භූ විද්‍යා
පර්යේෂණ මගින් මාතලේ දිස්ති‍්‍රක්කය තුළ මිනිස් වාසයට සුදුසු නොවන ගම්මාන
19 ක් හදුනා ගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මාතලේ
දිස්ති‍්‍රක්කය භාර භූ විද්‍යඥ චමින්ද මොරේමඩ මහතා කියයි. භූ අස්ථාවරත්වය , ගිලා බැසීම් නාය යෑම් හෝ වෙනත් අසාමාන්‍ය සිද්ධීන් පාදක කර
ගනිමින් රත්තොට , මාතලේ , උකුවෙල , ලග්ගල සහ අඹන්ගගකෝරලේ ප‍්‍රාදේශීය
ලේකම් කොට්ඨාශ වල කරන ලද පර්යේෂණ මගින් මෙම ගම්මාන හදුනා ගෙන තිබේ. මෙම
ගම්මාන වල පදිංචිකරුවන් එම ගම්මානවලින් ඉවත් කිරිමේ අවශ්‍යතාව මේ වනවිටත්
නිර්දේශ කර ඇති බව පැවසූ මොරේමඩ මහතා 2005 වසරේ සිට මෙම අවශ්‍යතාව පෙන්වාදී
ඇති බව කියයි.
වේවැල්මඩ , පිටකන්ද , පුංචි සෙලූවාකන්ද , මඩකුඹුර , දන්කන්ද , කන්දේනුවර/නැගෙනහිර , අලකොලමඩ, ලෝන්විල් , රත්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් හදුනා ගත් ගම්මාන වන අතර උකුවෙල කොට්ඨාශයෙන් ඕවිල්ල, ගලඋඩහේන , වටගොඩ, බලකඩුව , අලවතුවල, එනසාල්මඩ , සහ කටුදෙණිය ගම්මාන අවදානම් ගම්මාන ලෙසට නිර්දේශ කර තිබේ.
මාතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් තොටගමුව , කන්දේගෙදර , හරස්ගම , දොරගමුව ගම්මාන අවදානම් ගම්මාන ලෙසට හදුනා ගෙන ඇති බව පෙන්වා දෙන මොරේමඩ මහතා මෙම ගම්මානවල ගිලා බැසීම් නාය යාම් හෝ පිපිරීම් සිදුවිය හැකි බව පර්යේෂණ මගින් තහවුරුකර ඇති බවද කියයි.
0 comments:
Post a Comment