සිරියාවේ අලිප්පෝ නගරයේ ගුවන්තොටුපොළට සහ ගුවන් කඳවුරුවලට පහර ගසමින්
එරට කැරලිකරුවන් රාජ්‍ය විරෝධි ප්‍රහාර තවදුරටත් උත්සන්න කර ඇත. මේ අතර
ජනාධිපති බෂා අල් - අසාද් ට එරෙහිව දැඩි පියවර ගත යුතු බවට ජගත් සංවිධාන මානව
හිමිකම් ප්‍රධානී නවි පිල්ලේ බල කර ඇත .
මේ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර වශයෙන් රජයේ හමුදා ගුවන් ප්‍රහාර එල්ල කිරිම
ආරම්භ කර ඇත. කැරලිකරුවන් විසින් අල් - ජාරා හමුදා ගුවන්තොටුපොළ සහ තවත්
ගුවන් කඳවුරු අල්ලා ගෙන ඇත. මේ අතර කාන් ඇමාබෙ හමුදා පොලිස් මුරපොළ ද අල්ලා ගෙන
ඇත. ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් හමුදාව ෂෙල්වෙඩි ප්‍රහාර එල්ල කරන බව සඳහන් වේ.
ගෝලාන් ප්‍රදේශ අවට දෑවුරුදු කාලයක් තුළ ගුටුම් පවතින අතර මේ ගැටුම්
ඊශ්‍රායලය සතු අසල්වාසි ප්‍රදේශවලටද යම් බලපෑම් සිදුකර ඇත. මේ අතර අරාජික
තත්ත්වයට පත්වි ඇති සිරියාවේ වයඹ දිග ප්‍රදේශවලදි පුද්ගලයන් 300 කට අධික
පිරිසක් පැහැර ගෙන ඇතැයි වාර්තා වේ. මේ අතර කාන්තාවන් සහ ළමුන්ද සැහෙන පිරිසක්
සිටින බව සඳහන් වේ. මේ පැහැර ගැනිම් සිදු කර ඇත්තේ ඉඩ්ලිබ් ප්‍රදේශයේදී හමුදාව
සිදුකළ පැහැර ගැනිම්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් බව විශ්වාස කෙරේ .
සෙනසුරාදා ගැටුම්වලින් රට පුරා සොල්දාදුවන් 31, කැරලිකරුවන් 30ක් සහ
සිවිල් වැසියන් 23 දෙනෙක් මිය ගොස් ඇතැයි සිරියන් නිරීක්ෂණ මධ්‍යස්ථානය
පවසයි. සිරියන් අර්බුදය හේතුවෙන් මේ දක්වා 70000 කට අධික පිරිසක් මියගොස් ඇති
බව ජගත් සංවිධානය ප්‍රකාශ කර තිබේ .
0 comments:
Post a Comment