රු.1000 හොර මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සංසරණය කිරීම හා මුද්‍රණ උපකරණ
සන්තකයේ තබා ගැනීම යන චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 4
දෙනෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට අත්තනගල්ල අතිරේක මහේ්ස්ත්‍රාත් සහ අතිරේක දිසා
විනිසුරු කේ. ඩී. ඒ. ශිරාණි පෙරේරා මෙනෙවිය නියෝග කළාය. මෙහි සැකකරුවන්
වේයන්ගොඩ, යක්කල, කූරිකොටුව සහ එළුවාපිටිය පදිංචිකරුවන් වන අතර හිටපු
නාවුක හමුදා සෙබළෙකු හා අවසන් වසර සරසවි සිසුවකුද එම සැකකරුවන් අතර වෙති.
වේයන්ගොඩ එළුවාපිටියේ නිවෙසක රහසිගතව මෙම රු.1000 හොර නෝට්ටු මුද්‍රණය කර
ඇති බවද, අත්තනගල්ල පොලිස් කාර්යාලයේ බුද්ධි අංශය මඟින් ලබාදුන් තොරතුරක්
අනුව එම නිවෙස වටලා හොර නෝට්ටු සහ මුද්‍රණ යන්ත්‍රය සහ උපකරණ අත්අඩංගුවට ගත්
බවද සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් වේයන්ගොඩ පොලිසියේ අපරාධ
විමර්ශන අංශයේ සැරයන් (3789) කුමාරසිරි මහතා පැවැසීය.
0 comments:
Post a Comment