Photobucket

Sunday, December 30, 2012

අපචාරවලට ලක්වන ගැහැනු දරුවන්ට විශේෂ රෝහල් ඒකක

අපචාරවලට ලක්වන ගැහැනු ළමයින් වෙනුවෙන් එම ළමයින්ගේ වෛද්‍ය හා අධිකරණ කටයුතු අවසන් වනතුරු සෑම රෝහලකම විශේෂිත ඒකකයක් බැගින් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබන වසරේ සිට පියවර ගනු ඇත.

 ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙවැනි සෑම ඒකක සෑම රරජයේ රෝහලකම පිහිටුවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉකුත් සිකුරාදා ළමා මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය විසින් එම සාකච්ඡාවට සහභාගි වූ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාට මේ පිළිබඳ ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. 

සෞඛ්‍ය ඇමැතිවරයා මේ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගෙන් කරුණු විමසා සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ විශේෂිත ඒකක ලබන වසරේ සිටම රෝහල්වල ආරම්භ කිරීමට පියවර ගනු ඇත.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය මෙම සාකච්ඡාවේදී පවසා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ සඳහා පහසුකම් සැලසීමට මුදල් අපහසුතා හෝ ගොඩනැඟිලි ප්‍රශ්න සේවක ප්‍රශ්න තිබේ නම් ඒවාට වුවද අවශ්‍ය ප්‍රතිපාදන ලබාදිය හැකි බවය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all