Photobucket

Wednesday, December 19, 2012

පොළොන්නරුවට උල්කාපාතයක් කඩා වැටිලා

පොළොන්නරුවේ ඕනෑගම ගොවි ජනපදයේ නිවෙසක් අසළට  (18) පෙරවරු 10 ට පමණ උල්කාෂ්මයක් කඩාවැටී ඇත.

කහපාට ගිනි බෝලයක් සේ පැමිණි මෙම උල්කාෂ්මය පිපිරීමෙන් විශාල බුරුත ගසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ. පිපිරීම සිදුවීමත් සමඟ බුරුත ගසේ කොටස් මීටර් 100 ක් පමණ දුරකට කුඩු වී විසිවී ඇති අයුරු දැකගැනීමට හැකි විය. 

මෙම සිද්ධිය දුටු ඕනෑගම 15 ඇළ පදිංචි ආර්. ඇම්. තිලකරත්න මහතා මෙසේ ද කීය. පෙරවරු 10 ට පමණ මම නිවස ඉදිරිපිට සිටින විට එක්වරම කහ පාට ගිනි බෝලයක් පොළව දෙසට එනවා දුටුවා. 

ඒ සමඟම එය පුපුරා ගියා. මුළු ප්‍රදේශයම දුමෙන් වැසී ගියා. පසුව බලන විට ගේ අසල තිබූ බුරුත ගස කෑලිවලට කැඩී බිමට වැටුණා. එහි කැබලි මීටර් 100 ක් දුරට විසිවී තිබුණා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all