මෙරට රෝහල්වලට අවශ්‍ය ඖෂධ බංගලාදේශ සහ ඉන්දියාවේ රජයන්
මගින්ම ලබාගැනීමේ වැඩසටහනක් සකස් කරන ලෙස සෞඛ්‍ය ඇමැති
මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට (17 වැනිදා)
උපදෙස් දී ඇත.
වරින්වර රෝහල්වල ඇතිවන ඖෂධ හිඟයන් නිසා විවිධ ගැටලුවලට මුහුණදීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුවන බැවින් එයට පිළියම් සෙවීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්‌ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්‌ථාව සහ වෛද්‍ය සැපයීම් අංශ නිලධාරීන් හමුවී කළ සාකච්ඡාවේදී ඇමැතිවරයා නව වැඩපිළිවෙළ සකස් කරන ලෙස උපදෙස් දී ඇත.
දැනට ටෙන්ඩර් කැඳවීම් මගින් ඖෂධ ලබාගැනීම නිසා වෙලාවට ඖෂධ නොලැබීම, ගුණාත්මක භාවයෙන් අඩු ඖෂධ ලැබීම වැනි ගැටලු රැසක් මතුවී තිබේ. ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් කෙළින්ම ඖෂධ ලබාගැනීම නිසා ඉහත ගැටලු ඇති නොවන බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.
ටෙන්ඩර් මගින් ඖෂධ ලබාගැනීමේදී ඇතැම් ඖෂධ සමාගම් හිතාමතාම ඖෂධ නිසි වේලාවට ලබානොදෙන බවත් ඖෂධ හිඟයක් මතුවූ පසු වෙනත් සමාගමකින් හදිසි මිලදී ගැනීම යටතේ ඖෂධ ලබාගන්නා බවත් මෙහිදී හෙළිවී තිබේ. ටෙන්ඩර් සමාගමේ ඖෂධම වැඩි මිලට වෙනත් සමාගම් හරහා සපයා ඔවුන් ඉහළ ලාභයක් ලබන බවට තොරතුරු ලැබී ඇතැයිද ඇමැතිවරයා විසින් හෙළිකර තිබේ.
මේ වනවිටත් බංගලාදේශ සෞඛ්‍ය ඇමැතිවරයා කෙළින්ම ශ්‍රී ලංකාවට ඖෂධ ලබාදීමට එකඟවී ඇතැයි නිලධාරීන්ට දැනුම් දුන් ඇමැතිවරයා ඉන්දියාවා ද සමඟද සාකච්ඡා කර මේ සැලසුම ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අවධාරණය කළේය.
0 comments:
Post a Comment