබීමක්‌ නෙමෙයි

මුරුංගා ගැන ඔබ දන්නේ මොනවාද? සමහරු නම් වැඩියෙන් වර්ණනා කරනකොට මුරුංගා අත්තේ තියනවා යෑයි කියනවා. එහෙම කියන්නේ මුරුංගා අතු එතරම් ශක්‌තිය නැති නිසාය. වැඩිපුර වර්ණනා කිරීමෙන් ඉන් එම තැනැත්තා අමාරුවේ වැටෙන්න පුළුවන්. ඉතිං මුරුංගා අත්තක්‌ උඩ කෙනෙක්‌ව තැබූ විට සිදුවන දේ උපමාවකට ගෙන ඇත.

මුරංගා එසේත් නැතිනම් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන ඵදරසබට්‌ හෝ උද්භිද විද්‍යාත්මකව හඳුන්වන ඵදරසබට්‌ දකැසෙeර් යනු ඉතා පෝෂ්‍ය ගුණයෙන් අනූන එළවළුවකි.

ආයුර්වේදයට අනුව මුරුංගා යනු රෝග 300 ක්‌ පමණ සුවකරන්නට හැකි ඖෂධයකි.

මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් විටමින්, කැල්සියම්, යකඩ, පොටෑසියම්, ප්‍රොaටීන් ඉතා පහසුවෙන් සිරුරට එක්‌කර ගත හැකිය.

ඝර්ම කලාපයේ ඉතා හොඳින් වැවෙන ගසකි. මුරුංගා ගසක්‌ මාස 08 කින් හොඳින් වර්ධනය වේ.

මුරුංගාවල අඩංගු පෝෂණය නිසා එය නිතර ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග රැසක්‌ වැළඳීම වළක්‌වා ගත හැකිය.

දරුවන්ට සහ ගැබිණි මව්වරුන්ට

කුඩා දරුවන්ට මුරුංගා කොළ ආහාරයට දීමෙන් මන්දපෝෂණය, යකඩ ඌණතාවය මග හරහා ගත හැකිය. ඔවුනගේ අස්‌ථි වර්ධනය ඇතිවීම සඳහා උපකාරි වේ.

ගැබිනි මව්වරුන් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් ඔවුනට යකඩ, කැල්සියම් සහ විටමින් නිසි ලෙස සිරුරට ලැබේ. ඉන් කුසේ සිටින දරුවා හොඳින් වර්ධනය වේ. දරුවා නිරෝගීව වර්ධනය විම නිසා නිරෝගී දරු ප්‍රසූතියක්‌ද උදාකර ගත හැකිය.

රෝග රැසක්‌ නිවාරණයට

රූමැටික්‌ උණ නිසා ඇතිවන හෘදයේ ඉදිමුමට, අංශභාගයට, වකුගඩු රෝග, මුත්‍රා ආසාධන, ගැස්‌ට්‍රයිටීස්‌ නිසා ආමාශයේ ඇතිවන තුවාල සහ මුඛයේ තුවාල, අක්‌මා, ඉදිමීමේ රෝගය ඇතුළු රෝග රැසක්‌ වැළදීම වලක්‌වා ලීමේ හැකියාව මුරුංගාවල පවතී.

විස නසයි

මුරුංගාවල විස නැසීමේ ගුණයක්‌ද පවතී. අතීතයේදී බොහෝ ගැමියෝ තම වැසිකිළිය අසල මුරංගා ගසක්‌ සිටුවීමට පුරුදුවී සිටියහ. ඔවුන් එසේ සිදුකර ඇත්තේ වැසිකිළි ජලයේ ඇති බැක්‌ටීයාවන් විනාශ කිරීමේ හැකියාවක්‌ මුරුංගා ගසට ඇති නිසාය. සමහරු වැටේ මායිමටද මුරුංගා ගස්‌ සිටවූහ. එසේ සිටවූයේ කොළවලින් ලැබෙන සිසිලස නිසාය.

ඉතිං... අප නොසලකා හරින සහ දුප්පතුන්ගේ ආහාරයක්‌ ලෙස අඩු ලංසුවෙන් සිතන මුරුංගාවල ඇති පෝෂණය අතිමහත්ය.

Read Post | comments

රතු වැස්සේ ජීවීන්

ඉකුත්දා ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට ඇද හැළුණු රතු වැස්සේ ජල සාම්පලවල මෙතෙක් කරන ලද පර්යේෂණ අනුව එම ජලයේ කිසියම් ජීවීන් විශේෂයක් සිටින බව අනාවරණය වී ඇත.

මේ ජීවීන් තවමත් එම ජලයෙහි සජීවී අයුරින් සිටින බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි. 

රතු වැස්සේ ජල නියැඳී එංගලන්තයේ බැකිංහම් තාරකා ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා විසින් ද වැඩිපුර පර්යේෂණ සඳහා එංගලන්තයට රැගෙන ගොස් තිබේ. කෙසේ නමුත් රතු වැස්සේ ජල සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයේ සියුම් පරීක්ෂණවලට තවදුරටත් භාජනය කරමින් පවතී.
රතු වැස්සට අමතරව ප්‍රදේශ කිහිපයකට පසුගිය දිනවල ඇද හැලුණ කහ වැස්ස ගැන ද වෛද්‍ය පර්යේෂණායතනය පරීක්ෂණ පවත්වන බව වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.
Read Post | comments

වැස්ස-සුළං-ශීතල මේ දරුවන් ලෙඩ වන කාලයයි

කාලගුණ විපර්යාසය බොහොම තදින් බලපාන කාලයක් දැන් එලැඹිලා. වෙනදාට උඳුවප් මාසෙදි අපට දැනෙන්නේ නත්තල් සුළඟේ දැවැටුණු සුවදායක වියළි කාලගුණයක්. ඒත් පසුගිය වසර කිහිපය තුළ ඒ සුපුරුදු දේශගුණික රටාව වෙනස් වෙලා. මෙවර නත්තල ඒ හැමදාටම වඩා වෙනස්. රට පුරා මහ වැසි ඇද හැළිලා. තද සුළං හමලා. ගං වතුර ගලලා.

මේ දේශගුණික විපර්යාසයත් එක්කම කාටත් නොදැනීම ජනතාව අතර ලෙඩ රෝගත් පැතිර යනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අව්ව, වැස්ස, සුළං තත්ත්වය ගැන අනාවැකි කීවාට මේ අයහපත් කාලගුණයත් එක්ක පැතිර යන ලෙඩ රෝග ගැන හෝ ඒවායෙන් වැළැකී සිටින ආකාරය ගැන උපදෙස් දෙන්නේ නෑ.

එහෙයින් මෙවර අපි එවැනි රෝගාබාධ ගැනත් ඒවායෙන් වැළැකී සිටීමට ගත යුතු ක්‍රියාමාර්ගත් පිළිබඳව මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

වසරේ අග මාස දෙක තුන තුළ සාමාන්‍යයෙන් බොහෝ රටවල පවතින්නේ ශීත කාලගුණයක්. විශේෂයෙන්ම යුරෝපීය රටවලත් ඉන්දියාව ජපානය චීනය වැනි රටවලත් මේ ශීත දේශගුණය සාමාන්‍යයි. සෘතු විපර්යාසය බලපාන රටවල ජනතාව වසරක් පාසා එළැඹෙන මේ ශීත දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයට කල් තියාම සූදානම් වෙනවා. මේ කාලයට නිතර වැලඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වෛරස් උණ, ඇදුම, හතිය වැනි රෝග පිළිබඳව ඒ රටවල සෞඛ්‍ය අංශ ජනතාව කල්තියා දැනුම්වත් කරනවා වගේම ජනතාවත් ඒ රෝගවලින් වැළැකී සිටීමට ගත හැකි ක්‍රියාමාර්ගවල නිරත වෙනවා.

අපේ ජනතාවට එවැනි කාලගුණයන් සමඟ ඇතිවන රෝගාබාධ පිළිබඳ විශේෂ හුරුවක් නැති වුවත් නිතර ඇතිවන මේ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවිය හැකි රෝග පිළිබඳව දැන සිටීම වැදගත්. අපේ රටේ මේ දිනවල පවතින්නේ වැසි සහිත ශීතල දේශගුණයක්.

මේ ශීතල දේශගුණය කුඩා ළමයිනට වැඩිහිටියන්ට වගේම ශරීර ශක්තියෙන් දුර්වල පුද්ගලයන්ට අහිතකර ලෙස බලපානවා. විශේෂයෙන් ම ළදරුවන්ට හා වයෝවෘද්ධ පුද්ගලයන්ට ස්වශන පද්ධතිය ආශි‍්‍රත රෝග වැඩි වශයෙන් වැලඳෙන්නට මේ ශීත දේශගුණය හේතු වෙනවා.

දිගු කාලීනව සෙම් රෝග, ඇදුම හෝ පීනස වැනි රෝග පවතින රෝගීන්ගේ එකී රෝග ලක්ෂණ යටපත්ව තිබී නැවත මතු වන්නටත් මේ දේශගුණය බලපානවා. වෛරස හා බැක්ටීරියා වර්ධනය වීමට මේ තෙතමනය සහිත වාතාශ්‍රය හොඳ තෝතැන්නක්.

ඒ හෙයින්ම වෛරස උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුඑන්සාව, ඇදුම, පීනස වැනි රෝග වැඩිපුර පැතිර යාමට පුළුවන්. එමෙන්ම අපවිත්‍ර ජලය භාවිතය හේතුවෙන් වැලඳෙන පාචනය, සෙංගමාලය, උණසන්නිපාතය, වැනි රෝගත් පැතිර යනවා.

අධික වර්ෂාව හේතුකොට ගෙන ඇතිවන ජල ගැලීම් හේතුවෙන් ඊට ගොදුරු වන ජනතාව අවතැන් වෙනවා. එවිට ඔවුන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ගැටලුව වන්නේ බීමට පිරිසුදු ජලය සොයා ගැනීමට අපහසු වීමයි. නිසි පරිදි මල අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමෝපායයන් අහිමි වීමත් ගැටලුවක්. ගංවතුරට කොටු වූ ජනතාව එක්රැස් වන පාසල්, පන්සල් හෝ පොදු ස්ථානවල ඔවුන්ට පිරිසුදු පානීය ජලය සපයා දීම විශාල ගැටලුවක්.

ගංවතුරට යට වීමෙන් බොන ළිං ඇතුළු ජල මූලාශ්‍ර අපිරිසුදු වෙනවා. ඒ ළිංවලින් ලබා ගන්නා ජලය බීමට සුදුසු නෑ. බීමට ගන්නා ජලය හැකි තරමින් උණු කර නිවා ගන්නට හැකිනම් පාචනය සෙංගමාලය උණ සන්නිපාතය වැනි වසංගත රෝග වළක්වා ගත හැකියි.

වයස අවුරුදු දෙකට අඩු දරුවන් හා වයස අවුරුදු 60ට වැඩි ජනතාව වඩාත් පහසුවෙන් එවැනි රෝගාබාධවලට ගොදුරු වෙනවා. කුඩා ළමයින් අතර වෛරස ඉන්ෆ්ලුඑන්සාව, කැස්ස වගේ ම සෙම් ගෙඩි උගුර ආශි‍්‍රත ආසාදන කනේ අමාරු වැනි රෝග බහුලව ඇති වෙනවා. පීනස් හෝ ඇදුම රෝග තිබී වැසි රහිත වියළි කාලයන්හි ඒවා යටපත්ව තිබු අයට මෙවැනි ශීතල තෙතමනය සහිත කාලවලදී එම රෝග තත්ත්ව යළිත් මතුවී ඒමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. එවැනි රෝගීන් මෙන්ම කුඩා දරුවන් සිටින මවුපියන් ඒ ගැන හොඳින් අවධානයෙන් පසුවීමත් ඒ රෝග වළක්වා ගැනීමට කටයුතු කිරීමත් ඉතා වැදගත්.

කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් වැසි සහිත ශීතල දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයේ උණුසුම් ඇඳුම් හා හිස් වැසුම් භාවිත කිරීමෙන් ශීතලෙන් ආරක්ෂා විය හැකිය. උදෑසන පින්නට හසු නොවීම, වැසි හිරිකඩ නොවැදීම හෝ වැස්සට නොතෙමීම, නිතරම දෙපා සහ සිරුරු ජලයෙන් තෙමීමෙන් වැළකීමත්, සැන්දෑ පින්නට හසු නොවී සිටීමත් වඩා සුදුසුයි. දරුවන් මෙන්ම දුර්වල වැඩිහිටියන් මෙවැනි වැසිබර ශීතල දිනවලට ශීතල වතුරෙන් නෑම ඒ තරම් සුදුසු නෑ.

කුඩා දරුවන් වුවත් දිනපතා නෑවීම වෙනුවට දේශගුණය අනුව සතියකට දින දෙක තුනක් නෑවීම සුදුසුයි. එහෙත් දිනපතා උණු වතුරෙන් ඇඟ සෝදා ඉක්මනින්ම හොඳින් ඈග පිහදා උණුසුම් ඇඳුමක් ඇන්දවීම කළ යුතුයි. ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල වෙසෙන දරුවනට එළිමහනේ සෙල්ලම් කිරීමට හෝ අවසර නොදීම අකටයුත්තක්. එහෙයින් හොඳින් ඇ¼ඟ වැහෙන ඇඳුම් හා කන් වැහෙන සේ හිස් වැස්සක් අන්දවා එළිමහනේ සෙල්ලම් කිරීමට ඉඩ හරින්නට පුළුවන්. වැඩිහිටියන්ට නම් තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ යම් වැටහීමක් ඇති හෙයින් ශීත කාලයේදී තම සිරුරට ඔරොත්තු නොදෙන කටයුතුවල යෙදීමෙන් වැළැකී සිටීමට පුළුවන්. හොඳින් හිරු නොපායන දිනවල ශීතල වතුර නෑම, උදෑසන හෝ සවස් කාලයේ ශීතල වාතාශ්‍රයට නිරාවරණය වීමෙන් ඇදුම, කැස්ස, පීනස වැනි යටපත් වූ රෝග තත්ත්ව යළි ඉස්මතු විය හැකි මෙන්ම කලාතුරකින් හෘදයාබාධයක් වුවත් හටගන්න පුළුවන්.

එවැනි රෝගීන් නිතරම උණුවතුර බීමෙන්, හොඳින් සිරුර වැසෙන සේ උණුසුම් ඇඳුම් ඇඟලා ගැනීමෙන් ශීතලෙන් ආරක්ෂා වෙනවා වගේම තමා ගේ රෝග තත්ත්වය උත්සන්න වීමේදී ලබා ගත යුතු ඖෂධ වර්ග කල්තියා වෛද්‍යවරුන් වෙතින් ලබා ගෙන ළඟ තබාගෙන සිටීමත් වැදගත්.

කුඩා දරුවන් සිටින මවුවරුන් වුවත් ඇදුම, හතිය, පීනස වැනි ලෙඩ රෝගවලින් පීඩා විඳින දරුවන් සිටී නම් ඔවුන්ට ලබා දෙන ඖෂධ වෛද්‍යවරයා වෙතින් ලබාගෙන ළඟ තබාගෙන සිටිය යුතුයි.

වෛරස මඟින් බෝවන ආසාදන මෙන්ම බැක්ටීරියා මඟින් සිදුවන ආසාදනවලට මූලික හේතුව වන්නේ අපිරිසුදු ජලය පානය කිරීම හා අපිරිසුදු ආහාර පාන පරිභෝජනයයි. හැකි තරමින් උණුකර නිවාගත් ජලය පානය කිරීම හෝ අඩුම වශයෙන් හොඳින් පෙරාගත් ජලය හෝ පානය කළ හැකි නම් හොඳයි. ආහාර පිළියෙල කිරීමේදී, ආහාර බෙදීමේදී, ආහාරයට පෙර හා පසු මෙන්ම වැසිකිළි කැසිකිළි භාවිතයෙන් පසුව සබන් යොදා නිවැරැදි ආකාරයට හොඳින් අතුල්ලා දෑත් සේදීම ඉතාම වැදගත්.

බොහෝ දරුවනට පාචනය, සෙංගමාලය හෝ උණසන්නිපාතය වැලැඳෙන්නේ අපිරිසුදු ජලය හා අපිරිසුදු ආහාර පාන ගැනීමෙන්. මැස්සන් මඟින් විෂබීජ පැතිරයාම බොහෝ ලෙඩ රෝගවලට මුල් වෙනවා. ආහාර පිසීමට පෙර ගබඩා කිරීමේදී මෙන්ම පිසීමෙන් පසුව පරිභෝජනයට ගන්නා තුරු මැස්සන්ට වැසීමට බැරි වන සේ හොඳින් වසා තබන්න. මැස්සන් වැසූ ආහාර පාන පරිභෝජනයෙන් වැළැකී සිටින්න.

මැස්සන් බෝවන ස්ථාන ඇති නොවන සේ නිවාස හා අවට පරිසරය පවිත්‍රව තබාගන්න. සෑම නිවෙසකම මුළුතැන්ගෙය හා සෙසු ස්ථානවල එක්රැස්වන කුණු කසළ බැහැර කිරීමේ නිසි ක්‍රියා මාර්ගයක් තිබිය යුතුය. කසළ බඳුණේ පියන මැස්සන්ට වැසීමට නොහැකි වන සේ හැම විටම වසා තබන්න. ආහාර පාන, කන බොන පිඟන් කෝප්ප හැළි වළං යනාදිය ද මැස්සන් වසන්නට නොහැකි වන සේ වසා තබන්න. ගෙබිම හොඳින් අතුගා පිරිසුදුව තබාගන්න.

අජීර්ණය පාචනය හෝ සෙංගමාලයට ගොදුරුවන කුඩා දරුවන් අතරින් වැඩි දෙනකු ඊට ගොදුරු වන්නේ අපිරිසුදු ආහාර පාන ආහාරයට ගැනීමෙනි. විශේෂයෙන් කුඩා දරුවන් බිම වැටී ඇති ආහාර කැබලි අහුලා කෑමෙන් මෙන්ම බිම අතගා ඇඟිලි කටේ දමා ගැනීමෙන් මුඛ මඟින් විෂබීජ ශරීරගත කර ගන්නවා. ගෙබිම පිරිසුදුව තබාගැනීම මෙන්ම හැමවිටම දරුවාගේ දෑත් පිරිසුදුව තබාගැනීමෙන් එම අනතුරු වළක්වා ගත හැකියි.

වැසි සමය එළැඹීමත් සමඟ ඩෙංගු උවදුර යළිත් හිස එසැවීමේ අවධානමත් පවතී. ඩෙංගු රෝගයෙන් වැළැකීමට ඇති හොඳම පිළියම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇති නොවීමට වගබලා ගැනීමයි. ඩෙංගු මදුරුවා පිරිසුදු ජලයෙහි ද හොඳින් වැඩේ. එහෙයින් වැසි ජලය එක් රැස්වන වැහි පිහිලි, කාණු, ටයර්, ටින්, බෙලෙක්ක, පොල්කටු, තැඹිලි කෝම්බ පමණක් නොව ටින් පියන් බෝතල් මූඩි පවා වතුර එක්රැස්වීමට ඉඩ ඇති නොවන පරිදි පිරිසුදු කිරීම හා ඉවත් කිරීමට වග බලා ගත යුතුය.

උණ වැලැඳුණහොත් දින තුනක් පසු වනතුරුම බලා නොඉඳ වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. “වැස්ස කාලෙට උණ හැදෙනවා” යැයි කියමින් කල් බලමින් සිටීම නුවණට හුරු නොවේ. ඩෙංගු පමණක් නොව බරවා, මැලේරියා වැනි වාහක රෝග වැසි සහිත කාලගුණයකදී වෙනදාට වඩා වැඩිවීමට ඉඩ තිබේ. වාහක රෝගවලින් වැළැකී සිටීමට ඇති හොඳම පිළියම මැසි මදුරු නිජබිම් වනසා දැමීමයි.

වර්ෂාව සුළං හා අකුණුසැර සහිත කාලගුණයක් පවතින විට සිදුවිය හැකි හදිසි අනතුරු ගැන ද අවධානයෙන් සිටිය යුතුයි. අකුණු ගැසීම පවතින විට විදුලිය භාවිතය හා කුඩා දරුවනට ළඟා විය හැකි ස්ථානවල විදුලියෙන් ක්‍රියාකරන උපකරණ තැබීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

සොබාදහමෙහි දේශගුණික විපර්යාස වළක්වාලීම මිනිසාට කළ නොහැකියි. එහෙත් ඒ හේතුකොට ගෙන ඇතිවන ලෙඩ රෝග වළක්වා ගැනීමත් අනතුරු වළක්වා ගැනීමත් මිනිසාට කළ හැකියි. ඒ පිළිබඳ අවධානයෙන් සිටිමින් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් ලෙඩ රෝග මෙන්ම අනතුරුවලින් ද වැළැකී සුවපත් දිවියක මිහිර අත්විඳින්නට ඔබටත් හැකිවනු නිසැකයි.
Read Post | comments

සෙක්ස් සොයා ලංකාවට SEX වලින් වාර්තාවක්..

Saturday, December 29, 2012

ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සෙවු රටවල් අතර ලංකාව ඉදිරියෙන්...

ඉන්දියාව ශ්‍රී ලංකාවට පරාද වෙමින් දෙවන ස්ථානයේ...

ගූගල් සෙවුම් යන්ත්‍රයෙන්  එක්තරා වචනයක්  පිරික්සන ලොව මුල් තැන ගන්නා රට ශ්‍රී ලංකාව බව ගූගල් ට්‍රෙන්ඩ්ස් වෙබ් අඩවිය කියනවා.

සෙක්ස් හෙවත් ලිංගිකත්වය යන වචනයෙන් ලංකාව මුල් තැනට ද, ඉන්දියාව දෙවැනි තැනට ද, පැපුආ නිව්ගිනියාව තෙවැනි තැනට ද පත්ව සිටිනවා. මේ සමීක්ෂණය කැරුණේ මේ වසර වෙනුවෙනුයි.


ඉතියෝපියාව, පාකිස්ථානය, බංගලිදේශය, වියට්නාමය, නේපාලය, සෝමාලියාව හා කාම්බෝජය සෙසු රටවල් දහය අතර වෙනවා. ඉන්දියාවේ බැංගලෝරය, ඉන්දියා ලැයිස්තුවේ මුලටම සිටිනවා.

චෙන්නායි, පූන්, නවදිල්ලිය හා කල්කටා ඊළඟට ගැනෙන ඉන්දියාවේ ප්‍රධාන නගර වේ. පකිස්ථානයේ ලාහෝරයටමුල් තැන හිමි වෙනවාඉන්දියාවේ චන්දිගාර් හා මුම්බායි නගර ද, වියට්නාමයේ හෝ චිං මිං හා හැනෝයි නගර ද, එම වචනයේ ප්‍රධාන කොටස් කරුවෝය.

මේ අනුව ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍රයක් වන ගුගල් සෙවුම් යන්ත්‍රය විසින් එලි කරන ලද දත්ත වලට අනුව 2012 වසරේ ලිංගිකත්වය පිලිබඳ වඩාත් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවය. 

මෙහිදී අසල්වැසි ඉන්දියාව ශ්‍රී ලංකාවට පරාද වෙමින් දෙවන ස්ථානයේ රැඳී තිබෙනවා.  2012 වසරේ ලාංකිකයන් විසින් ලිංගිකත්වය පිලිබඳ වැඩිපුර සොයා ඇත්තේ 2012‍ අප්‍රේල් මස 15 වනදා සිට අප්‍රේල් 21 දක්වාත් 2012 දෙසැම්බර් මස 23 වන දින සිට දැනට ගතවන සතිය බව හෙළිවී තිබෙනවා

ඒ අනුව පෙනී යන්නේ නිවාඩු සහිත කාල වකවානු වල එම යෙදුම ගුගල් ඔස්සේ සෙවීම ඉහලගොස් ඇති බවය .එසේම ඉන්දියාවේ අන්තර්ජාල පරිශීලකයන් විසින් 2012 නොවැම්බර් ස 11 වනදා සිට 17 දක්වා අතර සතියේදී මෙන්ම 2012 ඔක්තෝබර් 21 සිට 27 දක්වා සතියේදී ශ්‍රී ලාංකිකයින්ට වඩා මේ පිළිබඳ තොරුතුරු සොයා තිබෙනවා.

එම වාර්තාවට 2012 වසරට අදාළව ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සෙවු රටවල් අතර ඉදිරියෙන් සිටින රටවල් 10 මෙසේය. 

එම වාර්තාවට 2012 වසරට අදාළව ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සෙවු රටවල් අතර ඉදිරියෙන් සිටින රටවල් 10 මෙසේය.

01 ශ්‍රී ලංකාව

02 ඉන්දියාව

03 පැපුවා නිව් ගිනියාව

04 ඉතියෝපියාව

05 පාකිස්තානය

06 බංගලාදේශය

07 වියට්නාමය

08 නේපාලය

09 සෝමාලියාව

10 කාම්බෝජය
Read Post | comments (1)

ජීවත් වෙන්න සුදුසු නැති ගම් 19 මෙරටින් සොයා ගනී

Wednesday, December 26, 2012

භූ විද්‍යා පර්යේෂණ මගින් මාතලේ දිස්ති‍්‍රක්කය තුළ මිනිස් වාසයට සුදුසු නොවන ගම්මාන 19 ක් හදුනා ගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මාතලේ දිස්ති‍්‍රක්කය භාර භූ විද්‍යඥ චමින්ද මොරේමඩ මහතා කියයි. භූ අස්ථාවරත්වය , ගිලා බැසීම් නාය යෑම් හෝ වෙනත් අසාමාන්‍ය සිද්ධීන් පාදක කර ගනිමින් රත්තොට , මාතලේ , උකුවෙල , ලග්ගල සහ අඹන්ගගකෝරලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල කරන ලද පර්යේෂණ මගින් මෙම ගම්මාන හදුනා ගෙන තිබේ. මෙම ගම්මාන වල පදිංචිකරුවන් එම ගම්මානවලින් ඉවත් කිරිමේ අවශ්‍යතාව මේ වනවිටත් නිර්දේශ කර ඇති බව පැවසූ මොරේමඩ මහතා 2005 වසරේ සිට මෙම අවශ්‍යතාව පෙන්වාදී ඇති බව කියයි.

වේවැල්මඩ , පිටකන්ද , පුංචි සෙලූවාකන්ද , මඩකුඹුර , දන්කන්ද , කන්දේනුවර/නැගෙනහිර , අලකොලමඩ, ලෝන්විල් , රත්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් හදුනා ගත් ගම්මාන වන අතර උකුවෙල කොට්ඨාශයෙන්  ඕවිල්ල, ගලඋඩහේන , වටගොඩ, බලකඩුව , අලවතුවල, එනසාල්මඩ , සහ කටුදෙණිය ගම්මාන අවදානම් ගම්මාන ලෙසට නිර්දේශ කර තිබේ.

මාතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් තොටගමුව , කන්දේගෙදර , හරස්ගම , දොරගමුව ගම්මාන අවදානම් ගම්මාන ලෙසට හදුනා ගෙන ඇති බව පෙන්වා දෙන මොරේමඩ මහතා මෙම ගම්මානවල ගිලා බැසීම් නාය යාම් හෝ පිපිරීම් සිදුවිය හැකි බව පර්යේෂණ මගින් තහවුරුකර ඇති බවද කියයි.
Read Post | comments

21 දා ලෝක විනාශය බොරුවක්‌ පෘථිවිය උඩ යට මාරුවෙන්නේ නැහැ වෙබ් අඩවි බොරු ප්‍රචාර දියත් කරනවා

Tuesday, December 18, 2012

නිබ්රු සහ ඊට අදාළ වෙනත් පුවත් අන්තර්ජාලය තුළ මවා පෑ බොරු පුවත්. ඊට අදාළ සාධක නැහැ. 2012 දී පෘථිවිය වෙත නිබ්රු හෝ එක්‌ස්‌ නමින් ග්‍රහයන් එන්නේ නම් අභ්‍යවකාශ පර්යේෂකයන් විසින් එA ගැන විමර්ශනය කරනවා. එහෙත් එවැනි ග්‍රහයෙක්‌ නැහැ. එහෙත් ඊරිස්‌ නමින් ග්‍රහයෙක්‌ සිටිනවා. එය ප්ලූටෝ ග්‍රහයාට සමානයි. ඊරිස්‌ ග්‍රහයා සෞරග්‍රහ මණ්‌ඩලයෙන් පිටතයි සිටින්නේ. එය පෘථිවියට සැතපුම් බිලියන 4 ක්‌ ඈතින් සිටින බව කිවයුතුයි.


පෘථිවිය ආපස්‌සට කැරකැවෙන්නේ නැහැ. මහාද්වීප සෙමින් ගමන් කිරීමක්‌ සිදු වෙනවා. වසර මිලියන ගණනකට පෙර ඇන්ටාර්ටිකාව තිබුණේ නිරක්‍ෂක රේඛාව සමීපවයි. එසේම විපත් පිළිබඳව තොරතුරු දක්‌වන අන්තර්ජාල වෙබ් අඩවි ජනතාව මුලා කිරීමට උත්සාහ කරනවා. පෘථිවියේ චුම්බකත්ව බලය සහ පෘථිවිය ආපස්‌සට කැරකැවීම අතර සබඳතාවක්‌ ඇතැයි එම වෙබ් අඩවි කියනවා. එසේ වුවත් පෘථිවියේ චුම්බකත්ව ආපස්‌සට යැම තවත් සහශ්‍ර කීපයක්‌ තුළ සිදුවිය හැකි යෑයි කියන්න බැහැ.
'නිබ්රු කියා ග්‍රහයෙක්‌ නැහැ' නාසා කියා සිටී


ලෝක විනාශය සම්බන්ධයෙන් විවිධ සාවද්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්‌සේ ව්‍යාප්ත වේ. ඇමරිකානු නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ඩොන් යිසෝමන්ස්‌ පවසන්නේ නාසා ආයතනයේ නමින් ව්‍යාජ නිවේදන පවා ප්‍රකාශයට පත්වන බවයි. මේ නිසා නාසා ආයතනය මුල් වරට ලෝක විනාශය පිළිබඳ පුවතේ සත්‍ය හෙළි කර ඇත. ඇමරිකානු නාසා ආයතනය විසින් ලෝක විනාශය නමැති පුවත ගැන කරුණු දක්‌වා ඇති අයුරුයි මේ.

ප්‍රශ්නය - ලෝක විනාශයක්‌ සිදුවන්නේද?

පිළිතුර - 2012 අවසානයේ ලෝක විනාශයක්‌ සිදුවන්නේ නැහැ. තවත් වර්ෂ බිලියන 4 ක්‌ දක්‌වා පෘථිවිය පවතිනවා. 2012 දී පෘථිවියට තර්ජනයක්‌ එල්ල වන බවට විද්වත් විද්‍යාඥයින් පවා හෙළි කර නැහැ.

ප්‍රශ්නය - 2012 ලෝක විනාශයක්‌ සිදුවන බවට අනාවැකි පළවූයේ කෙසේද?

පිළිතුර - සුමේරියානුවන් විසින් නිබ්රු නමින් ග්‍රහයෙක්‌ සොයාගත් බව පැවසුවා. 2003 මැයි මස ලෝක විනාශය සිදුවන බවට අනාවැකියක්‌ පළ වුණා. එය සිදුවූයේ නැහැ. ඉන් පසු එම දිනය 2012 දෙසැම්බර් මසට යොමු වුණා. එය මායා දින දර්ශනයට ඈ¹ ගනු ලැබුවා. එම මායා දින දර්ශනය අනුව ලෝක විනාශය දෙසැම්බර් 21 වැනිදා සිදුවන බවට අනාවැකියක්‌ පළ වුණා.

ප්‍රශ්නය - 2012 දෙසැම්බර් මස මායා දින දර්ශනය අවසන් වේද?

පිළිතුර - ඔබගේ මුළුතැන්ගෙයි ඇති දින දර්ශනය මෙන් දෙසැම්බර් 31 දා සිට දින දර්ශනය ඉදිරියට යන්නේ නැහැ. 2012 දෙසැම්බර් 21 වැනිදා මායා දින දර්ශනය නතර වෙන්නේත් නැහැ. ජනවාරි 1 දා යළිත් වර්ෂයක්‌ ඇරඹෙනවා.

ප්‍රශ්නය - දෙසැම්බර් 23 සිට 25 තෙක්‌ මුළු ලොවම අන්ධකාරයේ පවතින බව නාසා ආයතනය කියන්නේද?

පිළිතුර - එහෙම දෙයක්‌ නැහැ. නාසා හෝ වෙනත් කිසිම විද්‍යාත්මක සංවිධානයක්‌ එA බව පවසා නැහැ. විශ්වය තුළ ඇති යම් ක්‍රියාදාමයක්‌ නිසා අන්ධකාරය ඇති වන බවට සාවද්‍ය වාර්තා ප්‍රකාශයට පත් වුණා. මේ බොරු ප්‍රචාරය නිසා හදිසි අවස්‌ථාවක්‌ මතුවී ඇති බවට ද තොරතුරු විකාශනය වුණා. කිසිම අවස්‌ථාවක පෘථිවිය අන්ධකාරයේ පවතින්නේ නැහැ.

ප්‍රශ්නය - සෞරග්‍රහ මණ්‌ඩලයේ ග්‍රහයන්ගෙන් පෘථිවියට බලපෑම් එල්ල වන්නේද?

පිළිතුර - ඉදිරි දශකවල ග්‍රහයන්ගෙන් බලපෑමක්‌ එල්ල වන්නේ නැහැ. එවන් බලපෑමක්‌ එල්ල වුණත් එය සිදු වන්නේ සුළු වශයෙන් යෑයි කිව හැකියි. 1962 දී එවැන්නක්‌ සිදු වුණා. ඉන් පසු 1982 සහ 2000 දීත් සිදු වුණා. සෑම වසරකම දෙසැම්බර් මස පෘථිවිය හා සූර්යයා අතර බලපෑම් ඇති වෙනවා. එය වාර්ෂිකව සිදු වන්නක්‌. එහෙත් ඉන් බලපෑමක්‌ ඇතිවී නැහැ.

ප්‍රශ්නය - නිබ්රු හෝ එක්‌ස්‌ හෝ ඊරිස්‌ නමැති ග්‍රහයෙක්‌ පෘථිවිය වෙත ඇදී එන බවත් ඉන් පෘථිවියට තර්ජනයක්‌ ඇතිවී මහා විනාශයක්‌ සිදු වන්නේද?

පිළිතුර - නිබ්රු සහ ඊට අදාළ වෙනත් පුවත් අන්තර්ජාලය තුළ මවා පෑ බොරු පුවත්. ඊට අදාළ සාධක නැහැ. 2012 දී පෘථිවිය වෙත නිබ්රු හෝ එක්‌ස්‌ නමින් ග්‍රහයන් එන්නේ නම් අභ්‍යවකාශ පර්යේෂකයන් විසින් එA ගැන විමර්ශනය කරනවා. එහෙත් එවැනි ග්‍රහයෙක්‌ නැහැ. එහෙත් ඊරිස්‌ නමින් ග්‍රහයෙක්‌ සිටිනවා. එය ප්ලූටෝ ග්‍රහයාට සමානයි. ඊරිස්‌ ග්‍රහයා සෞරග්‍රහ මණ්‌ඩලයෙන් පිටතයි සිටින්නේ. එය පෘථිවියට සැතපුම් බිලියන 4 ක්‌ ඈතින් සිටින බව කිවයුතුයි.

ප්‍රශ්නය - ඉදිරි දින කීපයේ ද පෘථිවිය ආපසු කැරකැවෙන බවට පැවසෙනවා - චුම්බක ක්‍ෂේත්‍රය උඩ යට මාරුවන බව කියනවා?

පිළිතුර - පෘථිවිය ආපස්‌සට කැරකැවෙන්නේ නැහැ. මහාද්වීප සෙමින් ගමන් කිරීමක්‌ සිදු වෙනවා. වසර මිලියන ගණනකට පෙර ඇන්ටාර්ටිකාව තිබුණේ නිරක්‍ෂක රේඛාව සමීපවයි. එසේම විපත් පිළිබඳව තොරතුරු දක්‌වන අන්තර්ජාල වෙබ් අඩවි ජනතාව මුලා කිරීමට උත්සාහ කරනවා. පෘථිවියේ චුම්බකත්ව බලය සහ පෘථිවිය ආපස්‌සට කැරකැවීම අතර සබඳතාවක්‌ ඇතැයි එම වෙබ් අඩවි කියනවා. එසේ වුවත් පෘථිවියේ චුම්බකත්වය ආපස්‌සට යැම තවත් සහශ්‍ර කීපයක්‌ තුළ සිදුවිය හැකි යෑයි කියන්න බැහැ.

ප්‍රශ්නය - 2012 දී පෘථිවිය සමග උල්කාපාතයක්‌ ගැටේද?

පිළිතුර - ධුමකේතු හා උල්කාපාතවලට පෘථිවිය හැමවිටම ගොදුරු වෙනවා. එහෙත් විශාල උල්කාපාත පෘථිවිය වෙත ඇදවැටීම සිදුවන්නේ නැහැ. වසර මිලියන 65 කට පෙර විශාල උල්කාපාතයක්‌ පෘථිවියට වැටී ඩයිනෝසිරස්‌ සතුන් වඳ වූවා. නාසා අභ්‍යවකාශගාමීන් දැන් ස්‌පෙස්‌ ගාඩ් සර්වේ හෙවත් අභ්‍යවකාශය නිරීක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළක්‌ දියත් කර තිබෙනවා.

ඉන් පෘථිවිය අසලට උල්කාපාත පැමිණෙන්නේදැයි විමර්ශනය කරනවා. ඩයිනෝසිරස්‌ සතුන්ව විනාශ කළ උල්කාපාත වැනි විශාල උල්කාපාත පෘථිවිය සමීපයට පැමිණෙන්නේ නැති බවට අපට සනාථ වුණා.

ප්‍රශ්නය - 2012 දී ලෝක විනාශය සිදුවන බවට ප්‍රචාරය වී ඇත. තොරතුරු ගැන නාසා විද්‍යාඥයන් දරන මතය කුමක්‌ද?

පිළිතුර - 2012 දී විවිධ විපර්යාස සිදුවනවා යෑයි කියනවා. එහෙත් සාක්‍ෂි කොහේද? මේවා සියල්ල මිථ්‍යා ප්‍රචාරයි. මේ ප්‍රචාර ග්‍රන්ථ, චිත්‍රපටවලින් අන්තර්ජාලය ඔස්‌සේ විකාශනය වුවත් අපට එAවා වෙනස්‌ කරන්න බැහැ.

2012 දෙසැම්බර් මස අසාමාන්‍ය දේ සිදුවන බවට කිසිම සනාථවන සාක්‍ෂියක්‌ නැහැ.

ප්‍රශ්නය - 2012 දී විශාල සෞර මාරුතයක්‌ තුළින් අනතුරුදායක තත්ත්වයක්‌ ඇතිවිය හැකිද?

පිළිතුර - සෞරග්‍රහ මණ්‌ඩලයේ ක්‍රියාදාමයන් සෑම වසර 11 කටම සිදුවනවා. ඉන් චන්ද්‍රිකාවලට බාධා ඇති වනවා. එහෙත් සෞරග්‍රහ මණ්‌ඩලයේ මාරුතවලින් චන්ද්‍රිකා රැකගැනීම සඳහා ඉංජිනේරුවන් දැන් අධ්‍යයනය කරනවා. මීළඟ සෞරග්‍රහ මණ්‌ඩල ක්‍රියාවලිය 2012 ත් 2014 කාලය තුළ සිදුවනවා. එය පෙර පැවැති ක්‍රියාවලියට සමානයි.

ප්‍රශ්නය - නාසා ආයතන මේ සාවද්‍ය ප්‍රචාර ගැන දක්‌වන මතය කුමක්‌ද?

පිළිතුර - නිබ්රු ග්‍රහයා ගැන ග්‍රන්ථයක්‌ ලිව්වේ අසර්බයිජානයේ සිමාරියා සිට්‌චින් නමැති ලේඛකයායි. ඔහු මිථ්‍ය කතා ගොතන්නෙක්‌. වසර කීපයකට පෙර ඔහු මියගියා.

ප්‍රශ්නය - නිබ්රු නමැති ග්‍රහයෙක්‌ සිටින බව නාසා ආයතනය පැවසූ බව වෙබ් අඩවි පැවසුවා.

පිළිතුර - අපි එවැන්නක්‌ ප්‍රකාශ කර නැහැ. නාසා වෙබ් අඩවිය මෙහෙය වන්නේ හොලි සේල්, නාසා වෙබ් අඩවියේ බලධාරියා බ්‍රයන් ඩුන්බාර්. යමෙක්‌ නාසා ප්‍රකාශයක්‌ කියා පැවසුවාට පිළිගන්න එපා. අපේ සුටෝමි චන්ද්‍රිකාව පෘථිවිය ගැන නිරීක්‍ෂණයේ සිටිනවා.
Read Post | comments

හඳුනා නොගත් පාෂාණ-ලෝහ කැබලි දුටුවොත් වහාම දැනුම් දෙන්න

Saturday, December 15, 2012

වෛද්‍ය පර්යේෂණ ආයතනය දැනුම් දෙයි

හඳුනා නොගත් කිසියම් වස්තුවක් අහසේ දිස්වූයේ නම් එම අවස්ථාවේ ම හෝ ඉන් පසුව හෝ එම ස්ථානයට පහළින් පොළොව මතුපිට හොඳින් නිරීක්ෂණය කරන ලෙසත්, එසේ නිරීක්ෂණය කිරීමේදී පාෂාණ කැබලි හා ලෝහ කැබලි වැනි ආන්තුක ද්‍රව්‍ය දක්නට ලැබෙන්නේ නම් ඒ පිළිබඳ තම ආයතනය වෙත දැනුම් දෙන ලෙසත් වෛද්‍ය පර්යේෂණායතනය ඉල්ලා සිටී.

පොළොව මත මෙවැනි ආගන්තුක ද්‍රව්‍ය දක්නට ලැබුණොත් ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් ‍එම ආයතනය දැනුම් දෙයි. ඒවා ස්පර්ෂ කිරීම හානිකර වියහැකි වීම මෙයට හේතුවයි.

විවිධ ප්‍රදේශවලදී හඳුනා නොගත් වස්තු, ආලෝක හා වර්ණාවලි දුටු බවට ජනමාධ්‍යවල වාර්තා පළවී තිබේ. ඒවා සම්බන්ධයෙන් විවිධ මත පළවී ඇතත් ඒවා කිසියම් ග්‍රහ වස්තූ හෝ වෙනත් යානා විශේෂයක් ද යන්න පිළිබඳ මෙතෙක් මෙරට පර්යේෂණයක් සිදු කර නොමැත. 

එසේම පසුගිය දින කිහිපයේ රටපුරා විවිධ ස්ථානවලින් වාර්තා වූ මෙවැනි හඳුනා නොගත් ආකාශ වස්තු පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා හා වීඩියෝ පට කිහිපයක් මේ දිනවල මෙරටට පැමිණ සිටින ලෝක ප්‍රකට තාරකා විද්‍යාඥවරයකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මයතා වෙත භාර දීමට වෛද්‍ය පර්යේෂණායතනය පියවර ගෙන තිබේ. 

තාරකා විද්‍යාවට ඇලුම් කරන තරුණයන් පිරිසක් මේ තොරතුරු එක්රැස් කර වෛද්‍ය පර්යේෂණායතනයට භාරදී තිබේ. මහාචාර්යවරයා මේ තොරතුරු ද විශ්ලේෂණය කිරීමට තීරණය කැර ඇත.
Read Post | comments

ඉපැරණි මන්දාකිණි රැසක් හබල් දුරේක්ෂයට නිරීක්ෂණය වෙයි

Friday, December 14, 2012

සෞර ග්‍රහ මණ්ඩලයේ පැරණිතම මන්දාකිනි පිළිබඳ දසුන් හබල් දුරේක්ෂය ආධාරයේ නිරීක්ෂණයට විද්‍යායන්ට හැකි වී ඇතැයි නාසා ආයතනය පවසයි .වසර බිලියන් 13 .3 ක් පමණ ඇත අතිතයට එමඟින් විද්‍යාඥයන් කැඳවාගෙන යනු ලබන බව නාසා ආයතනය පවසයි .

මේ තුලින් මහා පිපිරිමට පෙර විශ්වය පැවති ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි බව වාර්තා වේ .

මින් පෙර කිසි දිනක නුදුටු පෞරාණික ග්‍රහ මන්දාකිනි හතක් හබල් දුරේක්ෂය තුළින් දැක බලා ගැනිමට හැකිවි තිබේ .කැලිෆෝනියාවේ තාරකා විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානී රිචඩ් එලිස් පවසන්නේ මේවා මහ පිපුරුමෙන් අනතුරු වසර මිලියන 380 ක් තරම් පැරණි බවයි .

මේ තුළින් විශ්වයේ සම්භවය සෙවීමේ ප්‍රයත්නයට‍ විද්‍යාඥයන් සමීප වී ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි .
වසර 1990 දී කක්ෂගත කළ හබල් දුරේක්ෂයේ ආයු කාලය අවසන් වන්නේ වසර 2015 දීයි .
Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all