මහේලගේ ප්‍රකාශය ක්‍රිකට් විධායක කමිටුවේ පරීක්ෂාවට ලක්වේ
20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී
ලංකා ක්‍රීඩකයන්ගේ ගෙවීම් පිළිබඳව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනයට යැවූ රහසිගත ලිපිය මාධ්‍යයට නිකුත් කිරීම පිළිබඳව
පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මෙම ලිපිය මාධ්‍යයට නිකුත් කිරීම
පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කළ මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව
විශ්වාසයක් නොමැති බව ප්‍රකාශ කළේය.
මහේලගේ ප්‍රකාශය පිළිබඳව සහ ඊට කළමනාකරු චරිත් සේනානායක මහතා දැක්වූ ප්‍රතිචාර පිළිබඳව ඉදිරියේ පැවැත්වෙන විධායක කමිටුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවත්, ඉන් අනතුරුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ක්‍රීඩකයන්ට සහ කළමනාකරුවන්ට තමන්ගේ ක්‍රිකට් ගිවිසුම අනුව කිසිදු ප්‍රකාශයක් කිරීමට අවසර නොමැති තත්ත්වය පිළිබඳව මෙම විධායක කමිටුවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
0 comments:
Post a Comment