ජනාකීර්ණ පිලිපීන වෙළෙඳ පොළකදී තුවක්කුකරුවෙක් ඊයේ එල්ල කළ වෙඩි
ප්‍රහාරයකින්තිදෙනෙක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූ බව එරට පොලිසිය
පවසයි . තුවක්කුකරුද එතැනම මරාදමා ඇත .තුවක්කුකරු මරා දැමූ වෙඩිල්ල කවරෙක්
එල්ල කළා ද යන්නත් තහවුරු වී නැත.
මේ පළාතේම වාසය කරන රොනල්ඩ් පි වශයෙන් හඳුනාගෙන ඇති මොහු ඉවක් බවක් නැතිව වෙඩි
තැබුවේ මක් නිසාද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැත.
මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත්තේ ,නව අවුරුදු උදාවට පෙර දින සන්දර්ශන වෙඩි
මුරයකදි එල්ල වු වෙඩිල්ලකින් 7 හැවිරිදි ගැහැනු ළමයෙක් මිය යාම හේතුවෙන්
පිලිපිනයේ තුවක්කු සංස්කෘතිය පිළිබඳව විවාදයක් මතුවි ඇති අවස්ථාවකදීයි.
0 comments:
Post a Comment