Photobucket

Tuesday, January 1, 2013

රත්‍රං ගුලි හා කාසි මල්ලක්‌ සමග මහනුවරදී සැප රියක්‌ අල්ලයි

පුද්ගලයන් සිවු දෙනකු සමග මහනුවර නගරයේ එහා මෙහා ධාවනය වෙමින් තිබුණු සුඛෝපභෝගී මෝටර් රථයක්‌ නවත්වා සෝදිසි කිරීමේදී රත්‍රං ගුලි සහ කාසි මල්ලක්‌ සොයා ගැනීමට මහනුවර නියෝජ්‍ය පොලිස්‌පති මූලස්‌ථානයේ විශේෂ අපරාධ සහ මෙහෙයුම් ඒකකය පෙරේදා (30 දා) සමත්වී තිබේ.

රත්‍රං ගුලි සහ කාසි, කිලෝ දෙකක්‌ පමණ බරින් යුතු බව පොලිසිය පවසයි.

සැකකරුවන් සමග මෝටර් රථයත්, රත්‍රං ගුලියත් පොලිසිය භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී රත්‍රං නිධානයකින් සොයා ගන්නා ලද බව සැකකරුවන් පවසා ඇත.

භාණ්‌ඩ සැබෑ රත්‍රං දැයි තහවුරු කැර ගැනීමටත් එම රත්‍රං මහනුවරට රැගෙන යන ලද්දේ කුමක්‌ සඳහාත් යන්න තහවුරු කර ගැනීම සඳහා, පරීක්‍ෂණ පැවැත්වීමට පොලිසිය පියවර ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල, නියෝජ්‍ය පොලිස්‌පති ජී. බී. පෙරමුණේ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ගනේගම සහ පොලිස්‌ අධිකාරි මහින්ද සේරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත විශේෂ අපරාධ හා මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති වසන්ත චන්ද්‍රසේකර සහ පොලිස්‌ පරීක්‍ෂක සී. වෑත්තෑව යන මහත්වරුන් ඇතුළු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all