Photobucket

Tuesday, January 1, 2013

පාකිස්තානයේ දරුණු බෝම්බ පිපිරීමකින් ෂියා බැතිමතුන් මරුට

පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේදී බස්රථ පෙළකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් ෂියා මුස්ලිම් බැතිමතුන් දහනව දෙනෙකු මියගිය අතර විස්සකට අධික පිරිසක් තුවාල ලැබූහ. 

ඉකුත් ඉරිදා සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම මතෛක් කිසිවෙකුත් භාරගෙන නොමැත. බෝම්බ පිපිරීම දුරස්ථ පාලකයක් මගින්ද නැතහොත් මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් සිදුකරන ලද්දක්ද යන්න මතෛක් තහවුරුවී නොමැත. පසුගිය වසරවලදී පාකිස්තානයේ සිදුවන වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළ යාමක් සිදුව ඇති බව කියැවේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all