දුලක්ෂි පෙරේරා මාධ්‍ය ක්ෂේත්‍රයේ හැමදාමත් දැවැන්ත චරිතයක්. ඇගේ දක්ෂතාව, කැපවීම
නිසාම මාධ්‍ය ලෝකයේත් ඉන් පරිබාහිරවත් ඇය අත්පත් කොටගත් ජයග්‍රහණ බොහොමයක් තිබෙනවා.
දුලක්ෂි ගේ මාධ්‍ය ජීවිතයට දැන් වසර 23 ක් ගතවෙලා. ඇගේ නවතම තොරතුරු ඇය අපිත් එක්ක
බෙදාහදා ගත්තා.
“මේ දවස්වල හරිම කාර්යබහුලයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මාධ්‍ය සම්බන්ධීකරණ
නිලධාරිනීයක ලෙස මම කටයුතු කරනවා. ඒ නිසා මට පැවරෙන වගකීම්, වැඩ කටයුතු වැඩියි. ඒවා
උපරීම කැපවීමෙන්, නිවැරැදිව ඉටුකිරීමට මම වෙහෙසෙනවා.
ඒ වගේම මගේ මාධ්‍ය වැඩ කටයුතු
සඳහා බැංකුවෙන් ලැබෙන සහයෝගය ඉතාම අගය කරනවා. නිවේදිකාවක ලෙස ස්වාධීන රූපවාහිනියේත්
ඉන් පරිබාහිරව විශේෂ වැඩසටහන්, බාහිර වැඩසටහන් සඳහා මම නිවේදිකාවක ලෙස දායක වෙනවා.
මාධ්‍ය ක්ෂේත්‍රයේත් බැංකු ක්ෂේත්‍රයේත් වැඩ කටයුතු ඉතාම සතුටින් කරගෙන යනවා. මගේ
පුංචි පුතාට දැන් අවුරුදු 3 1/2 ක් වෙනවා. එයාගේ හුරතල් බලමින් මමත් මගේ සැමියාත්
ඉතාම සතුටින් සුන්දරව ජීවිතේ ගෙවනවා. ඒ වගේම මේ දේවල්වලදී මගේ මව්පියන්ගේත්, නැදෑ
හිතවතුන්ගෙන් ලැබෙන සහයෝගය ඇත්තටම මට මහත් ශක්තියක්.
0 comments:
Post a Comment