කාන්තාවකගේ ඩිම්බ මෝචනය පළමුවරට වඩාත් පැහැදිලි ඡායාරුප පෙළක සනිටුහන් කර ගැනීමට වෛද්‍යවරුන් පිරිසක් සමත්ව සිටිනවා.
සරු කාන්තාවක් සෑම මසකම ඩිම්බ එකක් හෝ කිහිපයක් හෝ නිදහස් කරන නමුත් මෙතෙක්
කලක් මේ සිදුවීම පැහැදිලිව ඡායාරුප ( සතුන්ගේ හැරුණු විට ) ලෝකය සතු වුයේ
නැත.
කාන්තාවකගේ ඩිම්බ නිපදවන්නේ ඩිම්බ කෝෂයේ පර්යන්තයේ ඇති සයුනික නම්,
තරලය පිරුණු පැසක් වැනි ව්‍යුහය තුලය. ඩිම්බ මෝචනය සිදුවන කාලය පුරාවටම මෙය
රතු පැහැ නෙරා ආ ව්‍යුහයක් ලෙස දිස් වෙනවා.
ජෙලිමය ද්‍රව්‍යකින් වට වූ
ඩිම්බය පිටතට එන්නේ මේ තුලිනි.
ඡයරුපයේ විශාලව දිස් වුවත් ඩිම්බයක සැබෑ ප්‍රමාණය මේ වාක්‍ය අවසාන ඇති නැවතීමේ තිත තරම් වූ කුඩා දෙයකි.
ඡායාරුප
පෙළෙහි සනිටුහන් ව ඇති ඩිම්බ මෝචනය සම්පුර්ණ වීමට විනාඩි 15 ක කාලයක් ගත
වූ බවයි ලුවෙන්හි කතෝලික සරසවියේ වෛද්‍ය ජාක්ස් ඩොනෙස් මේ ඡායාරුප පෙළ කල
සයන්ටිස්ට් සගරාවට පවසා ඇත්තේ .
ඩිම්බ මෝචනය ශ්නිකව විසි වීමක් ලෙස සිදු
වන්නේය යනුවෙන් ඇතැම් වෛද්‍යවරුන් තුල තිබු අදහස මේ නිරීක්ෂණයෙන් සාවද්‍ය
වන බව වැඩිදුරටත් පවසා තිබේ.
බි.බි සි .පුවත්පත් ඇසුරිනි
1 comments:
Good site
Post a Comment