Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි


Photobucket
Showing posts with label ප්‍රාදේශීය පුවත්. Show all posts
Showing posts with label ප්‍රාදේශීය පුවත්. Show all posts

බලපත් නැති බසයකට දඩය ලක්ෂයයි

Monday, September 28, 2015

මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කරනු ලබන බස් රථවලට පනවා ඇති රුපියල් 10,000 ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. රුපියල් 10,000ක දඩ මුදල ප්‍රමාණවත් නොවන බවත් එම නිසා අවශ්‍ය පනත් සංශෝධන කඩිනමින් ගෙන එනු ලබන බවත් ඇමැතිවරයා කීය.

රජයේ නිලධාරීන්ගේ මෙන් ම දේශපාලනඥයන්ගේ ද බස් රථ රැසක් මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කරනු ලබන බවත් මේ වන විට උතුරු පළාතේ බස්රථ 90ක් මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කරනු ලබන බව හඳුනාගෙන තිබේ. එම බස් රථ වහාම අත්අඩංගුවට ගැනීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
Read Post | comments

‘හයිබ්‍රිඩ්’ අධිකරණය අහෝසියි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව මඟින් සිදුකෙරෙන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට අයත් එකක් බවත් මෙමඟින් හයිබ්‍රිඩ් විමර්ශන යන්ත්‍රණයක් සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයා කළ යෝජනාව ද අවලංගු වි ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ප්‍රකාශ කළේ ය.

මේ සඳහා අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය ශ්‍රී ලංකාවට ලබා දිය යුතු බව ද කෙරී මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

ශ්‍රී ලංකාව එම මානව හිමිකම් යෝජනාවට අනුග්‍රහය දැක්වීමට ගත් තීරණය අගය කළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ යෝජනාව මඟින් මෙතෙක් විසඳුම් නොමැති ප්‍රශ්න කිහිපයකට විසඳුම් ලැබෙනු ඇති බව ද පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ දේශීය විමර්ශන ක්‍රියාවලිය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා රජය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රබල රටවල් අතර එකඟතාවක් ඇති වී තිබෙන අතර ඒ යටතේ ආසියාතික රටවල් කිහිපයකට ද දේශීය යන්ත්‍රණය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනු ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘සිළුමිණ’ ට පැවසුවේ ය‍.මේ හරහා හයිබ්‍රිඩ් විමර්ශන යන්ත්‍රණයක් සඳහා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා කළ යෝජනාව ද අවලංගු වී ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පසුගිය බ්‍රහස්පතින්දා ඉදිරිපත් වුණු යෝජනාවට තවත් වෙනස්කම් කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ එක්වනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

එම අවසන් යෝජනාව ලබන 30 වැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඒකමතිකව සම්මත කිරීමට නියමිත ය.
Read Post | comments (1)

වෑන් රියක් ගිය මග

දියතලාව ඉදිරියගොල්ල සුසාන භූමිය අසල දී අද අළුයම 1.30ට පමණ වෑන් රියක් අඩි 150ක් පමණ ප්‍රපාතයකට පෙරළී වැන්රියේ රියදුරු ඇතුළු දෙදෙනෙක් තුවාල ලබා ඇත. විනෝද ගමණක් යාම සදහා පිරිසක් ගැනීමට යමින් සිටි මෙම රථය රියදුරුට නින්ද යාම නිසා අනතුරට ලක්වන්නට ඇතැයි විශ්වාස කරයි. රථය පෙරලුනු නිවස තුල ඒ අවස්ථාවේ නිවසියන් සිට නැත. තුවාලකරුවන් දියතලාව රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.




Read Post | comments

ඩී.එන්.ඒ වාර්තා එනතුරු පාසල් සිසුවාත් යළි රිමාන්ඩ්

කොටදෙණියාවේ, බඩල්ගම සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින පාසල් සිසුවා ඇතුළු මුල් සැකකරුවන් දෙදෙනා ඔක්තෝබර් 2 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (28) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ කොටදෙණියාව පොලිසියද රහස් පොලිසියද යන ප්‍රශ්නය මහේස්ත්‍රාත්වරයා මතු කළේය. අද රහස් පොලිසිය උසාවියට පැමිණ සිටියේ නැත.

නොපැමිණීමට හේතුවක්ද දක්වා තිබුණේද නැත. ළමයා ඇප මත මුදාහරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි දස දෙනෙක් පමණ නීතිඥවරු ඉල්ලා සිටියහ.

කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ඊට විරුද්ධ විය. ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තා ලැබී නැතැයිද ලැබෙනතුරු ඔවුන්ට ඇප නොදෙන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

නීතිඥවරුන් එවිට කියා සිටියේ එසේ නම් ජාන පරීක්ෂණ සඳහා ලේ ලබාගත් සෙසු සැකකරුවන්ද රිමාන්ඩ් කරන ලෙස පොලිසිය ඉල්ලා ඇත්ද යන්නයි. මෙම දෙදෙනාව දින තුනක් පොලිසියේ රඳවාගෙන පහරදී ඇතැයි නීතිඥවරු කීහ. ඔවුන් වහාම මීගමුව අධිකරණ වෛද්‍ය නිලධරයා වෙත යොමු කර වාර්තාවක් නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මහේස්ත්‍රාත්වරයා පැවසූයේ පොලිසිය හා ජනමාධ්‍ය මේ සිද්ධියේදී ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. එසේ නොකළ හොත් සැකකරුවන්ට තදබල අසාධාරණයක් සිදුවනු ඇතැයි මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය. තමාට ඇප දීමේ බලයක් නැතැයිද තමාට කළ හැක්කේ සාක්කි නැත්නම් මුදා හැරීම පමණක් යැයිද මහේස්ත්‍රාත් කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක්ද රිමාන්ඩ් කර සිටියි.
Read Post | comments

දරුවා මැරුවේ ඔහුගේ පියාට දරාගන්න බැරි දරුණුම වේදනාව දීමටයි


"දරුවගේ පියාගෙන් සිදුවූ කෙනෙහිලිකම් නිසා එයට පළිගන්න මම දරුවව කපලා කොටලා මැරුවා..." යෑයි පනාගොඩ කපුරුගොඩ ප්‍රදේශයේ කළුගල් වැඩපළක්‌ අසල පාළු නිවසකදී තියුණු ආයුධයකින් දස හැවිරිදි පිරිමි දරුවකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (27 වැනිදා) අතුරුගිරිය පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

මෙම ඝාතන සිද්ධියෙන් පසු සැකකරු පලාගොස්‌ තිබූ අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුමක්‌ අරඹා තිබිණි.අනතුරුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු බියගම, බණ්‌ඩාරවත්ත ප්‍රදේශයේ පා ගමනින් යමින් සිටියදී කොටුකරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 7 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට හෝමාගම මහෙස්‌ත්‍රාත් වයි. ආර්. බී. නෙළුන්දෙණිය මහතා නියෝග කළේය. 

ඇල්ල ලියනගේ එබ්‍රහිම් පෙරේරා (50) නමැති සැකකරු කඩුවෙල, කොතලාවල පදිංචි අයෙකි. ඝාතනයට ලක්‌ව තිබුණේ පනාගොඩ කපුරුගොඩ පදිංචිව සිටි කවිඳු දේවින්ද කපුරුගේ නමැති දරුවෙකි.

පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කවිඳු මෙම වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටියේය.

සිද්ධිය වූ පසුගිය සිකුරාදා වර්ෂාව නිසා කවිඳු පාසල් නොගොස්‌ නිවසේ රැඳී සිට ඇත. ඔහුගේ මව සිය වැඩිමල් සොහොයුරාට කෑම පාර්සලයක්‌ ලබාදීමට නිවසින් ගොස්‌ ඇත. කවිඳු සිය පියා සමග නිවසේ රැඳී සිටියදී පියාද ගොවිපළ වෙත ගොස්‌ ඇත.

විනාඩි දහයකට පසු නිවසට පැමිණි කවිඳුගේ පියා සිය දරුවා නිවසේ නොමැති බව දැන හැම තැනකම සොයා අසල්වාසීන්ටද මේ ගැන පවසා දරුවාව සොයන්නට පටන් ගෙන ඇත. කළුගල් වැඩපළ අසල පිහිටි පාළු නිවස ඉබි යතුරු දමා වසා තිබෙනු දැක එය ද ගසා විවෘත නොවීමෙන් පසු ඒ ගැන අදහස අතහැර යළිත් කවිඳුට වූ දේ සොයන්නට පටන් ගෙන ඇත. කොතෙක්‌ සෙව්වත් දරුවා හමු නොවූ නිසා පියා ඇතුළු පිරිස පාළු නිවසේ දොරගුළු කඩා ඇතුළු වී බැලීමේදී ගෙල, අත් පා වෙන් වන්නට කපා දමා මරා තිබූ සිරුර හමුවී තිබේ. 

ගල් වළේ වැඩට පැමිණි දා සිට දරුවගේ පියා මට බොහෝ කෙනෙහිලිකම් කළා. මට ඕනෑ කළා ඔහුට දරුණුතම දරාගත නොහැකි වේදනාවක්‌ දෙන්න. ගෙදරට යනකොට දරුවා රූපවාහිනිය බලමින් හිටියේ. දරුවාගේ ගෙදර අය එළියට යනකම් මම බලන් ඉඳලයි ගෙට ගියේ. පස්‌සේ දරුවව පාළු නිවස තුළට අරන් ඇවිත් කෑලි කෑලිවලට කපලා මරා දැම්මා..." යෑයි සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

ව්‍යාජ නම් ගම්වලින් පෙනී සිට ඇති සැකකරු පනාගොඩ ගම්වාසීන් නොමග යවමින් වසර එකහ මාරක කාලයක්‌ ගල් වැඩපළේ සේවය කර ඇත.

ඝාතනයට ලක්‌වූ කවිඳුගේ බාප්පාට අයත් මෙම ගල් වැඩපළේ රැකියාව කරන ඔහු ඒ ආසන්නයේ ඇති පාළු නිවසේ නැවතී සිට ඇත.

සැකකරු කාලයක්‌ තිස්‌සේ මෙම ඝාතනය සැලසුම් කර ඇති අතර, මීට මාස තුනකට පෙර ගොඩගම ප්‍රදේශයට ගොස්‌ මන්නා ගිහියක්‌ මිලදී ගෙනැවිත් ඔහු නැවතී සිටි නිවසේ සඟවා තබාගෙන සිට ඇත. 25 වැනිදා දරුවාගේ මව හා පියා එළියට යනු දැක පසුව එම නිවසට ගොස්‌ ඇති සැකකරු පුතේ කාසි වගයක්‌ තිබෙනවා යමු මං ඔයාට දෙන්නම්..." කියා දරුවා රවටාගෙන ඔහු නැවතී සිටි පාළු නිවසට රැගෙන ගොස්‌ ඇත. 

පසුව එම ගෙතුළ ඇති සකස්‌ කළ කුඩා වළක කාසි ඇති බව පෙන්වා එම වළ හාරා කාසි ලබා ගන්නා හැටියට සැකකරු දරුවාට පවසා තිබේ.

එම කාසි ලබාගන්නට දරුවා වළ හාරන අතරේ සැකකරු මන්නා පිහිය රැගෙන විත් දරුවාගේ ගෙල වෙන්වෙන අන්දමට කොටා ඇත.

පස්‌සේ මම දරුවාගේ සිරුර කෑලි කෑලිවලට කපා කොටස්‌ කර පසුව මන්නය විසිකර ත්‍රීවිල් එකක නැගලා ගිහින් පනාගොඩ හන්දියෙන් බැහැලා ගියා" යෑයි ද සැකකරු පොලිසියට කියා තිබේ.

මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ සැකකරු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් දිවයිනේ නමගිය අපරාධකරුවකු ද බව පොලිසිය කියයි.

නවගමුව ප්‍රදේශයේ දී තරුණයකු ඝාතනය කිරීම, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට 2007 වර්ෂයේ නැවත නිදහස්‌ වී පැමිණ ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් පනාගොඩ ප්‍රදේශයේ වාසය කර ඇත. එහිදී ගල්කොරි කර්මාන්තයේ නිරතව ඇති අතර මීට වසර 20 කට පමණ පෙර ගල්කොරියක වෙඩිල්ලක්‌ පිපිරී සැකකරුගේ ලිංගේන්ද්‍රිය සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත. මේ නිසා මොහු සමාජය කෙරෙහි දැඩි වෛරී ස්‌වභාවයකින් පෙළී ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව අතුරුගිරිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සජීව මහානාම මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක අසංක ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් පියල් (56750), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන මහේෂ් (10033), තෙන්නකෝන් (40793), ගමගේ (40947), මඩවල (85851), චතුරංග (40603), රුවන් (61105) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
Read Post | comments

හාල් ටොන් ලක්ෂ 10ක් ගෙන්වීම වී අර්බුදයට තවත් ප්‍රබල හේතුවක්

Wednesday, September 23, 2015

පසුගිය ජනවාරි මාසයට පෙර පසුගිය රජය විසින් ඇණවුම් කළ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් මේ රටට ගෙන්වීම මෙරට වී මිලදී ගැනීමේ අර්බුදයට තවත් හේතුවක් වී ඇතැයි අනාවරණය වෙයි. එම හාල් තොග ස.තො.ස. ඇතුළු ආයතන මඟින් තවමත් අඩුමිලට විකුණන නිසා පෞද්ගලික සහල් මෝල් හිමියන්ට පෞද්ගලික ලෙස වී මිලදී ගැනීමට අපහසු වී ඇතැයි සහල් මෝල් හිමියන්ගේ සංවිධානය පවසයි.


මේ අනුව 2014 ව‍ස‍ෙර්දි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8.5 ක්ද 2015 වසරේ මුල් භාගයේදී මෙට්‍රික් ටොන් 1.5 ක් මෙරටට ගෙන්වා ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති අශෝක පතිරණ මහතා සිළුමිණට කීය.

මේ අතර ගොවි සංවිධාන හා සහල් කර්මාන්ත කරුවන්ගේ එකමුතුවේ කැඳවුම්කරු අරුණ ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ මේ තත්ත්වය මත වී සහතික මිල රුපියල් 40 කිරීමටත් පාන් පිටි මිල රුපියල් 30 කින් වැඩි කිරීමටත් කටයුතු කරන ලෙස තම සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බවයි.
Read Post | comments

තව වසර 25ක් යන විට අපේ රටේ එක අලියෙක්වත් නැහැ

දැනට මෙරට ඉතා දරුණුව පවතින අලි - මිනිස් ගැටුම නිසා ඉදිරි වසර 25 - 30 ඇතුළතදි අපේ රටින් අපේ අලි පරපුර සදහටම නැතිවී යාමේ දැඩි අවදානමක් ඇතැයි පාරිසරික සංවිධාන හා වනජීවී විද්වත්තු පවසති.


2012 - 2013 - 2014 යන වසරවලදී හා 2015 වසරේ මුල් මාස 8 ඇතුළත අලි - මිනිස් ගැටුම නිසා අලි 775 ක් හා මිනිස් ජීවිත 215 ක් අපට නැතිවී ඇතැයි ඉහත ආයතනවල සංඛ්‍යාලේඛන අනුව පෙන්වා දෙයි.

ඊට අමතරව 1990 - 2000 වසර 10 ඇතුළත වන අලි 1300 ක් හා මිනිස් ජීවිත 350 ක් අපට අහිමි වී ඇතැයි හිටපු වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර නන්දන අතපත්තු මහතා පවසයි.

වනජීවී විද්වතුන් හා පරිසර සංවිධාන පෙන්වා දෙන පරිදි අපේ රටේ දැනට සිටින්නේ අලි ඇතුන් 3500 කට අඩු ගණනකි. පසුගිය සංඛ්‍යා ලේඛන අනුව වසරකට අලි ඇතුන් 220 ක් අපට අහිමි වී යයි. වසරකට අලි පැටවුන් 100 ක් උපත ලැබුවත් ඉදිරි වසර 25 - 30 ඇතුළත අපේ රටින් අලි සම්පත සදහටම නැතිවී යන තත්ත්වයක් ඇතිවී ඇතැයි මෙරට වනජීවී හා පරිසර අංශ අවධාරණය කරයි.

රටේ යෝජනා වී ඇති අලිමංකඩ ගැසට් කර අලින්ට සංක්‍රමණයට වෙන් කිරීමෙන් හා හණ, ගජමදාරා, බෝගන්විලා, තල් වැනි ශාකවලින් යුත් වැට මායිම් ඉදිකිරීමෙන් අලි මිනිස් ගැටුම අවම කර ගත හැකි බව වනජීවී සංරක්ෂණය පිළිබඳ විද්වත්හු පෙන්වා දෙති.
Read Post | comments

අසාද් සාලි බලහත්කාරයෙන් කාන්තාවක්‌ නිවසේ රඳවාගෙන

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා 54 හැවිරිදි කාන්තාවක්‌ සිය නාවල නිවසේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට වැලිකඩ පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් වී ඇත.


මෙම කාන්තාවගේ ඥාතීන් අසාද් සාලි මහතාගේ නාවල නිවස ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණය කරමින් සිය ඥාතියා ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

මෙම කාන්තාව දරුවන් සිවුදෙනකුගේ මවකි.

අසාද් සාලිගේ නිවසේ සිටි පිරිසක්‌ තමන්ට තර්ජනය කළ බව මෙම කාන්තාවගේ ඥතීහු පැවසූහ.
Read Post | comments

කඩුවෙල කලබලේ අස්සේ දෙන්නෙක් පනිති

කඩුවෙල උසාවියේ වෙඩි තැබීමේ සිද්ධියත් සමග මිනීමැරුම් නඩුවක සැකකරුවන් දෙදෙනකු පැන ගිය බව පොලිසිය පවසයි.

දැඩිගමුව යශෝධරා මාවතේ මාබුලගේ දිනිත් මිලාන් හා දැඩිගමුව සමගි මාවතේ චමින්ද බුද්ධික ඒ දෙදෙනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඔවුන් මාංචු පිටින් පැන්නේද නැද්ද යන්න සොයාගෙන නැතැයිද ඔවුන් සෙවීම සඳහා පොලිස් හා බන්ධනාගාර කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් ඇරඹූ බවද පොලිසිය පවසයි.
Read Post | comments

කඩුගන්නාවෙන් තවත් කසල තේ තොගයක්

දවුලගල  සිට කොළඹ  කර්මාන්ත ශාලාවකට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ පටවා ගත් තවත් ලොරියක් පොලිස් විශේෂ කාර්ය බළකා‍ය මගින් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය  පවසයි.


කසල තේ කිලෝග්‍රැම් 5550 ක් සහිත ලොරිය හේනාවල ප්‍රදේශයේදී  අඟහරුවාදා (22) අත් අඩංගුවට ගන්නා විට එම කසල තේ ප්‍රවාහනය සදහා  අවසර පත්‍රයක්ද නොතිබුණු බව කඩුගන්නාව පොලිස් දූෂණ මර්දන ‍ඒකකය පවසයි.
Read Post | comments

නැන්දණිය ඝාතනය කළැයි මරණ දඩුවම

මුදල් ආරවුලක් මත තම නැන්දනියට පිහියකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරැ වූ දික්වැල්ල බතීගම ප්‍රදේශයේ පුද්ගලයකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් මරණ දඬුවම නියම කළේය.

2005 වර්ෂයේ මාර්තු 28 වන දින බතීගම පදිංචි නාවුරැන්නගේ නීතා නැමැති අය මෙසේ ඝාතනයට ලක් වී තිබුණි.

ඇයගේ දියණියක් විවාහ කර ගෙන සිටි බතීගම පදිංචි කැකණදුර විදාන ගමගේ සමන්ත නැමැති අයට මෙසේ මරණ දඬුවම නියම විය.

2012 වර්ෂයේ සිට විත්තිකරු නඩුවට ඉදිරිපත් වීම මගහැර තිබූ අතර ඒ හේතුවෙන් ඔහුට විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට විනිසුරැවරයා කටයුතු කළේය.
Read Post | comments

දැරිය ඝාතනයේ සැකකරුවෙක් බදුවතුගොඩ කැලෙන් අල්ලයි

කොටදෙණියාව බඩල්ගම දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


ඔහු දැරිය ජීවත්ව සිටි නිවෙස ආසන්නයේ පදිංචි අයකු බවත් කියති.

දැනට මේ සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් දෙදෙනකු රිමාන්ඩ් භාරයේ පසුවෙති.

සැකකරු අල්ලා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිදුකළ මෙහෙයුමකදී කැලයේ සැඟවී සිටි සැකකරු අල්ලා ගැනීමට පොලිසිය සමත්ව ඇත.
Read Post | comments

ලොකු ලූනු බද්ද රු. 20 කින් ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ලූනු කිලෝවක විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද මුදල් අමාත්‍යාංශය විසින් රු. 20 කින් වැඩි කර තිබේ.

මේ අනුව මෙතෙක්‌ රුපියල් 10ක්‌ ව පැවැති ආනයනික ලොකු ලූනු කිලෝවක විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රජය විසින් රුපියල් 30 දක්‌වා වැඩි කර තිබේ.

දේශීය ලොකු ලූනු අස්‌වනු නෙළන කාලය එළඹ ඇති බැවින්, දේශීය ගොවීන්ට තම අස්‌වනු සඳහා හොඳ මිලක්‌ ලබා දීමේ අරමුණින් මේ තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශය කියයි.

ඊයේ (22 දා) මධ්‍යම රාත්‍රියේ සිට මේ නව බද්ද අදාළ වන බව ද මුදල් අමාත්‍යාංශය කියයි.
Read Post | comments

දෙහිවල කිඹුලා දැන් වැල්ලවත්තේ


දෙහිවල හා ගල්කිස්‌ස මුහුදේ දැවැන්ත කිඹුලෙක්‌ සැරිසරන බැවින් එහි දිය නෑමෙන් වළකින්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 


අඩි 17 ක්‌ පමණ දිගැති මෙම දැවැන්ත කිඹුලා මේ දිනවල හිටි හැටියේ දෙහිවල හා ගල්කිස්‌ස මුහුදේ සැරිසරන අන්දම දැක බලා ගැනීමට බොහෝ පිරිසක්‌ ඇදී එති.

දෙහිවල හා ගල්කිස්‌ස වෙරළේ සැරිසරන බොහෝ සුනඛයන් ද මෙම දැවැන්ත කිඹුලා රාත්‍රි කාලයේදී රැගෙන ගොස්‌ කා ඇතැයිද එම ප්‍රදේශවාසීහු කීහ.

විශේෂයෙන් පාසල් සිසුන් විනෝදවීමට හා නෑමට දෙහිවල හා ගල්කිස්‌ස මුහුදු තීරය උපයෝගී කරගන්නා බැවින් පරිස්‌සම් වන්නැයි ද පොලිසිය පාසල් සිසුන්ගෙන් ද ඉල්ලීමක්‌ කරයි. 

මේ වන විට මෙම කිඹුලා වැල්ලවත්ත මුහුදු ප්‍රදේශයේ ද සැරි සරන බැවින් ඒ අවටද දිය නෑමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Post | comments

කොටදෙණියාවෙන් අතුරුදන් දෙදෙනා සොයා සීඅයිඩී මෙහෙයුම්


කොටදෙණියාව බඩල්ගම සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම දැරියගේ නිවස ආසන්නයේ නවාතැන් ගෙන සිටි ළමා අපචාර කීපයකට සම්බන්ධ සැකකරු සහ ඔහුගේ සොහොයුරකු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශය පුරා පුළුල් මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර ඇත.

මෙම සැකකරුවන් දෙදෙනාම මේ වන විට අතුරුදන්ව ඇති බවත් ඔවුන් කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය පවසයි. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ  ස්‌ථාන කීපයක්‌ සහ වෙනත් ප්‍රදේශවල සැකකටයුතු ස්‌ථාන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා පරීක්‍ෂා කළ ද සැකකරුවන් එම ස්‌ථානවල සිට නැත.

ගම්පහ ප්‍රදේශයේදී මීට ටික කලකට පෙර දැරියන් දෙදෙනකු පැහැරගෙන අතවර කර බෙම්මුල්ල ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමා යැමේ සිද්ධියකට මෙම එක්‌ සැකකරුවකු සම්බන්ධ වී සිටි බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

එම සැකකරු දැරියන් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කලක්‌ බන්ධනාගාරගතව සිට ඉන් ඇප මත පැමිණ සිටි අයකු බව ද පොලිසිය පවසයි.
Read Post | comments

ලක්ෂ 20ක නීති විරෝධි දුම්වැටි මාගල්ලෙන්

Tuesday, September 22, 2015

තීරු බදු රහිතව මෙරටට ආනයනය කරනලද නීති විරෝධි දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකා කදවුරේ බුද්ධි අංශයට ලැබුනු තොරතුරක් අනුව මාගාල්ල ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී ය.
වර්ග 50කට අයත් දුම්වැටි ලක්ෂයක් පමණ අත්ඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වන බවද පැවසේ.
මෙම දුම්වැටි සැකකරු විදේස් ජාතිකයන්ගෙන් වරින්වර මිලදී ගත් බව සැකකරු පවසා ඇත.
සැකකරු සහ දුම්වැටි තොගය විශේෂ කාර්ය බලකාය මගින් ගාල්ල වරාය පොලීසියට භාර දී ඇති බව ද සදහන්.
Read Post | comments

භූතාන හිමිගේ ගමන් මල්ල ත්‍රී රෝද රියදුරු උස්සලා

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන භූතාන හිමි නමකගේ ගමන් බෑගයේ තිබු රුපියල් 40000 ක මුදලක් ද විශ්ව විද්‍යාල හැඳුනුම්පත හා අධ්‍යාපනික ලිපි ලේඛන හොරා ගත් සැකකරු සඳුදා(21) අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.

එම හිමියෝ පසුගිය 20වැනි දින සවස 6 ට පමණ පේරාදෙණිය ඕවල ප්‍රදේශයේ  කුලී නිවස වෙත ත්‍රී රෝද රථයකින් ගමන් කර ඇති අතර තම ගමන් බෑගය ත්‍රී රෝද රියේ තබා බැසගොස් නිවසේ විදුලි ගැටළුවක් සම්බන්ධයෙන්  ත්‍රී රෝද රියදුරු කැඳවා එය නිරාකරණය කරගෙන ඇත. රියදුරු පිටත්ව ගියද තම බෑගය ආපසු ලබාදී නැතැයි ඒ හිමියෝ කියති.

ගමන් බැගය හා රුපියල් 40000 ක මුදලක්ද අධ්‍යාපනික කටයුතු වලට අදාල ලිපි ලේඛනද විශ්ව විද්‍යාල හැදුනුම්පතද නැති බවත් ‍එදින හවස නිවස බලා ගිය ත්‍රිවිල් රථයේ රියදුරු සැක බවත් ඒ හිමියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

අදාළ සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදි ලිපි ලේඛන හා විශ්ව විද්‍යාල හැඳුනුම්පත පේරාදෙණිය පාලම අසලදී ගඟට දැමු බව පැවසූ බව පොලිසිය කියයි. බෑගයේ තිබූ රුපියල් 37000 ක මුදලක් නිවසේ තිබියදී සොයා ගත් බවත් පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු  (22) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
Read Post | comments

නකල්ස් කන්දේ 4ක් අතරමං

රංගල, නක්ල්ස් කඳු ප්‍රදේශයේ ගෝනවල දියඇල්ල නැරඹීමට ගිය පුද්ගලයන් සිව්දෙනෙකු අතරමං වී ඇතැයි පොලීසියට වාර්තා වී ඇත.


අතුරුදන්වූවන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය පවසයි.

පසුගිය 20 වැනිදා පෙරවරුවේ වන්වාරිවත්ත ප්‍රදේශයේ පදිංචි අයකු හා තවත් තරුණයින් තුන්දෙනෙකු සමඟ ගෝනවල දියඇල්ල නැරඹීමට ගොස් එදින රාත්‍රියේ සිට අතුරුදන් වී ඇති බවට වාර්තා වී ඇත.
Read Post | comments

මිගමු- කොළඹ විද්‍යුත් දුම්රියක්

Monday, September 21, 2015

ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව මලයාසියා සමාගමකට  දීමට  යයි.

මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගීම   සඳහා ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුමකට එළඹ තිබෙන්නේ මැලේසියාවේ එයාර් එක්ස්ප්‍රස්- එයාර් ඇන්ඩ් රේල් කම්පැනි  ප්‍රයිවට් ලිමිටඩ් සමාගමයි.

ශක්‍යතා වාර්තාවට   ඩොලර් මිලියන  5 ක පමණ මුදලක් ආයෝජනය කරන අතර   රජයෙන් අනුමැතිය හිමිවූ පසුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.

විද්‍යුත් දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42 කි. කටුනායක ගුවන් තොටුපොළේ සහ කොළඹ කොටුවේ   පර්යන්ත දෙකක් ඉදිකරන අතර දුම්රියට පිවිසුම් ස්ථාන බෝපිටියේ සහ කෙරවලපිටියේ ගොඩනැගීමට සැලසුම් කර ඇත.

බෝපිටියේ පිවිසුමට ආසන්නව අක්කර 150 ක ඉඩම්   මිලදී ගනිමින් සියලු පහසුකම් සුපිරි නගරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. මේ සියලු ඉදිකිරීම් 2018 වසර අවසන් වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
Read Post | comments

ව්‍යාජ මරංචි තොගයක් සැකකරුවන් සමග අත්අඩංගුවට

Monday, March 11, 2013

රුපියල් ලක්ෂ 05 කට අලවි කිරීමට සුදානම් වු ව්‍යාජ මරංචි තොගයක් පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් සැකකරුවන් දෙදෙනෙකුද සමග නොච්චියාගම නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. නිධානයකන් ලබා ගත් මරංචි කිලෝ ග්‍රෑම් 01 ක ප්‍රමාණයක් අලවි කිරීමට ඇති බවට වු තොරතුරක් පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට ලැබී ඇත. 

 ඒ අනුව ව්‍යාජ ගැණුම්කරුවෙකු යොදවා අදාල වැටලීම සිදු කර ඇත. අලවි කරන්නට සුදානම් වු විට අත්අඩංගුවට ගන්නා ලද්දේ ඊයම් වලින් සකස් කර රන් ආලේපිත ගුලි බව වැටලීම කළ නිළධාරීන් කියයි. සැකකරුවන් දෙදෙනා සහ ව්‍යාජ මරංචි තොගය අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා නොච්චියාගම පොලීසියට බාරදී ඇත. 

විශේෂ කාර්ය බලකායේ වව්නියාව පාලන අණදෙන නිළධාරී පොලිස් අධිකාරී අයේෂ් කරුණාරත්න,පුත්තලම ප්‍රාදේශීය අණදෙන නිළධාරී සහකාර පොලිස් අධිකාරී කැළුම් කුළතුංග යන මහත්වරුන්ගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ අණදෙන නිළධාරී පොලිස් පරීක්ෂක වසන්ත පෙරේරා මහතා ඇතුළු නිළධාරී කණ්ඩායමක් විසින් වැටලීම සිදු කර ඇත.
Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all