Photobucket

Tuesday, January 1, 2013

වැරදි කරන රියදුරන්ට ලකුණු ක්‍රමය අද සිට

රියැදුරන් සඳහා රියැදුරු අභිවෘද්ධි ලකුණු ලබාදීමේ ක්‍රමය මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් අද (01) සිට ක්‍රියාත්මක කරයි.

විනය ගරුක හා වැරදි නොකරන රියැදුරන් බිහිකිරිම මෙහි අරමුණ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්. එච්. හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

මේ යටතේ සාමාන්‍ය රියැදුරු බලපත්‍රයක් දරන්නෙකු මාස 24 ක් ඇතුළත රියැදුරු අභිවෘද්ධි ලකුණු 24 ක් ලබාගත හොත් එම රියැදුරු බලපත්‍රය මාස 12ක කාලයක් අත්හිටුවන බව හරිස්චන්ද්‍ර මහතා පැවසීය

ලකුණු 18ට වැඩි 23ට අඩු ප්‍රමාණයක් ලබාගත් විට මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් ඔහුට අනතුරු හැඟවීමේ ලිපියක් යවනු ලැබේ.

එහි අඩංගුවන්නේ ලකුණු 23 ඉක්මවූ විට රියදුරු බලපත්‍රය අවලංගු වන බවයි.
 
සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් දරන්නෙකු මාස 24ක් ඇතුලත රියදුරු අභිවෘද්ධි ලකුණු 24ට අඩු ප්‍රමාණයක් ලබා ඊලග අවුරුද්ද තුළ අභිවෘද්ධි ලකුණු ලබා නොගතහොත් එම ලකුණු වලින් 06ක් අඩු කරනු ලැබේ.

ඉන්පසු එලබෙන අවුරුද්දේ ලකුණු තව දුරටත් නොලැබ සිටියහොත් ඊලග ‍වසරේ ඔහුගේ සියළුම අභිවෘද්ධි ලකුණු අහෝසිකෙරේ.

සාමාන්‍ය රියදුරු බලපත්‍රයක පරිවාස කාළය තුළදී රියදුරු අභිවෘද්ධි ලකුණු 06ක් ලබාගතහොත් පරිවාස කාළය තවත් වසරක් දීරඝකෙරෙන අතර ‍06ට වැඩියෙන් ලබාගත් විට එය අවලංගු කෙරේ එවිට නැවත රියදුරු බලපත්‍රයක් ලබාගත යුතුය.‍

රියදුරු උපදේශක බලපත්‍රය දරන්නෙකු මාස 24 ක් ඇතුලත අභිවෘද්ධි ලකුණු 12ක් ලබා ගතහොත් ඔහුගේ උපදේශක රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් අත්හිටවනු ලැබේ.

වසර 04ක් ඇතුළත අභිවෘද්ධි ලකුණු 24 බැගින් ලබා රියදුරු බලපත්‍රය අත්හිටවනු ලැබුවහොත් එම උපදේශක බලපත්‍රය අවලංගු කරනු ලැබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all