රුසියාවේ යූරල් කඳවැටිය ආශ්‍රිත ප්‍රදේශයට පතිතවු උල්කාෂ්මයකින් 1200 ට
අධික පිරිසක් තුවාල ලැබිය. මේ උල්කාෂ්ම කැබලි ගිනි බෝලයක් ලෙසින් කඩා පාත්වු බව
වාර්තා වේ. අනතුරින් නිවාස දහස් ගණනකට ද බරපතළ හානි සිදුව තිබේ. වැවකට පතිත
වු උල්කාශ්ම කොටස් සෙවිමේ කටයුතුවල කිමිදුම්කරුවන් යොදවා ඇත.
සිකුරාදා පතිතවු උල්කාෂ්ම කොටස්වල බර ටොන් 10ක් පමණ බව නාසා විද්‍යාඥයෝ පවසති.
මේ උල්කාෂ්ම වර්ෂාව පෘථිවියට ඇදහැළුනේ විශාල ප්‍රමාණයේ ග්‍රහකයක් පෘථිවිය
ආසන්නයෙන් ගමන් කළ දිනමයි. මේ සිද්ධින් දෙක අතර සම්බන්ධයක් නැති බව
විද්‍යාඥයන් ගේ මතයයි .
මේ ප්‍රබල උල්කාෂ්ම වැස්‍සෙන් චකිතයට පත්වි ඇති රුසියන් විද්‍යාඥයන්
අභ්‍යාවකාශ වස්තූන්ගෙන් පෘථිවියට එල්ල විය හැකි අනතුරු වළකා ගැනිමට ගෝලීය
පද්ධතියක් ස්ථාපනය කළ යුතු බවට යෝජනා කර ඇත .
හානියට පත් ගොඩනැඟිලිවල පිලිසකර කටයුතු සඳහා 20000ක පමණ පිරිසක් යොදවා ඇත.
මේ අවස්ථාව ප්‍රයෝජනය ගත් ඇතැම් පිරිස් කොල්ලකෑම්වලටද පෙළඹී ඇතැයි පොලීසිය
පවසයි.
0 comments:
Post a Comment