Photobucket

Monday, September 28, 2015

‘හයිබ්‍රිඩ්’ අධිකරණය අහෝසියි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව මඟින් සිදුකෙරෙන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට අයත් එකක් බවත් මෙමඟින් හයිබ්‍රිඩ් විමර්ශන යන්ත්‍රණයක් සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයා කළ යෝජනාව ද අවලංගු වි ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ප්‍රකාශ කළේ ය.

මේ සඳහා අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය ශ්‍රී ලංකාවට ලබා දිය යුතු බව ද කෙරී මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

ශ්‍රී ලංකාව එම මානව හිමිකම් යෝජනාවට අනුග්‍රහය දැක්වීමට ගත් තීරණය අගය කළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ යෝජනාව මඟින් මෙතෙක් විසඳුම් නොමැති ප්‍රශ්න කිහිපයකට විසඳුම් ලැබෙනු ඇති බව ද පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ දේශීය විමර්ශන ක්‍රියාවලිය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා රජය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රබල රටවල් අතර එකඟතාවක් ඇති වී තිබෙන අතර ඒ යටතේ ආසියාතික රටවල් කිහිපයකට ද දේශීය යන්ත්‍රණය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනු ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘සිළුමිණ’ ට පැවසුවේ ය‍.මේ හරහා හයිබ්‍රිඩ් විමර්ශන යන්ත්‍රණයක් සඳහා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා කළ යෝජනාව ද අවලංගු වී ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පසුගිය බ්‍රහස්පතින්දා ඉදිරිපත් වුණු යෝජනාවට තවත් වෙනස්කම් කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ එක්වනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

එම අවසන් යෝජනාව ලබන 30 වැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඒකමතිකව සම්මත කිරීමට නියමිත ය.
Share on :

1 comments:

Anonymous said...

Top 50 Casino Site that offers free spins on casino site
BetUS: The Best Online Casino Site for USA players 2021 - 100% match deposit bonus up to No Deposit Bonus: 50 Free Spins On All Slots & Bet On luckyclub.live

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all