Photobucket

Wednesday, December 26, 2012

අත් අඩංගුවටපත් ඉන්දීය ධීවරයන් ඉන්දීය මහකොමසාරිස්ට බාරදේ

නීති විරෝධී ලෙස මෙරට මුහුද සීමාවේ මසුන් අල්ලමින් සිට අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 27 දෙනා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත බාරදීමට පියවර ගෙන ඇත.

අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ මේ ධීවරයන් පිරිස ති‍්‍රකුණාමලය නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් කණ්ඩායමක් විසින්  (24) පස්වරු 1.00 ට පමණ අත්අඩංගුවට ගත් අතර ඊට අමතරව ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රා 4 ක්ද නාවික හමුදා බාරයට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පිරිස ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් ලක්ෂය බැඟින් ශරිර ඇප නියම කර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all