ඉකුත්දා ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට ඇද හැළුණු රතු වැස්සේ ජල සාම්පලවල මෙතෙක් කරන
ලද පර්යේෂණ අනුව එම ජලයේ කිසියම් ජීවීන් විශේෂයක් සිටින බව අනාවරණය වී ඇත.
මේ ජීවීන් තවමත් එම ජලයෙහි සජීවී අයුරින් සිටින බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ
වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.
රතු වැස්සේ ජල නියැඳී එංගලන්තයේ බැකිංහම් තාරකා
ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා විසින් ද වැඩිපුර
පර්යේෂණ සඳහා එංගලන්තයට රැගෙන ගොස් තිබේ. කෙසේ නමුත් රතු වැස්සේ ජල සාම්පල වෛද්‍ය
පර්යේෂණායතනයේ සියුම් පරීක්ෂණවලට තවදුරටත් භාජනය කරමින් පවතී.
රතු වැස්සට අමතරව ප්‍රදේශ කිහිපයකට පසුගිය දිනවල ඇද හැලුණ කහ වැස්ස ගැන ද වෛද්‍ය
පර්යේෂණායතනය පරීක්ෂණ පවත්වන බව වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.
0 comments:
Post a Comment