2005 වසරේ ස්පාඤ්ඤ පාපැදි සවාරියේ ශූරතාව දිනූ ස්පාඤ්ඤ පාපැදි ශූර රොබේටෝ හෙරස් එම
තරගයේ දී තහනම් උත්තේජන භාවිතා කළ බවට එල්ලවූ චෝදනාව එරට ශ්‍රේෂ්ඨාධිකරණය
මගින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එම තරගයේ 20වැනි අදියර අතරතුරදී කළ මූත්‍රා
සාම්පල පරික්ෂණයකින් පසුව හෙරස් තහනම් උත්තේජන භාවිතා කළ බවට චෝදනා එල්ලවී
තිබිණි.
ඒ අනුව ස්පාඤ්ඤ පාපැදි සංගමය 2006 වසරේ දී ඔහුට වසර 2ක තරග තහනමක් පැනවීමට
කටයුතු කළේය. එම චෝදනා ප්‍රතික්ෂේප කළ හෙරස් සිය තහනමට එරෙහිව
ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාවක් ගොනු කළේ ඉන් පසුවය.
'වසර 7ක කාලයක් පුරා මේ අසත්‍ය චෝදනාවෙන් පීඩාවට පත්ව සිටි මට සහයෝගය පලකළ
සැමට ස්තූතියි' 38හැවිරිදි හෙරස් සිය නඩු තීන්දුවෙන් පසුව ප්‍රකාශ කළේය.
0 comments:
Post a Comment