Photobucket

Wednesday, January 2, 2013

පොලිසිය කාන්තාවකගේ ඇඳුම් ගලවා පහර දීලා..

කෙස් කළඹෙන් ගෙන ගොස් ඇඳුම් ගලවා නිර්වස්ත්‍ර කරලා...

දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවක් දෙහිවල පොලිස් ස්ථානය තුලදී නිර්වස්ත්‍ර කර පහරදීම සම්බන්ධව වහාම අධිකරණයට කරුණු දක්වන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා මහත්මිය විසින් දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කෙරුනා.

දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවක් හෙරොයින් මිලි ග්රෑම් 260ක් සමග ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ ඇය විසින් විවෘත අධිකරණයේදී මහේස්ත්‍රාත්වරිය වෙත කරනු ලැබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

තමන්ව 30 දින දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගොස් කෙස් කළඹෙන් ගෙන ගොස් ඇඳුම් ගලවා නිර්වස්ත්‍ර කර පහරදුන් බවත් පසුව තමන්ට
හෙරොයින් දමා එය පිළිගන්න ලෙස කියමින් මෙම පහරදීම සිදුකල බවත් තමන් කිසිම දිනයක හෙරොයින් පානයකර හෝ ළඟ තබාගෙන නොසිටි බවත් ප්‍රකාශ කර සිටියා.

මෙම අවස්ථාවේ දෙහිවල පොලිසිය ඇමතු මහේස්ත්‍රාත්වරිය කාන්තාවකට පහර දීමට පොලිසියට ඇති බලය කුමක් ද මෙසේ කාන්තාවන්ට පහර දීමෙන් ජනතාවට සාධාරණයක් ඉටුවන්නේ කෙසේදැයි පවසමින් මේ පිළිබඳව වහාම පරීක්ෂණයක්  පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙස දෙහිවල පොලිසියට නියෝග කරමින් එම කාන්තාව ලබන 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all