මුරුංගා
ගැන ඔබ දන්නේ මොනවාද? සමහරු නම් වැඩියෙන් වර්ණනා කරනකොට
මුරුංගා අත්තේ තියනවා යෑයි කියනවා. එහෙම කියන්නේ මුරුංගා අතු
එතරම් ශක්‌තිය නැති නිසාය. වැඩිපුර වර්ණනා කිරීමෙන් ඉන් එම
තැනැත්තා අමාරුවේ වැටෙන්න පුළුවන්. ඉතිං මුරුංගා අත්තක් උඩ
කෙනෙක්‌ව තැබූ විට සිදුවන දේ උපමාවකට ගෙන ඇත.
මුරංගා එසේත් නැතිනම් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන ඵදරසබට් හෝ
උද්භිද විද්‍යාත්මකව හඳුන්වන ඵදරසබට් දකැසෙeර් යනු ඉතා පෝෂ්‍ය
ගුණයෙන් අනූන එළවළුවකි.
ආයුර්වේදයට අනුව මුරුංගා යනු රෝග 300 ක් පමණ සුවකරන්නට හැකි ඖෂධයකි.
මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් විටමින්, කැල්සියම්, යකඩ, පොටෑසියම්, ප්‍රොaටීන් ඉතා පහසුවෙන් සිරුරට එක්‌කර ගත හැකිය.
ඝර්ම කලාපයේ ඉතා හොඳින් වැවෙන ගසකි. මුරුංගා ගසක් මාස 08 කින් හොඳින් වර්ධනය වේ.
මුරුංගාවල අඩංගු පෝෂණය නිසා එය නිතර ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග රැසක් වැළඳීම වළක්‌වා ගත හැකිය.
දරුවන්ට සහ ගැබිණි මව්වරුන්ට
කුඩා දරුවන්ට මුරුංගා කොළ ආහාරයට දීමෙන් මන්දපෝෂණය, යකඩ ඌණතාවය මග හරහා ගත හැකිය. ඔවුනගේ අස්‌ථි වර්ධනය ඇතිවීම සඳහා උපකාරි වේ.
ගැබිනි මව්වරුන් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් ඔවුනට යකඩ, කැල්සියම් සහ විටමින් නිසි ලෙස සිරුරට ලැබේ. ඉන් කුසේ සිටින දරුවා හොඳින් වර්ධනය වේ. දරුවා නිරෝගීව වර්ධනය විම නිසා නිරෝගී දරු ප්‍රසූතියක්‌ද උදාකර ගත හැකිය.
රෝග රැසක් නිවාරණයට
රූමැටික් උණ නිසා ඇතිවන හෘදයේ ඉදිමුමට, අංශභාගයට, වකුගඩු රෝග, මුත්‍රා ආසාධන, ගැස්‌ට්‍රයිටීස් නිසා ආමාශයේ ඇතිවන තුවාල සහ මුඛයේ තුවාල, අක්‌මා, ඉදිමීමේ රෝගය ඇතුළු රෝග රැසක් වැළදීම වලක්‌වා ලීමේ හැකියාව මුරුංගාවල පවතී.
විස නසයි
මුරුංගාවල විස නැසීමේ ගුණයක්‌ද පවතී. අතීතයේදී බොහෝ ගැමියෝ තම වැසිකිළිය අසල මුරංගා ගසක් සිටුවීමට පුරුදුවී සිටියහ. ඔවුන් එසේ සිදුකර ඇත්තේ වැසිකිළි ජලයේ ඇති බැක්‌ටීයාවන් විනාශ කිරීමේ හැකියාවක් මුරුංගා ගසට ඇති නිසාය. සමහරු වැටේ මායිමටද මුරුංගා ගස් සිටවූහ. එසේ සිටවූයේ කොළවලින් ලැබෙන සිසිලස නිසාය.
ඉතිං... අප නොසලකා හරින සහ දුප්පතුන්ගේ ආහාරයක් ලෙස අඩු ලංසුවෙන් සිතන මුරුංගාවල ඇති පෝෂණය අතිමහත්ය.

0 comments:
Post a Comment