Photobucket

Tuesday, December 18, 2012

බලපත්‍ර නැතිව පිස්තෝලයක් ළඟ තබා ගත්තාට ඇප

බලපත්‍රයක් නොමැතිව පිස්තෝලයක් සහ පතරොන් 87ක් සන්තකයේ තබාගෙන රක්‍ෂිත රිමාන්ඩ් බාරයේ සිටි පුද්ගලයකුට රුපියල් විසිපන් දහසක මුදල් ඇපයක් ද, රුපියල් ලක්‍ෂ දෙක බැඟින් වූ පුද්ගල ඇප දෙකක් ද ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නියම කළාය.
 
2009 අගෝස්තු 24 දින මාකොළ මාවරමන්ඩිය ප්‍රදේශයේ දී පිස්තෝලයක් සමඟ පතරොන් 87ක් ද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසිනි.

සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකොට ගම්පහ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.

ඇප තැබීමෙන් පසු සෑම මසකම අවසන් ඉරිදා දිනයේ 9 – 12 අතර කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පෙනී සිටීමට ද නියෝග කළාය. රජයේ අධිනීතිඥ දම්තිනි ද සිල්වා මෙනවිය පැමිණිල්ල මෙහෙය වූවාය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all