Photobucket

Thursday, January 3, 2013

අන්තර් ජාල ආරක්ෂාව යුගයේ අභියෝගයක්

අන්තර්ජාල සේවා පුළුල්වන තරමටම සයිබර් ප්‍රහාරයන් එල්ලවීමේ ඉඩකඩ ද වැඩිවෙමින් පවතින බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ලේකම්වරයා මේ බව සඳහන් කළේ 5 වැනි වාර්ෂික සයිබර් ආරක්ෂණ සතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිණි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ද දැනටමත් බැංකු සේවාවන් මෙන්ම රාජ්‍ය ආයතන මගින් සැපයෙන ‍මහජන සේවාවන් ඇතුලු කටයුතු රැසක් අන්තර්ජාලය ඔස්සේ ලබා දීමට පියවර ගෙන ඇති බව පෙන්වාදෙන ඒ මහතා, එවන් අවදියක සයිබර් සයිබර් ප්‍රහාරයන් පිළිබඳ දැඩි අවදානයෙන් සිටිය යුතු බවද සඳහන් කරයි.

සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම යුගයේ අභියෝගයක් බැවින් ඒ සඳහා උපාය මාර්ග සකස් කර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාමූහික උත්සාහයන් දැරිය යුතු බව සඳහන් කරන රාජපක්ෂ මහතා, දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහිදී වඩා වැදගත් වන බවද පවසයි.

එමෙන්ම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සයිබර් අවකාශ ඔස්සේ ජනතාවට ලබාදෙන සේවාවන් ඉතා වේගයෙන් පුලුල් වෙමින් පවතින මොහොතක සයිබර් ප්‍රහාර එල්ලවීම පිළිබඳව අවදියෙන් සිටිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ය‍ටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා සර්ට් ආයතනය විසින් මෙය සංවිධාන කර තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all