Photobucket

Tuesday, December 18, 2012

21 දා ලෝක විනාශය බොරුවක්‌ පෘථිවිය උඩ යට මාරුවෙන්නේ නැහැ වෙබ් අඩවි බොරු ප්‍රචාර දියත් කරනවා

නිබ්රු සහ ඊට අදාළ වෙනත් පුවත් අන්තර්ජාලය තුළ මවා පෑ බොරු පුවත්. ඊට අදාළ සාධක නැහැ. 2012 දී පෘථිවිය වෙත නිබ්රු හෝ එක්‌ස්‌ නමින් ග්‍රහයන් එන්නේ නම් අභ්‍යවකාශ පර්යේෂකයන් විසින් එA ගැන විමර්ශනය කරනවා. එහෙත් එවැනි ග්‍රහයෙක්‌ නැහැ. එහෙත් ඊරිස්‌ නමින් ග්‍රහයෙක්‌ සිටිනවා. එය ප්ලූටෝ ග්‍රහයාට සමානයි. ඊරිස්‌ ග්‍රහයා සෞරග්‍රහ මණ්‌ඩලයෙන් පිටතයි සිටින්නේ. එය පෘථිවියට සැතපුම් බිලියන 4 ක්‌ ඈතින් සිටින බව කිවයුතුයි.


පෘථිවිය ආපස්‌සට කැරකැවෙන්නේ නැහැ. මහාද්වීප සෙමින් ගමන් කිරීමක්‌ සිදු වෙනවා. වසර මිලියන ගණනකට පෙර ඇන්ටාර්ටිකාව තිබුණේ නිරක්‍ෂක රේඛාව සමීපවයි. එසේම විපත් පිළිබඳව තොරතුරු දක්‌වන අන්තර්ජාල වෙබ් අඩවි ජනතාව මුලා කිරීමට උත්සාහ කරනවා. පෘථිවියේ චුම්බකත්ව බලය සහ පෘථිවිය ආපස්‌සට කැරකැවීම අතර සබඳතාවක්‌ ඇතැයි එම වෙබ් අඩවි කියනවා. එසේ වුවත් පෘථිවියේ චුම්බකත්ව ආපස්‌සට යැම තවත් සහශ්‍ර කීපයක්‌ තුළ සිදුවිය හැකි යෑයි කියන්න බැහැ.
'නිබ්රු කියා ග්‍රහයෙක්‌ නැහැ' නාසා කියා සිටී


ලෝක විනාශය සම්බන්ධයෙන් විවිධ සාවද්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්‌සේ ව්‍යාප්ත වේ. ඇමරිකානු නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ඩොන් යිසෝමන්ස්‌ පවසන්නේ නාසා ආයතනයේ නමින් ව්‍යාජ නිවේදන පවා ප්‍රකාශයට පත්වන බවයි. මේ නිසා නාසා ආයතනය මුල් වරට ලෝක විනාශය පිළිබඳ පුවතේ සත්‍ය හෙළි කර ඇත. ඇමරිකානු නාසා ආයතනය විසින් ලෝක විනාශය නමැති පුවත ගැන කරුණු දක්‌වා ඇති අයුරුයි මේ.

ප්‍රශ්නය - ලෝක විනාශයක්‌ සිදුවන්නේද?

පිළිතුර - 2012 අවසානයේ ලෝක විනාශයක්‌ සිදුවන්නේ නැහැ. තවත් වර්ෂ බිලියන 4 ක්‌ දක්‌වා පෘථිවිය පවතිනවා. 2012 දී පෘථිවියට තර්ජනයක්‌ එල්ල වන බවට විද්වත් විද්‍යාඥයින් පවා හෙළි කර නැහැ.

ප්‍රශ්නය - 2012 ලෝක විනාශයක්‌ සිදුවන බවට අනාවැකි පළවූයේ කෙසේද?

පිළිතුර - සුමේරියානුවන් විසින් නිබ්රු නමින් ග්‍රහයෙක්‌ සොයාගත් බව පැවසුවා. 2003 මැයි මස ලෝක විනාශය සිදුවන බවට අනාවැකියක්‌ පළ වුණා. එය සිදුවූයේ නැහැ. ඉන් පසු එම දිනය 2012 දෙසැම්බර් මසට යොමු වුණා. එය මායා දින දර්ශනයට ඈ¹ ගනු ලැබුවා. එම මායා දින දර්ශනය අනුව ලෝක විනාශය දෙසැම්බර් 21 වැනිදා සිදුවන බවට අනාවැකියක්‌ පළ වුණා.

ප්‍රශ්නය - 2012 දෙසැම්බර් මස මායා දින දර්ශනය අවසන් වේද?

පිළිතුර - ඔබගේ මුළුතැන්ගෙයි ඇති දින දර්ශනය මෙන් දෙසැම්බර් 31 දා සිට දින දර්ශනය ඉදිරියට යන්නේ නැහැ. 2012 දෙසැම්බර් 21 වැනිදා මායා දින දර්ශනය නතර වෙන්නේත් නැහැ. ජනවාරි 1 දා යළිත් වර්ෂයක්‌ ඇරඹෙනවා.

ප්‍රශ්නය - දෙසැම්බර් 23 සිට 25 තෙක්‌ මුළු ලොවම අන්ධකාරයේ පවතින බව නාසා ආයතනය කියන්නේද?

පිළිතුර - එහෙම දෙයක්‌ නැහැ. නාසා හෝ වෙනත් කිසිම විද්‍යාත්මක සංවිධානයක්‌ එA බව පවසා නැහැ. විශ්වය තුළ ඇති යම් ක්‍රියාදාමයක්‌ නිසා අන්ධකාරය ඇති වන බවට සාවද්‍ය වාර්තා ප්‍රකාශයට පත් වුණා. මේ බොරු ප්‍රචාරය නිසා හදිසි අවස්‌ථාවක්‌ මතුවී ඇති බවට ද තොරතුරු විකාශනය වුණා. කිසිම අවස්‌ථාවක පෘථිවිය අන්ධකාරයේ පවතින්නේ නැහැ.

ප්‍රශ්නය - සෞරග්‍රහ මණ්‌ඩලයේ ග්‍රහයන්ගෙන් පෘථිවියට බලපෑම් එල්ල වන්නේද?

පිළිතුර - ඉදිරි දශකවල ග්‍රහයන්ගෙන් බලපෑමක්‌ එල්ල වන්නේ නැහැ. එවන් බලපෑමක්‌ එල්ල වුණත් එය සිදු වන්නේ සුළු වශයෙන් යෑයි කිව හැකියි. 1962 දී එවැන්නක්‌ සිදු වුණා. ඉන් පසු 1982 සහ 2000 දීත් සිදු වුණා. සෑම වසරකම දෙසැම්බර් මස පෘථිවිය හා සූර්යයා අතර බලපෑම් ඇති වෙනවා. එය වාර්ෂිකව සිදු වන්නක්‌. එහෙත් ඉන් බලපෑමක්‌ ඇතිවී නැහැ.

ප්‍රශ්නය - නිබ්රු හෝ එක්‌ස්‌ හෝ ඊරිස්‌ නමැති ග්‍රහයෙක්‌ පෘථිවිය වෙත ඇදී එන බවත් ඉන් පෘථිවියට තර්ජනයක්‌ ඇතිවී මහා විනාශයක්‌ සිදු වන්නේද?

පිළිතුර - නිබ්රු සහ ඊට අදාළ වෙනත් පුවත් අන්තර්ජාලය තුළ මවා පෑ බොරු පුවත්. ඊට අදාළ සාධක නැහැ. 2012 දී පෘථිවිය වෙත නිබ්රු හෝ එක්‌ස්‌ නමින් ග්‍රහයන් එන්නේ නම් අභ්‍යවකාශ පර්යේෂකයන් විසින් එA ගැන විමර්ශනය කරනවා. එහෙත් එවැනි ග්‍රහයෙක්‌ නැහැ. එහෙත් ඊරිස්‌ නමින් ග්‍රහයෙක්‌ සිටිනවා. එය ප්ලූටෝ ග්‍රහයාට සමානයි. ඊරිස්‌ ග්‍රහයා සෞරග්‍රහ මණ්‌ඩලයෙන් පිටතයි සිටින්නේ. එය පෘථිවියට සැතපුම් බිලියන 4 ක්‌ ඈතින් සිටින බව කිවයුතුයි.

ප්‍රශ්නය - ඉදිරි දින කීපයේ ද පෘථිවිය ආපසු කැරකැවෙන බවට පැවසෙනවා - චුම්බක ක්‍ෂේත්‍රය උඩ යට මාරුවන බව කියනවා?

පිළිතුර - පෘථිවිය ආපස්‌සට කැරකැවෙන්නේ නැහැ. මහාද්වීප සෙමින් ගමන් කිරීමක්‌ සිදු වෙනවා. වසර මිලියන ගණනකට පෙර ඇන්ටාර්ටිකාව තිබුණේ නිරක්‍ෂක රේඛාව සමීපවයි. එසේම විපත් පිළිබඳව තොරතුරු දක්‌වන අන්තර්ජාල වෙබ් අඩවි ජනතාව මුලා කිරීමට උත්සාහ කරනවා. පෘථිවියේ චුම්බකත්ව බලය සහ පෘථිවිය ආපස්‌සට කැරකැවීම අතර සබඳතාවක්‌ ඇතැයි එම වෙබ් අඩවි කියනවා. එසේ වුවත් පෘථිවියේ චුම්බකත්වය ආපස්‌සට යැම තවත් සහශ්‍ර කීපයක්‌ තුළ සිදුවිය හැකි යෑයි කියන්න බැහැ.

ප්‍රශ්නය - 2012 දී පෘථිවිය සමග උල්කාපාතයක්‌ ගැටේද?

පිළිතුර - ධුමකේතු හා උල්කාපාතවලට පෘථිවිය හැමවිටම ගොදුරු වෙනවා. එහෙත් විශාල උල්කාපාත පෘථිවිය වෙත ඇදවැටීම සිදුවන්නේ නැහැ. වසර මිලියන 65 කට පෙර විශාල උල්කාපාතයක්‌ පෘථිවියට වැටී ඩයිනෝසිරස්‌ සතුන් වඳ වූවා. නාසා අභ්‍යවකාශගාමීන් දැන් ස්‌පෙස්‌ ගාඩ් සර්වේ හෙවත් අභ්‍යවකාශය නිරීක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළක්‌ දියත් කර තිබෙනවා.

ඉන් පෘථිවිය අසලට උල්කාපාත පැමිණෙන්නේදැයි විමර්ශනය කරනවා. ඩයිනෝසිරස්‌ සතුන්ව විනාශ කළ උල්කාපාත වැනි විශාල උල්කාපාත පෘථිවිය සමීපයට පැමිණෙන්නේ නැති බවට අපට සනාථ වුණා.

ප්‍රශ්නය - 2012 දී ලෝක විනාශය සිදුවන බවට ප්‍රචාරය වී ඇත. තොරතුරු ගැන නාසා විද්‍යාඥයන් දරන මතය කුමක්‌ද?

පිළිතුර - 2012 දී විවිධ විපර්යාස සිදුවනවා යෑයි කියනවා. එහෙත් සාක්‍ෂි කොහේද? මේවා සියල්ල මිථ්‍යා ප්‍රචාරයි. මේ ප්‍රචාර ග්‍රන්ථ, චිත්‍රපටවලින් අන්තර්ජාලය ඔස්‌සේ විකාශනය වුවත් අපට එAවා වෙනස්‌ කරන්න බැහැ.

2012 දෙසැම්බර් මස අසාමාන්‍ය දේ සිදුවන බවට කිසිම සනාථවන සාක්‍ෂියක්‌ නැහැ.

ප්‍රශ්නය - 2012 දී විශාල සෞර මාරුතයක්‌ තුළින් අනතුරුදායක තත්ත්වයක්‌ ඇතිවිය හැකිද?

පිළිතුර - සෞරග්‍රහ මණ්‌ඩලයේ ක්‍රියාදාමයන් සෑම වසර 11 කටම සිදුවනවා. ඉන් චන්ද්‍රිකාවලට බාධා ඇති වනවා. එහෙත් සෞරග්‍රහ මණ්‌ඩලයේ මාරුතවලින් චන්ද්‍රිකා රැකගැනීම සඳහා ඉංජිනේරුවන් දැන් අධ්‍යයනය කරනවා. මීළඟ සෞරග්‍රහ මණ්‌ඩල ක්‍රියාවලිය 2012 ත් 2014 කාලය තුළ සිදුවනවා. එය පෙර පැවැති ක්‍රියාවලියට සමානයි.

ප්‍රශ්නය - නාසා ආයතන මේ සාවද්‍ය ප්‍රචාර ගැන දක්‌වන මතය කුමක්‌ද?

පිළිතුර - නිබ්රු ග්‍රහයා ගැන ග්‍රන්ථයක්‌ ලිව්වේ අසර්බයිජානයේ සිමාරියා සිට්‌චින් නමැති ලේඛකයායි. ඔහු මිථ්‍ය කතා ගොතන්නෙක්‌. වසර කීපයකට පෙර ඔහු මියගියා.

ප්‍රශ්නය - නිබ්රු නමැති ග්‍රහයෙක්‌ සිටින බව නාසා ආයතනය පැවසූ බව වෙබ් අඩවි පැවසුවා.

පිළිතුර - අපි එවැන්නක්‌ ප්‍රකාශ කර නැහැ. නාසා වෙබ් අඩවිය මෙහෙය වන්නේ හොලි සේල්, නාසා වෙබ් අඩවියේ බලධාරියා බ්‍රයන් ඩුන්බාර්. යමෙක්‌ නාසා ප්‍රකාශයක්‌ කියා පැවසුවාට පිළිගන්න එපා. අපේ සුටෝමි චන්ද්‍රිකාව පෘථිවිය ගැන නිරීක්‍ෂණයේ සිටිනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all