Photobucket

Wednesday, January 2, 2013

පන්සලේ පිංකම මැද්දට වෑන් රියක් කඩා වැදී මව සහ දියණිය බරපතල තුවාල ලබයි

(01) සවස 7.30ට පමණ බණ්ඩාරගම ගල්තුඩේ ගල්කන්ද පුරාණ විහාරයේ ආශිර්වාද පිංකමක් පැවැත්වෙමින් තිබියදී වෑන් රියක් පිංකමට සහභාගී වූ පිරිස අතරට කඩා වැදී මවක් සහ දියණියක් බරපතල තුවාල ලබා ඇත. 

පුද්ගලික ආයතනයක් විසින් නව වසරට සෙත් පතා මෙම ආශිර්වාද පිංකම සංවිධානය කර තිබුණි.  මෙම පිංකමට 1000කට ආසන්න බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටියහ. පන්සල් භූමියේ පණගන්වා ගෙන තිබූ වාහනයේ සිටි රියදුරා ඉන් බැස ගොස් ඇත්තේ එන්ජිම ක්‍රියාත්මකව තිබියදීය. මෙහොතකට පසු එම වෑන් රථය එක්වරම බැතිමතුන් යට කරගෙන ඉදිරියට ගොස් නැවතී තිබේ. මෙම අනතුරෙන් තුවාල ලබා සිටි මව සහ දියණිය සොයාගෙන ඇත්තේ වෑන් රථය යට සිටියදීය. දියණියට වයස අවුරුදු 15වන අතර කඑබොවිල රෝහලේ හෙදියක වන මවට වයස අවුරුදු 45කි. දෙදෙනාම කඑබෝවිල රෝහලට ඇතුලත් කර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all