tag:blogger.com,1999:blog-15505503995333272132024-03-12T17:30:08.261-07:00Gurugedara MagazineAnonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.comBlogger1816125tag:blogger.com,1999:blog-1550550399533327213.post-29253339849993922232015-09-28T23:00:00.000-07:002015-09-28T23:00:04.634-07:00පාකිස්තානුවෝ වි:20 න් ඉහළ නගිති

පකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ හරාරේ නුවරදී (27 දා) පැවැති පළමු තරගයෙන් ලකුණු 13 ක ජයක් ලැබූ පකිස්තානය ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

මේ වසරේදී පකිස්තානය සහභාගි වූ හය වැනි විස්සයි විස්ස තරගය මෙය වූ අතර එහිදී පිට පිටම ජයගත් පස්වැනි තරගය මෙය වේ. වසර ආරම්භයේදී විස්සයි විස්ස ශ්‍රේණියේ හය වැනි ස්ථානයේ සිටි පකිස්තානුවන් මෙම ජයග්‍රාහී රැුල්ලත් සමග ප්‍රසාද ලකුණු 121 ක් ලබා තිබේ. පකිස්තානුවන් අදාළ ශ්‍රේණියේ දෙවැනි වන්නේ ප්‍රසාද ලකුණු 126 ක් ලබා සිටින ශ්‍රී ලංකාවට පමණි.

පසුගිය අපේ‍්‍රල් මාසයේ බංග්ලාදේශයේදී කඩුලූ හතක පරාජයක් ලැබූ පකිස්තානුවන් අනතුරුව සිම්බාබ්වේට එරෙහිව තරග දෙකක් සහ ශී‍්‍ර ලංකාවට එරෙහිව තරග දෙකක් ජය ගනිමින්, සිම්බාබ්වේ බලා පිටත් වූයේ කලගුණ සැලකීමේ තරගාවලියකට සහභාගි වීම සඳහාය.

කිසිම රටක ජාතික කණ්ඩායමක් පකිස්තානයේ තරග නොකිරීමට තීරණය කර තිබියදී සිම්බාබ්වේ කණ්ඩායම ඉකුත් මැයි මස පකිස්තානයට ගොස් එක්දින තරගාවලියකට සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි විය. එම තරගාවලියට සිම්බාබ්වේ පැමිණීම හේතුවෙන් පකිස්තානුවන් මෙම සංචාරයට සහභාගි වීමට එකගත්වය පළ කර තිබුණි.

පකිස්තාන් නායක සහිඞ් අෆ්රීඩි කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තද ඔවුන්ට ලබාගත හැකිවූයේ කඩුලූ අටක් අහිමිව ලකුණු 136 ක් පමණි.

විස්සයි විස්ස තරගයකදී පකිස්තානයට එරෙහිව කිසිදු ජයග්‍රහණයක් නොලද සිම්බාබ්වේ පිතිකරුවන්ට ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 25 දී කඩුලූ තුනක් අතැතිව ලකුණු 47 ක් ලබා ගැනීමට තිබුණි. එහිදී ඔවුන්ට ලබාගත හැකිවූයේ කඩුලූ 2 ක් දැවී යන විට ලකුණු 33 ක් පමණි. සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග්‍රාහී සිහිනය බොඳ කර දැමූ 26 හැවිරිදි වමත් දග පන්දු යවන්නා වූ ඉමාඞ් වසීම් ලකුණු 11 කට කඩුලූ 4 ක් බිද දැමුවේය. දුවද්දී දවා ගැනීම් දෙකකට දායක වූ ඉමාඞ් අභියෝගයකින් තොරවම තරගයේ වීරයා සම්මානයට පාත්‍ර විය.

සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලූ පහ ලකුණු 66 කට දැවී යද්දී ඉන් කඩුලූ හතරකම අයිතිකරුවා වූ ඉමාඞ් වසීම් පකිස්තානු විස්සයි විස්ස කි‍්‍රකට් ඉතිහාසයේ හයවැනි හොඳම පන්දු යැවීම සටහන් කළේය. කෙසේ වෙතත් ඉමාඞ් මෙම තරගයට සහභාගි වීමට පෙර සහභාගි වූ විස්සයි විස්ස තරග තුනකදී ලබා තිබුණේ කඩුල්ලක් පමණි.

පකිස්තානු ඉනිමේ පළමු කඩුලූ තුන ලකුණු 29 දී දැවී ගියද පළමුව දැවී ගිය පිතිකරුවා වූ අහමඞ් ෂෙශාඞ් මිනිත්තු 20 කදී මුහුණ දුන් පන්දු 19 න් හතරේ පහර තුනක් සමග ලකුණු 17 ක් ලබා ගත්තේය.

අංක හතර පිතිකරු ලෙස පැමිණි ෂොයිබ් මලික් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමග කණ්ඩායමේ වැඩිම ලකුණු (35) ලාභියා ලෙස පස්වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් වන විට පකිස්තානු ලකුණු පුවරුව පන්දු ඕවර 14.2 කදී ලකුණු 87 ක් ලෙස සටහන් විය.

පකිස්තානුවන්ගේ කඩුලූ රකින්නා වූ මොහොමඞ් රිස්වාන් අංක හය පිතිකරු ලෙස පැමිණ පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 33 ක් ලබා ගනිද්දී අංක හත පිතිකරුවා වූ ඉමාඞ් වසීම් පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 19 ක් ලබා නොගන්නට තරගයේ තීරණය වෙනස් කිරීමට සිම්බාවේ පිතිකරුවන්ට හැකියාවක් තිබුණි.

පකිස්තාන් නායක සහිඞ් අෆ්රීඩි අංක අට පිතිකරු ලෙස පැමිණියද ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු දෙකක් පමණි. පන්දු යැවීමේදීද අසාර්ථක වූ අෆ්රීඩි යවන ලද පන්දු ඕවර තුනේදී ලකුණු 23 ක් ලබා ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත් වූහ.

පකිස්තාන් පන්දු යවන්නන්ට සටනක් දුන් ආරම්භක පිතිකරු හැමිල්ටන් මස්කඞ්සා පන්දු 25 කදී හතරේ පහර දෙකක් සමග ලකුණු අතරට පැමිණෙමින් සිටියදී සිව්වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් විය. ඉන්පසු සිම්බාබ්වේ ලකුණු පුවරවට කැපී පෙනෙන දායකත්වය සැපයූ නායක එල්ටන් චිගුම්බුරා පන්දු 28 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමග කණ්ඩායමේ වැඩිම ලකුණු (31) ලාභියා වෙමින් තමාගේ පිල ජයග්‍රහණය පෙනෙන නොපෙනන තරම් දුරකට ගෙන ආවේය.

චිගම්බුරා අවසන් පන්දු ඕවරයේ පළමු පන්දුවෙන් දැවී යාමට පෙර සිම්බාබවේට ජයග්‍රහණය සඳහා අවසන් පන්දු හයෙන් ලකුණු 16 ක් ලබා ගත යුතුව තිබුණි. එහිදී චිගුම්බුරා නව වැනි කඩුල්ල ලෙස 20 වැනි පන්දු ඕවරයේ පළමු පන්දුවටම දුවද්දී දැවී ගියේය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය ලබන 29 වැනිදා හරාරේ නුවරදී පැවැත්වේ.

පකිස්තානය පන්දු ඕවර 20 කදී කඩුලූ 8ට ලකුණු 136 යි.

(අහමඞ් ශේෂාඞ් 17, ෂොයිබ් මලික් 35, උමාර් අක්මාල් 14, මොහොමඞ් රිස්වාන් නොදැවී 33, ඉමාඞ් වසීම් 19, චමූ චිබාබා 18/3 යි)

සිම්බාබ්වේ පන්දු ඕවර 20 කදී කඩුලූ 9ට ලකුණු 123 යි.

(හැමිල්ටන් මස්කඞ්ෂා 25, සීන් විලියම්ස් 14. එල්ටන් චිගම්බුරා 31, ඉමාඞ් වසීම් 11/4 යි)

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-21213906739918924122015-09-28T21:00:00.000-07:002015-09-28T21:00:09.294-07:00පෞද්ගලික වෛද්‍ය විදුහල් ගැටලුවට විසඳුම් නැද්ද?

අපට ඇත්තේ තරගකාරී අධ්‍යාපන ක්රමයකි. ලෝකයේ ඕනෑම රටක් මුහුණ දී ඇති තත්ත්වය ද එයයි. මේ තරගය නිසා අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වයන් ඇතිවන්නා සේම පරිහානියන් ද ඇති වන බව අපි අත්දැකීමෙන් ම දනිමු. තරගයේදී ඇතිවන හා ඇතිවිය හැකි හානි වළකා ගැනීම සඳහා රාජ්‍ය මට්ටමින් ප්‍රතිපත්ති සකස් වීම අත්‍යවශ්‍යය.

අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ තිබෙන තරගය පිළිබඳ විවිධ කථා බහ ඇති වුවද ඒවා නිසා සිසුන්ට හානියක් නැත. නමුත් වෛද්‍ය විෂයයට අදාළව මෑත කාලීනව ඇති වූ තරගකාරී අධ්‍යාපනය මේ වන විට සමාජයේ විවිධ මට්ටම්වල කතාබහට ලක්ව ඇති කාරණයකි. වෛද්‍ය විෂය හදාරන්නන් සමාජගත වන්නේ වෛද්‍යවරුන් ලෙසය. ඒ නිසා ඔවුන්ගෙන් සමාජයට විය හැකි බලපෑම තක්සේරු කළ නොහැක.

ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය විෂයය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති වූයේ අද ඊයේක නොවේය. අපේ රටේ වෛද්‍ය වෘත්තියේ නියෑලී සිටින අය අතර ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් උගෙන උපාධිය දිනා ගත්තෝ සිටිති. යමක් කමක් ඇති අයගේ දරුවන්ට විදේශ පෞද්ගලික විශ්වවිද්‍යාලව අධ්‍යාපනය ලැබීම ගැටලුවක් නොවේ. නමුත් අපේ රටේ බොහෝ දෙමාපියන්ට ඒ ශක්තිය නැත. පාසලේ උසස් පෙළ විෂයධාරාව සමත් වී විශ්වවිද්‍යාලයන්ට ඇතුළුවීමට ලකුණු කීපයක් අඩු වන සිසුන් ප්‍රමාණය කොතරම් ද? කලා විෂය ධාරාවන්ගෙන් උගත් දරුවන්ට ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග හා අධ්‍යාපන ආයතන ඇත. එහෙත් වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට එවන් අවස්ථා අපේ රටේ විරලය.

මේ පසුබිම තුළ විවිධ අභියෝග හා හැල හැප්පීම් සමඟ මෑතක පිහිටු වූ මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වෛද්‍ය උපාධිය හදාරන සිසුන් සඳහා දොරගුළු විවිර කළේය. ඒ සඳහා රජයේ අනුමැතිය ද ලැබී ඇති අතර දැනටමත් සිසුන් 887 දෙනෙකු බඳවා ගෙන අධ්‍යයන කටයුතු කරගෙන යමින් සිටිති. එසේ වුවද මෙම වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි බව ඇතැම් පිරිස් සඳහන් කිරීම නිසා මෙම පෞද්ගලික වෛද්‍ය විදුහලේ ඉගෙනුම ලබන සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් ද ගැටලුවකට මුහුණ දී සිටිති.

මේ සම්බන්ධයෙන් මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය හා එහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් ද විටින් විට මාධ්‍ය හරහා කරුණු ඉදිරිපත් කර තිබුණි. මීට අදාළව අධිකරණය ඉදිරියේ පැවැති නඩුවක් රාජ්‍ය පාර්ශ්වයෙන් සමථයකට පත් කර ගෙන ඇත්තේ ද මෙම වෛද්‍ය විද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුන්ට අවශ්‍ය අදාළ පහසුකම් සලසන බවට එකඟ වීමෙනි.

එහෙත් ගැටලුව එකතැන පල්වෙමින් මෙම විද්‍යා පීඨයේ ඉගෙන ගන්නා සිසුන් මානසික කම්පනයකට පත් කර ඇති බව පෙනෙන්නට තිබේ.

සමාජය තුළ උද්ගත වන ඇතැම් ගැටලු තත්ත්වයන්හිදී මාධ්‍යයන්ට ද උඩුගම් බලා පීනන්නට සිදු වේ. මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ තත්ත්වය ද එසේමය. ඒ කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් විරෝධතා දක්වන පාර්ශ්වයන් හා රජය ද රටේ මහජනතාව ද මෙම ප්‍රශ්නයට විසඳුම් සොයන මාර්ගයකට යොමුකරවීම වගකිවයුතු මාධ්‍ය ආයතනයක යුතුකම සේ අප සලකමු.

මේ නිසා අප මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සැබෑ තත්ත්වය සොයා ඔබට ඉදිරිපත් කරන්නට කල්පනා කළෙමු. 2009 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කර ඇති මෙම වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ද පිළිගෙන ඇති බව 2011.08.30 දිනැති අංක 1721/19 ගැසට් නිවේදනයෙන් ද පැහැදිලිය. මෙම වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන ලබන වෛද්‍ය සිසුන් සඳහා එම්. බී. බී. එස්. (MBBS) උපාධි ප්රදානය ද 2013.09.26 දිනැති අංක 1829/36 දරන ගැසට් නිවේදනයෙන් පිළිගෙන ඇත.

මේ තත්ත්වය තුළ වුවද මෙම වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සඳහා සායනික පුහුණුව ලබා ගැනීම සම්බන්ධයෙන් මතු වූ දුෂ්කරතා මඟහරවා ගැනීමේ අපේක්ෂාවෙන් 2013 අප්‍රේල් මස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ද ආරම්භ කර තිබේ.

එහෙත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මෙම පෞද්ගලික වෛද්‍ය විදුහලින් ප්රදානය කරන උපාධිය පිළිගැනීමට හෝ එසේ උපාධි ලබා ගන්නා අයට වෛද්‍ය වෘත්තියේ නියෑලීමට ඉඩදීම සම්බන්ධයෙන් විටින් විට විවිධ ගැටලු මතුකර ඇත. අදත් ඔවුන් එම ස්ථාවරයේම සිට කටයුතු කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් 60 - 70 ක් පමණ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් බව ද මෙහිදී සඳහන් කළ යුතුය. එමෙන්ම මෙරටේ මෙන්ම විදේශීයව ද විවිධ ක්ෂේත්රවල නියෑලී නිපුණතා ඇති විද්වතුන් බොහෝ දෙනකු මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙගුරුන්ය.

රජයේ අනුමත ක්‍රමවේදයන්ට හා ඒ සීමාවන් යටතේ මෙම වෛද්‍ය විදුහලට සිසුන් ඇතුළත් කර ගන්නා අතරම වසර පහක කාලයක් සඳහා එක් ශිෂ්‍යයකු වැය කළ යුතු මුදල රුපියල් මිලියන 9 ක් පමණ වේ. මෙය මුදල්a ඉපයීමේ ජාවාරමක් ලෙස චෝදනා කරන්නට අපට නොහැකි වී ඇත්තේ මේ වන විටත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 172 දෙනකුට මෙම විදුහලේ වෛද්‍ය උපාධිය හදාරන්නට ශිෂ්‍යත්ව ලබාදී ඇති බැවිනි.

පෞද්ගලික වෛද්‍ය විදුහලක අධ්‍යාපනය ලබන සිසුqන්ට ඒ සඳහා පහසුකම් තිබීම අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව අප අවධානය යොමු කළ අතර මෙම විද්‍යාලයේ යටිතල පහසුකම් ද සෑහීමකට පත් විය හැකි මට්ටමක පවතින බව පෙනේ. දේශන ශාලා 23 ක් පංති කාමර 21 ක් රසායනාගාර 11 ක් විභාග ශාලා 03 ක් අධ්‍යයන ප්‍රදේශ 03 ක් පරිගණකාගාර 2 ක් ඇතුළු පහසුකම් ද මෙම වෛද්‍ය විද්‍යාලයට ස්ථිර මහාචාර්යවරු 15 ක් ද වෙනත් මහාචාර්යවරු 7 ක් ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු (ස්ථිර) 40 ක් ද වෙනත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු 26 ක් ද කථිකාචාර්යවරු (ස්ථිර) 41 ක් හා වෙනත් තාවකාලික කථිකාචාර්යවරු 21 ක් ද අධ්‍යයන කටයුතුවල නිරතව සිටිති. මේ අනුව සිසුන් 7.7 කට එක් ගුරුවරයෙක් බැගින් සිටීම ද හොඳ මට්ටමක් සේ පිළිගැනේ.

අප දැන් අවධානය යොමු කළ යුත්තේ මේ පසුබිම තුළ වෛද්‍ය විදුහල පිළිගත නොහැකිද? එසේ පිළිගත නොහැකි නම් එය පිළිගත් තත්ත්වයට පත් කළ හැක්කේ කෙසේද යන්නය. අපේ රටේ විශ්වවිද්‍යාලයන්ට ඇතුළුවීමට නොහැකි වූ අය විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය විද්‍යාව හදාරා අපේ රෝහල්වල වෛද්‍යවරු ලෙස සේවය කරන බව අපි දනිමු. එසේ නම් අපේ රටේ මුදල් පිටරටට ඇදී යැම නවතා අපේ විශ්වවිද්‍යාලයන්ට ඇතුළුවීමට නොහැකි වූ දරුවන්ට මෙම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනීමට අවස්ථාව සැලසීම අගය කළ යුතුය. නමුත් ඒ උගත් දේ සම්පූර්ණ වීමට අවශ්‍ය අනපනත් සකස් කිරීම හා සහයෝගය ලබා දීම රජයේ වගකීමය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ප්‍රකාශ කර ඇත. එසේ නම් මෙම විදුහලට බාධාවක් ඇති විය නොහැක. කළ යුත්තේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මැදිහත් වී ඔවුන් අපේක්ෂා කරන වෛද්‍ය උපාධිධාරීන් මෙම පෞද්ගලික රෝහලින් බිහිකරවා ගැනීමට සහාය වීමය. රටට ආදරය කරන රටේ දියුණුවට කැමැති අපේ දරුවන්ගේ අනාගතය සරු කරන්නට අතහිත දීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යයක් වීම මෙම විද්‍යාලය ඉදිරියට ගෙන යැමට ඇති මඟය.

අඩුපාඩුකම් දුර්වලකම් පෙන්වා දී ඒවා සම්පූර්ණ කරන්නේ දැයි විමසීමෙන් බලා අංග සම්පූර්ණ වෛද්‍යවරයකු මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් බිහිකර ගැනීමෙන් සිදුවන්නේ අපද තරගකාරී ලෝකයේ ඉදිරියට ගමන් කිරීම නොවේද? දැනටමත් උපාධිය නිම කර ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විදුහලේ සිසුන්ට නේවාසික වෛද්‍ය පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය මැදිහත්වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් මේ උපාධිධාරී ශිෂ්‍යයෝ අපේක්ෂා කරති. ඒ පිළිබඳ අවධානය යොමු කර සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ මේ සඳහා විසඳුම් ලබා දීම ප්‍රමාද නොකළ යුතු කාර්යයක් යෑයි අපි සිතමු.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-72559039209017801232015-09-28T19:00:00.000-07:002015-09-28T19:00:01.196-07:00මක්කම ඛේදවාචකය

වර වාර්ෂික මක්කම වන්දනා සමය අවසන් වූයේ මහා ඛේදවාචකයකිනි. තෙරපීමෙන් මිය ගිය සංඛ්‍යාව 717ක් බව තහවුරු කොට තිබේ. එහෙත් සිකුරාදා දිනය වන විටත් සෞදි අරාබි ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබුණේ ඔවුන් තවමත් මළ සිරුරු ගණන් ගනිමින් සිටින බවයි. මක්කම වීදි දිගේ මළ සිරුරු අතුරා තිබූ අතර මිනා හි ප්‍රධාන මාර්ගවල සුදු පැහැ ඇඳුම් සහ පෑගී තැළී ගිය වතුර බෝතල් දහස් ගණන් දක්නට ලැබී තිබේ.

මෙවර හජ්ජි වන්දනා සමය මුස්ලිම් බැතිමතුන්ට එතරම් සුබදායී නොවන බවට ඉඟි ලැබුණේ පසුගිය 11වැනිදා මක්කම දී දොඹකරයක් පෙරළීමෙන් සීයකට අධික පිරිසක් මිය ගිය අවස්ථාවේදී ය. හජ් වන්දනා සමය අවසන් වන මිනා හි යක්ෂයාට ගල් ගැසීමේ අවස්ථාව යනු සාමාන්‍යයෙන් වන්දනාකරුවන් තෙරපීමට ලක් වන ස්ථානයකි. මීට පෙර 2006 වසරේදීද මිනා හිදී තෙරපීමෙන් වන්දනාකරුවන් 364ක් මිය ගිය අතර 1990දී වන්දනාකරුවන් 1426ක් මියගොස් තිබේ.

ඒ අනුව මෙවර ව්‍යසනය වසර විසිපහකට පසුව සිදු වූ දරුණුතම ඛේදවාචකය ලෙසින් ඉතිහාසයට එක් වී තිබේ. මිනා මක්කම සිට කිලෝමීටර් 3ක දුරින් පිහිටා ඇති අතර වන්දනාකරුවන් මිනා වෙත පැමිණෙන්නේ හිමිදිරියාමයේ ය. සිද්ධිය සිදුවූ බ්‍රහස්පතින්දා දිනයේ උදෑසන 9 පමණ වන විට තිබී ඇත්තේ අධික උණුසුමකි.

වාර්තාවන අන්දමට එය සෙල්සියස් අංශක 46කි. මේ හේතුවෙන් වන්දනාකරුවන් දැඩි පීඩාවට සහ නොරිස්සුම්සහගත බවකින් පසුවන්නට ඇතැයි අනුමාන කෙරේ. එසේ වුවද වන්දනාකරුවන් චෝදනා කරන්නේ සෞදි බලධාරීන් වන්දනාකරුවන්ට නිසි පහසුකම් ලබා නොදුන් බවයි.

වන්දනාකරුවන් සිටියදීම පොලීසිය විසින් මාර්ග වසා දැමූ බවට ඇසින් දුටු සාක්ෂීද ලැබී තිබේ. එමෙන්ම මේ හේතුවෙන් වන්දනාකරුවන්ට නිසි පරිදි වන්දනා කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බවටද සෞදි බලධාරීන් වෙත චෝදනා එල්ල වෙමින් පවතී.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-31928796557810954402015-09-28T17:00:00.000-07:002015-09-28T17:00:07.912-07:00චීනය විනිවිද පෙනෙන එල්ලෙන වීදුරු පාලමක් හදයි

විනිවිද පෙනෙන වීදුරු තහඩු වලින් තැනූ පොළොවක් සහිතව ඉදිකර තිබෙන ලොව පළමු එල්ලෙන පාලම චීනයේ හුනාන් ප්‍රාන්තයේ පිහිටා ඇත. දිගින් අඩි 984 ක් වන මෙම පාලම පිහිටා තිබෙන්නේ පොළවේ සිට අඩි 590 ක් ඉහළිනි.

පහළින් තිබෙන්නේ මහා ප්රපාතයකි. පොළොව විනිවිද පෙනෙන සුළු නිසා මෙය මතින් යන සෑම කෙනෙක්ම ගමන් කරනුයේ බියෙන් සැලෙමින්ය. නමුත් ත්‍රාසය සොයන්නන් අතර මෙම පාලම ඉතාම ජනප්‍රිය බව සඳහන්ය.

මෙහි නිර්මාපයකින් පවසන්නේ පොළොව වීදුරු වලින් තනා ඇතත් එය කඩා වැටේයැයි කිසිදු බියක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි. මෙම වීදුරු සාමාන්‍ය භාවිතයේ පවතින සවිමත් වීදුරු වලට පවා 25 ගුණයකින් පමණ ඝණකම් බවද, විවිධ පරිසර තත්ත්ව හමුවේ වුවත් ඒවාට හානි නොවන බවද ඔවුන් කියයි.

පාලම මතින් ගමන් කළ යුතුවන්නේ විශේෂයෙන් තැනූ පාවහන් පැළැඳගෙනය. මෙම ස්ථානයේ අතීතයේ සිටම පාලමක් තිබී ඇති අතර ලී වලින් තනා තිබූ එය ඉවත් කර දමා මෙම නව පාලම ඉදිකර තිබෙන්නේ මෑතකදීය.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-88577513409911404192015-09-28T15:00:00.000-07:002015-09-28T15:00:04.563-07:00Tele Actress Kaveesha Hemasiri's Birthday

Kaveesha Hemasiri's Birthday

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-82522221537681297242015-09-28T13:00:00.000-07:002015-09-28T13:00:04.333-07:00බලපත් නැති බසයකට දඩය ලක්ෂයයි

මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කරනු ලබන බස් රථවලට පනවා ඇති රුපියල් 10,000 ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. රුපියල් 10,000ක දඩ මුදල ප්‍රමාණවත් නොවන බවත් එම නිසා අවශ්‍ය පනත් සංශෝධන කඩිනමින් ගෙන එනු ලබන බවත් ඇමැතිවරයා කීය.

රජයේ නිලධාරීන්ගේ මෙන් ම දේශපාලනඥයන්ගේ ද බස් රථ රැසක් මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කරනු ලබන බවත් මේ වන විට උතුරු පළාතේ බස්රථ 90ක් මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කරනු ලබන බව හඳුනාගෙන තිබේ. එම බස් රථ වහාම අත්අඩංගුවට ගැනීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-27628510661967231042015-09-28T11:00:00.000-07:002015-09-28T11:00:02.029-07:00ජපානයෙන් විශාලතම පෙරළියක්

න්තර්ජාතික රග්බි ක්‍රීඩාවේ දී ලෝක කුසලාන තරගාවලියන් දෙකක් පැවැත්වෙයි. ඒ රග්බි සංගම් සහ රග්බි ලීග් වශයෙනි. රග්බි සංගම් සහ රග්බි ලීග් ක්‍රීඩාවන්හිදී කණ්ඩායමකට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ප්‍රමාණය සහ සමහර නීති රීති වෙනස් වේ. මින් ශ්‍රී ලංකාව ඇතුළුව ලොව වඩාත්ම ජනප්‍රියතම වන්නේ රග්බි සංගම් ක්‍රීඩාවයි. මේ වන විට පැවැත්වෙන්නේ රග්බි සංගම් ලෝක කුසලාන තරගාවලියයි.

මෙවර පැවැත්වෙන්නේ එහි 08 වැනි තරගාවලියයි. රග්බි ඇතුළුව ජනප්‍රිය ක්‍රීඩා කිහිපයක්ම ලොවට හඳුන්වා දුන් එංගලන්තය මෙවර තරගාවලියේ සත්කාරක රට වේ. ඔවුන් ලෝක කුසලාන රග්බි සංගම් තරගාවලියක සත්කාරකත්වය 1991 වසරේදී ද දරනු ලැබීය.

08 වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් මස 18 සිට ලබන ඔක්තෝබර් මස 31 දක්වා පැවැත්වීමට නියමිතය. ඊට සුදුසුකම් ලබා තිබෙන රටවල් ගණන 20 කි. මේ අතරින් ආසියාව නියෝජනය කරන එකම රට වන්නේ ජපානයයි. මේ දක්වා පැවැති තරගවලදී විශාලතම පෙරළිය සිදු කිරීමට සමත්වූයේද ජපානයයි. ඒ මුල් වටයේ තරගයකදී ප්‍රබල දකුණු අපි‍්‍රකාව ලකුණු 34 - 32 කින් පරාජය කරමිනි.

වත්මන් අන්තර්ජාතික කණ්ඩායම් වර්ගීකරණයේ දී දකුණු අප්‍රිකාවට අංක 03 සහ ජපානයට අංක 13 ස්ථානයන් හිමි වී තිබේ. එමෙන්ම 1995 සහ 2007 දී ලෝක ශූරයෝ වූයේද ඔවුන්මයි. ඔවුන් ජපානය හමුවේ තරගයක් පරාජය වූයේත් පළමු වතාවටයි. මෙම විශිෂ්ට ජයග්‍රහණය ලැබීමට පෙර ලෝක කුසලාන රග්බි තරගාවලියන්හිදී ජපානයට පිට පිටම තරග 18 කම ජයක් ගැනීමට හැකි වූයේ නැත. ඔවුන් අවසන් වරට ජයග්‍රහණයක් ලැබුවේ 1991 දී සිම්බාබ්වේට එරෙහිවය. ඒ ලකුණු 52 - 08 ක් වශයෙනි.

මෙවර තරගාවලියේ ප්‍රථම තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ලකුණු 35 - 11 කින් ෆීජි පරාජය කරමිනි. එංගලන්තය උත්සාහ කරන්නේ රග්බි සංගම් ලෝක කුසලාන ශූරතා 02 ක් ජය ගත් සිවුවන රට බවට මෙවර පත්වීමටයි. කෙසේ වෙතත් මේ වන විට ජපානයට අමතරව පෙරළිකාර ජයක් ලැබූ තවත් රටක් වේ. ඒ ජෝර්ජියාවයි. ඔවුන් ලකුණු 17 - 10 කින් ටොංගා කණ්ඩායම පරාජය කරන ලදී. ජෝර්ජියාව සහභාගි වන සිව්වන ලෝක කුසලාන තරගාවලියත් එහිදී ඔවුන් ජයගත් තෙවන තරගයත් මෙය වේ. මීට පෙර ඔවුන් 2007 දී නැමීබියාවත් 2011 දී රුමේනියාවත් පරාජය කරනු ලැබූහ.

ටොංගා සමඟ පැවැති තරගයට ක්‍රීඩා කරමින් නව වාර්තාවක් පිහිටුවීමට ජෝර්ජියාවේ 18 හැවිරිදි වැසිල් ලොබ්ස්හානිඩ්සේ සමත් වූයේය. එනම් ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වූ ළාබාලතම ක්‍රීඩකයා වීමයි. මීට පෙර වාර්තාව 2007 තරගාවලියේදී පිහිටුවා තිබුණේ ඇමෙරිකාවේ ට්රොටොන් පැලැමෝ විසිනි. එවිට ඔහුගේ වයස අවුරුදු 19 දින 08 කි.

මේ අතර ගියවර ශූරයෝ වන ඕල් බ්ලැක්ස් නමින් ප්‍රකට නවසීලන්තය මෙවර ඔවුන්ගේ ප්‍රථම තරගයේදී ලකුණු 26 - 16 ක ජයක් ලැබුවේ ආර්ජන්ටිනාව හමුවේදීය. එම තරගය සුප්‍රකට වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී නැරැඹූ පිරිස 89,000 ඉක්මවීය. එයත් වාර්තාවකි. එනම් ලෝක කුසලාන රග්බි තරගයක් නැරැඹූ වැඩිම පිරිස එය වීමෙනි. මීට පෙර වාර්තාව වූ 82,957 ක පිරිසක් 2003 අවසන් මහ තරගය නරඹා තිබුණාහ.

තවමත් ලෝක ශූරතාවක් හිමිකර ගැනීමට හැකි වී නැති ප්‍රංශය මෙවර ඔවුන්ගේ ප්‍රථම තරගයේදිම අසල්වැසි ඉතාලිය ලකුණු 32 - 10 කින් පරාජය කළහ. මෙම දෙරටේම ප්‍රධාන පුහුණුකරුවන් වන්නේ ප්‍රංශ ජාතිකයන්මයි. ප්‍රංශයට ලෝක කුසලාන අනුශූරතා 03 ක්ම හිමි විය. වත්මන් ලොව අංක 01 හිමි නවසීලන්තය මෙවර තරගාවලියත් ජයගතහොත් පිට පිට රග්බි සංගම් ලෝක කුසලාන ශූරයන් වූ ප්‍රථම රට බවට නව වාර්තාවක් පිහිටුවනු ඇත.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-49198665592334163892015-09-28T09:00:00.000-07:002015-09-28T09:00:08.744-07:00‘හයිබ්‍රිඩ්’ අධිකරණය අහෝසියි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව මඟින් සිදුකෙරෙන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට අයත් එකක් බවත් මෙමඟින් හයිබ්‍රිඩ් විමර්ශන යන්ත්‍රණයක් සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයා කළ යෝජනාව ද අවලංගු වි ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ප්‍රකාශ කළේ ය.

මේ සඳහා අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය ශ්‍රී ලංකාවට ලබා දිය යුතු බව ද කෙරී මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

ශ්‍රී ලංකාව එම මානව හිමිකම් යෝජනාවට අනුග්‍රහය දැක්වීමට ගත් තීරණය අගය කළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ යෝජනාව මඟින් මෙතෙක් විසඳුම් නොමැති ප්‍රශ්න කිහිපයකට විසඳුම් ලැබෙනු ඇති බව ද පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ දේශීය විමර්ශන ක්‍රියාවලිය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා රජය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රබල රටවල් අතර එකඟතාවක් ඇති වී තිබෙන අතර ඒ යටතේ ආසියාතික රටවල් කිහිපයකට ද දේශීය යන්ත්‍රණය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනු ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘සිළුමිණ’ ට පැවසුවේ ය.මේ හරහා හයිබ්‍රිඩ් විමර්ශන යන්ත්‍රණයක් සඳහා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා කළ යෝජනාව ද අවලංගු වී ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පසුගිය බ්‍රහස්පතින්දා ඉදිරිපත් වුණු යෝජනාවට තවත් වෙනස්කම් කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ එක්වනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

එම අවසන් යෝජනාව ලබන 30 වැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඒකමතිකව සම්මත කිරීමට නියමිත ය.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com1tag:blogger.com,1999:blog-1550550399533327213.post-90872745603431844942015-09-28T07:00:00.000-07:002015-09-28T07:00:01.847-07:00වෑන් රියක් ගිය මග

දියතලාව ඉදිරියගොල්ල සුසාන භූමිය අසල දී අද අළුයම 1.30ට පමණ වෑන් රියක් අඩි 150ක් පමණ ප්‍රපාතයකට පෙරළී වැන්රියේ රියදුරු ඇතුළු දෙදෙනෙක් තුවාල ලබා ඇත. විනෝද ගමණක් යාම සදහා පිරිසක් ගැනීමට යමින් සිටි මෙම රථය රියදුරුට නින්ද යාම නිසා අනතුරට ලක්වන්නට ඇතැයි විශ්වාස කරයි. රථය පෙරලුනු නිවස තුල ඒ අවස්ථාවේ නිවසියන් සිට නැත. තුවාලකරුවන් දියතලාව රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-78090884734446546682015-09-28T05:00:00.000-07:002015-09-28T05:00:13.809-07:00සිනමා ඉතිහාසයේ දුෂ්ටතම චරිතය මගෙ රංගන ජීවිතය වෙනස් කළා

රවීන්ද්‍ර රන්දෙණිය දශක 5කට කිට්ටු කාලයක් සිංහල සිනමාව තුළ රංගන ප්රතිභාවය සනිටුහන් කළ විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඔහු ගැන ආයේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

රවීන්ද්‍ර රන්දෙණිය සිනමාවට එකතුවුණාට ඔහුගේ කැමැත්ත මුලින්ම තිබිලා තියෙන්නේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න. ලයනල් වෙන්ඩ්ට් ආයතනයෙන් පැවැත්වුණු නාට්‍ය හා රංග කලාව පිළිබඳව අවු: 3ක ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න ඔහු යොමු වුණේ ඒ නිසයි. එම ඩිප්ලෝමා පාඨමාලාව අවසානයේ ශිෂ්‍ය පිරිසට නාට්‍යයක් වේදිකාගත කරන්න සිදුවී තිබෙනවා. එදා ඔවුන් රඟ දැක්වූවේ මූදු පුත්තු වේදිකා නාට්‍ය. නාට්‍ය අවසානයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්, මණික් සන්ද්‍රාසාගර වැනි අය වේදිකාවට පැමිණ රවීන්ද්‍ර රන්දෙණියට සුබ පැතුවේ ඔහුගේ රඟපෑම විශිෂ්ට මට්ටමක තිබුණු නිසයි.

ඊට පසුව තමයි මණික් සන්ද්‍රාසාගර ඔහු අධ්‍යක්ෂණය කළ කළුදිය දහර චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතයට රවීන්ද්‍ර රන්දෙණියව තෝරා ගන්නේ. කළු දිය දහර චිත්‍රපටය තිරගත වෙන්නත් ඉස්සෙල්ලාම රවීන්ද්‍රට චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබුණා. තරංගා, දෑස නිසා, දුහුළු මලක්. ඒ විදිහට ලැබුණු චිත්‍රපට කීපයක් විතරයි. හැබැයි කළු දිය දහර චිත්‍රපටය තිරගත වෙන්න ඉස්සෙල්ලා තරංගා චිත්‍රපටය තිරගත වුණා.

“මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ගැන කතා කරනවා නම් දෑස නිසා ගැන සඳහන් කරන්නම වෙනවා. නිධානය, ගම්පෙරළිය, රේඛාව වැනි චිත්‍රපට බිහිකරපු අති දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා මා ගැන තබපු විශ්වාසය මම අදටත් අගය කරනවා. පෙම් ජවනිකාවලට සීමා නොවී වෙනස්ම ආකාරයේ රංගන ෙශෙලියකට මාව යොමු කළේ එතුමා. සාර්ථක නළුවෙකුට ඒක හුඟක් තදින් බලපානවා. “දෑස නිසා” චිත්‍රපටයේ තාපසයාගේ චරිතය රඟපාන්න ලැබිම ගැන ඔහු සඳහන් කළේ ඒ විදිහට.

ඊට පසුව සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ සිරිපාලගේ චරිතය රඟපාන්න ලැබිමෙනුත් රවීන්ද්‍ර රන්දෙණිය නළුවාගේ රංගන ජීවිතය වෙනස් මගකට යොමු කළා.

“ඒ වන විට මම ක්‍රියාදාම චිත්‍රපටවලට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒත් සිරිපාලගේ චරිතය මගේ රංගන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. යන කෝච්චිවලින් පනින්න, කැලේ හැංගිලා ඉන්න, වෙඩි තියන්න වගේ දෙවල් සිරිපාලගේ චරිතයත් එක්ක කරන්න සිද්ධ වුණා. ඒ නිසා සිරිපාලගේ චරිතයත් මගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට මම සලකනවා.” යනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය පැවසුවා. ඔහු තවදුරටත් පැවසුවේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ පුරන් අප්පුගේ චරිතය රඟපාන්නට ඔහුට අවස්ථාව හිමි වුණේ සිරිපාලගේ චරිතය රඟපෑ නිසා බවයි.

දෑස නිසා, සිරිපාල හා රන්මැණිකා යන චිත්‍රපටවල රඟපෑම් ගැන ඔහු සඳහන් කළත් රවීන්ද්‍ර රන්දෙණිය යන නළුවාගේ අද්විතීය රංගනය විදහා පෑ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය ලෙස ඔහු පිළිගන්නේ “දඩයම” චිත්‍රපටයේ රඟපෑ ජයනාත්ගේ චරිතයයි.

“වසන්ත ඔබේසේකර මට කිව්වා දරුණු, දුෂ්ට චරිතයක් තියෙනවා. ඒක භාරගන්න කියලා. ඒ චරිතයට දුෂ්ට නළුවකුව ගත්තොත් අන්තිමට සිද්ධ වෙන්නේ තරුණියව මරා දමන බව කල්තියාම ප්‍රේක්ෂකයින් දැන ගන්න නිසා එහෙම නළුවෙකුව යොදා ගන්නේ නැතිව මම වගේ නළුවෙකුව යොදා ගන්න වසන්ත ඔබේසේකර තීරණය කරලා තිබුණා. කවදාවත් මට පෙම්වතා හෝ වීරයා වීමේ හෝ ප්රතිරූප මවාගැනීමේ වුවමනාවක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ හොඳ චරිතාංග නළුවෙකු වෙන්න. ඒ නිසා මම ඒ දුෂ්ට චරිතය රඟපෑමේ අභියෝගය භාරගත්තා. හැබැයි තිරපිටපත කියෙව්වාම නම් මගේ ඔළුව ගිනිගත්තා.” යනුවෙන් රවීන්ද්‍ර රන්දෙණිය සිය හැරවුම් ලක්ෂ්‍යය වූ චරිතය භාරගත් හැටි විස්තර කළා.

80 දශකයේදී සිනමා විචාරකයන් පවසා තිබුණේ ජයනාත්ගේ චරිතය තරම් දුෂ්ට, දරුණු චරිත රංගනයක් එතෙක් සිනමාවේ නොතිබුණු බව. ගුරුවරයකු වූ ජයනාත් පාසල් සිසුවියක් රවටා ඇයව ගැබ් කර පලා යෑමෙන් ඇගේ මුළු පවුලම විනාශ වෙනවා. ඊට පසුව ඔහු ඇයව යළි රවටා දෙවැනි වතාවටත් ගැබ් ගන්වා අවසානයේදී ඇයව මරා දමනවා. ඇයව ඔහුගේ රථයට යට කර කීප වරක් රථය ඇගේ සිරුර මතින් යවා ඇයව මරණයට පත්කිරීමේ කෲරත්වය සිය රංගනය තුළින් ඉස්මතු කිරීම ඇත්තටම රවීන්ද්‍ර රන්දෙණියට ලොකු අභියෝගයක් වුණා. එහෙත් වසන්ත ඔබේසේකර අධ්යක්ෂවරයා සතු හැකියාව නිසාම ඔහුගේ රංගනය සාර්ථකව උකහා ගත් බවයි රවීන්ද්‍ර රන්දෙණිය සඳහන් කළේ. ඔහු පැවැසුවේ වසන්ත ඔබේසේකර දඩයම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඊට පෙර එම චිත්‍රපටය නරඹා තිබූ කෙනෙකු විදිහට බව.

“දඩයම චිත්‍රපටයේ කාර් එකේ ඉදිරිපස වීදුරුව ස්වර්ණ කුඩු කරන දර්ශනයක් තිබෙනවා. ඒ වෙලාවේ වීදුරුව කෑලි කෑලිවලට කැඩිලා මගේ ඇස් තුවාල වී අන්ධවීමේ අවදානමකුත් තිබුණ. කාර් එකේ ගියර් මාරු කරන විට මගේ අතින් ගලා යන ලේ සමීප රූප රාමුවකින් පෙන්වුවා. ඒ පෙන්වූවේ ඇත්තටම මගේ අතින් ගලා ගිය ලේ. යාල වනෝද්‍යානය ළඟින් කළපුවට යන පාරේ තමයි ඒ දර්ශනය රූගත කළේ. අධික වේගයෙන් වාහනය ධාවනය කිරීමේ ත්‍රාසජනක අවස්ථාවට එදා මම කෙළින්ම මුහුණ දුන්නා.” ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය කෲරත්වය රංගනය තුළින් මතු කළ හැටි විස්තර කළා.

ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණියට හොඳම නළුවාට පිදෙන ඕ.සී.අයි.සී. සම්මානය සිරිපාලගේ චරිතයට හිමිවී තිබුණත් හොඳම නළුවා විදිහට සරසවි, ජනාධිපති සම්මාන ප්‍රථම වතාවට හිමිවුණේ දඩයම චිත්‍රපටයේ රඟපෑමට. මායා, සාගර ජලය මදි හැඬුවා, සුරබිදෙන, සිරිමැදුර වැනි චිත්‍රපට රාශියක සංකීර්ණ චරිත නිරූපණය කිරීමේ අවස්ථා ඔහුට හිමිවුණේ දඩයම චිත්‍රපටයේ රඟපෑමෙන් පසුවයි.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-46281260365930432902015-09-28T03:00:00.000-07:002015-09-28T03:00:01.289-07:00ඩී.එන්.ඒ වාර්තා එනතුරු පාසල් සිසුවාත් යළි රිමාන්ඩ්

කොටදෙණියාවේ, බඩල්ගම සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින පාසල් සිසුවා ඇතුළු මුල් සැකකරුවන් දෙදෙනා ඔක්තෝබර් 2 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (28) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ කොටදෙණියාව පොලිසියද රහස් පොලිසියද යන ප්රශ්නය මහේස්ත්‍රාත්වරයා මතු කළේය. අද රහස් පොලිසිය උසාවියට පැමිණ සිටියේ නැත.

නොපැමිණීමට හේතුවක්ද දක්වා තිබුණේද නැත. ළමයා ඇප මත මුදාහරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි දස දෙනෙක් පමණ නීතිඥවරු ඉල්ලා සිටියහ.

කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ඊට විරුද්ධ විය. ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තා ලැබී නැතැයිද ලැබෙනතුරු ඔවුන්ට ඇප නොදෙන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

නීතිඥවරුන් එවිට කියා සිටියේ එසේ නම් ජාන පරීක්ෂණ සඳහා ලේ ලබාගත් සෙසු සැකකරුවන්ද රිමාන්ඩ් කරන ලෙස පොලිසිය ඉල්ලා ඇත්ද යන්නයි. මෙම දෙදෙනාව දින තුනක් පොලිසියේ රඳවාගෙන පහරදී ඇතැයි නීතිඥවරු කීහ. ඔවුන් වහාම මීගමුව අධිකරණ වෛද්‍ය නිලධරයා වෙත යොමු කර වාර්තාවක් නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මහේස්ත්‍රාත්වරයා පැවසූයේ පොලිසිය හා ජනමාධ්‍ය මේ සිද්ධියේදී ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. එසේ නොකළ හොත් සැකකරුවන්ට තදබල අසාධාරණයක් සිදුවනු ඇතැයි මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය. තමාට ඇප දීමේ බලයක් නැතැයිද තමාට කළ හැක්කේ සාක්කි නැත්නම් මුදා හැරීම පමණක් යැයිද මහේස්ත්‍රාත් කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක්ද රිමාන්ඩ් කර සිටියි.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-76227597959643015442015-09-28T01:00:00.000-07:002015-09-28T01:00:12.600-07:00දරුවා මැරුවේ ඔහුගේ පියාට දරාගන්න බැරි දරුණුම වේදනාව දීමටයි

"දරුවගේ පියාගෙන් සිදුවූ කෙනෙහිලිකම් නිසා එයට පළිගන්න මම දරුවව කපලා කොටලා මැරුවා..." යෑයි පනාගොඩ කපුරුගොඩ ප්‍රදේශයේ කළුගල් වැඩපළක් අසල පාළු නිවසකදී තියුණු ආයුධයකින් දස හැවිරිදි පිරිමි දරුවකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (27 වැනිදා) අතුරුගිරිය පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

මෙම ඝාතන සිද්ධියෙන් පසු සැකකරු පලාගොස් තිබූ අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුමක් අරඹා තිබිණි.අනතුරුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පා ගමනින් යමින් සිටියදී කොටුකරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 7 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට හෝමාගම මහෙස්ත්‍රාත් වයි. ආර්. බී. නෙළුන්දෙණිය මහතා නියෝග කළේය.

ඇල්ල ලියනගේ එබ්‍රහිම් පෙරේරා (50) නමැති සැකකරු කඩුවෙල, කොතලාවල පදිංචි අයෙකි. ඝාතනයට ලක්ව තිබුණේ පනාගොඩ කපුරුගොඩ පදිංචිව සිටි කවිඳු දේවින්ද කපුරුගේ නමැති දරුවෙකි.

පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කවිඳු මෙම වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටියේය.

සිද්ධිය වූ පසුගිය සිකුරාදා වර්ෂාව නිසා කවිඳු පාසල් නොගොස් නිවසේ රැඳී සිට ඇත. ඔහුගේ මව සිය වැඩිමල් සොහොයුරාට කෑම පාර්සලයක් ලබාදීමට නිවසින් ගොස් ඇත. කවිඳු සිය පියා සමග නිවසේ රැඳී සිටියදී පියාද ගොවිපළ වෙත ගොස් ඇත.

විනාඩි දහයකට පසු නිවසට පැමිණි කවිඳුගේ පියා සිය දරුවා නිවසේ නොමැති බව දැන හැම තැනකම සොයා අසල්වාසීන්ටද මේ ගැන පවසා දරුවාව සොයන්නට පටන් ගෙන ඇත. කළුගල් වැඩපළ අසල පිහිටි පාළු නිවස ඉබි යතුරු දමා වසා තිබෙනු දැක එය ද ගසා විවෘත නොවීමෙන් පසු ඒ ගැන අදහස අතහැර යළිත් කවිඳුට වූ දේ සොයන්නට පටන් ගෙන ඇත. කොතෙක් සෙව්වත් දරුවා හමු නොවූ නිසා පියා ඇතුළු පිරිස පාළු නිවසේ දොරගුළු කඩා ඇතුළු වී බැලීමේදී ගෙල, අත් පා වෙන් වන්නට කපා දමා මරා තිබූ සිරුර හමුවී තිබේ.

ගල් වළේ වැඩට පැමිණි දා සිට දරුවගේ පියා මට බොහෝ කෙනෙහිලිකම් කළා. මට ඕනෑ කළා ඔහුට දරුණුතම දරාගත නොහැකි වේදනාවක් දෙන්න. ගෙදරට යනකොට දරුවා රූපවාහිනිය බලමින් හිටියේ. දරුවාගේ ගෙදර අය එළියට යනකම් මම බලන් ඉඳලයි ගෙට ගියේ. පස්සේ දරුවව පාළු නිවස තුළට අරන් ඇවිත් කෑලි කෑලිවලට කපලා මරා දැම්මා..." යෑයි සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

ව්‍යාජ නම් ගම්වලින් පෙනී සිට ඇති සැකකරු පනාගොඩ ගම්වාසීන් නොමග යවමින් වසර එකහ මාරක කාලයක් ගල් වැඩපළේ සේවය කර ඇත.

ඝාතනයට ලක්වූ කවිඳුගේ බාප්පාට අයත් මෙම ගල් වැඩපළේ රැකියාව කරන ඔහු ඒ ආසන්නයේ ඇති පාළු නිවසේ නැවතී සිට ඇත.

සැකකරු කාලයක් තිස්සේ මෙම ඝාතනය සැලසුම් කර ඇති අතර, මීට මාස තුනකට පෙර ගොඩගම ප්‍රදේශයට ගොස් මන්නා ගිහියක් මිලදී ගෙනැවිත් ඔහු නැවතී සිටි නිවසේ සඟවා තබාගෙන සිට ඇත. 25 වැනිදා දරුවාගේ මව හා පියා එළියට යනු දැක පසුව එම නිවසට ගොස් ඇති සැකකරු පුතේ කාසි වගයක් තිබෙනවා යමු මං ඔයාට දෙන්නම්..." කියා දරුවා රවටාගෙන ඔහු නැවතී සිටි පාළු නිවසට රැගෙන ගොස් ඇත.

පසුව එම ගෙතුළ ඇති සකස් කළ කුඩා වළක කාසි ඇති බව පෙන්වා එම වළ හාරා කාසි ලබා ගන්නා හැටියට සැකකරු දරුවාට පවසා තිබේ.

එම කාසි ලබාගන්නට දරුවා වළ හාරන අතරේ සැකකරු මන්නා පිහිය රැගෙන විත් දරුවාගේ ගෙල වෙන්වෙන අන්දමට කොටා ඇත.

පස්සේ මම දරුවාගේ සිරුර කෑලි කෑලිවලට කපා කොටස් කර පසුව මන්නය විසිකර ත්‍රීවිල් එකක නැගලා ගිහින් පනාගොඩ හන්දියෙන් බැහැලා ගියා" යෑයි ද සැකකරු පොලිසියට කියා තිබේ.

මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ සැකකරු අපරාධ රැසක් සම්බන්ධයෙන් දිවයිනේ නමගිය අපරාධකරුවකු ද බව පොලිසිය කියයි.

නවගමුව ප්‍රදේශයේ දී තරුණයකු ඝාතනය කිරීම, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට 2007 වර්ෂයේ නැවත නිදහස් වී පැමිණ ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් පනාගොඩ ප්‍රදේශයේ වාසය කර ඇත. එහිදී ගල්කොරි කර්මාන්තයේ නිරතව ඇති අතර මීට වසර 20 කට පමණ පෙර ගල්කොරියක වෙඩිල්ලක් පිපිරී සැකකරුගේ ලිංගේන්ද්‍රිය සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත. මේ නිසා මොහු සමාජය කෙරෙහි දැඩි වෛරී ස්වභාවයකින් පෙළී ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සජීව මහානාම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් පියල් (56750), පොලිස් කොස්තාපල්වරුන් වන මහේෂ් (10033), තෙන්නකෝන් (40793), ගමගේ (40947), මඩවල (85851), චතුරංග (40603), රුවන් (61105) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-9502964398376350792015-09-27T23:00:00.000-07:002015-09-27T23:02:02.749-07:00ජිනීවා වැඩි අවධානය ශ්‍රී ලංකාවේ සංහිඳියාවටයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය සඳහා ඉදිරිපත් වන යෝජනාවලි කෙටුම්පත මගින් වැඩි අවධානය යොමු කෙරෙන්නේ යුද අපරාධ ගැන සොයා බැලීමට වඩා රට තුළ සංහිඳියාව සහ ප්රතිසන්ධානය ඇති කිරීමට මෙන්ම ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට බව ඊයේ දහවල් (27 දා) අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තව දෙදිනකින් (30 දා) ජිනීවා නුවරදී විවාදයට ගැනෙන ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවලිය සහ ඒ සම්බන්ධයෙන් පැනනැඟීමට හැකි ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි. අගමැති වික්‍රමසිංහ මහතාට අමතරව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා යන මහත්වරු ද මෙම හමුවට එක්වූහ. එහිදී අගමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

ප්රභාකරන් සමඟ පැවැති යුද්ධයේදී යුද අපරාධ සිදුව තිබෙන බව මුලින්ම පිළිගත්තේ ලක් රජයයි. ඒ 2009 මැයි 23 වනදා, එනම් යුද්ධය අවසන් වීමෙන් දින කිහිපයකට පසු එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදීයි. එහිදී යුද අපරාධ සොයා බලන යාන්ත්‍රණයක් ඇති කිරීමට මහ ලේකම් බෑන් කී මූන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකඟ වුණා. ඉන්පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකික නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක කරුණු 11 කින් සමන්විත පොරොන්දුවලියක් ඉටු කරන්නටත් පොරොන්දු වුණා. එහෙත් ඒ එක පොරොන්දුවක්වත් රජයේ පාර්ශ්වයෙන් ඉටු කළේ නැහැ. උගත් පාඩම් සහ ප්රතිසංධාන කොමිසම (ඛඛRC) ක්‍රියාත්මක කරනවා කියා කීවත් එය සිදුවුණෙත් නැහැ. එහෙම ඇදෙමින් තිබුණු මේ ප්රශ්නය තවත් දුරදිග ගියා නම් ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර්ජාතික මට්ටමෙන් සම්බාධක පැනවීමේ තර්ජනයක් මතුවෙන්න තිබුණා. එහෙත් අද ඒ තර්ජනය නැති කර සාධාරණ තලයකට ජාත්‍යන්තරය ගෙන ඒමට අපට හැකිව තිබෙනවා. මේ ප්රශ්නය අවසන් කරගැනීම සඳහා අපට ලැබී තිබෙන අවසන් අවස්ථාව මෙයයි.

මේ අලුත් යෝජනාවලියේ තිබෙන තවත් වැදගත් දෙයක් තමයි අපේම යාන්ත්‍රණයක් මගින් යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ලංකාවට ඉඩ ලැබීම. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට එන්නේ ප්රජාතන්ත්රවාදය සහ සංහිඳියාව ඇති කරන්නටයි. අපේ වැඩපිළිවෙළ නිසා හිටපු ජනාධිපතිතුමත් විදුලි පුටුවෙන් බේරෙනවා. හිටපු ආරක්ෂක ලේකම්තුමත් විදුලි පුටුවෙන් බේරෙනවා.

මෙම යෝජනාවලිය ක්‍රියාත්මක වීමෙන් පසු ආගමික නායකයන්ගේ මණ්ඩලයක් හෙවත් කාරුණික සභාවක් පිහිටුවන බවත් ඒ හරහා නිර්දේශ ලබාගෙන ප්රතිසන්ධානය සහ සංහිඳියාව ඇති කිරීමට කටයුතු කරන බවත් අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදී තවදුරටත් සඳහන් කළේය. දේශීය යාන්ත්‍රණය මගින් සොයා බැලෙන ප්‍රධාන කාරණයක් වන්නේ යුද සමයේදී යුද්ධයෙන් පරිබාහිරව සිදු වූ ස්ත්‍රී දූෂණ, පුවත්පත් කලාවේදීන් පැහැරගෙන යැම්, සහ පහරදීම් වැනි දේ බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-52855143192722902232015-09-23T14:00:00.000-07:002015-09-23T14:00:01.912-07:00හාල් ටොන් ලක්ෂ 10ක් ගෙන්වීම වී අර්බුදයට තවත් ප්‍රබල හේතුවක්

පසුගිය ජනවාරි මාසයට පෙර පසුගිය රජය විසින් ඇණවුම් කළ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් මේ රටට ගෙන්වීම මෙරට වී මිලදී ගැනීමේ අර්බුදයට තවත් හේතුවක් වී ඇතැයි අනාවරණය වෙයි. එම හාල් තොග ස.තො.ස. ඇතුළු ආයතන මඟින් තවමත් අඩුමිලට විකුණන නිසා පෞද්ගලික සහල් මෝල් හිමියන්ට පෞද්ගලික ලෙස වී මිලදී ගැනීමට අපහසු වී ඇතැයි සහල් මෝල් හිමියන්ගේ සංවිධානය පවසයි.

මේ අනුව 2014 වසෙර්දි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8.5 ක්ද 2015 වසරේ මුල් භාගයේදී මෙට්‍රික් ටොන් 1.5 ක් මෙරටට ගෙන්වා ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති අශෝක පතිරණ මහතා සිළුමිණට කීය.

මේ අතර ගොවි සංවිධාන හා සහල් කර්මාන්ත කරුවන්ගේ එකමුතුවේ කැඳවුම්කරු අරුණ ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ මේ තත්ත්වය මත වී සහතික මිල රුපියල් 40 කිරීමටත් පාන් පිටි මිල රුපියල් 30 කින් වැඩි කිරීමටත් කටයුතු කරන ලෙස තම සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බවයි.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-32084401134053303552015-09-23T13:00:00.000-07:002015-09-23T13:00:00.729-07:00තව වසර 25ක් යන විට අපේ රටේ එක අලියෙක්වත් නැහැ

දැනට මෙරට ඉතා දරුණුව පවතින අලි - මිනිස් ගැටුම නිසා ඉදිරි වසර 25 - 30 ඇතුළතදි අපේ රටින් අපේ අලි පරපුර සදහටම නැතිවී යාමේ දැඩි අවදානමක් ඇතැයි පාරිසරික සංවිධාන හා වනජීවී විද්වත්තු පවසති.

2012 - 2013 - 2014 යන වසරවලදී හා 2015 වසරේ මුල් මාස 8 ඇතුළත අලි - මිනිස් ගැටුම නිසා අලි 775 ක් හා මිනිස් ජීවිත 215 ක් අපට නැතිවී ඇතැයි ඉහත ආයතනවල සංඛ්‍යාලේඛන අනුව පෙන්වා දෙයි.

ඊට අමතරව 1990 - 2000 වසර 10 ඇතුළත වන අලි 1300 ක් හා මිනිස් ජීවිත 350 ක් අපට අහිමි වී ඇතැයි හිටපු වනජීවි නියෝජ්‍ය අධ්යක්ෂ දොස්තර නන්දන අතපත්තු මහතා පවසයි.

වනජීවී විද්වතුන් හා පරිසර සංවිධාන පෙන්වා දෙන පරිදි අපේ රටේ දැනට සිටින්නේ අලි ඇතුන් 3500 කට අඩු ගණනකි. පසුගිය සංඛ්‍යා ලේඛන අනුව වසරකට අලි ඇතුන් 220 ක් අපට අහිමි වී යයි. වසරකට අලි පැටවුන් 100 ක් උපත ලැබුවත් ඉදිරි වසර 25 - 30 ඇතුළත අපේ රටින් අලි සම්පත සදහටම නැතිවී යන තත්ත්වයක් ඇතිවී ඇතැයි මෙරට වනජීවී හා පරිසර අංශ අවධාරණය කරයි.

රටේ යෝජනා වී ඇති අලිමංකඩ ගැසට් කර අලින්ට සංක්‍රමණයට වෙන් කිරීමෙන් හා හණ, ගජමදාරා, බෝගන්විලා, තල් වැනි ශාකවලින් යුත් වැට මායිම් ඉදිකිරීමෙන් අලි මිනිස් ගැටුම අවම කර ගත හැකි බව වනජීවී සංරක්ෂණය පිළිබඳ විද්වත්හු පෙන්වා දෙති.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-6043117849559523782015-09-23T12:00:00.000-07:002015-09-23T12:00:01.148-07:00අසාද් සාලි බලහත්කාරයෙන් කාන්තාවක් නිවසේ රඳවාගෙන

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා 54 හැවිරිදි කාන්තාවක් සිය නාවල නිවසේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.

මෙම කාන්තාවගේ ඥාතීන් අසාද් සාලි මහතාගේ නාවල නිවස ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණය කරමින් සිය ඥාතියා ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

මෙම කාන්තාව දරුවන් සිවුදෙනකුගේ මවකි.

අසාද් සාලිගේ නිවසේ සිටි පිරිසක් තමන්ට තර්ජනය කළ බව මෙම කාන්තාවගේ ඥතීහු පැවසූහ.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-4258801321273105222015-09-23T11:00:00.000-07:002015-09-23T11:00:03.531-07:00යුවරාජ්ට නව පෙම්වතියක්

වසර ගණනාවක සිටම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සිහින කුමාරයා ලෙස හැඳින්වෙන්නේ යුවරාජ් සිංය. ඊට ඔහුගේ කඩවසම් බවත් ක්‍රීඩාමය හැකියාවත් බලපා තිබේ. මේ වන විට 34 හැවිරිදි වියේ පසුවන යුවරාජ් ක්‍රිකට් ක්‍රීඩාවේදී තුන් ඉරියව්වටම දස්කම් දක්වයි. ඒ වමත් පිතිහරඹය, වමතින් දඟ පන්දු යැවීම සහ පන්දු රැකීමටයි.

පසුගිය කාලයේ දී මේ සුපිරි ක්‍රීඩකයාගේ ක්‍රිකට් දස්කම්වලට වඩා මාධ්‍ය මඟින් වැඩි ප්‍රසිද්ධියක් ලබා දුන්නේ ඔහුගේ පෞද්ගලික දිවියටයි. එයිනුත් ඔහුගේ පෙම් සබඳතාවන්ටයි. බොලිවුඩයේ සුරූපි නිළියන් සහ මෝස්තර නිරූපිකාවන් රැසක්ම යුවරාජ්ගේ පෙම්වතියන් ලෙසට සිටියහ.

ඒ අතරට කිම් ෂර්මා, ප්‍රීති සින්ටා, දීපිකා පදුකෝන්, ශිල්පා ෂෙට්ටි, ජෙනිෆර් කොට්වාල්, සෝනම් කපූර්, අම්රිටා අරෝරා, අමීෂා පටෙල් අයත් වෙති.

ඉකුත් කාලයේ දී යුවරාජ්ගේ පෙම්වතිය වූයේ නේහා දූපියාය. ඇය මුලින්ම රූප සුන්දරියකි. පසුව මෝස්තර නිරූපිකාවක් සහ නිළියක් ලෙසටත් ජනප්‍රිය වූවාය. මෙම සබඳතාවයත් මේ වන විට නිමාවට පත් වී තිබේ. ඒ යුවරාජ්ට නව පෙම්වතියක් සිටින බැවිනි. ඇය නමින් හේෂල් කීච්ය.

හේෂල් එංගලන්තයේ උපත ලැබූ මෝස්තර නිරූපිකාවක් සහ නිළියකි. ඇය බිලා (2007) දමිළ සහ බොඩිගාර්ඩ් (2011) හින්දි චිත්‍රපටිවල රඟපා තිබේ. ඇය කලක් රෝස් ඩෝන් යන නම භාවිතා කළාය. ඇගේ පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. මව මුරුසි කතකි. හේෂල් වයස අවුරුදු 18 දී ඉන්දියාවට පැමිණියේ නිවාඩුවක් ගත කිරීමටයි. පසුව ඇය පදිංචිය සඳහා එරටම තෝරා ගත්තාය. යුවරාජ්ගෙන් නව පෙම්වතිය පිළිබඳ විමසූ විට ඔහු පවසා තිබෙන්නේ ඇය මිතුරියක බවය. කෙසේ වෙතත් යුවරාජ් සහ හේෂල් පසුගියදා ලන්ඩන් නුවර විවේකයෙන් ගත කළ බව වාර්තා වේ.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-42406501059135512932015-09-23T10:00:00.000-07:002015-09-23T10:00:05.806-07:00කඩුවෙල කලබලේ අස්සේ දෙන්නෙක් පනිති

කඩුවෙල උසාවියේ වෙඩි තැබීමේ සිද්ධියත් සමග මිනීමැරුම් නඩුවක සැකකරුවන් දෙදෙනකු පැන ගිය බව පොලිසිය පවසයි.

දැඩිගමුව යශෝධරා මාවතේ මාබුලගේ දිනිත් මිලාන් හා දැඩිගමුව සමගි මාවතේ චමින්ද බුද්ධික ඒ දෙදෙනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඔවුන් මාංචු පිටින් පැන්නේද නැද්ද යන්න සොයාගෙන නැතැයිද ඔවුන් සෙවීම සඳහා පොලිස් හා බන්ධනාගාර කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් ඇරඹූ බවද පොලිසිය පවසයි.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-76099271528508206102015-09-23T09:00:00.000-07:002015-09-23T09:00:05.886-07:00කඩුගන්නාවෙන් තවත් කසල තේ තොගයක්

දවුලගල සිට කොළඹ කර්මාන්ත ශාලාවකට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ පටවා ගත් තවත් ලොරියක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.

කසල තේ කිලෝග්රැම් 5550 ක් සහිත ලොරිය හේනාවල ප්‍රදේශයේදී අඟහරුවාදා (22) අත් අඩංගුවට ගන්නා විට එම කසල තේ ප්‍රවාහනය සදහා අවසර පත්‍රයක්ද නොතිබුණු බව කඩුගන්නාව පොලිස් දූෂණ මර්දන ඒකකය පවසයි.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-65571529798082323112015-09-23T08:00:00.000-07:002015-09-23T08:00:05.128-07:00ඉන්දුනීසියාවේ ළැව් ගිනි කලාපයේ ජන ජීවිතය අඩපණ කරයි

පසුගියදා ඉන්දුනීසියාවේ පැතිර ගිය ළැව් ගිනි හේතුවෙන් ගිනිකොන ආසියාවේ තවත් රටවල් කිහිපයක ද ජන ජීවිතය අඩාළ විය. ඉන්දුනීසියාවේ සුමාත්‍රා සහ බෝර්නියෝ දූපත්වල පැතිර ගිය මේ ළැව් ගිනි හේතුවෙන් වනාන්තර අක්කර දහස් ගණනක් විනාශ විය.

එහෙත් වඩාත් හානිකර වී ඇත්තේ පැතිර ගිය ළැව් ගිනිවලින් නැගුණු දුම් වලාවයි. මේ දැඩි ඝන දුමාරය කොතෙක් වී ද යත් අසල්වැසි මැලේසියාවේ සාමාන්‍ය ජන ජීවිතය එයින් අඩාළ විය.

මැලේසියාවේ අගමැති මැඳුර පිහිටි පුත්රජයා නගරයද මේ දුමාරයෙන් වැසී ගිය අතර අගමැති මැඳුරද දුමාරයට මැදි විය. ක්වාලාලම්පූර් නගරයේ පමණක් පාසල් 2000ක් වසා දැමුණූ අතර නගරයේ මාර්ගවල දර්ශනය පවා අපැහැදිලි වූයෙන් මාර්ගවල ගමනාගමනයට ද බාධා ඇති විය.

තවත් අසල්වැසි රටක් වූ සිංගප්පූරුවේ ගුවන් ගමන්වලට බාධා ඇති වූයෙන් ගුවන් ගමන් වාර රාශියක්ම අවලංගු කරන්නට සිදු විය.

මෙලෙස ගිනිකොන ආසියානු කලාපය අඩපණ කර දැමූ ළැව් ගින්න ඇතිවීමට හේතුව ලෙසින් හඳුනාගෙන ඇත්තේ අනවසර කැලෑ එළිකිරීම් ය. ඉන්දුනීසියාව යනු තවමත් නොඉඳුල්ව පවතින ස්වාභාවික වැසි වනාන්තරවලින් සමන්විත සුන්දර දේශයකි.

එහෙත් අනවසර කැලෑ එළිකරන්නන්ගෙන් තම වනාන්තර රැක ගැනීමට එරට රජය යොදන බලය අවමය.

ළැව් ගිනි පැතිර යෑමෙන් පසුව ගිනි නිවීම සඳහා විශේෂ ගුවන් යානා කිහිපයක්ම යෙදවීමට ඉන්දුනීසියානු බලධාරීන්ට සිදුවිය. හෙලිකොප්ටර් යානා තුනකින් වතුර බෝම්බ හෙළන ලදී. ගිනි නිවීම් සඳහා යොදා ගත් තවත් විශේෂ ගුවන් යානයක් ලෙස ගුවන් ට්රැක්ටරය විශාල මෙහෙයකට දායක කර ගෙන තිබේ.

මේ ගුවන් ට්‍රැක්ටරයේ ජලය ලීටර් 3000ක් ගුවනට ගෙන යා හැකිය. ගින්නේ දරුණුකම හේතුවෙන් තවත් ගුවන් ට්‍රැක්ටරයක් ඔස්ට්‍රේලියාවෙන් වහාම ගෙන්වීමට ද ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කර තිබිණි.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-37856864322596910312015-09-23T07:00:00.000-07:002015-09-23T07:00:02.141-07:00'බව්වා' බිරුවැයි කළුවිතාරණගෙන් පැමිණිල්ලක්

1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලම සාමාජිකයකු මෙන්ම වත්මන් ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රොමේෂ් කළුවිතාරණට, ජාතික කණ්ඩායමේ සහයක පුහුණුකරුවකු ලෙස සිටින පුද්ගලයකු කරන ලද තර්ජනයක් සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිල්ලක් ලැබී ඇත.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දුව විසිකිරීමට මෙන්ම වත්මන් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස "ලේබල්" ගතව සිටින අදාළ තැනැත්තා විසින් රොමේෂ් කළුවිතාරණට මෙසේ තර්ජනය කර ඇති බව වාර්තා වේ.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පුහුණුවීමට තණතීරුවක් ලබා ගැනීමට කළ උත්සහයකදී කළුවිතාරණ කියු කතාවක් සම්බන්ධව උරණ වූ අදාළ තැනැත්තා කළුවිතාරණට මරණ තර්ජන කරමින් කෑ කෝ ගසා ඇති අතර එතන සිටි කිහිප දෙනකු ඒ සම්බන්ධව කළුවිතාරණට දැනුම් දී තිබේ. අනතුරුව කළුවිතාරණ ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිලි කර ඇත.

"ක්‍රිකට් ගහපු කෙනෙක් තමයි ක්‍රිකට් ගැන දෙයක් දන්නෙ" යනුවෙන් කළුවිතාරණ විසින් අවිශ්ක ගුණවර්ධනට පවසා ඇතැයි වාර්තා වේ. එහිදී පළමු පෙළ හෝ ක්‍රිකට් ක්‍රීඩා නොකර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පන්දු රැකීමේ පුහුණුවට මෙන්ම පිතිකරණ පුහුණුවටද පන්දුව විසි කරන තැනැත්තා උරණ වී ඇතැයි "දිවයින" කළ සොයා බැලීමකදී අනාවරණය විය. "බව්වා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම පුද්ගලයා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාර්යාලයේ සේවය කරන කාන්තාවකටද "චණ්ඩි පාට්" දමා ඇති බවත් එම කාන්තාවද ඒ සම්බන්ධව පැමිණිලි කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් දුෂණ මර්දන ඒකකයට පවරා ඇත. ඒ සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්ෂ්මන් ද සිල්වා මහතා පරීක්ෂණයක් පවත්වා තිබේ.

අදාළ පරීක්ෂණයේදී සිදුවූ දෙය පිළිබඳව සොයා බලා ඇති අතර එම සිදුවීම එතැනින් අහවර කිරීමට නියමිතව ඇතැයි ක්‍රිකට් ආයතන නිලධාරියකුගෙන් වාර්තාවේ. ක්‍රිකට් ක්‍රීඩාවේ විනය රැක ගැනීම සහ ජාතික කණ්ඩායමක පන්දුව විසි කිරීමට හෝ ක්‍රිකට් පිළිබඳව හසල දැනුමක් ඇත්තකු පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් අසමත්වීම මෙවැනි ගැටුම් නිර්මාණය වීමේ ප්‍රධානතම හේතුව බව තතු දත් උදවිය "දිවයින" ට පැවසීය.

කෙසේ වෙතත් ක්‍රීඩකයන් සමග ඉතාම සමීපයෙන් කටයතු කරන "බව්වා" නමැත්තාට ඉදිරියටත් එම රාජකාරිය කරගෙන යැමට හැකි වටපිටාවක් අදාළ සිදුවීමෙන් පසුවද සකස්වී තිබීම විශේෂත්වයකි.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-65650981147817038022015-09-23T06:00:00.000-07:002015-09-23T06:00:02.539-07:00නැන්දණිය ඝාතනය කළැයි මරණ දඩුවම

මුදල් ආරවුලක් මත තම නැන්දනියට පිහියකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරැ වූ දික්වැල්ල බතීගම ප්‍රදේශයේ පුද්ගලයකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් මරණ දඬුවම නියම කළේය.

2005 වර්ෂයේ මාර්තු 28 වන දින බතීගම පදිංචි නාවුරැන්නගේ නීතා නැමැති අය මෙසේ ඝාතනයට ලක් වී තිබුණි.

ඇයගේ දියණියක් විවාහ කර ගෙන සිටි බතීගම පදිංචි කැකණදුර විදාන ගමගේ සමන්ත නැමැති අයට මෙසේ මරණ දඬුවම නියම විය.

2012 වර්ෂයේ සිට විත්තිකරු නඩුවට ඉදිරිපත් වීම මගහැර තිබූ අතර ඒ හේතුවෙන් ඔහුට විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට විනිසුරැවරයා කටයුතු කළේය.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-19897910663153317402015-09-23T05:00:00.000-07:002015-09-23T05:00:03.453-07:00දැරිය ඝාතනයේ සැකකරුවෙක් බදුවතුගොඩ කැලෙන් අල්ලයි

කොටදෙණියාව බඩල්ගම දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔහු දැරිය ජීවත්ව සිටි නිවෙස ආසන්නයේ පදිංචි අයකු බවත් කියති.

දැනට මේ සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් දෙදෙනකු රිමාන්ඩ් භාරයේ පසුවෙති.

සැකකරු අල්ලා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිදුකළ මෙහෙයුමකදී කැලයේ සැඟවී සිටි සැකකරු අල්ලා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-15949447411681624682015-09-23T04:00:00.000-07:002015-09-23T04:00:03.379-07:00ලොකු ලූනු බද්ද රු. 20 කින් ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ලූනු කිලෝවක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මුදල් අමාත්‍යාංශය විසින් රු. 20 කින් වැඩි කර තිබේ.

මේ අනුව මෙතෙක් රුපියල් 10ක් ව පැවැති ආනයනික ලොකු ලූනු කිලෝවක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රජය විසින් රුපියල් 30 දක්වා වැඩි කර තිබේ.

දේශීය ලොකු ලූනු අස්වනු නෙළන කාලය එළඹ ඇති බැවින්, දේශීය ගොවීන්ට තම අස්වනු සඳහා හොඳ මිලක් ලබා දීමේ අරමුණින් මේ තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශය කියයි.

ඊයේ (22 දා) මධ්‍යම රාත්‍රියේ සිට මේ නව බද්ද අදාළ වන බව ද මුදල් අමාත්‍යාංශය කියයි.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0tag:blogger.com,1999:blog-1550550399533327213.post-22729731826907582952015-09-23T03:00:00.000-07:002015-09-23T03:00:00.858-07:00මරණ දඬුවමට පෙර!

රට ම මහත් කම්පනයකට පත් කළ අතිශය දරුණු අපරාධයක් වූ කොටදෙණියාව දැරියගේ ඝාතනය, ශ්‍රී ලාංකික ජන සමාජය මුහුණ දී සිටින සැබෑ ඛේදවාචකය යළිත් ඇස් පනාපිට දිගහැරීමකි. ඉකුත් මැයි මාසයේ යාපනයේ කයිට්ස්හි දී සිදු වූ පාසල් සිසුවියගේ ඝාතනය ද මේ බව සිහිපත් කළත් දැන් ඒ සිද්ධිය අමතක ය. ජාති හෝ පළාත් හෝ භේදයක් නැති ව රට පුරා සිදු වන මේ ආකාරයේ අපරාධ මඟින් විදහා දැක්වෙන්නේ දරුණු සමාජීය පිරිහීමකි.

එය දැක දැක අමතක කිරීම ඛේදවාචකයේ කොටසකි. සිද්ධිය ආසන්නයේ ආවේගවාදී ව ඉදිරියට එන පිරිසක් අපරාධකරුවාට උපරිම දඬුවම් ලබා දීම, විශේෂයෙන් ම ඝාතකයා වෙනුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම විසඳුම ලෙස දක්වන නමුත් හැම දෙනාට ම, මුළු රටට ම මේ වෙනුවෙන් වගකීමක් හා වග වීමක් ඇතැයි නොසලකා හරිති.

සමාජයේ ආධ්‍යාත්මික සන්සුන් බව ආගමට, සංස්කෘතියට ඇති කරන්නට නොහැකි අවස්ථාවක දී විකල්පය වන්නේ නීතියට යටත් කිරීම යි. මේ පාරවල් දෙක ම අවසානයේ යහපත් සමාජය වෙතට ළඟා වීම පිණිස යි. එබැවින් නීතියේ සිදුරුවලින් රිංගා යන්නට ඉඩ නොතබා අපරාධකරුවාට උපරිම දඬුවම් දීම කොතරම් ශිෂ්ට සම්පන්න සමාජයක වුව ද සිදු විය යුතු යි.

එහෙත් ඝාතකයාට ඝාතනයෙන් පිළිතුරු දෙන මරණ දඬුවම ශිෂ්ට සම්පන්න ජන සමාජයකට අද කොතරම් ගැළපෙනවා ද? ශ්‍රී ලංකාවේ පොදු සංස්කෘතිය ගොඩනැඟුණේ බෞද්ධ මඟපෙන්වීම අනුව බවට දිගින් දිගට ම ප්‍රකාශ වන පසුබිමක ඝාතනයට ඝාතනයෙන් පිළිතුරු දීම තවත් ප්රශ්නකාරී වේ.

දිළිඳුකම නිසා සොරකම ද, සොරකම මැඬලීමට ආයුධ යොදාගැනීමට සිදුවීම ද, ආයුධ නිසා ප්‍රාණඝාතය ද සිදු වන බව කියැවෙන ‘චක්කවත්තී සීහනාද’ සූත්‍රයෙන් ප්‍රශ්නයට නියම විසඳුම ලෙස යෝජනා කරන්නේ දිළිඳු බව මැඬලීම මිස දඬුවම නො වේ. බෞද්ධ මඟපෙන්වීම එය යි. එවැනි වටපිටාවක ඝාතකයාට මරණ දඬුවම ඉල්ලා සිටීම ද නියම විසඳුම වෙතට යොමු නොවී, එනම් ප්‍රශ්නයට මුහුණ නොදී ඇඟ බේරාගැනීමකි; වගකීම, වග වීම බාර නොගැනීමකි.

රට මුහුණ දී සිටින ඇත්ත ප්රශ්නය නොහොත් ඛේදවාචකය ශ්‍රී ලාංකික ජන සමාජය ශිෂ්ට සම්පන්න භාවයෙන් වෙනත් දිසාවකට ඈත් ව යෑම යි. වසර තිහකට වැඩි කාලයක් රටේ යුද්ධයක් පැවතීම නිසා ම එසේ වී යැයි කීම ද එක්තරා විදියකට ඇඟ බේරාගැනීමකි.

යුද්ධය යනු ප්රශ්නය උග්‍ර කළ හේතුවක් පමණි. ඊට එහාට යන ඉතිහාසයක් මේ ඛේදවාචකයට තිබේ. ඝාතනය නමැති අපරාධයට මුල් වන කාරණ විමසා බැලුවොත් තමන් ළඟ ම අනෙකා, අනෙක් ජාතියක අනෙකා, අනෙක් ආගමක අනෙකා නොඉවසීම හේතු වන හැටි පැහැදිලි වනවා ඇත. අනෙකාට ගෞරව නොකිරීම, අනෙකාගේ අයිතිවාසිකම් නොපිළිගැනීම යන කාරණ මේ ඛේදවාචකයේ පදනම ශක්තිමත් කරයි. ඝාතකයාට ඝාතනයෙන් පිළිතුරු දීම හෙවත් ප්‍රශ්නයට විසඳුම ලෙස ඝාතනය ම දැකීම මඟින් සංකේතවත් වන්නේ ද ජන සමාජයේ එකී පිරිහීම ම ය. දිළිඳුකමට විසඳුම් සොයාගෙන ‘අම්මා’ මැදපෙරදිග රැකියාවකට යෑම මේ පිරිහීමට මඟ පෑදූ තවත් කතාවකි.

එක් අතකට එය යුද්ධයටත් වඩා දරුණු කතාවකි. දූදරු, මාපිය, පවුල් සබඳතා දරුණු අගාධයකට වැටීමට පමණක් නො ව, අපරාධවලට මුල පුරන මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වීමට ද පවුල අම්මාගෙන් ඈත් වීම බලපා ඇත. කුඩු මුදලාලිට වෙළෙඳපොළ හැර දුන්නේ මේ බිඳ වැටීම් ය. දරුවාගේ ආරක්ෂාව අහිමි වන්නේ ද මේ සබඳතා බිඳවැටීමත් සමඟ යි. එකී බිඳවැටීම් සමාජය විසින් ම බිහි කරනු ලබන අපරාධකරුවාට සිය සොරකම හෝ අපරාධය හෝ සඳහා දොරගුළු හැරදීමක් ද වේ.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් සමාජයට සිදු වන හානිය මෙන් ඍජු ව නොපෙනුණත් වගකීම, වග වීම යන කොටස අමතක කරන, මුදල් ලාභය ම මුලට ගන්නා වෙළෙඳාමකින් වුව ද සිදු වන්නේ ඒ හානිය ම ය. කොටදෙණියාව දැරියගේ ඝාතනය හා කයිට්ස්හි පාසල් සිසුවියගේ ඝාතනය ජනමාධ්‍ය මඟින් ඉදිරිපත් කළ සදාචාර විරෝධී ආකාරය රටේ පිරිහීම දැකගන්නට හැකි තවත් පැතිකඩකි. අපරාධය චිත්‍රපටයක් මෙන් දිගහැර පෙන්වීම මාධ්‍ය, මාධ්‍ය වෙනුවෙන් මිස මාධ්‍ය ජන සමාජය වෙනුවෙන් නො වේ ය කියා ඔප්පු කරන අවස්ථාවකි. අනෙක් මාධ්‍ය ආයතනයක් අබිබවන්නට හෝ මූල්‍යමය ලාභය වැඩි කරගන්නට සදාචාර සීමාව බිඳින, වගකීමෙන් හා වග වීමෙන් තොර මාධ්‍ය, ජන සමාජයට ද ඒ සීමාව බිඳින්නට අනුබල දෙයි. ඊළඟට බිඳෙන්නේ නීතියේ සීමාව යි.

ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ දී එතැන ම තුන්දහසකට ආසන්න පිරිසක් මිය ගිය බව කියැවුණත් ඒ එක දු මළ සිරුරක් වත් මාධ්‍ය මඟින් නොපෙන්වීම මාධ්‍ය සදාචාරය ආරක්ෂා කළ අවස්ථාවකට හොඳ නිදසුනකි. ඉන්දියාවේ සරසවි සිසුවියක සමූහ දූෂණයට ලක් වූ ඛේදවාචකය වාර්තා කළ එරට මාධ්‍ය අගතියට පත් සිසුවියගේ නම පවා ප්‍රසිද්ධ නොකිරීමට වගබලා ගත් සැටි ද මෙහි දී සිහිපත් කළ යුතු ය. ලජ්ජා විය යුත්තේ ඒ ආදර්ශ පාඩමක් කොට ගැනීමට සිදු වීම ගැන නො ව, අප වැටී සිටින අගාධයේ තරම දකින්නට මැළි වීම ගැන යි.

අපරාධකරුවාට මරණ දඬුවම පනවන්නට පෙර ඒ වෙනුවෙන් පෙරට එන සැම දෙනා ම තමන් පය ගසා සිටින සමාජය ගැන ස්වයං විවේචනයකින් හැරී බැලිය යුතු ම ය. සන්සුන් මනසින් මේ ගැන සිතන්නට මුළු මහත් සමාජය පෙලඹවිය යුතු ය.

Anonymoushttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.com0