Photobucket

Wednesday, January 2, 2013

මිනිපේ ගවයින් බෝට්‌ටුවලින් ගෙන ගොස්‌ ගිරාඳුරුකෝට්‌ටේදී මස්‌ කරන ජාවාරමක්‌ හෙළිවෙයි

සත්ව හිංසාව සිදුවන ලෙස මිනිපේ ගවයින් මහවැලි සී කලාපයට මහවැලි ගඟෙන් බෝට්‌ටුවලින් ගෙන ගොස්‌ ගිරාඳුරුකෝට්‌ටේ ප්‍රදේශයේ මස්‌ කඩ මුදලාලිලාට අලෙවි කරන ජාවාරමක්‌ අල්ලා ගැනීමට විල්ගමුව පොලිසිය (30 දා) සමත්විය.

ගංවතුරට මුවාවී ගවයන් ගෙන ගොස්‌ මසට අලෙවි කිරීමේ ජාවාරම ජයටම කරගෙන යැමටද සැළසුම් තිබූ බව පොලිසිය කියයි.

ගවයන් හය දෙනෙකු මහවැලි ගඟෙන් එතෙර කිරීමට අත්පා ගැට ගසා සිටියදි සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

මිනිපේ ගොවි ව්‍යාපාරයේ ගොවින්ගේ ගවයින් මෙලෙස ගිරාඳුරුකෝට්‌ටේ ප්‍රදේශයට ගෙන යැමට ජාවාරම්කරුවෝ පියවර ගෙන ඇත. මහවැලි ගඟෙන් ගවයන් එතෙර කර ගැනීමට ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයන්ගේ බෝට්‌ටු යොදාගන්නා බව ද රාත්‍රියේ කෙරෙන ජාවාරම පිළිබඳ ඔවුන්ද දැනුවත්ව නොසිටියේ යෑයිද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ලග්ගල අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. විල්ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති. ප්‍ර. පො. ප. රත්නායක, පො. ප. තිලකරත්න, උ. පො. ප. සෙනවිරත්න, පො. කො. ප්‍රියන්ත (60329), දිනේෂ් (76542), දිනේෂ් (86052), නිලධාරීහු වැටලීම සිදු කළහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all