Photobucket

Tuesday, January 1, 2013

පොලිස් නිලධාරීන්ගේ තෙවැනි දරුවාට ලක්ෂයේ දීමනාව ගෙවීමට පියවර

2012 වසරේ උපත ලැබූ පොලිස් නිලධාරීන්ගේ තුන්වෙනි දරුවා වෙනුවෙන් ලබාදීමට නියමිත රුපියල් ලක්ෂයේ දීමනාව ගෙවීමට පොලිස් සුබ සාධක අංශය පියවර ගෙන තිබේ.

මේ යටතේ 2012 වසරේ උපත ලැබූ දරුවන් 225කට අදාළ චෙක් පත් ඊයේ (31) ලියා අවසන්කර තිබුණි.
අද (01) සිට එම චෙක්පත් ලබාදීම ආරම්භ කෙරේ.

මේ යටතේ 2012 වසරට උපන් තුන්වෙනි දරුවන් වෙනුවෙන් රුපියල් කෝටි දෙකයි ලක්ෂ විසිපහක මුදලක් ගෙවනු ලබයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ තුන්වෙනි දරුවා වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂයේ දීමනාව තවමත් ගෙවා නැතැයි ‘දිනමිණ’ පසුගියදා හෙළිදරව්වක්ද කළේ ය.

මේ වසරේ ගෙවීමට නියමිත එම මුදල්වලට අදාළ චෙක්පත ඊයේ (31) ලියා අවසන් කළ යුතු බැවින් ඊයේ එම කර්තව්‍යය කඩිනමින් ඉටු කිරීමට පොලිස් සුබ සාධන අංශය පියවර ගෙන තිබුණි.

2012 අයවැයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරින්ගේ තුන්වෙනි දරුවා වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් ලබා දීමට කළ යෝජනාව මත මෙම මුදල් ලබාදීම සිදු කෙරේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all