සෝමාලියාව අසලදී සෝමාලියානු හා ඉතියෝපියානු
සංක්රමණිකයන් පිරිසක් රැගත් යාත්රාවක් ගිලී යාමෙන් පනස් පස් දෙනෙකු මිය
ගිය බව එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය ප්රකාශ කර සිටියි. සෝමාලියාවේ
“බොසාසෝ වරායෙන් පිටත් වූ යාත්රාව යේමනය බලා යමින් සිටියක් බව කියැවේ.
එක්සත් ජාතීන් විසින් ප්රකාශ කරන ආකාරයට 2011 පෙබරවාරි මාසයේදී ඒඩ්න් බොක්ක අසලදී යාත්රාවක් ගිලී සෝමාලියානුවන් පනස් හත් දෙනෙකු මිය යාමේ සිද්ධියෙන් පසුව සිදුවූ විශාලතම ජීවිත හානිය මෙය බව කියැවේ.
0 comments:
Post a Comment