කාන්තාවකට
ආවේණික මූලිකම අවයවයන් ලෙස ඩිම්භ කෝෂ හැදින්විය හැකිය. කුඩා බිළිදෙකු උපදින
විට ඇය ගැහැනු දරුවකු ලෙස හදුනා ගන්නේ බාහිර ප්‍රජනන අවයවවල පෙනුමෙනි.
නමුත් ගැහැනු දැරියකගේ ප්‍රජනන පද්ධතියේ වැදගත් ප්‍රජනන අවයව ශරීර
අභ්‍යන්තරයේ ඇත. එනම් ඩිම්බ කෝෂ යුගලයක්, පැලෝපිය නාල, ගර්භාෂය සහ යෝනි
මාර්ගයයි. මෙම ඩිම්බ කෝෂ තුළ උපතේ දි මිලියන 2-4 ප්‍රමාණයක ඩිම්බ
සංඛ්‍යාවක් අන්තර්ගත වී ඇත. මේවා ක්‍රමයෙන් අඩු වී දැරිය වැඩිවිය පැමිණෙන
කාලය වන විට ඩිම්බ ලක්‌ෂ 2-4 පමණ ප්‍රමාණයක් සහිත වේ. වැඩිවිය පැමිණීමත්
සමග ඩිම්බ ක්‍රමයෙන් වර්ධනය වෙමින් මාසයකට එකක් හෝ දෙකක් පිටවීමට පටන්
ගැනේ. මෙලෙස ඩිම්බ පිටවීම සෑම මාසයකදීම සිදුවේ.
වයස්‌ගත වීමත් සමග ඩිම්බ
ප්‍රමාණය අඩු වී ක්‍රමයෙන් ඩිම්බ කෝෂවල ක්‍රියාකාරීත්වය නවතී. මේ තත්ත්වයන්
සමග මාසිකව ඔසප් වීම නවතින බැවින් මෙය අර්තවහරණය ලෙස හැඳින්වේ. උපතේ සිට
වැඩිවිය පැමිණීම දක්‌වා කාලයේ දි ඩිම්බ කෝෂවල ක්‍රියාකාරීත්වයක් සිදු
වන්නේ නැත. නමුත් වැඩිවිය පැමිණීමත් සමග ඩිම්බ පිටවීම ඇරඹෙන බැවින් මෙතැන්
සිට ආර්තවහරණය දක්‌වාම ඩිම්බ කෝෂ දිගටම ක්‍රියාකාරීව පවතී. මෙම ඩිම්බ කෝෂ
තුළ ඩිම්බ මේරීමත් සමග සිදුවන වැදගත් ම ක්‍රියාකාරකම වන්නේ හෝමෝන
නිපදවීමයි. ප්‍රධාන ස්‌ත්‍රී හෝමෝන දෙක වන ඊස්‌ට්‍රජන් හා ප්‍රෙජෙස්‌ටරෝන්
නිපදවෙන්නේ ඩිම්බ තුළ ඩිම්භ මේරිම සමගයි. මෙම හෝමෝන ප්‍රධාන වශයෙන්
ස්‌ත්‍රී ප්‍රජනක පද්ධතියේ අවයවයන් වන ගර්භාෂය සහ යෝනි මාර්ගය මත
ක්‍රියාත්මක වේ. පිළිසිඳ ගැනීමක් සඳහා මාසිකව ගර්භාෂය සූදානම් කරන්නේ ඉහත
කී හෝමෝන මගිනි. යෝනි මාර්ගය තුළ ද විවිධ වෙනස් කම් ඇති කිරීම මෙමගින්
සිදුවේ. මෙම හෝමෝන මාසිකව චක්‍රිය ආකාරයෙන් වෙනස් වන බැවින් මාසිකව ඔසප්
වීමද සිදුවේ. මීට අමතරව මෙම හෝමෝන ශරීරයේ වෙනස් අවයව මත ද ක්‍රියා කරයි.
අස්‌ථිවල ශක්‌තිමත් භාවය පවත්වා ගෙන යාමට මේවා උපකාරී වේ. අර්තවහරණයෙන් පසු
වේගයෙන් අස්‌ථි දුර්වල වීමට හේතුව මෙම හෝමෝන අඩු වීමයි.
සම මත මෙම හෝමෝන විශේෂයෙන් ම ක්‍රියාකාරී වේ. සමේ කුරුලෑ හට ගැනීමට හේතු කාරක වන ස්‌නේහ ග්‍රන්ථින්ගේ ක්‍රියාකාරීත්වයටද මෙම හෝමෝන උපකාරී වේ. ඔසප් වීම සමග කුරුලෑ හට ගැනීම වැඩිවීම සහ කාන්තාවකගේ ගර්භණී සමය තුළ කුරුලෑ හට ගැනීම සිදුවන්නේ මේ හේතුව නිසාය. තව ද මෙම හෝමෝන ප්‍රමාණයේ වෙනස් වීම නිසා සම මත ඇති වන රෝම වර්ධනය ද වෙනස් වේ. අනවශ්‍ය ප්‍රදේශවල රෝම හට ගැනීම මෙම තත්ත්වයේ ද දැකිය හැක. මෙවැනි තත්ත්වයක පසුවන කාන්තාවන් තුළ මුහුණේ සහ පපු ප්‍රදේශයේ අනවශ්‍ය රෝම ඇති වීම දැකිය හැක. කාන්තාවන් ඩිම්බ කෝෂය තුළ ලක්‌ෂ ගණනක ඩිම්බ සමගින් උපදින නමුත් ඉන්පසු ඩිම්බ නිපදවීමක් සිදු වන්නේ නැත. එනම් ඇය ගේ ඩිම්බ ද ඇය සමග වයස් ගත වේ.
සම මත මෙම හෝමෝන විශේෂයෙන් ම ක්‍රියාකාරී වේ. සමේ කුරුලෑ හට ගැනීමට හේතු කාරක වන ස්‌නේහ ග්‍රන්ථින්ගේ ක්‍රියාකාරීත්වයටද මෙම හෝමෝන උපකාරී වේ. ඔසප් වීම සමග කුරුලෑ හට ගැනීම වැඩිවීම සහ කාන්තාවකගේ ගර්භණී සමය තුළ කුරුලෑ හට ගැනීම සිදුවන්නේ මේ හේතුව නිසාය. තව ද මෙම හෝමෝන ප්‍රමාණයේ වෙනස් වීම නිසා සම මත ඇති වන රෝම වර්ධනය ද වෙනස් වේ. අනවශ්‍ය ප්‍රදේශවල රෝම හට ගැනීම මෙම තත්ත්වයේ ද දැකිය හැක. මෙවැනි තත්ත්වයක පසුවන කාන්තාවන් තුළ මුහුණේ සහ පපු ප්‍රදේශයේ අනවශ්‍ය රෝම ඇති වීම දැකිය හැක. කාන්තාවන් ඩිම්බ කෝෂය තුළ ලක්‌ෂ ගණනක ඩිම්බ සමගින් උපදින නමුත් ඉන්පසු ඩිම්බ නිපදවීමක් සිදු වන්නේ නැත. එනම් ඇය ගේ ඩිම්බ ද ඇය සමග වයස් ගත වේ.
එම හේතුව නිසා වයස්‌ගත වීමේදී
ඩිම්බ වල ගුණාත්මක භාවය වෙනස් වනු දැකිය හැක. මෙම තත්ත්වය කාන්තාවකගේ
සරුභාවය මත විශේෂ බලපෑමක් ඇති කරයි. තවද කල් ගත වන විට ඩිම්බ ප්‍රමාණය ද
ක්‌ෂ්‍ය වන බැවින් සරු භාවයද වයස් ගත වීමත් සමග අඩු වී යයි. එබැවින්
කාන්තාවක් වයසට යත්ම ගැබ් ගැනීමේ හැකියාව ද අඩු වී යනු දැකිය හැක. තව ද
වයස් ගත වන ඩිම්බවල ගුණාත්මකභාවය අඩුවන එවැනි කාන්තාවන්ට උපත් අඩු පාඩු
සහිත දරු උපත් සඳහා ඇති අවකාශය වැඩි වේ. අඩු වයසින් ඩිම්බ ප්‍රමාණය ක්‌ෂය
වී යන අවස්‌ථා ඇත. කලාතුරකින් දැරියකගේ උපතේ දීම ඉතා අල්ප ප්‍රමාණයක ඩිම්බ
ප්‍රමාණයක් සහිතවම උපත ලදහොත් ඇය තුළ ඇති ඩිම්බ ඉතාම අඩු වයසින් නිමවේ.
මෙවැනි අවස්‌ථාවල දි ඉතා අඩු වයස් කාන්තාවන් අර්තවහරණය ට පත්වේ. තවත් සමහර
ඖෂධ වර්ග හෝ පිළිකාවලදි සිදු කෙරෙන විකිරණ ප්‍රතිකාරවලදි ඩිම්බ කෝෂ තුළ
ඇති ඩිම්බ විනාශ වි යා හැක. එවැනි තත්ත්වයන් හිදි ද අර්තවහරණ තත්ත්වයට
පත්වන අතර මෙවිට දරු ඵල ලබා ගැනීමට ඇති එකම විකල්පය වන්නේ වෙනත් කාන්තාවකගේ
ඩිම්බ ලබා ගැනීමය.
ඩිම්බ කෝෂ තුළ ඇති වන වෙනස් රෝග මගින් සිදුවන ආසදන
නිසා ද ඒවායේ ඇති ඩිම්බ ක්‍රියාකාරිත්වය අඩාල විය හැක. ඩිම්බ කෝෂවල විවිධ
පිළිකා වර්ග ඇතිවන අවස්‌ථා ද ඇත. මේවා වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ වයස්
ගත කාන්තාවන් තුළය. දරුවන් ලැබීම සහ උපත් පාලන පෙති හෝ එන්නත් භාවිතය මගින්
මෙම පිළිකා වැළදීමේ අවකාශය අඩු වන බව සොයා ගෙන ඇත. ඒ අනුව දරුවන් නොලද
කාන්තාවක් තුළ මෙවැනි පිළිකා ඇතිවීමේ අවකාශය වැඩිවීමේ තත්ත්වයක් ඇති බව
පෙනේ. එවැනි කාන්තාවක් මේ සම්බන්ධව කල්පනාකාරිව සිටිය යුතුය. යෝනි මාර්ගය
ඔස්‌සේ සිදු කෙරෙන ස්‌කෑන් පරීක්‌ෂණ මගින් ඩිම්බ කෝෂ පරීක්‌ෂා කර ගැනීමෙන්
මේවා සම්බන්ධව මූලික අවබෝධයක් ලබාගත හැක.
0 comments:
Post a Comment