ගායනයෙන්, නර්තනයෙන්, රංගනයෙන් කුසලතා පිරිපුන් යෞවනයකු
විදිහටයි සුරේෂ් ගමගේ අපට මුණගැහෙන්නේ. ස්වර්ණවාහිනී මෙගා ස්ටාර් වේදිකාව හරහා සිය
ගායන හැකියාව රටට පෙන්වූ සුරේෂ් සිය කුලුඳුල් ගීත එකතුවත් රැගෙන එළැඹෙන නව වසරේ
ජනවාරි මස 04 දින කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවට ගොඩවදින්න සූදානම් වෙන්නේ
අපූරු ප්‍රසංගයක් ඔබට තිළිණ කිරීමේ අරමුණින්. ‘සිහින මනමාලි’ සිය මංගල ගීත එකතුවත්
සමඟ කරළියට එන සුරේෂ් හා
පසුගිය දවසක ඒ පිළිබඳ අප කතා කළා.
*
සුරේෂ් ‘සිහින මනමාලි’ ගීත එකතුවෙන්ම අපේ කතාබහ ආරම්භ කළොත් හොඳයි කියලා හිතෙනවා.
ඇත්තටම ‘සිහින මනමාලි’ ගීතය ගායනා කරන්න ලැබුණු අවස්ථාවත් එක්ක තමයි ගීත එකතුවක්
කරන්න මට ඕන වුණේ. මේ ගීතය මම රංගනයෙන් එක්වුණු ‘ස්වීට් එන්ජල්’ චිත්‍රපටයට ගායනා
කළේත් මමමයි. ඇත්තටම ඒ ගෞරවය චිත්‍රපටයේ අධ්යක්ෂ එරංග සේනාරත්නට හිමිවෙන්න ඕන. මේ
ගීය ග්‍රේෂන් ආනන්ද මහත්මයා ගායනා කරන්න හිටියේ.
ඒත් ඔහුගේ අසනීප තත්ත්වයත් එක්ක මට
ගායනා කරන්න වුණා. එය ගොඩක් ජනපි‍්‍රය වුණා. ඒ වගේම සුමති ටෙලි සම්මාන උලෙළේ හොඳම
ගීත රූප රචනයට හිමි සම්මානයත් ලැබුණා. ඉතිං ගීතය රචනා කළ උපාලි බණ්ඩාර වීරසේකරටත්
සංගීතය කළ ලස්සන ජයසේකරටත් මම කෘතගුණ වෙන්න ඕන.
*
නමුත් ඔබ රියැලිටි කරණයට හසුවුණේ නැත්නම් තවමත් ඔබ රංගන ශිල්පියෙක් පමණක්ම විදිහට
අපට මුණ ගැසෙයි නේද?
මෙහෙමයි. මමත් රියැලිටි තරගයකට එකතු වුණා ඒක ඇත්ත. ඒත් පාසල් වේදිකාවෙත් මම
ජනපි‍්‍රය තරුවක්. මොකද හොඳ ගායන පෞරුෂයක් මට තිබුණා. ඩබ්ලිව්. ඩී. ආරියරත්න,
දර්ශනී චන්ද්‍රසේන ගුරුවරුන් යටතේ සංගීතය හදාරමින් විශාරද මධ්‍යම පවා සමත් වුණා.
මුලින්ම මම වයලීන් වාදකයෙක් විදිහට ප්‍රචලිතයි. නමුත් ගායන හැකියාවන් මම හොඳින්
ප්‍රගුණ කළා. පාසල් මට්ටමින් ප්‍රථම ස්ථාන පවා ලැබුවා.
ඔය විදිහට ඉන්න අතරෙදියි
නර්තන ශිල්පියෙක් විදිහට සිනමාවට ඇවිත් රංගනයට එන්නේ. එතැනදී රංගන ශිල්පියෙක්
විදිහට මම ස්ථාවර වුණා. ප්‍රසිද්ධ වුණා. ඒ හරහායි ස්වර්ණවාහිනී ‘මෙගා ස්ටාර්’ සඳහා
මට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙන්නේ. ඇත්තටම මොන දේ සිදුවුණත් මම ස්වර්ණවාහිනියට ගරු
කරන්න ඕන. ඒ වගේම බුද්ධික කුලසේකරට ස්තුතිවන්ත වෙන්න ඕන. එතැනින් ලැබු
ජනපි‍්‍රයත්වය නිසා අද මම චිත්‍රපට පසුබිම් ගීත ගායනයට පවා ඇවිත් ඉන්නවා.
*
ඒත් අද ඔය රියැලිටි තරගවලින් ආව තරු කෝ?
ඕකම තමා තියන ප්‍රශ්නේ. අද රියැලිටි තරගවලින් ප්‍රථම ස්ථානය ගත් අයට වඩා අනෙක් අය
ජනපි‍්‍රයයි. හැම තරගයක් අවසානේම අපි ඕක දැක්කා. ශිහාන් මිහිරංග, සුරේන්ද්‍ර
පෙරේරා, අමිලා නදිශානි වැනි අය නිදසුන්. මම හිතන්නේ රසිකයන් අතරේ ජනපි‍්‍රය වෙන්න
ප්‍රථමයා වෙන්න ඕන නැහැ. මම ගත්තොත් අද මට සජීවීව ගීත ගයන්න, නර්තනයේ යෙදෙන්න,
රඟපාන්න හැමදේම පුළුවන්. ඒ නිසා ප්‍රසංග වේදිකාවට ගියත් ලැබෙන ප්‍රතිචාර ඉතාම
ඉහළයි. අද ගොඩක් අයට සජීවීව ගයන්න නටන්න බැහැ. නමුත් මට මාව විශ්වාසයි. ඒ නිසා
කුමක් හෝ නිර්මාණයකට මා දායක වුණත් සම්මානයක් හෝ මට ලැබිලා තියෙනවා.
*
ඒ කියන්නේ සුරේෂ් දැන් ජනතාව අතර ජනපි‍්‍රය ද?
මම හිතනවා මම ජනපි‍්‍රයයි. ඒ විශ්වාසය මම ළඟ තියෙනවා.
*
අ හොඳයි සුරේෂ් ගමගේ කියන්නේ කොයි වගේ කෙනෙක් ද?
මම මාව අඳුනගෙන ඉන්නේ බොහෝම විශ්වාසයෙන් කටයුතු කරන කෙනෙක් විදිහට. දෙවියන් වහන්සේ
මට වරම් තුනක් දීලා තියෙනවා. ගායනය, නර්තනය, රංගනය. ඒ නිසා මම අහසින් වැටුණු තරුවක්
නෙමෙයි. තනියම කට්ට කාලා ජීවිතය දියුණු කරගත්ත කෙනෙක්. ඇත්තම කිව්වොත් මගේ පවුලේ
කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ. මම දුක් විඳලා උඩට ආව කොල්ලෙක්. ඒ නිසා මේ
ක්ෂේත්රයට ගරු කරමින් කලාවේ හොඳ ගමනක් යන්න මම දන්නවා.
*
කොල්ලෙක් වුණාම ගොඩ යන්න ඔය කියන කට්ට කන්නම ඕන ද?
මම හිතන්නේ ඔව්. ජීවිතේට හොඳ පන්නරයක් ලැබෙන්න නම් සමාජයේ තැලෙන්න පොඩි වෙන්න ඕන.
ඊට පස්සේ බයක් සැකක් නැතුව විශ්වාසයෙන් සමාජයට මුහුණ දෙන්න පුළුවන්. ජීවිතේට මුහුණ
දෙන්න පුළුවන්.
*
ආපහු මම ඇහැව්වොත් ජනපි‍්‍රය වෙන්න වෙන්න එන ප්‍රශ්න වැඩියි කියලා.
මෙහෙමයි මම අවුරුදු පහළොවක් විතර වෙනවා කලාවට ඇවිත්. ඒකත් හෙමින් ආව ගමනක්. මම ඉගෙන
ගත් ඩී. එස්. සේනානායක පාසල කියන්නේ කලා ලොවක්. ඒ නිසා හොඳ පන්නරයක් මම ලැබුවා. මම
ජනපි‍්‍රයත්වය හඹා ගිය කෙනෙක් නෙමෙයි. හැබැයි ජනපි‍්‍රයත්වය මා පසුපස හඹා ආවා. එහෙම
එනකොට ගොඩක් අය මට අපහාස කළා. නින්දාවට පත්කළා. පල්ලෙහාට ඇදලා දැම්මා. ඒත් මම
සැළුණේ නැහැ. ඒ ගෞරවය මගේ ගුරුවරුන්ට හිමි වෙන්න ඕන. මොකද ජීවිතේට ශක්තියක් දුන්නේ
ගුරුවරුන්.
*
එතකොට ජීවිතේ ගොඩදාගන්න කලාවෙන් පුළුවන් ද?
පැහැදිලිවම කලාකරුවාට තමන්ගේ ස්ථාවරය හදාගන්න පුළුවන්. හැබැයි තමන් තමන්ට අවංක
වෙන්න ඕන. තමන් දායක වෙන නිර්මාණයකට හෝ සාධාරණයක් ඉටු කරන්න ඕන. නමුත් ඕපදූප හොය
හොයා කාලේ කන කෙනාට දෙවියන්ගේ ආශිර්වාදයක් නැහැ. තමන් අවංකව ජීවත් වෙනවා නම්
දෙවියන් වහන්සේ තමන් අතහරින්නේ නැහැ. අපි කලාවෙන් හම්බ කරන මුදල් සාධාරණ විය
යුතුයි. එය හරියට මැනේජ් කරගන්න පුළුවන්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
0 comments:
Post a Comment