ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරයි
ඉන්ධන
මිල හා විදුලිය ගාස්තු වැඩි කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී
ලංකාවට යෝජනා කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ලංකා විදුලිබල මණ්ඩලයත්
අධික පාඩු ලැබිමෙන් ජාතික ආර්ථිකය අස්ථාවර වන බව මූල්‍ය අරමුදල නියෝජනය
කරමින් ඉකුත්දා ශ්‍රී ලංකාවට පැමිණි දූත මණ්ඩලයේ ප්‍රධානී ජෝන් නෙල්ම්ස්
මහතා ප්‍රකාශ කරයි. ඊට කඩිනම් ප්‍රතිචාරයක් ලෙස ආනයන පිරිවැයට සාපේක්ෂව
ඉන්ධන මිල හා නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව විදුලි ගාස්තු වැඩි කළ යුතු බවත් ඒ
මහතා යෝජනා කර ඇත.
‘ලක්බිම’ කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන මිල හා විදුලි ගාස්තුව සංශෝධනය කිරීමේ සුත්‍රයක් ද හඳුන්වා දිය යුතු බවයි. 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කෙරුණු ප්‍රතිපත්ති පෙරදැක්මෙන් ද ඉන්ධන මිල හා විදුලි ගාස්තු පිරිවැයට ගැළපීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.
0 comments:
Post a Comment