ලෝකය දුකින් පිරුණු තැනකි. දුක් කරදර
මිනිසා සොයා එයි. කෙතරම් පරෙස්‌සම් වී සිටියද එපාවූ දුක්
කරදරම ඔහු කරා එළැඹෙයි. එසේ වී නමුදු මිනිසා පතන, සොයන
සම්පත්තිය හෝ සහනය එසේ ඔහු වෙත ළඟා නොවෙයි. එය දුක්
උපදවන්නකි. දුක් ගොඩ මැදම උකටලීව වැද හෝනා සිතට පින්කම්
දුරස් ය.
මෙවන් ජීවිතවලට සහනය සතුට ළඟා කරදීම මහා මෙහෙවරකි. ඒ සඳහා බොහෝ
දේ කරන, අනන්තව වෙහෙසෙන අපූර්ව බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි.
නමින් තිස්‌ස ය. "මීගහගොඩ තිස්‌ස" යන හැඳින්වීම ප්‍රමාණවත්ය.
පැල්මඩුල්ල අවට කවුරුත් එහිමියෝ හොඳින් හඳුනති. "ස්‌පීකර්
හාමුදුරුවෝ" කීවොත් රත්නපුර දිස්‌ත්‍රික්‌කය තුළ උන්වහන්සේ
නාඳුනන්නෙක් නැති තරම්ය. සිය සමාජ මෙහෙවර සඳහා මෙගාෙµdaනයක්
හෙවත් කුඩා ස්‌පීකරයක් කර ලාගෙන සරන බැවිනි.
දුක් මැද දුකින් වෙසෙන මිනිසුන්ට පින්කම් කරන අයුරු උන්වහන්සේ පෙන්වා දෙති. ඒවා අපූර්ව පින්කම්ය. ඕනෑම තරාතිරමක අයෙකුට දායක විය හැකිය. එබැවින් ඒවා "මීගහගොඩ තිස්‌ස ලකුණ දරන" පින්කම් යෑයි හැඳින්වීම වරදක් නොවේ. ඒවා එපමණටම උන්වහන්සේටම අනන්‍ය ය. එපින් අනුමෝදනාවනු පමණක්‌ම නොවේ, ආශ්වාදනය ද කළ හැකිය.
සාම්ප්‍රදායික පින්කම් අතරට මේ අපූර්ව පින්කම් එක් කිරීම ආරම්භ වූයේ මෙයට වසර තිහකට පමණ පෙරාතුවය. ඒ ඉදල් පෙරහැරක් සංවිධානය කිරීමෙනි. මේ සඳහා උන්වහන්සේ ගිහි කල පුරුදු පුහුණුව සිටි ඉදල් බැඳීමේ කර්මාන්තය ඉවහල් විය. තම දෑතින්ම ඉදල් සියයකට වැඩි ගණනක් බැඳ මිරිස්‌වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙනට ඉදල් පෙරහැරකින් ගොස් පූජා කිරීම සිදුවිණි. එය දශක තුනක් තිස්‌සේ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින අපූර්ව පින්කම් මාලාවක ප්‍රථම පියවරය. ඉන් අනතුරුව පෙරහැර සඳහා ඉදල් තනන ලද්දේ ප්‍රදේශවාසීන්ද හවුල් කර ගනිමිනි. තනන ලද ඉදල් දහසකට වැඩි ගණනක් පෙරහැරින් ගොස් අවට පන්සල්වලට පූජා කෙරිණි.
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන අයුරු අතුගෑම නුවණ වඩවන්නා වූ පිංකමක් ලෙස දැන හඳුනාගෙන සිටි තිස්‌ස හිමියෝ ආදර්ශයෙන්ම එය දායක කාරකාදීන්ට අවබෝධ කළේ නව ආරක පින්කමක් වූ එම ඉදල් පෙරහැර මගිනි. පින්වත් ගිහි පිරිස තිස්‌ස හිමියන් වටා රොද බඳින්නට වූහ. පින්කමින් පහන් වූ සිත තැවුල් බර පසෙකලා සොම්නස විඳින අරුමය දායකයන් පසක් කළේ "ඉදල් තිස්‌ස" යන අභිධානයද උන්වහන්සේට පිරිනමමිනි.
සදය සිනා මුවින් ඒ "ගරු නම්බුව" පිළිගත් තිස්‌ස හිමියෝ 1982.12.29 වැනිදා තවත් දර්ශනීය ඉදල් පෙරහැරක් සංවිධානය කළහ. එය පල්ලෙකන්ද විදුහලින් ගමන් ඇරැඹිණ. ලොකු කුඩා දහසකට වැඩි පිරිසක් පෙරහැරට එකතු වූහ. තුඹගොඩ සුදර්ශන විහාරය වෙත ගොස් අනතුරුව බලංගොඩ ධර්මානන්ද පිරිවෙනින් පෙරහැර අවසාන විය.
ඒ ඉදල් පෙරහැර එදා සැතපුම් 07 ක් දුර ගමන් කර තිබිණි.
දුක් මැද දුකින් වෙසෙන මිනිසුන්ට පින්කම් කරන අයුරු උන්වහන්සේ පෙන්වා දෙති. ඒවා අපූර්ව පින්කම්ය. ඕනෑම තරාතිරමක අයෙකුට දායක විය හැකිය. එබැවින් ඒවා "මීගහගොඩ තිස්‌ස ලකුණ දරන" පින්කම් යෑයි හැඳින්වීම වරදක් නොවේ. ඒවා එපමණටම උන්වහන්සේටම අනන්‍ය ය. එපින් අනුමෝදනාවනු පමණක්‌ම නොවේ, ආශ්වාදනය ද කළ හැකිය.
සාම්ප්‍රදායික පින්කම් අතරට මේ අපූර්ව පින්කම් එක් කිරීම ආරම්භ වූයේ මෙයට වසර තිහකට පමණ පෙරාතුවය. ඒ ඉදල් පෙරහැරක් සංවිධානය කිරීමෙනි. මේ සඳහා උන්වහන්සේ ගිහි කල පුරුදු පුහුණුව සිටි ඉදල් බැඳීමේ කර්මාන්තය ඉවහල් විය. තම දෑතින්ම ඉදල් සියයකට වැඩි ගණනක් බැඳ මිරිස්‌වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙනට ඉදල් පෙරහැරකින් ගොස් පූජා කිරීම සිදුවිණි. එය දශක තුනක් තිස්‌සේ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින අපූර්ව පින්කම් මාලාවක ප්‍රථම පියවරය. ඉන් අනතුරුව පෙරහැර සඳහා ඉදල් තනන ලද්දේ ප්‍රදේශවාසීන්ද හවුල් කර ගනිමිනි. තනන ලද ඉදල් දහසකට වැඩි ගණනක් පෙරහැරින් ගොස් අවට පන්සල්වලට පූජා කෙරිණි.
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන අයුරු අතුගෑම නුවණ වඩවන්නා වූ පිංකමක් ලෙස දැන හඳුනාගෙන සිටි තිස්‌ස හිමියෝ ආදර්ශයෙන්ම එය දායක කාරකාදීන්ට අවබෝධ කළේ නව ආරක පින්කමක් වූ එම ඉදල් පෙරහැර මගිනි. පින්වත් ගිහි පිරිස තිස්‌ස හිමියන් වටා රොද බඳින්නට වූහ. පින්කමින් පහන් වූ සිත තැවුල් බර පසෙකලා සොම්නස විඳින අරුමය දායකයන් පසක් කළේ "ඉදල් තිස්‌ස" යන අභිධානයද උන්වහන්සේට පිරිනමමිනි.
සදය සිනා මුවින් ඒ "ගරු නම්බුව" පිළිගත් තිස්‌ස හිමියෝ 1982.12.29 වැනිදා තවත් දර්ශනීය ඉදල් පෙරහැරක් සංවිධානය කළහ. එය පල්ලෙකන්ද විදුහලින් ගමන් ඇරැඹිණ. ලොකු කුඩා දහසකට වැඩි පිරිසක් පෙරහැරට එකතු වූහ. තුඹගොඩ සුදර්ශන විහාරය වෙත ගොස් අනතුරුව බලංගොඩ ධර්මානන්ද පිරිවෙනින් පෙරහැර අවසාන විය.
ඒ ඉදල් පෙරහැර එදා සැතපුම් 07 ක් දුර ගමන් කර තිබිණි.
"ගමේ පන්සලට පමණක් නොවෙයි ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළදා මාළිගාව, ශ්‍රී පාදස්‌ථානය ඇතුළු සොළොස්‌මස්‌ථාන වෙතද එදා අපි ඉදල් පූජා කළා" මීගහගොඩ තිස්‌ස හිමියෝ අප සමග කීහ.
පෙරහැර කෙළවර දී "ඉදල් තිස්‌ස" වූ තිස්‌ස හාමුදුරුවෝ අනතුරුව බොරාල පන්සලට පැමිණෙති. පැවිදි දිවිය තව තවත් සමාජයට විවර කරමින් නිර්මාණශීලී ආකාරයෙන් ශ්‍රමදාන සංවිධානය කිරීම එහිදී එතුමන් අතින් සිදු කෙරිණි. ඒ රෝහල්, පන්සල්, පාසල් සහ පොලිස් ස්‌ථාන ඇතුළු විවිධ රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමිනි. දර්ශනීය පෙරහැර, ආදාහන උත්සව, ආගමික උත්සව හා වෙනත් විවිධ උත්සවයන් බොදු සිරිත් ඔප් නැංවෙන පරිදි සැරසිලි කිරීමේ කලාවක් තිස්‌ස හිමියන් හඳුන්වා දුන්නේ දිස්‌ත්‍රික්‌කයේම බෞද්ධ අබෞද්ධ, ගිහි-පැවිදි සියලු ජනතාව අමන්දානන්දයට පත් කරමිනි.
ෂඩ්වර්ණ බෞද්ධ කොඩි දස දහස් ගණනක් ඒ වෙනුවෙන් නිර්මාණය කිරීම ඇරැඹෙන්නේ බොරාල පන්සලේදීය. ඒ සඳහා තිස්‌ස හිමියෝ සම්මාදම් කර ලබාගත් රෙදි දිස්‌ත්‍රික්‌කය පුරා නිවෙස්‌වලට බෙදාදී ඒවා කපා මැසිය යුතු ආකාරයද කියා දී යති. පසුව නියම කරගත් දිනෙක දිස්‌ත්‍රික්‌කය පුරා නිවෙස් කරා වඩින්නේ බසයෙනි. එතැන් සිට දෙපයිනි. පාවහන් සඟල නොපළඳින නිරුවත් දෙපා ඒකාංශ කොටගත් සිවුරෙන් වැසෙයි. කොඩි එකතු කරගත් හාමුදුරුවෝ නිවැසියන්ට මිනිත්තුවක දෙකක සරල බණක් පවසති. සෙත්පතා කොඩිද
රැගෙන ආපසු හැරෙති. පින්කම් පිළිබඳ අපූර්ව සන්නිවේදන කලාවද මෙයමය.
"මේ වන විට මම උත්සව සිය ගණනක කොඩි බැඳලා සරසලා තිබෙනවා. ඓතිහාසික කිරි වෙහෙර පූජා භූමිය දහස් ගණන් බෞද්ධ කොඩිවලින් සරසන්නට මම ගියේ අපේ ප්‍රදේශයේ පිරිසකුත් සමගයි. කොඩි බඳින මිනිස්‌සුන්ට වෙහෙස වුණාම මමත් ගස් උඩ නැගලා කොඩි බැන්දා" බෞද්ධ කොඩි බැඳ සැරසිලි කිරීමේ අපූර්ව කලාව ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් මීගහගොඩ තිස්‌ස හිමියෝ අප සමග පැවසූහ.
ඉදල් පූජාවට පසු කොඩි මසන පින්කම්වල කොඩි බඳින මේ හාමුදුරුවන්ට තවත් නමක් ද පටබැඳිණ. ඒ "කොඩිතිස්‌ස" යනුවෙනි.
දුකින් පිරුණු ජීවිත ගතකරන ප්‍රදේශවාසී දුප්පත් ගැමි ජනතාවට ගම මැදින් විහාරස්‌ථානයට යැමටවත් හරිහමන් පාරක් තොටක් නැති බව දුටු "කොඩි තිස්‌ස" හාමුදුරුවන් "ශ්‍රමදාන හාමුදුරුවෝ" අභිධානයෙන් පුදන්නට සමාජයට වැඩිකල් ගියේ නැත. ඒ ශ්‍රමදාන මගින් ප්‍රදේශයේ විහාරස්‌ථානවලට මාර්ග සදන්නට වූ බැවිනි.
ඒ සඳහා සම්මාදම් කෙරුණේද අපූරු ආකාරයකටය. පාර තැනීමට අවශ්‍ය කළුගල් ලබා ගත්තේ වැඩිහිටි අයෙකුගෙන් 01 බැගිනි. ළමුන්ගෙන් නම් වැලි පොල්කටුව බැගිනි. මැති ඇමැතිවරුන්ගෙන් කිලෝවේ සිට මිටිය බැගින්ද සිමෙන්ති ලබා ගැනිණ. වේ රෑනක් තුඹසක් බඳින ලීලාවෙන් ශ්‍රමදානයට මහ පිරිසක් උන්වහන්සේ වටා එක්‌වූහ. පළමුව බලංගොඩ උඩුම්මිල්ලේ ශ්‍රී නන්දාරාම විහාරස්‌ථානයේ පිවිසුම් පාර කොන්ක්‍රීට් කළහ. ඉක්‌බිති විහාරස්‌ථානයේ චෛත්‍යය දක්‌වා පාර කැපිණ. එහිදී ද පාර තැනීමට කළුගල් කියුබ් 08 ක් සපයා ගත්තේ එක් අයකුගෙන් ගල් 01 බැගින් පමණක් සම්මාදම් කරමිනි. එක් අයෙකුගෙන් ගල් 01 ට වඩා භාර නොගැනිණ. දුකින් පිරුණ ප්‍රදේශවාසීන්ගේ ජීවිත මේ අපූර්ව රසවත් පින්කම් මාදිලියේ සතුටින් පිනා ගියේය. දුගී මගී යාචකාදීන්ට වුව පින්කම්වලට දායක විය හැකි ශ්‍රම විභජන සැලැස්‌මක් තම පින්කම්වල ඇතැයි තිස්‌ස හාමුදුරුවෝ පවසති.
අතමිට සරු මිණිපුර සිටුවර කුලයේ කෙළෙඹි පුත්‍රයන් තම පින්කම් සඳහා දායක කර ගැනීමටද ක්‍රමවේදයක් හාමුදුරුවන්ට ඇත. මැණික් මුදලාලිලා බොහොමයක් දෙනා හාමුදුරුවෝ හඳුනති. එමෙන්ම උන්වහන්සේගේ පින්කම් අගය කර පසසා ඊට ආධාර ද කෙරෙති. එහෙයින් ධනවතුන්ගේ සහායද පින්කම්වලදී ලැබී තිබිණ.
වරෙක විශාල බරපැන දරනු අසීරු පින්කමක් වෙනුවෙන් තම දුප්පත් දායකයන් වෙහෙසෙනු දුටු තිස්‌ස හාමුදුරුවෝ නිහඬව බලංගොඩට වැඩියහ. ඒ සුපුරුදු "මෙගාපෝනය" හෙවත් කුඩා ස්‌පීකරය උරලා ගෙනය. බලංගොඩ නගර සීමාවේ ජාත්‍යන්තර මට්‌ටමේ මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයකු හමුවූ උන්වහන්සේ මෙගාපෝනය බිම තබා සිය අරමුණු පැහැදිලි කළහ. හාමුදුරුවන්ගේ ඉල්ලීම කෙරෙහි එක්‌වරම ජාත්‍යන්තර වෙළෙන්ඳාගේ ප්‍රතිචාරය වූයේ "මේ දවස්‌වල බිස්‌නස් සවුත්තුයි හාමුදුරුවනේ... ඒ නිසා කිසිවක්‌ම කරන්නට බැහැ" යන වචනයි.
මෙය කියවන ඔබ මෙන්ම එදා ඒ මැණික් ව්‍යාපාරිකයාද තිස්‌ස හිමියන් ගැන හරිහැටි නොදැන සිටියාට සැක නැත.
මෞනව්‍රතයෙන්ම තම "මෙගාපෝනය" ඔසවාගත් තිස්‌ස හාමුදුරුවෝ ගේට්‌ටුවෙන් පිටතට ආහ. මෙගාපෝනය මුවට ළං කර මුනිවත බින්දාහ. නගරයේ අසවල් වෙළෙඳ ව්‍යාපාරිකයා මේ දිනවල ආර්ථික වශයෙන් බංකොලොත් වී කිසිවක් කරකියාගත නොහැකිව අසරණ වී සිටින බැවින් එතුමා වෙත විකිණීම සඳහා මැණික් ගල් රැගෙන යැමෙන් වළකින ලෙස මෙගාපෝනයේ තියුණු හඬින් නිවේදනය කළහ.
නිවේදනය කළ හැකි වූයේ නගරයේ තුන් හතර පොළකදී පමණි. සුවිසල් රියක් විත් තිස්‌ස හාමුදුරුවන් අභියස නතර විණි. එයින් බට සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයා දණ නමා හාමුදුරුවන් වැඳ එකත්පස්‌ව සිටගති. උන්වහන්සේගේ පින්කම සඳහා තමා ඉහළින්ම දායක වන බව හෙතෙම පැවසුවේය. ඒ මොහොතේම ඉල්ලා සිටි ආධාරයටද වඩා වැඩි මුදලක් පරිත්‍යාග කෙරිණි.
මෙගාපෝනයටද "නිවන" ක් ලැබී තිබුණේ දුප්පත් දායකයන්ට "නිවන් මඟ" පෙන්වා වදාළ හෙයිනි.
මේ අපූර්ව යතිවරයාණන් වහන්සේගේ පෞරුෂයද ශ්‍රමණ සම්ප්‍රදායද එබඳුම දුගියාගේ පැත්තම ගත් අපූර්ව තාලේ එකකි. උන්වහන්සේගේ පැවිදි ආචාර්යවරයාණන් වූයේ අභිධජ මහාරට්‌ඨගුරු ගෞරවාර්හ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය සංඝරාජ නායක මාහිමිපාණෝය. 1971 වර්ෂයේ වෙසක් පුන් පෝදා ආනන්ද මෛත්‍රෙය මාහිමිපාණන් වෙතින් පැවිද්ද ලද තිස්‌ස හිමියන් උපත ලබා තිබුණේ සිරිපා පහස ලත් සමනොළ අඩවියේ පැල්මඩුල්ල මීගහගොඩදී 1942.10.30 දාය. ඒ අනුව පැවිදි බව ලබන විට උන්වහන්සේ විසිනව හැවිරිදි තරුණයෙකි. ඒ වන විට කොසු ඉදල් කර්මාන්තය, වඩුවැඩ, පෙදරේරු වැඩ, ගොවිතැන් වැඩ වැනි ගිහි කර්මාන්ත හොඳින් පුහුණු කළ මේ තරුණයාට සිය පැවිදි ජීවිතයේ අපූර්ව රටාවේ පින්කම් සඳහා ඒ හුරුව හා පරිචය මහත් බලපෑමක් ඇති කරන්නට ඇත.
මීගහගොඩ පන්සලේ පූජ්‍ය වේහැල්ලේ Æණානන්ද ලොකු හාමුදුරුවන්ගෙන් සහ කාමරංගාපිටියේ ගමේ පාසලෙන් එතුමන් මූලික අධ්‍යාපනය ලබාගති. ඒ දහම් අධ්‍යාපනය නිවැරැදි එකක්‌ම විය. උපන් ගමට, රටට, දුගී දුප්පතුන්ට මෙන්ම සම්බුද්ධ ශාසනයටද නිසි මෙහෙවරක් කළ යුතුය යන දෘඪ හැඟීම තිස්‌ස හාමුදුරුවන් සිත ගැඹුරේම සනිටුහන් කරවූවක් විය. "ඉදල් තිස්‌ස", "කොඩි තිස්‌ස" යන සරල අභිධාන හරහා අතීතයේදී "ශ්‍රමදාන හාමුදුරුවෝ" බිහිවූයේ එබැවිනි.
ශ්‍රමදාන කාර්යයට ආහාර පාන සපයා ගත්තේද සැබවින්ම ඉතා සරල එමෙන්ම කාහටත් සතුටින් සහභාගි විය හැකි ආකාරයකිනි. ගෙදරකින් කිsරිබත් කැබලි 02 ක් හෝ කැවුම් ගෙඩි 03 ක් නැතහොත් කෙසෙල් ගෙඩි 02 ක් වැනි සරල සංඛ්‍යාවලිනි. අඩු මිල ප්‍රමාණවලිනි. "මීගහගොඩ තිස්‌ස ලකුණ" දරන පැල්මඩුල්ලේ ශ්‍රමදාන පින්කම් බලංගොඩ, පැල්මඩුල්ල ප්‍රදේශවල අතිශය ගරු සම්භාවනාවට පාත්‍ර වන්නේ එබැවිනි. ඒවා සරලය. සැහැල්ලුය. එහෙත් සමාජ මෙහෙවරක් වශයෙන් ප්‍රබලය. ජනතාව ඒ සුවිශේෂත්වය හදවතින් වැළඳගනිති.
තිස්‌ස හාමුදුරුවන්ගේ මීළඟ සද්කාර්ය වන්නේ අලුත්ම මාදිලියක දානමය පුණ්‍යකර්මයකි. එය බෞද්ධ පෙරහැරවල ගමන් ගන්නා අලි ඇතුන් සඳහා පිදෙන්නකි. මෙයට වසර 15 කට පමණ පෙර මෙම පින්කම ආරම්භ විණි. එහිදී සිදු කෙරුණේ විවිධ බෞද්ධ පෙරහැර විචිත්‍රවත් කරමින් වීදි සංචාරය කරන අලි ඇතුන්ට ආහාර සපයාදීමයි. පැල්මඩුල්ල රජමහා විහාරයේ සහ කහවත්ත සෘෂි නිකේතනාරාම විහාරස්‌ථානයේ වාර්ෂික පෙරහැර, බලංගොඩ මිහිඳු පෙරහැර ආදී පෙරහැරට සම්බන්ධ වූ අලි ඇත්තු මෙසේ තිස්‌ස හිමියන් වෙතින් දන් ලැබූහ. කිතුල්, පොල්අතු සහ වෙනත් ශාකමය ආහාර ද්‍රව්‍ය ප්‍රදේශවාසීන්ගේ සහයෙන් ලබාගෙන වාහනවලින් ප්‍රවාහනය කිරීම මෙහිදී සිදු කෙරිණි.
බලු - කපුටු දානවලට වඩා බුද්ධිමත් අලි ඇතුන්ට දෙන දානය මහත් ආනිශංස ගෙන දෙන්නේ යෑයි ස්‌වකීය දානමය පුණ්‍යකර්මය අරබයා තිස්‌ස හිමියෝ පැහැදිලි කිරීමක යෙදෙති. "ශ්‍රී දළදා වහන්සේ හිස මත තබාගෙන වැඩම කරවන අලියාට - ඇතාට ආහාර වේලක් ලබාදීම කොතරම් උසස් ක්‍රියාවක්‌ද?" ඒ උන්වහන්සේගේ අදහසයි.
ස්‌වකීය පින්කම් චක්‍රයේදී වරක් "ඉදල් තිස්‌ස" වූ තිස්‌ස හිමියෝ වරෙක "කොඩිතිස්‌ස" වූහ. යළි "ශ්‍රමදාන හාමුදුරුවෝ" වූහ. එහෙත් මෙවර උන්වහන්සේ "අලි තිස්‌ස" හෝ "පෙරහැර තිස්‌ස" ලෙස රූපාන්තරණය වූයේ නැත. එනමුදු මේ වන විට පෙරහැර 20 කදී පමණ අලි ඇතුන්ට දානය පිරිනමා ඇති තිස්‌ස හිමි ඒ සඳහා ප්‍රදේශවාසීන් සතුටින් යුතුව දක්‌වන සහයෝගය අගය කළ යුතු බව පවසයි.
විවිධ පින්කම් සඳහා උපත දෙන තිස්‌ස හාමුදුරුවන්ගේ සංකල්පවල අපූර්වත්වය සැබවින්ම විශ්මය උපදවන සුළුය. ඒවා ආශ්වාදජනකය. විවිධ මෙන්ම විචිත්‍රය. ඒ යහ සංකල්ප මත පදනම් වූ ක්‍රියා පිළිවෙත්හි අවසාන ඵලය අනෙකකු හට සිතාගත නොහැකි තරම් මනරම්ය. අර්ථ සම්පන්නය. විහාරස්‌ථානවල වැලි මළු, බෝමළු නිසි විද්‍යානුකූල ප්‍රමිතියකට සකස් කර දිය යුතු යයි අදහසක් කවදාක කවරකු තුළ පහළ වේද? එයද තිස්‌ස හිමි සිත උපන් නව සංකල්පයකි. උන්වහන්සේ ජලාපවහන නියමයන්ට එකඟව එය සිදු කරති. භාවිත ද්‍රව්‍ය මිණිපුර මැණික් පතල්වලින් ඉවත දැමෙන ඉල්ලම් ගල් වේ. නිමැවුම විද්‍යාත්මක ප්‍රමිතියකට අනුකූලය.
පළමුව කෙරෙනුයේ විහාරස්‌ථාන මිදුලේ අඟල් ගණනක් පස් ඉවත් කිරීමයි. පතලින් ලබාගත් ඉල්ලම් ගල් සමග කළුගල් කැබලි ඇතිරීම ඉන් පසුවය. ඉක්‌බිති ඒ මත කුඩුගල් අතුරා ඊට උඩින් සිහින් වැලි විසුරුවයි. නිමැවුම අවසන ප්‍රසන්න පුණ්‍ය භූමියක ශාන්තිය ප්‍රකට කරන බෝමළුවකි. වැලි මළුවකි.
විහාරස්‌ථානවලට, අඳ ගොළු බිහිරි පාසල්වලට, වැඩිහිටි නිවාසවලට නොමිලේ දර සැපයීම තිස්‌ස හිමියන්ගේ තවත් එක් පින්කමකි. මේ සඳහා ප්‍රදේශවාසීන්ගේ සහාය උන්වහන්සේ ලබා ගත්තේ ඔවුන් සිත් සතන් පින්කමක ආශීර්වාදයෙන් පහන් කෙරෙන පරිද්දෙනි.
වරෙක තිස්‌ස හිමියෝ බලංගොඩ, බොරාල, පැල්මඩුල්ල ආදී විහාරස්‌ථානවල දර්ශනීය මණ්‌ඩප සාදවා මහා සංඝරත්නය වැඩම කරවමින් පිරිත් දේශනා පැවැත්වූහ. පිරිත් පැන් කළ 108 ක් තැන්පත් කර තබා පරිත්‍රාණ දේශනාවෙන් ඉක්‌බිති එම පිරිත් පැන් ප්‍රදේශය පුරා ජනතාව අතර බෙදාදීමේ සමාජ සත්කාර්යයෙහි යෙදුණේ දානපතියන් ගෙන් ලබාගත් වාහන යොදා ගනිමිනි.
පැල්මඩුල්ල රාජමහා විහාරස්‌ථානයේ හෝ බොරාල ශ්‍රී ප්‍රේමරතනාරාම විහාරස්‌ථානයේ හෝ රත්නපුර අන් කවර පන්සලක හෝ වැඩ වාසය කළත් මේ "සංචාරක තිස්‌ස හාමුදුරුවෝ" ඉතා අලුයම අවදි වෙති. සරල අල්පේච්ඡ ජීවිතයක මහිම පළ කරමින් පාවහන් නොපළ¹ දෙපයින් ගමන් බිමන් යති. පසල් දනව්වල දුෂ්කර මං පෙත් මත යනෙන ඒ සියලු පා ගමන් හුදෙක්‌ම සමාජයේ කවරකුගේ හෝ යහපත සැලසීම වෙනුවෙනි.
මේ දිනවල උන්වහන්සේගේ සැහැල්ලු ගමන් මල්ලේ ඇත්තේ ගමන් මඟ අතරතුර හමුවන කුඩා දරුවන්ට දීම සඳහා ගෙනයන බිස්‌කට්‌ය. දිස්‌ත්‍රික්‌කය පුරා බොහෝ ගම් දනව්වල කුඩා දරුවෝ "බිස්‌කට් හාමුදුරුවෝ", "සීනිබෝල හාමුදුරුවෝ" ලෙසින් තිස්‌ස හිමියන්ව හඳුනති. "දැන් මම කුඩා දරුවන් ගැන වැඩිපුර අවධානය යොමුකරලයි තියෙන්නේ..."
ළමුනට සිදුවන අසාධාරණ අයුතුකම් පිළිබඳව කතා කරමින් තිස්‌ස හාමුදුරුවන් මා සමග කීවේ සිය සමාජ සේවා කාර්යාවලියේ නව පරිච්ඡේදයක ආරම්භය හෙළි කරමිනි.
දෙමාපියන් ආරක්‌ෂිත හිස් වැසුම් පැළඳ තම දරුවන් එබඳු හිස්‌වැස්‌මක් පැළඳීමකින් තොරව යතුරුපැදිවල රැගෙන යැම සම්බන්ධයෙන් තිස්‌ස හිමියන් දක්‌වන්නේ දැඩි විරෝධයකි . එවැනි දසුනක් දුටු කල නගරයේ මහ දන මැද වුව දෙමාපියන් නවතා ඔවුනට බැණ අඬගසා අවවාද දීම උන්වහන්සේගේ සිරිතය.
ළමා දන්සල්, ළමා පෙරහැර, ළමාදාන, ළමා ශ්‍රමදාන ආදී ළමුන් සඳහාම වූ අපූර්ව පින්කම් රැසක් තිස්‌ස හිමියන් විසින් සංවිධානය කර තිබෙන්නේ ඒවායේ මූලිකත්වය ළමුන් වෙතම පැවරෙන පරිද්දෙනි. ළමා රක්‍ෂාවරණය සඳහා සමාජ අවධානය දිනා ගැනීමටත්, ළමයා පිළිබඳව සමාජය ධර්මානුකූලව දැනුවත් කිරීමටත් දස ලක්‍ෂයක පුද්ගල අත්සන් එකතුවක් සම්පාදනය කිරීමද උන්වහන්සේ අරඹා තිබේ.
"වසර ගණනාවක සිට මම මේ අත්සන් එකතු කරමින් සිටිනවා. දැනට ගිහි පැවිදි පිsරිසකගේ අත්සන් ලක්‍ෂ 05 කට වඩා ලබාගෙන තිබෙනවා. අත්සන් ලේඛනය දශලක්‍ෂය සම්පූර්ණ වූ වහාම වගකිවයුත්තන් වෙත ඉදිරිපත් කිරීම මගේ බලාපොරොත්තුව" යෑයි තිස්‌ස හිමියෝ පවසති.
ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුවට සැබවින්ම මේ පුවත අමාවක් වනු ඇතැයි අපි සිතමු.
ආණ්‌ඩුවක්, අමාත්‍යාංශයක් කළ යුතු වැඩ රාජකාරි, මීගහගොඩ තිස්‌ස ලකුණ දරන පින්කම් හා සමාජ සේවා කටයුතු සමග බැඳී පවතින අයුරු කෙතරම් විශිෂ්ටද?
දරුවන් ගැන අවධානය යොමුකරන සේ ඉල්ලා සිටීමෙන් තිස්‌ස හිමියෝ නතර නොවෙති. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමද අරඹති. දුප්පත් බිළිඳුන් හා දරු දැරියන් සඳහා පන්සල්වල භික්‌ෂුන් වහන්සේලාගේ ආධාරයෙන් නොමිලේ කිරිපිටි පැකට් සපයා දීමේ වැඩපිළිවෙළ එහි එක් පියවරකි.
පැල්මඩුල්ල හල්පාවල පාරේ කොස්‌තැන්නේ කටුමැටි ගැසූ නිවෙසක සයමස් වියෑතිව සිටියදී මුණගැසුණු තුන් නිවුන් දරුවන්ට මෙන්ම ප්‍රදේශයේ දුප්පත් අත දරුවන්
රැසකටද කිරිපිටි පැකට් ලබාදීම නොකඩවා සිදුවේ. විහාරස්‌ථාන 150 කට අධික ගණනක ගරුතර මහා සංඝරත්නයට කිරිපිටි පැකට් පමණක් නොව තුවා, බෙඩ්ෂීට් ආදී ද්‍රව්‍ය ද ලබාදෙමින් උන්වහන්සේට උපකාර කරති.
ළදරු, ළමා, තරුණ, වැඩිහිටි හා මහලු යන සියලු දෙනාටම සලකන, රැකවරණය දෙන ලෝකයේ හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කරමු" යන්න තිස්‌ස හාමුදුරුවන්ගේ ප්‍රජා සත්කාර සේවාවේ තේමාව වී තිබේ.
ලෝකය දුකින් පිරුණු තැනකි. දුක් අඩුකරගත් අය මිස සියලු ආකාරයේ දුක්‌වලින් මිදුණු පුද්ගලයෝ ලොව කිසි තැනක නොවෙති. මීගහගොඩ තිස්‌ස හිමියෝද දැනට වසරකට පමණ පෙර සිට තම පින්කම් හා සමාජ සේවා කටයුතුවලට බාධා කරන හෘදයාබාධයකින් දුක්ත වී සිටිති. තවමත් පින්කම් සංවිධානය කිරීම සඳහා උන්වහන්සේ ගම් දනව් සැරිසරන්නේ ඒ දුක දරා ගනිමිනි. නැතහොත් ගණන් නොගනිමිනි. දරුවන්ද ඇතුළු තමා අවට සමාජයේ වසන්නන්ගේ දුක් කරදර පිසලනු පිණිස කටයුතු කිරීමේදී උන්වහන්සේට තම දුක දුකක් වී නොදැනෙන සේය.
ශ්‍රී පාදස්‌ථානාධිපති හා පැල්මඩුල්ල රජමහා විහාරස්‌ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමිපාණන් විසින් හෘදයාබාධයට ප්‍රතිකාර ගැනීම පිණිස තමන් වහන්සේට ලබාදුන් මුදලින්ද වැඩි කොටසක් සමාජ සුධාරක පින්කම් උදෙසා වෙන් කිරීමෙන් පෙනෙන්නේ මේ බවම නොවේද?
කහවත්ත කොටකෙතන පන්නයේ මිනීමැරුම් හා අපරාධවලට යම් සමාජ ඉල්ලුමක් දැන් ගොඩනැඟෙමින් පවතින බවට මාධ්‍ය වාර්තා පළවෙයි. භීෂණයෙන් සිත් අවුළුවන එබඳු අපරාධ පිළිබඳ සටහන් නිශේධනය කරමින් මීගහගොඩ තිස්‌ස ලකුණ දරන පැල්මඩුල්ල පන්නයේ පින්කම් කටයුතු අත් විඳින්නට ලැබීම සැබවින්ම වාසනාවකි.
ඒ වාසනාව බෙදා දෙමින් ලෝකයේ දුකට සවි පමණින් සරණවීම ජීවිතය කොටගත් "මිණිපුරයේ පිංකම් ගබඩාව" සිරිපා සෙවන ලබන මේ බිමේ කොතැනකදී හෝ හෙටත් ඔබට හමුවිය හැකිය.
"චරථ භික්‌ඛවේ චාරිකං
බහුජන හිතාය බහුජන සුඛාය..." යනුවෙන් වූ බුද්ධ භාෂිතය අරුත්ගැන්වී ඇති අයුරු දෑසින් දකින්නට ඒ දිනයේ දී ඔබ පුණ්‍යවන්ත වනු ඇත.
0 comments:
Post a Comment