සිය ක්‍රිකට් තරග දිවියේ අපේක්ෂා කළ කඩඉමක් වන ටෙස්ට් ලකුණු දසදහසේ සීමාව
පසුකිරීමට ශ්‍රී ලංකා පිලේ ප්‍රවීණ පිතිකරු කුමාර් සංගක්කාරට (26)
ඔස්ට්‍රේලියාව සමග මෙල්බර්න් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී අවස්ථාව
උදාවී තිබේ.
මේ වනවිට ටෙස්ට් තරග 114කට ක්‍රීඩා කර ඇති සංගක්කාරට ටෙස්ට් ලකුණු දසදහසේ
පිතිකරු ලැයිස්තුවට එක්වීමට තවත් අවශ්‍යවී ඇත්තේ ලකුණු 40ක් පමණි.
ඒ අනුව මේ වනවිටත් ටෙස්ට් ලකුණු දසදහසේ සමාජයේ පසුවන තම කණ්ඩායමේ නායක මහේල
ජයවර්ධන හා එක්වීමට ඔහුට හැකිවෙනු ඇත.
ඒ අනුව ටෙස්ට් ලකුණු දසදහස සීමාව පසුකරන දෙවැනි ශ්‍රී ලාංකික පිතිකරු ලෙස
සංගක්කාර වාර්තා පොතට එක්වනු ඇත.
'ටෙස්ට් ලකුණු දසදහසේ සීමාව පසුකිරීම පිතිකරුවකුට සෙසු වාර්තාවලට වඩා
වැඩිපුර සිහිපත් කළ හැකි වෙනස් ආකාරයක අමරණීය මතකයක්.' ඔස්ට්‍රේලියානු
මාධ්‍යවේදීන් හමුවේ ඔහු ඊයේ පවසා සිටියේය.
2000 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ සංගක්කාර මේ වනවිට
ලකුණු 9960ක් රැස්කොට තිබෙන අතර එහි සාමාන්‍යය 55.64කි. මහේල ජයවර්ධනගේ ටෙස්ට්
ලකුණු 10671ක සාමාන්‍යය 49.86කි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වසරේ
ක්‍රීඩකයා සම්මානයට පසුගිය සැප්තැම්බර් මාසයේ හිමිකම් කී හෙතෙම ටෙස්ට් ශතක
30ක් ඔහුගේ ලකුණු සංඛ්‍යාවට ඇතුලත් කරගෙන සිටියි.
'මෙල්බර්න් සහ සිඩ්නි අපට නිතරම ලංකාවේ තරග කරනවා වාගේ හැඟීමක් දනවනවා.
විදේශිය රටක එවැනි ලාංකික ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්වන තැනක ඔවුන්ගේ
ඔල්වරසන් හඬ මැද්දේ ක්‍රීඩා කිරීම අපට විශාල දිරියක්. අපේ මානසිකත්වයටත් එය
බලපාන දෙයක්.' සංගක්කාර පැවැසීය.
0 comments:
Post a Comment