13
වැනි ආසියානු කනිෂ්ඨ ස්‌කෝෂ් ශූරතාව සඳහා සහභාගිවන ශ්‍රී ලංකා
කණ්‌ඩායම
ඉදිරිපෙළ වමේ සිට - තමාරා වන්නිආරච්චි මහත්මිය (කාන්තා කණ්‌ඩායම් භාර නිලධාරිණිය) එල්. කුරේ (පුහුණුකරු) කමාන්ඩර් පාලිත වීරසිංහ (කළමනාකරු) වී.එස්.එම් චන්දන (පුහුණුකරු)
පසුපෙළ වමේ සිට- ෂමීල් වකීල්, විදුරංග උදන්ත, රෂේන්aද්‍ර රාජරත්න, රවිඳු ලක්‌සිරි, නදුනි ගුණවර්ධන, සඳුනි ගුණවර්ධණ, ගයාරා ජයසූරිය, මිහිලියා මෙත්සරණී
ඉදිරිපෙළ වමේ සිට - තමාරා වන්නිආරච්චි මහත්මිය (කාන්තා කණ්‌ඩායම් භාර නිලධාරිණිය) එල්. කුරේ (පුහුණුකරු) කමාන්ඩර් පාලිත වීරසිංහ (කළමනාකරු) වී.එස්.එම් චන්දන (පුහුණුකරු)
පසුපෙළ වමේ සිට- ෂමීල් වකීල්, විදුරංග උදන්ත, රෂේන්aද්‍ර රාජරත්න, රවිඳු ලක්‌සිරි, නදුනි ගුණවර්ධන, සඳුනි ගුණවර්ධණ, ගයාරා ජයසූරිය, මිහිලියා මෙත්සරණී
මෙම 20 වැනිදා සිට 24 වැනිදා දක්‌වා දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ ස්‌කොෂ් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම පිණිස අද අලුයම දිවයිනෙන් බැහැරවීමට නියමිතවූ කණ්‌ඩායමේ නායකත්වයට කෙනෙක් පත්කර නොතිබීම කැපී පෙනෙන කරුණක් බවට පත්ව තිබේ.
ආසියාවේ රටවල් 14 ක් පමණ තරගවදින අදාළ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් සිව්දෙනෙක් සහ ක්‍රීඩිකාවන් සිව්දෙනෙක් තරගවදින අතර මෙම කණ්‌ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයක් මෙයට බලපා ඇත.
කණ්‌ඩායම් නායකත්වය පිළිබඳ ස්‌කොෂ් පරිපාලනය, ස්‌කෝෂ් තේරීම් කමිටුව සහ කණ්‌ඩායම් සාමාජිකයන්ගේ දෙමාපියන් අතර ඇතිවූ තුන්කොන් ගැටුමක ප්‍රතිඵලයක් ලෙසින් නායකත්වයක් පිළිබඳ සඳහනකින් තොරව කණ්‌ඩායම සඳහා පමණක් අනුමැතිය ලබාදීමට ක්‍රීඩා ඇමැතිවරයා තීරණය කළ බව වාර්තා වේ.
වාර්තා වන අන්දමට තේරීම් කමිටුව විසින් මෙම ශ්‍රී ලංකා සමස්‌ත කණ්‌ඩායමේ නායකත්වය සඳහා ඇමැති අනුමැතිය පිණිස නම්කර ඇත්තේ 18 හැවිරිදි නදුනි ගුණවර්ධන හෙවත් පසුගියදා පැවැති ජාතික ස්‌කෝෂ් ශූරතා තරගාවලියේ විවෘත කාන්තා අනුශූරතාව දිනාගත් ක්‍රීඩිකාවය.
එහෙත් නායිකාව ලෙසින් ඇයව තෝරාගැනීම අසාධාරණ යෑයි පවසමින් ජාතික ශූරිය වන 15 හැවිරිදි මිහිලියා මෙත්සරණීගේ පියා සහ කණ්‌ඩායමේ සිටින තවත් ක්‍රීඩිකාවකගේ පියා විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත විරෝධතාවක් ඉදිරිපත් කර තිබුණේ තම තමන්ගේ දියණියන් කණ්‌ඩායම් නායකත්වයට වඩාත් සුදුසු අය බව ප්‍රකාශ කරමිනි.
ජාතික කණ්‌ඩායමක් මෙහෙයවීමේදී 15 හැවිරිදි වයසකට වඩා, වයස අවුරුදු 18 ක් වන ක්‍රීඩිකාවකට වැඩි වගකීමක් පැවරිය හැකිය යන මතයේ පිහිටා තේරීම් කමිටුව සිය ස්‌ථාවරය වෙනස් කිරීමට අකමැත්ත ප්‍රකාශ කර ඇත.
තරග සංචාරයට ඉතාම අසන්නයේ මෙවැනි අර්බුදයක් හටගැනීම හේතුවෙන් ස්‌කොෂ් සම්මේලනයද බරපතළ අර්බුදයකට පත්ව ඇති අතර මේ සඳහා සාධාරණ විසඳුමක් ලබාගැනීම පිණිස ස්‌කෝෂ් සම්මේලනයේ සභාපති සහ මෙම තරග සංචාරයේ කණ්‌ඩායම් කළමනාකරු ලෙසින් ක්‍රියා කරන කමාන්ඩර් පාලිත වීරසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවීමෙන් අනතුරුව කණ්‌ඩායම් නායකත්වයක් නම් කිරීමකින් තොරව කණ්‌ඩායම සඳහා පමණක් අනුමැතිය ලාබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් zදිවයිනZ විසින් කමාන්ඩර් පාලිත වීරසිංහගෙන් විමසීමක් කරනු ලැබූ අතර zඅපි තේරීම් තරග පවත්වනවා, කණ්‌ඩායම් තේරීම හරියටම සිද්ධ වෙනවා. නායකත්වය තේරීමේදී විධායක කමිටුවෙනුත් විමසීමේ ක්‍රමවේදයක් තිබෙනවා. නමුත් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්සනින් බලය ලැබූ ස්‌වාධීන කමිටුවක්. ඒ නිසා නායකත්වය තේරීමේදී විධායක කමිටුව සමග සාකච්ජා කළ යුතුය කියන නිර්ණායකය හරියටම ක්‍රියාත්මක නොවෙන අවස්‌ථාත් තිබෙනවා. ඒ ඒ අයගේ දෘෂ්ඨි කෝණවලින් තමයි මෙවැනි තීන්දුවක් දිහා බලන්නේ. විධායක කමිටුව නායකයා තේරීම වැනි අවස්‌ථාවකදී බහුතරයේ කැමැත්ත බලනවා. අවසානයේදී අමාත්‍යංශය තේරීම් කමිටුවේ තීන්දුවට අවස්‌ථාව දෙනවා. මේ සියල්ල පොදු එකඟත්වයට එන්නෙ නැති විට ගැටලු පැනනගින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තේරීම් කමිටුව හෝ විධායක කමිටුව වැනි කිසිදු නිල බලයක් නොමැතිව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියනුත් මේවට බලපෑම් කරන්න එනවා. මේ බලපෑම් අවම කිරීමට වැඩි අවධානයක් යොමු විය යුතුයි. හැබැයි ස්‌කොෂ් වැනි ක්‍රීඩාවක නායකත්වයේ ලොකු බලපෑමක් නැති බවත් කිවයුතුයි. කණ්‌ඩායමේ කළමනාකරු සහ පුහුණුකරුවන් දෙදෙනෙකු සිටින නිසා නායකත්වය පිළිබඳ බරපතළ අවශ්‍යතාවක් ඇත්තේ නැහැ. ඒත් ජාතික කණ්‌ඩායමට නායකත්වය දුන්නාය කියන කාරණය ක්‍රීඩකයෙකුට හරිම වැදගත්. මෙහෙම මතභේදවලදී සිද්ධවෙන්නේ ඒ අවස්‌ථාව කවුරු හෝ ක්‍රීඩකයෙකු ක්‍රීඩිකාවකට අහිමිවීමZ යෑයි පිළිතුරු දුන්නේය.
0 comments:
Post a Comment