Photobucket

Saturday, December 15, 2012

හඳුනා නොගත් පාෂාණ-ලෝහ කැබලි දුටුවොත් වහාම දැනුම් දෙන්න

වෛද්‍ය පර්යේෂණ ආයතනය දැනුම් දෙයි

හඳුනා නොගත් කිසියම් වස්තුවක් අහසේ දිස්වූයේ නම් එම අවස්ථාවේ ම හෝ ඉන් පසුව හෝ එම ස්ථානයට පහළින් පොළොව මතුපිට හොඳින් නිරීක්ෂණය කරන ලෙසත්, එසේ නිරීක්ෂණය කිරීමේදී පාෂාණ කැබලි හා ලෝහ කැබලි වැනි ආන්තුක ද්‍රව්‍ය දක්නට ලැබෙන්නේ නම් ඒ පිළිබඳ තම ආයතනය වෙත දැනුම් දෙන ලෙසත් වෛද්‍ය පර්යේෂණායතනය ඉල්ලා සිටී.

පොළොව මත මෙවැනි ආගන්තුක ද්‍රව්‍ය දක්නට ලැබුණොත් ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් ‍එම ආයතනය දැනුම් දෙයි. ඒවා ස්පර්ෂ කිරීම හානිකර වියහැකි වීම මෙයට හේතුවයි.

විවිධ ප්‍රදේශවලදී හඳුනා නොගත් වස්තු, ආලෝක හා වර්ණාවලි දුටු බවට ජනමාධ්‍යවල වාර්තා පළවී තිබේ. ඒවා සම්බන්ධයෙන් විවිධ මත පළවී ඇතත් ඒවා කිසියම් ග්‍රහ වස්තූ හෝ වෙනත් යානා විශේෂයක් ද යන්න පිළිබඳ මෙතෙක් මෙරට පර්යේෂණයක් සිදු කර නොමැත. 

එසේම පසුගිය දින කිහිපයේ රටපුරා විවිධ ස්ථානවලින් වාර්තා වූ මෙවැනි හඳුනා නොගත් ආකාශ වස්තු පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා හා වීඩියෝ පට කිහිපයක් මේ දිනවල මෙරටට පැමිණ සිටින ලෝක ප්‍රකට තාරකා විද්‍යාඥවරයකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මයතා වෙත භාර දීමට වෛද්‍ය පර්යේෂණායතනය පියවර ගෙන තිබේ. 

තාරකා විද්‍යාවට ඇලුම් කරන තරුණයන් පිරිසක් මේ තොරතුරු එක්රැස් කර වෛද්‍ය පර්යේෂණායතනයට භාරදී තිබේ. මහාචාර්යවරයා මේ තොරතුරු ද විශ්ලේෂණය කිරීමට තීරණය කැර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all