කොටකෙතන පළමු ද්විත්ව ඝාතනයේ සැකකරුවෙකු වන තිරෝද රථ රියදුරු සනත් නන්දන
නොහොත් චූටි මල්ලි යන අය වැලිවේරිය ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඇතැයි පොලිස්
ආරංචි මාර්ග කියයි.
අවි ගත් කණ්ඩායමක් (23) උදෑසන 9ට පමණ වැලිවේරිය හේනේගම විලිමුල පිහිටි
නිවෙසක සිටි සහන් ප්‍රියන්තව පැහැර ගෙන ගොස් ඇතැයි ඔහුගේ බිරිඳ පොලිසියට
පැමිණිලි කර තිබේ. මේ සැකකරු මාස අටකට පමණ පසුව ඇප මත නිදහස් වුයේ ගිය සතියේ
සඳුදාය. නයනා නිල්මිණි (51) කාවින්ද්‍යා වනරංගි සෙල්ලහේවා (18) ඝාතනය ගැන ඔහු
ඇතුළු සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු තම බිරිඳගේ නැගණිය පදිංචි
වැලිවේරිය නිවසේ පදිංචිව සිට තිබේ. පසුගිය ජනවාරි 31 වනදා නයනා නිල්මිණි (51)
සහ කාවින්ද්‍යා ජයසේකර (19) මව දියණිය ඝාතනය ගැන මේ සැකකරු සමඟ සිව්දෙනකු
රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මාස අටක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුට රත්නපුර
මහාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප පෙත්සමක් සළකා බැලීමෙන් පසුව ඇප නියම විය.
0 comments:
Post a Comment