සමස්ත ලංකා සුපර් චෙස් තරගාවලියේ අවුරුදු 11න් පහළ ශූරතාව හිමිකර ගැනීමට
සමත්වු වේළුවන විද්‍යාලයේ එච්.ජී.දෙනුවන් තීක්ෂණ එම ජයග්‍රහණය හේතුවෙන් මේ
වසරේ ග්‍රීසියේ පැවැත්වෙන ලෝක පාසල් චෙස් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා
චෙස් කණ්ඩායම නියෝජන කිරීමේ අවස්ථාව උදාකර ගත්තේය.
අන්තර් ජාතික, ජාතික හා පළාත් චෙස් තරග නියෝජනය කරමින් සහතිකපත් හා පදක්කම්
60ක් පමණ හිමිකර ගෙන සිටින දෙනුවන් පසුගිය වසරේ රුමේනියාවේ පැවැති ලෝක චෙස්
තරගාවලිය සහ ස්ලෝවේනියාවේ පැවැති යොවුන් ආසියානු චෙස් තරගාවලිය නියෝජන
කළේය.
වේළුවන විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.කරුණාතිලක, චෙස් පුහුණුකරු ඉදුනිල්
පටබැදිගේ, චෙස් ක්‍රීඩා භාර ශ්‍යාමලී මල්වැන්න මහත්ම මහත්මීහු දෙනුවන්ගේ
ක්‍රීඩා කටයුතු සඳහා සහයෝගය දක්වති.
0 comments:
Post a Comment