අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමසේවක වසම් තිස්හතරක් තුළින්
තෝරාගත් ගොවීන් අතර විදෙස් ජනපද ඇතිකිරීම පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ
වැඩසටහනක් ඊයේ දවස පුරා හත්ගම්පල ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේදී පවත්වන
ලදී. මෙය සංවිධානය කරන ලද්දේ අරනායක ගොවිජනසේවා ප්‍රාදේශීය ලේකම් හා
කෘෂිකර්ම කාර්යාලවල අනුග්‍රහයෙනි.
මේ සඳහා ගොවීන් එකසිය පණහකට ආසන්න පිරිසක් සහභාගි වූ අතර අවශ්‍ය පුහුණු
පාඨමාලා ලබාදෙන ලද්දේ කෑගල්ල ගොවිජනසේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම
මෙහෙයුම් නිලධාරී ජගත් කුමාර මහතා විසිනි.
මෙම වැඩමුළුව ආරම්භ කරමින් විශේෂ අනුශාසනාවක් පැවැත්වූ කෑගල්ල දිසාවේ
ප්‍රධාන සංඝනායක අමෙරිකාවේ ජේසි බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති හත්ගම්පල ශ්‍රී
මහා බෝධි විහාරාධිපති හුංගම්පල සිරිරතන නාහිමියෝ මීපැණි ජනපද අපේ රටේ ඈත
අතීතයේ පටන් පැවැති නමුත්, යම් යම් හේතුන් මත අද විශාල අඩුවක් පවතින මෙම
වකවානුවේදී දිවිනැඟුම හෝ ගම නැඟුම යටතේ හෝ මෙය වැඩපිළිවෙළ ක්‍රියාත්මක
කිරීමට ගත් පියවර අගේ කළ යුතු බවත්, මී පැණි භාවිතය අධික රුධිර පීඩන,
දියවැඩියාව ආදි රෝග රැසකටම විශේෂ ඖෂධයක් සේම, විදේශිකයින් මෙය ආහාරයක්
ලෙස භාවිතයට ගන්නා බවද පැවසූහ. අරනායක ගොවිජන සේවා නිලධාරිනී ජගත් කුමාරි
මහත්මිය අදහස් දක්වමින් ඉදිරි කෙටි කාලයක් තුළ මෙසේ තෝරාගත් ගොවීන් එකසිය
පණහකට ආසන්න පිරිසකට නොමිලයේ මේ සඳහා අවශ්‍ය මී මැසි පෙට්ටි ඇතුළු වෙනත්
අවශ්‍ය උපකරණ ලබාදීමට පියවර ගන්නා හෙයින් මෙයින් ලබාගත හැකි උපරිම ප්‍රතිඵල
ලබාගැනීමට හැමෝම උනන්දු විය යුතු බවද පැවසුවා ය.
0 comments:
Post a Comment