පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැක කළ හැකි
ස්ථානයක් අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලම ප්‍රදේශයේ මල්වතුඔය අසබඩට වන්නට
තිබෙන වගා ළිඳක් තුළින් මතුවී ඇත. බණ්ඩාර
පුලියන්කුලම අංක 50 ලිපිනයේ පදිංචි සිරිසේනගේ බණ්ඩාර (46) මහතා මීට දින
කිහිපයකට ඉහතදී මෙම විශාල බැම්ම දැක ඇත. සිරිසේන බණ්ඩාර මහතාට මෙම වගා ළිඳ
ආසන්නයේම ඔහුට අයත් ඉඩමක් තිබෙන අතර, ඒ මහතා මීට දින කිහිපයකට ඉහතදී වගා
ළිඳ පිහිටි ප්‍රදේශයට ගිය අවස්ථාවේ වගා ළිද් කොටසක් කඩා වැටී තිබෙන අයුරු
දැක එම ස්ථානය පරීක්ෂා කරද්දී සුවිශේෂී වූ ගඩොලින් තැනූ බැම්මක් මතුවී
තිබෙන අයුරු දැක ඇත.
එම ස්ථානය වසර සිය ගණනක් පැරණි බවට සැක කළ හැකි සොහොනක් හෝ මාළිගාවක කොටසක් මෙසේ මතුවී ඇති බවට ඔහු සැක පහළ කරයි. එහි ඇති එක් ගඩොලක උස අඟල් 02ක් ද දිග අඟල් 18ක් ද පළල අඟල් 07ක් පමණද වේ. මෙම මතුවූ බැම්ම විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබෙන අයුරු දැකගත හැකිවිය.
එම ස්ථානය වසර සිය ගණනක් පැරණි බවට සැක කළ හැකි සොහොනක් හෝ මාළිගාවක කොටසක් මෙසේ මතුවී ඇති බවට ඔහු සැක පහළ කරයි. එහි ඇති එක් ගඩොලක උස අඟල් 02ක් ද දිග අඟල් 18ක් ද පළල අඟල් 07ක් පමණද වේ. මෙම මතුවූ බැම්ම විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබෙන අයුරු දැකගත හැකිවිය.
මැටි වැනි බදාමයකින් එම බැම්ම ඉදිකර ඇති බවට සාක්ෂි දැකගත හැකි වේ. පොළොව මට්ටමේ සිට අඩි 02ක් පමණ වන්නට වගා ළිඳ තුළින් මෙම බැම්ම මතු වී ඇත. වසන්ත මහතා ඔහුට අයත් ඉඩමේ වසර 15ක් පමණ වගා කටයුතුවල නිරත වන අතර, පසුගියදා ඇති වූ ගංවතුරත් සමගින් වගා ළිඳේ බැම්ම කඩා වැටී මෙම පෞරාණික බවට සැකපහළ කෙරෙන බැම්ම මතුව තිබූ බවද ඔහු පැවැසුවේය.
මෙම ප්‍රදේශයේ විවිධ ස්ථානවල පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන පිහිටා තිබෙන බවත් කිසිදු පුද්ගලයකු මෙම ප්‍රදේශයේ තමන් පදිංචි කාලය තුළ ඉදිකිරීම් නොකළ බවද ඔහු පැවැසීය. වසන්ත මහතා පෙන්වූ බැම්මේ ඇති ගඩොල් දැනට අභයගිරි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදා ගන්නා ගඩොලට සමාන ගඩොලක් වන අතර, එහෙත් එය දර්ශනය වූ අයුරට වඩා විශාලත්වයෙන් වැඩිය.
0 comments:
Post a Comment