සූර්යයා වටා දර්ශනය වන බව කියන වර්ණවත්
රැස් වළල්ල සාමාන්‍ය තත්ත්වයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා
අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේය. ඉහළ අහසේ ඇති වන අයිස් ස්ඵටිකවලට සුර්යාලෝකය වැටී මෙලෙස වර්ණවත් රැස් වළල්ලක් වැනි දෙයක් දර්ශනය වන බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
උතුරුකරයේ
සිට සීතල සුළං හමාවිත් ජලවාෂ්ප ඝනීභවනය වූ විටත් ජලවාෂ්ප ඉහළට ගමන් කරන
ඇතැම් අවස්ථාවලදීත් මෙලෙස අයිස් ස්ඵටික සහිත වළාකුළු නිර්මාණය වන බව හෙතෙම
පැවැසීය. මෙම ස්ඵටික සහිත වළාකුළු
අපේ පියවි ඇසට නොපෙනෙන බවද ඔහු කීය.
විශේෂයෙන් වර්ෂාව අඩු කාලයක් ආසන්න වීමේදී මෙවැනි තත්ත්වයක් දැකිය හැකි
බවත් ග්‍රාමීය ජනතාව නම් මෙය හොඳින්ම දන්නා බවත් ජයරත්න මහතා කීය. ඇතැම් අවස්ථාවලදී මෙය සූර්යයා දෙපැත්තේ සිටින තවත් සුර්යයන් දෙදෙනකු ලෙසටද දර්ශනය වන බව ඔහු පැවැසීය
ඇතැම් දිනවල රාත්‍රියේ චන්ද්‍රයා වටා පෙනෙන රැස් වළල්ලක් වැනි තත්ත්වයම මෙලෙස සූර්යයා වටා දිවා කාලයේදී දර්ශනය වන බවත් ‘ග්ලොරි’, ‘හේලෝ’ වැනි නම්වලින් මෙම තත්ත්වය හඳුන්වන බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
0 comments:
Post a Comment