Photobucket

Monday, December 24, 2012

අක්කා මලෝ මාලිගාවේදී බැතිමතුන්ගේ “දත් ”ගලවලා

මහනුවර ශි‍්‍ර දළදා මාලිගාව වැඳපුදා ගැනීමට එන බැතිමතුන්ගේ මුදල් පසුම්බි සොරකම් කරන සුරූපි අක්කා මලෝ දෙදෙනෙකු මහනුවර වැඩබලන මහේස්ත‍්‍රාත් මහින්ද ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් වරද පිළිගැනීම නිසා දෙදෙනාට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කෙරිණි.

මෙම අක්කා මලෝ දෙදෙනා මාලිගාවේ සේවය කළ පොලිස් නිලධාරීන් විසින් 22 දින අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී එම තරුණිය අත තිබූ අත්බෑගයේ මුදල් පසුම්බි තුනක් තිබී ඇත. එක් මුදල් පසුම්බියක රුපියල් 1300 ක්ද අනෙක් පසුම්බියේ රුපියල් 2500 ක්ද තිබී ඇති අතර අනෙක් මුදල් පසුම්බියේ වයසක කාන්තාවකගේ බැංකු පොතක් සහ විශ‍්‍රාමික කාඞ්පත තිබු බව පොලිසිය කියයි. 

මෙම තරුණියට විද්‍යා පීඨ ගුරු පත්විමක් තව සති දෙකකින් පමණ ලැබීමට නියමිත බව පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී ඇත. මෙම තරුණියගේ සහෝදරයා මහනුවර උසස් පාසැලක උසස් පෙළ හදාරන බවද පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී තිබේ. මෙම අය ඉතා වටිනා ඡංගම දුරකථන භාවිතා කරමින් කළක් තිස්සේ මේ ආකාරයට මුදල් පසුම්බි සොරකම් කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි. මහනුවර පොලිසියේ පොලිස් සැරයන් වයි.ඡී.ආර්. ලොකුලියන මහතා මෙම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all