අන්තර්ජාල සේවා පුළුල් වන තරමටම සයිබර් ප්‍රහාරයක් එල්ල
වීමේ ඉඩකඩද වැඩිවෙමින් පවතින බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය
රාජපක්‍ෂ මහතා පැවැසීය.
2012 පස්‌වැනි වාර්ෂික සයිබර් ආරක්‍ෂණ සතිය ආරම්භ කිරීම
නිමිත්තෙන් කොළඹ ටා- සමුද්‍රd හෝටලයේ පැවැති උත්සවයේ
ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් රාජපක්‍ෂ
මහතා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා සර්ට් ආයතනය විසින් මෙය සංවිධානය කර තිබිණි.
දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සයිබර් අවකාශය ඔස්‌සේ ජනතාවට ලබාදෙන සේවාවන් ඉතා වේගයෙන් පුළුල් වෙමින් පවතින බවත් ඒ තරමටම සයිබර් ප්‍රහාරයන් එල්ල වීමේ ඉඩකඩද වැඩිවෙමින් පවතින බවත් රාජපක්‍ෂ මහතා මෙහිදී සඳහන් කළේය.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේද මේ වන විට බැංකු සේවාවන් මෙන්ම රාජ්‍ය ආයතන මගින් සැපයෙන මහජන සේවාවන් ඇතුළු කටයුතු රැසක් අන්තර්ජාලය ඔස්‌සේ ලබා දීමට පියවර ගෙන සිටින අවධියක සයිබර් ප්‍රහාරයන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බවද රාජපක්‍ෂ මහතා මෙහිදී අවධාරණය කළේය. සයිබර් ආරක්‍ෂාව තහවුරු කිරීම යුගයේ අභියෝගයක් බවද ඒ සඳහා උපායමාර්ග සකස් කර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාමූහික උත්සාහයන් දැරිය යුතු බවද සඳහන් කළ රාජපක්‍ෂ මහතා මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් ඒ නිසා ඉතා වැදගත් බවද තවදුරටත් කීවේය.

0 comments:
Post a Comment