නුගේගොඩ, නාවල පාරේ ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන
යමින් තැන්පත්කරුවන් 2,000 කට අධික පිරිසකගෙන් රුපියල්
කෝටි 105 කට අධික මුදලක් වංචා කරන ලදැයි කියන සිද්ධියේ
සැකකාර සක්විති යුවළ ලබන 18 දා දක්වා තවදුරටත් රක්ෂිත
බන්ධනාගාරගත කරන ලෙසට නුගේගොඩ මහෙස්ත්‍රාත් සහ අතිරේක
දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා (11 වැනිදා)
නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අභය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිය වන ඒ. කේ. කුමාරි අනුරාධිනී යන යුවළය.
මෙම සිද්ධියේ සැකකරුවන් 21 දෙනකු දැනට ඇප මත මුදාහැර සිටිති.
0 comments:
Post a Comment